IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කෙන්යාවේ ගිනි පුපුර උහුරු කෙන්යාටා

 

 

ජනතා පරමාධිපත්‍යය තරම් ප්‍රබල සාධකයක් ලෝක දේශාපාලනයේ නොමැති වුවද විවිධ අරගල හේතුවෙන් වර්තමනයේ නීතිය ඉදිරියේ පරික්ෂාවට ලක්වන්නේ දෛවෝපගත ලෙසිනි. මේ කියනා ජනතා පරමාධිපත්‍යය රටක නීතියේ දෙවගන හමුවේ පරීක්ෂාවට ලක්වීමක් මෑත කාලීන ලෝක ඉතිහාසයේ වාර්තා වූයේ කෙන්යාවේය. ඒ එරට ජනාධිපතිවරණ ජයග්‍රාහකයා තීන්දු කර ගැනීමටයි. මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ එලෙස තෝරා ගැනීමකින් අනතුරුව අධිකරණයෙන් සුවිශේෂී ලෙස තීන්දු වූ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා හටය.


උහුරු කෙන්යාටා කෙන්යානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදීය. එම වසරේ ඔක්තෝබර් මස පැවති කෙන්යා ජනාධිපතිවරණයේදී උහුරු කෙන්යාටාට අභියෝග කරමින් ප්‍රතිවිරුද්ධ, ප්‍රධාන තරඟකරුවා වූ රයිලා ඔඩින්ගා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කොට තිබිණ. පැවති ජනාධිපතිවරණයෙන් උහුරු කෙන්යාටා ජය ලැබුවේ සුළු ජන්ද ප්‍රතිශතයකින් යැයි එරට විපක්ෂ දේශපාලනඥයෝ සඳහන් කළහ. ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා කළ රයිලා ඔඩින්ගා ජයග්‍රාහී උහුරු කෙන්යාටාගේ ජන්ද සංඛ්‍යාව උවමනාවෙන්ම වැඩි කොට දක්වා ඇති බව කියා තිබිණි.
ලොව පුරා අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය පසුගිය කාලය තුළ අප්‍රිකානු මහාද්විපය වෙත යොමු වී පැවතුණි, ඒ සිම්බාබ්වේ නිදහස් සටනේ පුරෝගාමියෙකු සහ දශක කිහිපයක සිට සිම්බාබ්වේ නායකත්වය උසුලන රොබර්ට් මුගාබේ හටය. එවැනිම ආකාරෙයේ දේශපාලන අර්බුදයක් වූයේ කෙන්යාවේ ජනතාව තෝරාගත් ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තහවුරු කර ගැනීමය.


කෙන්යාව පසු ගිය සති කිහිපය ඇතුළත මුහුණ පාමින් සිටියේ දැඩි අර්බුදකාරී තත්වයකටය. ඒ 2013 දී බලයට පත් ජනාධිපති උහුරු මූගායි කෙන්යාටා  ඇතුළු රජය විසින් පසුගිය අගෝස්තු මස පවත්වන්නට යෙදුණු මැතිවරණය දූෂිත බවට විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක රයිලා ඔඩින්ගා ඇතුළු පිරිස් චෝදනා කිරීමත් සමඟය. ඒ සමඟ ම ඇති වූ විරෝධතා රැලි සහ දෙපාර්ශවයේ අනුගාමිකයන් අතර ගැටුම්, පහර දීම් පුද්ගල මරණ වාර්තා වන්නට විය. 2017 කෙන්යානු ජනාධිපතිවරණය පවත්වන්නට යෙදුණේ අගෝස්තු මස 08 වැනිදාය. ඒ අනුව පැවති මැතිවරණයට ජුබිලි සන්ධාන පක්ෂ අපේක්ෂක ලෙස උහුරු කෙන්යාටා ද නාසා සන්ධාන අපේක්ෂක ලෙස රයිලා ඔඩින්ගා ද තරඟ වැදුණි. ඒ අනුව සමස්ත ඡන්ද වලින් සියයට 54 ක් ලබා ගනිමින් කෙන්යාටා දෙවැනි ධූර කාලයක් සඳහා මැතිවරණය ජයගත්තේය. 


ඔඩින්ගා හට ලබා ගත හැකි වූයේ සියයට 44 කට මඳක් වැඩි ප්‍රතිශතයක් පමණි. කෙසේ නමුදු මැතිවරණ ක්‍රියාවලිය දූෂිත බවට කෙන්යානු ජනතාව අතර විශ්වාසයක්, රාවයක් ඇති වන්නට වූ අතර රයිලා ඔඩින්ගා ප්‍රතමුඛ විරුද්ධ පක්ෂය  ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින්, නව රජය පිළි නොගන්නා බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධය පළ කෙරිණ. ඒ අනුව අගෝස්තු මස 08 වැනිදා පැවැත් වූ ඡන්දය අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියාවන්ගෙන් යුක්ත වූ බව එරට අගවිනිසුරු ඬේවිඞ් මරාගා ප්‍රමුඛ විනිසුරු මඬුල්ල විසින් තීරණය කෙරුණ අතර, මැතිවරණය නිශ්ප්‍රභා කරන ලදී, එමෙන්ම නව මැතිවරණය දින 60ක කාලයක් ඇතුළත පැවැත්විය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදී. ඒ අනුව තීරණය කෙරුණේ නව මැතිවරණය ඔක්තෝම්බර් මස 26 වැනි දින පවත්වන්නට ය. කෙන්යාටා රජය චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර මරාගා උපහාසයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කිරිමක් දක්නට ලැබුණි.


