IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉම්රාන් ඛාන්ගේ දෙවැනි ඉනිම

1992 වසරේ පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන්, එරට හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් දේශපාලනයට පිවිස දශක දෙකකට පසු, පාකිස්තානයේ මීළඟ අගමැතිවරයා වූයේ එරට සියලු ජනී ජනයාගේ අනාගතය සුඛිත මුදිත කිරීමේ අරමුණෙනි.


පසුගියදා පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමත් සමග අගමැති ධුරයට පත් ඉම්රාන්ට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගැනීමට හැකිවුණත් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කර ගැනීමට නොහැකි විය. ඉම්රාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 115කි. මැතිවරණයේ දී දෙවැනි ස්ථානයට පත් වූයේ බලයේ සිටි හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය (එන්) පක්ෂයයි. ඔවුන්ට ලැබුණු ආසන ගණන 64 කි. තෙවැනි ස්ථානයට පත් වූයේ ආසන 43ක් දිනාගත් පාකිස්තාන ජනතා පක්ෂයයි. ඝාතනයට ලක් වුණු පාකිස්තානයේ හිටපු අගමැතිනී බෙනාසීර් බූතෝ සහ හිටපු පාකිස්තාන අගමැති අසීෆ් අලී සර්දාරිගේ පුතු බිල්ලවාල් බූතෝ මෙම පක්ෂයට නායකත්වය දුන්නේය.


“මම දේශපාලනයට ආවේ, ජින්නා සිහින මැවූ පාකිස්තානයක් බිහි කරන්න. අප ලැබුවේ ඓතිහාසික ජයග්‍රහණයක්” යැයි ඉම්රාන් තම ජයග්‍රහණය සමරමින්, රූපවාහිනියෙන් ජාතිය ඇමතුවේය. එහිදී ඔහු පාකිස්තානයේ නිර්මාතෘ මොහොමද් අලි ජින්නා ගැන සිහිපත් කිරීමට ද අමතක නොකළේය. එපමණක් නොව, තමන්ට බලයට පත් වීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් අල්ලාහ් දෙවියන්ට ද ඉම්රාන් ස්තුති කළේය.
ඉම්රාන් ඛාන්ගේ සම්පූර්ණ නම, ඉම්රාන් අහ්මද් ඛාන් නියාසි ය. ඉම්රාන් උපත ලබා ඇත්තේ 1952 වසරේ ඔක්තෝබර් 05 වැනිදා පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝරයේදීය. ලාහෝරයේ සිංහයා, උර්දු බසින් “ද කේර්” ආදී නම්වලින් ඉම්රාන් හැඳින්වෙයි. ඉම්රාන්ගේ පියා ඉක්රාමුල්ලා ඛාන් සිවිල් ඉන්ජිනේරුවෙකි. මව ෂවුකාත් ඛාන්ය. ඉම්රාන්ට සොහොයුරියන් තිදෙනෙකි. පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට හැකිවී ඇත්තේ එක් වරක් පමණි. ඒ, 1992 වසරේ, ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේය.


ඉම්රාන් ඛාන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කේබල් සරසවියේ අධ්‍යාපනය ලැබූ අයෙකි. පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වීමට පෙර, ඉම්රාන් ඛාන් ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. තම පිළිකාවෙන් මියගිය මව සිහි කරමින්, ඉම්රාන් ෂවුකාත් අනුස්මරණ පදනම පිහිටුවූයේ 1991 වසරේදීය. ඉන්පසු ඔහු මුදල් එක් රැස් කරමින්, පාකිස්තානයේ පළමු පිළිකා රෝහල ඉදිකිරීමට පුරෝගමියෙක් ලෙස කටයුතු කළේය.


ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ක්‍රීඩාවෙන් සමුගත් ඉම්රාන්ගේ දේශපාලන දිවිය ඇරැඹුණේ 1996 වසරෙනි. එම වසරේ, ඉම්රාන් ඛාන්, තරීක් ඊ ඉන්සාෆ් (පී.ටී.අයි.) යන නමින් දේශපාලන පක්ෂය පිහිටුවා ගත්තේය. 1997 වසරේ මහ මැතිවරණයට ඉදිරිපත් වුණු නමුත් මිනවාලි සහ ලාහෝර් යන ආසන කිසිවක් දිනා ගැනීමට හැකියාව නොලැබුණි.


1999 වසරේ දී, හමුදාපති ලෙස කටයුතු කළ පර්වේස් මුෂාරෆ් ලේ වැගිරීමකින් තොරව සිදු කළ හමුදා කුමන්ත්‍රණයට ඉම්රාන්ගේ සහාය හිමිවිය. 2002 මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීමට සමත් විය. 2013 වසරේ මහ මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වුණේ ඉම්රාන්ගේ නායකත්වයෙන් යුත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයයි. එම මැතිවරණයේදී ද තෙවැනි බලවේගය බවට පත් වූයේ පාකිස්තාන ජනතා පක්ෂයයි. එම අවස්ථාවේදී, ජනතා පක්ෂය ඉම්රාන් සහ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට ඇරයුම් කළේ හවුල් ආණ්ඩුවක් පිහිටුවීමටය.


ඉම්රාන්ට අගමැති ධුරය බාර ගන්නැයි ද පාකිස්තාන ජනතා පක්ෂයේ එවකට නායක මන්සූර් වටූ ඉල්ලා සිටියේය. කෙසේ නමුත් මැතිවරණ වංචා සිදුවුණැයි ඉම්රාන් චෝදනා කළේය. ඒ අනුව, එම මැතිවරණයේ දී ඉදිරියට පැමිණීමට සමත් වුණු නවාස් ෂරිෆ් ප්‍රමුඛ මුස්ලිම් ලීගය ආණ්ඩුවක් පිහිටුවීය. මෙම 2018 මැතිවරණයෙන් මිනවාලි සහ ලාහෝර් යන ආසන ද පහසුවෙන් දිනා ගැනීමට ඉම්රාන් සහ ඔහුගේ පක්ෂය සමත් විය.
ඉම්රාන් ඛාන් තෙවරක් විවාහ වුණු අයෙකි. කෙසේ නමුත් ඔහුට පෙම්වතියන් බොහෝ දෙනකු සිට ඇත. ඕස්ටේ්‍රලියා නිළි කේට් ෆිට්ස්පැටි්‍රයක්, බි්‍රතාන්‍ය නිළි ස්ටෙපනි බෙකම්, රූපවාහිනී නිවේදිකා සුසානා කොන්ස්ටන්ටීන්, ඇමෙරිකන් මෝස්තර නිරූපිකා ඩෙනිස් ඩී. ලුවිස් ඇතුළු තරුණියෝ රැසක් ඒ අතර වෙති. ශ්‍රීමත් ගෝඞ්න් ලින්ඞ්සිගේ දියණිය සීතා වයිට් සමඟ ද ඉම්රාන් හාදකමක් පවත්වා ඇත. සීතා පවසන්ගේ ඇගේ දියණිය ටිරියන්ගේ පියා ඉම්රාන් කියාය. දේශපාලන දිවියේ අකටයුතුකම් සම්බන්ධයෙන් චෝදනා ලබා නැති වුවත්, ඉම්රාන් ස්ත්‍රී ලෝලියකු වීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී සිටී.


