පඤ්ඤා යන වචනය බුදුසමයේ බොහෝ තැන්වල දක්වා තිබෙනවා. ජීවත්වන කෙනෙකුට ප්‍රඥාව අත්‍යවශ්‍යයි. පඤ්ඤා යන පාලි වචනයට සිංහල බසින් කියන්නේ ප්‍රඥාව කියලයි. කිසියම් තැනකට උචිතවන ලෙස භාවිත කරනු ලැබුව හොත් ඒ සඳහා ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියනවා.

ඇත්තටම ප්‍රඥාව කියලා කියන්නේ කුමක් සඳහා ද? කියල කියන ප්‍රශ්නය හැම කෙනෙකුට ම වාගේ තියෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ ජීවිතය තේරුම් ගැනීම සහ ජීවත්වීමේ කලාව තේරුම් ගැනීමේ හැකියාව. ජීවත් වීම සඳහා ප්‍රඥාව අත්‍යවශ්‍යයි. විභාග පාස් නොවන ප්‍රඥාවතුනුත්, විභාග පාස්වන ප්‍රඥාවතුනුත් ආදී වශයෙන් දෙවර්ගයක පුද්ගලයන් සමාජයක ඉන්නවා. ප්‍රඥාව අරගෙන එන්නේ උත්පත්තියෙන්. පෙර සංසාරේ කර්ම ශක්තිය අනුව ප්‍රඥාවේ අඩුවැඩිකම් ඇති වෙනවා. තමන්ගේ මනස් අඳුනා ගැනීමේ හැකියාව ප්‍රඥාව වශයෙන් හඳුන්වන්නත් පු`ඵවන්. හිත, මනස, මොළය, ඔ`ඵව ඔය ආදී විවිධ නම් වලින් ඒ ඒ විෂය ක්‍ෂේත්‍රයට අදාළව මනස සඳහා විවිධ වචන භාවිත කරනවා. එකම සිද්ධිය විවිධ දෘෂ්ටි කෝණවලට අනුව සිතන විට ප්‍රඥාව (බුද්ධිය) මෝරනවා. මනස ක්‍රියාවල විවිධ ලෙස හසුරුවන විට බුද්ධිමය ක්‍රියාවලිය ඉක්මන් වෙනවා.
පුහුණු වීමයි බුද්ධි වර්ධනයයි කියන්නේ එකක් ද?
පුහුණුව කියලා කියන්නේ එකක්. බුද්ධි වර්ධනය කියල කියන්නේ වෙනත් එකක්. වැඩ කරන්න කරන්න පුහුණුව වැඩි වෙනවා. එක ම දෙය ගැන විවිධ විදියට හිතන්න හිතන්න බුද්ධිය වර්ධනය වෙනවා. හැම කිරීමක් ම බුද්ධි වර්ධනය පිණිස ම හේතු වෙනවාය කියලා කියන්න බැහැ. නමුත් බුද්ධි වර්ධනය සඳහා මනස නිතර වැඩෙහි යොදවන්න ඕන.
මිනිසා බුද්ධිය අරගෙන එන්නේ සංසාරයෙන් ද?
මිනිසා ලබන උගත්කම කියලා කියන්නේ එකක්. බුද්ධිය යනු වෙනත් එකක්. උගත්කමත් බුද්ධියත් යනු දෙකක් ද? එහෙම නැත්නම් එකක් ද? එකක් වගේ දෙකක් ද? දෙකක් වගේ එකක් ද? ආදී වශයෙන් විමසා බලන්න පු`ඵවන්. එමෙන් ම ඒවාට උත්තරත් තියෙනවා. උගත්කම කියල කියන්නේ එකක්. එය මෙලොව උපත ලැබුවායින් පසු ව පොතපත කියවීම තුළින් මතක ශක්තිය වර්ධනය කර ගැනීමෙන් මතකයේ තියෙන දේවල් ලේඛන බසට ගැනීමේ හැකියාව මගින් විභාග පාස් කරලා ලබාගන්න එකක්. රැකියාවක් ලබාගැනීම සඳහා ආදාළ විෂයෙහි උගත්කම අවශ්‍යයි. නමුත් ජීවත්වීම සඳහා උගත්කම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. බුද්ධිය කියල කියන්නේ කෙනෙක් සංසාරය පුරා වර්ධනය කර ගනිමින් අරගෙන යන එකක්. කෙනෙක් මෙලොව එළිය දකින කොටත් බුද්ධිය අරගෙනයි එන්නේ. මහෝෂධ පණ්ඩිතයො මෙලොව උපත ලබන කොට සඳුන් ගැටයක් අතින් අරගෙන ආවා. බුද්ධිය කියල කියන්නේ අන්න ඒ වගේ.