1961 දී උපන් උහුරු කෙන්යාවේ ප්‍රථම ජනාධිපති ලෙස කටයුතු කළ ජෝමෝ කෙන්යාටාගේ පුත්‍රයා ය. ඔහුගේ ධනය, බලය හා කීර්තිනාමය යන සියල්ලම හිමි උහුරු කෙන්යානු ජනතාව අතර කම්වානා (තරුණයා) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ. එය සනාථ කරමින් ම්වායි කිබකි ජනපතිවරයාගේ රජයේ උප අගමැති ලෙස කටයුතු කළ උහුරු 2013 මාර්තු මස පැවති මැතිවරණයේ දී රයිලා ඔඩින්ගා පරදවමින් කෙන්යාවේ 04 වැනි ළාබාලතම ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. 


2013 වර්ෂයේ දී ඩිජිටල් ජනාධිපති ලෙස තමන් ව හඳුන්වා ගනිමින් මැතිවරණ සටනට පිවිසුණේ තමන්ගේ තරුණ බව හඟවමින් සහ දේශපාලන උපායක් ලෙස කෙන්යාවේ අවධානය තාරුණ්‍යය වෙත යොමු විය යුතු බව පවසමින් රටේ තරුණ කොටස්වල ප්‍රසාදය දිනා ගන්නට ය. කෙන්යාව කලාපයේ ඩිජිටල් මධ්‍යස්ථානය බවට පත්වීමේ අභිලාෂයත් උහුරු තමන්ගේ මැතිවරණ සටනේ වාසියට යොදා ගත්තේ ය. වර්තමානය වන විට උහුරු කෙන්යාටා අප්‍රිකාවේ සිටිනා 26 වන ධනවත්ම පුද්ගලයා ලෙසට ෆෝබ්ස් සඟරාව විසින් නම් කර ඇත


කෙන්යානු ජනතාව කෙරෙහි මැතිවරණ ක්‍රියාවලිය සහ කෙන්යාටා රජය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී ඇති බව රට පුරා දක්නට ලැබුණි. ඔඩින්ගා සහ ඔහුගේ පක්ෂ අනුගාමිකයන් බහුල වශයෙන් මැතිවරණය වර්ජනය කරන ලදී. කෙසේ නමුත් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 98 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් උහුරු කෙන්යාටා නැවතත් ජයග්‍රහණය කරන ලදී, විරුද්ධ පක්ෂ අපේක්ෂක රයිලා ඔඩින්ගා හට ලබා ගත හැකිව තිබුණේ සියයට 1 ටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි. නැවත වරක් මැතිවරණය දූෂිත බවට ඔඩින්ගා ප්‍රමුඛ පිරිස් චෝදනා කළ අතර පෙත්සම් 2ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී. නමුත් දින කිහිපයක නඩු විභාගයකින් පසුව නොවැම්බර් 17 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඬේවිඞ් මරාගා ඇතුළු 06 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කළේ පෙත්සම් වලින් ගොනු කර ඇති චෝදනා   ඇත්ත නොවන බවත් පැවති මැතිවරණය සහ එහි ප්‍රථිඵල ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නා බවත් ය. ඒ අනුව මැතිවරණ ජයග්‍රාහකයා ලෙස ජුබිලී පක්ෂ අපේක්ෂක උහුරු කෙන්යාටා නොවැම්බර් මස 28 වැනි දින දෙවැනි වාරයක් සඳහා කෙන්යා ජනරජයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.


කෙන්යානු ජනපති උහුරු කෙන්යාටා සිය දෙවැනි ධුර කාලය සඳහා ජනපති ධුරයේ වැඩභාර ගැනීම සිදුවන බැවින් එරට නයිරෝබි අගනුවර ආරක්ෂාව දැඩිකර තිබේ. මෙම අවස්ථාව සඳහා රාජ්‍යයන් 20කට වැඩි ප්‍රමාණයක රාජ්‍ය නායකයෝ සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පිරිසක් සහභාගි වූහ. සිය දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ පාලන කටයුතු සඳහා විපක්ෂයේ අදහස් ද ලබාගැනීමට බලාපොරොත්තුවන බවය. දිවුරුම්දීම අතරතුර පොලිසිය සහ විපක්ෂ කණ්ඩායම් අතර ගැටුම් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


කෙන්යාවේ ධනවත්ම පුද්ගලයා පනස් එක් හැවිරිදි වියේ සිටින උහුරු කෙන්යාටාය. 2007 වසරේ පැවැති ජනපතිවරණයේ දී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිවිල් වැසියෝ 1,100 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට කෙන්යාටා සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇති අතර මේ වනවිට එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණය කෙන්යාටාට එරෙහිව මානව වර්ගයාට එරෙහි අපරාධ කළැයි චෝදනා එල්ල කර තිබෙන බවද සඳහන් කළ යුතුමය.

 

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

කෙන්යාවේ ගිනි පුපුර උහුරු කෙන්යාටා

ඔබේ අදහස් එවන්න

 

 
 

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3123 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12847 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 871 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 815 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 440 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 708 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1212 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1506 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 386 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site