IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කුඩු පාරාදීසය කුඩු කරන මෙක්සිකෝවේ ‘අම්ලෝ’

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් නිරන්තරයෙන් බැට කන රාජ්‍යයන් අතරේ මෙක්සිකෝ රාජ්‍යය ඉදිරියෙන්ම සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල නිරතව සිටන්නන් අතරේ ඇතිවන ගැටුම් නිසා වාර්ෂිකව දස දහස් සංඛ්‍යාවක් ඝාතනය වන එරටේ සිටින ජනතාවට නව බලාපොරොත්තුවක් මෝදු වූයේ ඉකුත් ජුලි පළමුවැනිදාය. ඒ එරට පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත් අන්ද්‍රේස් මැනුවෙල් ලෝපස් ඔබ්රදෝර් නිසාය.


64 හැවිරිදි මැනුවෙල් ලෝපේස්, මෙක්සිකෝවේ අගනුවර ලෙස සැලකෙන “මෙක්සිකෝ සිටී.” හි හිටපු පුරපතිවරයාය. මැනුවෙල් ලෝපේස් මෙක්සිකෝ වැසියන්ගේ ප්‍රසාදයට ලක් වුණු චරිතයකි. මෙක්සිකෝ වැසියන් ඔහු ආදරයෙන් හඳුන්වන්නේ ‘අම්ලෝ’ යන නමිනි. වාමාංශික දේශපාලනඥ මැනුවෙල් ඔබ්රාඩෝස් පසුගිය ජූලි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමි කරගත්තේය. මැනුවෙල් ඔබ්රාඩෝස් ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත්තේ දෙසැම්බරයේය.


මෙක්සිකෝ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට වාමාංශික අපේක්ෂක අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රදෝර් සමත් විය. මේ වනතෙක් මෙක්සිකෝවේ ජනාධිපති ධුරය හෙබවූයේ එන්රීක් පෙනා නීටෝ ය. ඔහු නියෝජනය කළේ පී.ආර්.අයි (විප්ලවීය) පක්ෂයයි. පෙනා නීටෝ සහ ට්‍රම්ප් අතරේ පසුගිය කාලවකවානුවේ ඇයිහොඳයිකම් පළුදු වී තිබුණි. 


මෙවර ජනාධිපතිවරණයට පී.ආර්.අයි පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ හෝසේ ඇන්තෝනියෝ මේද් ය. මෙක්සිකෝ මාධ්‍ය වාර්තා කළේ මේද්ට හිමිවූයේ තෙවැනි ස්ථානය බවය. දෙවැනි ස්ථානයට පත් වූයේ පී.ඒ.එන් (ජාතික පක්ෂය) නියෝජනය කළ රිකාඩෝ අනායා ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සන්නද්ධ අපරාධ කල්ලි ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, මෙවර මහ මැතිවරණය පැවැත්වූයේ විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක් යටතේය. ඉකුත් ජුලි 01 වැනිදා මෙක්සිකෝවේ පැවැති මහ මැතිවරණයෙන්, මින් සිවු වසරකට ඉහත පිහිටුවන ලද වාමාංශික මොරේනා පක්ෂයේ නායක මැනුවෙල් ලෝපේස් ජනාධිපති පදවියට පත් වී සිටී. ඔහු මැතිවරණය ජය ගනු ලැබුවේ 53.19ක ඡන්ද ප්‍රතිශතයකිනි.   


දූෂිත දේශපාලනය පිළිකුල් කළ, විවාදාත්මක දේශපාලනඥයකු සේ සැලකෙන ඔහුගේ මැතිවරණ සටන් පාඨය වූයේ දිළිඳුකම පිටුදැකීමය. මෙක්සිකෝවේ දරුණු ලෙස පැතිර යමින් ඇති මත්ද්‍රව්‍ය වසංගතයට එරෙහි වූ ඔහු දූෂණය මැඩපැවැත්වීම සඳහා ජනතාවගෙන් බලය ඉල්ලා සිටියේය. ඒ අනුව මෙක්සිකානු ජනතාව ඔහු තම ඡන්දයෙන් බලයට පත්කර ගන්නා ලද්දේ එතෙක් බලයේ සිටි එන්රිකේ පෙනා නිටෝ බලයෙන් පහකරමිනි. පෙනාට හිමි වූයේ සියයට 22 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. මැනුවෙල් ලෝපස් ගේ මෙම ඓතිහාසික ජයග්‍රහණය තුළින් එරට ආර්ථිකය, දේශපාලනය හා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින සබඳතා යනාදියේ විශාල වෙනස්කම් සිදුවනු ඇතැයි එරට දේශපාලන විචාරකයෝ සඳහන් කර සිටිති.