කෙනෙක් උපදිනකොටම ජන්මයෙන් අරගෙන එන එකක්. මහෝෂධ පණ්ඩිතයන් අරගෙන ආව සඳුන් ගැටය ඇසට පෙනෙන භෞතික දෙයක් වුව ද බුද්ධිය ඒ වගේ ඇසට පෙනෙන්නේ නැහැ. පුද්ගලයා කරන කියන දෙය අනුව තමයි ඔහුගේ බුද්ධිය වටහා ගන්න පුළුවන් වෙන්නේ. උපතින් ම අරගෙන එන බුද්ධිය මෙලොව ජීවත් වීම තුළින් ඔපමට්ටම් කරගන්න පු`ඵවන්. ඒ වගේම එහි ප්‍රභාව අඩුකර ගන්නත් පු`ඵවන්. ජීවත් වීමේ ක්‍රියාවේදී බුද්ධිය අත්‍යවශ්‍යයි. කෙනෙකුට උගත්කම අවශ්‍යයි. නමුත් එය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ.
කෙනෙකුට මොනවා නැතත් බුද්ධිය තිබේ නම් මොකද?
කෙනෙකුට මොනවා නැතත් බුද්ධිය තිබේ නම් අවශ්‍ය හැම දෙයක් ම අනුක්‍රමයෙන් එකතු කර ගන්න පු`ඵවන්. නමුත් මොනවා තිබුණත් බුද්ධිය නැත්නම් වැඩක් නැහැ. අර්ථය පිණිස කිසිම දෙයක් හසුරුවන්නේ නැහැ. අනර්ථය පිණිසමයි යොදවන්නේ. අයහපතක්මයි කරගන්නේ.
බුද්ධිය මේරීමෙන් පුද්ගලයා පරිණත වෙනවා. බුද්ධිය මෝරන්නේ මනසේ ක්‍රියාකාරිත්වය මතයි. බුද්ධිමතා තමාගේ මනස තමන්ගේ ජීවන අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා හසුරුවනවා. එය හරියට දක්ෂ ගොවියා මැනවින් වෙල් යායේ ඇළවේලි හදා තමන්ට අවශ්‍ය කරන තැනට නිල් දියවර අරගෙන යනවා වගේ. දක්ෂ කම්මල් කරුවා තද යකඩ කූරු ගිනියම් කොට හරි ලස්සන නිර්මාණ කරනවා වගේ. දක්ෂ වඩු කාර්මිකයා වනයේ හැදෙන විශාල ගස් කපා ඉරා යතු ගා මනරම් ලී කැටයම් නිම කරනවා වගේ. නමුත් මෝඩ මිනිසා ඒ වගේ නෙවෙයි. ඔහු හැම වෙලාවෙ ම කරන්නේ තමන්ගේ මනසට වුවමනා විදියට කටයුතු කරන එක.
බෝධිධර්ම හාමුදුරුවෝ සෙන් බුද්ධාගමේ හාමුදුරුනමක්. දවසක් උන්වහන්සේ සමීපයට ශිෂ්‍යයෙක් ආවා. ඇවිත් භාවනා කරන්ට කමටහන් ඉල්ලුවා. කමටහන් කියන්නේ බවුන් වඩන්නට සුදුසු මාතෘකාවක් ලබාගන්න එකට. කමටහන් අරගෙන භාවනා කරන්නට ගියා. ඒත් හිත සංවර නැහැ. භාවනා කරන්නට බැරිවුණා. ආයිත් බෝධිධර්ම හමුදුරුවෝ වෙතට ඇවිත් ඒ ශිෂ්‍යයා මෙහෙම කියනවා.
“මට භාවනා කරන්නට බැහැ”
“ඇයි භාවනා කරන්න බැරි?”
“කොච්චර උත්සාහ ගත්තත් මගේ හිත සංවර වෙන්නෙ නැහැ.”
ඔබේ සංවර නැති හිත මට දෙන්න. මම ඒක සංවර කරලා දෙන්නම්.
