පසුගිය සතියේ වාර්තා වූ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ සිය අට හැවිරිදි දියණිය අපයෝජනයට ලක් කළ බව කියන 70 හැවිරිදි භික්ෂුන් වහන්සේ නමකට පහරදී ඝාතනය කළ පියකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවය. තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ ළමා නිවාසයක විසි හැවිරිදි තරුණියක හා ලාබාල වියේ පසු වූ දියණියන් දස දෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ නරුමයකු පොලිස් අත්අඩංගුවට ගත් බය. එසේ අත්අඩංගුවට ගත් නරුමයා එම ළමා නිවාසයේ පාලිකාවගේ ස්වාමියා බව ද මාධ්‍ය වාර්තා කළේය.
ඉහත ප්‍රවෘත්ති දෙක වුවද ජීවත්වන සමාජයේ ශාපලත් බව මනාව පිළිබිඹු කරන්නකි. මනුෂ්‍යත්වයට නිගාදෙන මෙම සිදුවීම් අප සමාජයේ සාරධර්ම කොතෙක් දුරට නාය ගොස් ඇද්දැයි ඔප්පු කරන්නකි. එහෙත් ආවාසනාවකට මෙන් දැන් දැන් වැඩි වැඩියෙන් ආසන්න දකින්න ලැබෙනුයේ මෙබඳු පුවත්ය. ශ්‍රී ලාංකිකයකු වීමේ අභිමානය වඩවන සුළු පුවතක් අසන්නට දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.
ඉතා කලාතුරකින් අසන්න දකින්න ලැබෙන වර්ගයේ පුවතක් එනම් ශ්‍රී ලාංකිකයන්ට ඉමහත් ප්‍රීති ප්‍රමෝදයට පත්විය හැකි මාදිළියේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. සිංගප්පුරුවේ වාර්ෂිකව පවත්වනු ලබන කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී උස සෙන්ටිමීටර් 163 පංතියේ ‘ස්පෝර්ටිස් මොඩ්ල්’ අංශයෙන් තරග කළ හෂිනි හේවගේ ක්‍රීඩිකාව එම අංශයෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ බව එම සුවිශේෂි ප්‍රවෘත්තියයි. හෂිනි හේවගේ සිසුවිය පෑ එම හපන්කම නිසාම ඇයට සමස්ත ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද හිමි වූ බව අප පුවත්පත ඉමහත් අභිමානයෙන් යුතුව වාර්තා කර තිබිණි.
ජයග්‍රහණ පිපාසයෙන් පෙළෙන රටක ජනතාවට ඉමහත් ප්‍රීති ප්‍රමෝදයට පත්විය හැකි මාදිළියේ ශුභාරංචියක් රැගෙන ඒමට සමත් වූ හෂිනි හේවගේට ලංකාදීපයේ උණුසුම් සුබ පැතුම් හිමිවේ. ඩුබායි හි ගණකාධිකාරිවරියක ලෙස සේවය කරමින් සිටිය දී රටට ජයග්‍රහණයක් අත්පත් කර දීමේ අරමුණෙන් ඇය මෙම තරාවලියට ඉදිරිපත්වීම ආකාර ගණනාවකින් වැදගත්ය.
හෂිනි මෙම ලෝක ශූරතා තරගාවලියට ඉදිරිපත් වන්නේ රටෙන් සැලකිය යුතු පිරිසක් ලෝකෙන් උතුම් රට වූ මෙරටින් පලා යාමට පාස්පෝට් ලක ලෑස්ති කර ගනිමින් සිටියදීය. රට සම්බන්ධයෙන් තම විරෝධය මෙන්ම පිළිකුළ නොවළහා ප්‍රකාශ කරමින් සිටින පරිසරයකදීය. ‘‘වැදු මවත් දිනු බිමත් ස්වර්ගයට වඩා අගනේ යැයි අදහන ජාතියක ලාබාල ඥාති පුත්‍රයන් එමගට පිටුපා අබලන් බෝට්ටුවක හෝ නැග නොරටකට පලා යෑමේදී මරණයට පත්වුව ද කම් නැතැයි සිතමින් එම දුෂ්කර වූ මාර්ගයම තෝරා ගනිමින් සිටියදීය. එය එම පරම්පරාවේ දෝෂයක් නොවුව ද රටට අත් වී ඇති ඉරණම ඕනෑම ශ්‍රී ලාංකිකයකු තුළ ඉමහත් කම්පාවක් ඇති කිරීමට සමත්ය. හෂණි හේවගේ රටට අත්කර දුන් ජයග්‍රහණය හා කීර්තිනාමය සමනොළ ගිරි හිසටත් ඉහළින් අපට දැනෙන්නේ එෙහයිනි.
ඕනෑම ක්ෂේත්‍ර යක ඉදිරියට යා හැකි ජාත්‍යන්තරව දිග්විජය කළ හැකි දක්ෂයන් අපට සිටින බව හෂිනි හේවගේ ඔප්පු කළාය. අවශ්‍ය වන්නේ මෙම තත්ත්වය වහාම හඳුනාගෙන ඒවා නිසි පරිදි කළමනාකරණය කර රට සරසන, රට සනසන සම්පත් බවට ඒවා පත් කර ගැනීමය.
ජාත්‍යන්තර කාන්තා දිනය උත්කර්ෂවත් ලෙස සමරණ මොහොතක අප රටේ දිරිබල සම්පන්න දියණියක සම්බන්ධයෙන් මෙබඳු සටහනක් තැබීමට හැකිවීම ද සතුටට කාරණයකි. එමෙන්ම මෙබඳු දක්ෂතා සපිරි රට රන්වලින් සැරසිය හැකි දුලබ වාසනා ගුණ මහිමයෙන් පිරිපුන් දරුවෝ අපට අපමණ සිටිති. එහෙත් කැලෑවේ මල් කැලෑවේම පරවෙලා යන්නා සේ එම දරුවෝ ද අවධානයට ලක් නොවෙති. එම දරුවන්ට තම හැකියාවන් විදහා පා රටට ගෞරවයක් අත්කර දිය හැකි නිර්බාධක පරිසරයයක් නිර්මාණය කරදීම බලධාරීන්ගේ වගකීමය. සිංගප්පූරුවේදී ලක්මව රන් මලින් සැරසු අපගේ වීර දියණිය ඔප්පු කළ යථාර්ථය ද එයය.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හෂිනිලා ආශිර්වාදයක් නරුමයන් රටට විනයක්
පෙරියසාමි දූරන් Saturday, 11 March 2023 02:26 PM
රමණීය පින්තූරයක් ඇඳලා අන්තිම හරියේදි තාර උලාපු එක මාධ්‍ය සදාචාරයට ගැලපෙනවාද? අයියෝ සාමි නී එනකු වේන්ඩාම්..!!!