මෙක්සිකෝව යනු ඇමෙරිකාවේ අසල්වැසියාය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, අභිනවයෙන් ධුරයට පත් වන මැනුවෙල් ලෝපේස්ට සුබ පතමින් ට්විටර් පණිවුඩයක් යවා ඇත. තමන් මැනුවෙල් ලෝපේස් හමුවීමට සූදානමින් පසුවන බවත්, ඇමෙරිකාවත් මෙක්සිකෝවත් අතර මිතුදම් වර්ධනය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.


ට්‍රම්ප් මෙක්සිකෝ - ඇමෙරිකා දේශසීමාවේ යෝධ තාප්පයක් ඉදිකිරීමට සූදානම් වෙයි. මෙය ට්‍රම්ප්ගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවකි. ඇමෙරිකානු ජනාධිපතිවරයා වරෙක පැවසූයේ මෙම දේශසීමා තාප්පය වෙනුවෙන් තමන් මෙක්සිකෝ රජයෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කරන බවය. හිටපු ජනාධිපති පෙනා නීටෝ සහ ට්‍රම්ප් අතරේ ඇයි හොඳයිකම් පළුදු වූයේ ට්‍රම්ප්ගේ මෙමම ප්‍රකාශය මුල්කොට ගනිමිනි.


කෙසේ වෙතත් ජනපති සටනින් ජයගත් ලෝපස් මෙක්සිකෝවේ අභ්‍යන්තර වෙළෙඳපොළ ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්, ඒ අනුව නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම තම අපේක්ෂාව බවත් පවසා තිබේ. කැමති පුද්ගලයකුට සංක්‍රමණය විය හැකි වුවද, නව රැකියා අවස්ථා උත්පාදනය කෙරෙන හෙයින් ඔවුනට තම රටේම රැකියා සොයා ගැනීම ඉදිරියේදී බාධාවක් නොවන බව ඔහු සිය ජයග්‍රහණයෙන් පසු වරෙක ප්‍රසිද්ධියේ පැවසීය.


පසුගිය කාලය පුරා පැවැති දේශපාලන රෙජිමයන් විසින් ඇති කරන ලද ප්‍රචණ්ඩත්වය හා දූෂණය සහමුලින්ම පිටුදැකීම තම අරමුණ යැයි ද, වර්තමානයේ තම රට මුහුණ පා ඇති සමාජ අසමානත්වය හා ආර්ථික අසමානත්වයට බලපා ඇත්තේ එය බවද ඔහු සඳහන් කර තිබේ. ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීම ද ඔහුගේ එක් අරමුණකි. විශේෂයෙන් ඉන්ධන හා ගෑස් කර්මාන්ත සඳහා විදේශ සමාගම් දක්වන අවධානය කෙරෙහි යළි සලකා බැලීමට ද, බලශක්ති ප්‍රතිසංස්කරණ කෙරෙහිද ඔහුගේ අවධානය යොමු වී තිබේ.   
නව ජනාධිපතිවරයා නිල වශයෙන් බලයට පත්වන්නේ ලබන දෙසැම්බර් 1 සිටය. පරාජිත ජනාධිපති පෙනා ඔහුට ෆෙඩරල් ආරක්ෂකයන් ලබාදීමට උත්සුක වූ අවස්ථාවේ තමාට ජනතා ආරක්ෂාව ඇති බවත්, අවි ගත් ආරක්ෂකයන්ගෙන් තොරව තමා රට පුරා සංචාරය කිරීමට අදහස් කර ඇති බවත්, සාධාරණත්වය උදෙසා සටන් කරන පුද්ගලයකුට බිය වීමට හේතුවක් නොමැති බවත්, නව ජනාධිපතිවරයා පැවසීම එරට බොහෝ වැසියන් ගේ උද්දාමයට හේතු වී ඇත.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

කුඩු පාරාදීසය කුඩු කරන මෙක්සිකෝවේ ‘අම්ලෝ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site