ඉම්රාන් ඛාන්ගේ පළමු බිරිඳ බි්‍රතාන්‍ය ජාතික කාන්තාවකි. ඇය ජෙමීමා ගෝල්ඞ්ස්මිත් වන අතර, දෙදෙනා විවාහ වූයේ 1995 වසරේදීය. ජෙමීමා බි්‍රතාන්‍යයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාධකවරියකි. දෙදෙනා 2004 වසරේදී දික්කසාද වූයේය. දෙදෙනාට පුතුන් දෙදෙනෙක් සිටිති. පාකිස්තාන අගමැති ධුරයට ඉම්රාන් පත්වීම සම්බන්ධයෙන්, ජෙමීමා සතුට පළ කර ඇත. ඇය පවසා ඇත්තේ, ජනතා සේවය වෙනුවෙන් ඉම්රාන් කැපවී කටයුතු කරනු ඇති බවය. ඉම්රාන්ට ට්විටර් පණිවුඩයකින් සුබ පැතීමට ද ඇය අමතක නොකළාය.


ඉම්රාන්ගේ දෙවැනි බිරිඳ මාධ්‍යවේදිනියක වන රෙහාම් ඛාන්ය. දෙදෙනා 2015 වසරේ දී විවාහ වූහ. විවාහය පැවතියේ මාස කිහිපයක් පමණි. ඉම්රාන් පසුගිය පෙබරවාරියේ යළි විවාහ විය. ඒ, බුෂ්රා මැනිකා නමැති කාන්තාව සමඟය. මැය, ඉම්රාන්ගේ ආධ්‍යාත්මික උපදේශකවරිය ලෙස කටයුතු කරමින් සිටින තැනැත්තියක බව පැවසේ.


හැටපස් හැවිරිදි ඉම්රාන් ඛාන්, මෙවර මහ මැතිවරණයේදී නව පාකිස්තානයක් හඳුන්වා දෙන බවට පොරොන්දුවක් දී ඇත. පාකිස්තානයේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඔහුගේ ප්‍රධාන අරමුණ වෙයි. රටේ දූෂණ වංචා පිටුදැකීමටත්, යටිතල පහසුකම් නංවාලමින් පාකිස්තානය පිරිසුදු තැනක් බවට පත් කිරීමටත් ඉම්රාන් පොරොන්දු ලබා දී ඇත.


නව අගමැතිවරයාට පාකිස්තාන පාබල හමුදාවේ සහාය නොඅඩුව හිමිවෙයි. එපමණක් නොව, දැඩිමතධාරී ඉස්ලාමීය සංවිධාන පවා ඉම්රාන් සමඟ එක්වී සිටින බව පැවසෙයි. හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ මුස්ලිම් ලීගය (එන්) පක්ෂය මෙන් නොව, දැඩි ස්ථාවරයක සිට, ඉන්දියාව සමඟ කටයුතු කරනවා යැයි ඉම්රාන් පවසා ඇත. ඉන්දියාව පියවරක් ඉදිරියට තැබුවොත්, අපි පියවර දෙකක් ඉදිරියට තබනවා යැයි ඉම්රාන් ඛාන් ඉකුත්දා ප්‍රකාශ කළේය.


ඉන්දියාව සමඟ පවතින එදිරිවාදිකම් හමුවේ, චීනය පාකිස්තානයට ළං වූයේ නවාස් ෂරීෆ්ගේ පාලන සමයේදීය. පාකිස්තානය ඔවුන්ගේ මහා ආයෝජන ව්‍යාපෘති රැසක් පාකිස්තානයේ ආරම්භ කර ඇත. මේ වන විට පාකිස්තානය ද බිලියන ගණනින් චීනයට ණය වී සිටී. මේ සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය පුරාවට ඉම්රාන් සිය විරෝධය දැක්වීය. චීනය සමඟ ගනුදෙනු කරන ආකාරය ඉදිරියේ දී කෙසේ කරන්නේදැයි තමන් කල්පනා කරන බව ඉම්රාන් පවසා ඇත. එය බලා ගත හැක්කේ පකිස්තාන ජනතාව ඔහු සම්බන්ධයෙන් පවතින කැමැත්ත හෝ අකැමැත්ත මතය.

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

ඉම්රාන් ඛාන්ගේ දෙවැනි ඉනිම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site