“ඔබේ සංවර නැති හිත මට දෙන්න. මම ඒ හිත සංවර කරලා ආපසු දෙන්නම්.” බෝධි ධර්ම හිමි කිවුවා.
“මං හිත හැම තැනම හෙව්වා. ඒත් මගේ හිත මටම හොයාගන්න බැහැ.”
“ආ.... එහෙමද? එහෙනම් ඔබේ හිත සංවරයි. යන්න ගිහින් භාවනා කරන්න.” ඒ අවවාදය අහගෙන භාවනා කරන්න ගියා. දිගට ම බවුන් වැඩුවා. අවසානයෙ ශතොරියත් ලැබුවා.
හිත කියන්නේ මහ පුදුම දෙයක්. ඔබේ හිත ගැනත් ඔබ හිතල තියෙනව ද? ඔබගේ හිත මොන වගේ එකක් ද කියලා මොහොතකටවත් කල්පනා කරල බලල තියෙනව ද? ජීවිතය ලස්සන හා අර්ථවත් කරගන්න කැමති ඕනෑ ම කෙනෙකුට තමන්ගේ හිත ගැන අවබෝධයක් ලබාගන්න වෙනවා. හිත හරි පුදුමයි නේ ද? හිතේ ඇති වන චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. (චේතනාහං භික්ඛවේ කම්මං වදාමි) හිතට අයහපත් සිතුවිලි ද යහපත් සිතුවිලි ද ඇති වෙනවා. සියල්ලට ම පෙරටුව ගමන් කරන්නේ සිත නිසයි එහෙම වෙන්නේ. හිතට අරමුණක් ඇති වුණාම තමයි යම් යම් කටයුතුවලට ඔබ නැඹුරු වෙන්නේ. සෑම ක්‍රියාවකටම ශ්‍රේෂ්ඨ වන්නෙත් හිතයි. ප්‍රසන්න වූ සිතුවිල්ලක් ඇති වුණා ම ඔබට යහපත් ක්‍රියා කරන්නට සිදුවෙනවා. කයින් හෝ වචනයෙන් ඔබ කරන එම ක්‍රියාව යහපත් ද අයහපත් ද කියලා තීරණය කරන්නේ හිතයි. ඇතැම් අය යහපත් ක්‍රියාවන් කරන අවස්ථා අපට දකින්නට පු`ඵවන්. එවිට ඔහු යහපත් පුද්ගලයකු යැයි කියනවා. එම තත්ත්වයට පුද්ගලයා පත් කරන්නේ හිතයි. කරුණාව, දයාව වැනි උතුම් හැඟුම් ඇති කරන්නේ හිතයි. ඒ අනුව පුද්ගලයා කරුණාවන්ත වැඩ ද දයාවන්ත වැඩ ද කරන්න පෙළඹෙනවා.
අයහපත් චේතනාව මනසේ තියාගෙන යහපත් විදියට හැසිරෙන්න පුළුවන්
සමාජයට යහපත් ලෙස පෙනෙන වැඩ කරන සෑම පුද්ගලයා ම යහපත් කෙනෙකු කියලා ඔබ හිතුවත් දහමට අනුව නම් එහි ඇති ඇත්තක් නැහැ. එයට හේතුව වන්නේ චේතනාවට මුල් තැන ලැබෙන නිසා. අයහපත් සිතුවිල්ලක් හිතේ තබාගෙන, යහපත් මිනිසුන් ලෙස සමාජයේ හැසිරෙන පුද්ගලයන් ඕනෑ තරම් ඉන්නවා. කරුණාවන්ත ලෙස කතාබහ කරනවා. බැලූ බැල්මට පේන්නේ ඔහු මහා කරුණාවන්ත පුද්ගලයකු ලෙස නේද? එහෙම සමාජයට පෙනුණත් එහි සත්‍ය බවක් නැහැ. එයට හේතුව තමයි අයහපත් චේතනාව. පුද්ගලයා කරන කියන සෑම ක්‍රියාවක දී ම ඒ නමින් ඔහු යහපත් සමාජ හිතකාමී අයකු ලෙස වටහා ගන්නට ඔබ ඉක්මන් විය යුතු නැහැ.
ඇතැම් විටක ඔබ වුණත් ඒ අත්දැකීම හොඳට ලබාගෙන ඇති. අයහපත් සිතුවිලි මුල් කරගෙන කරපු යහපත් වැඩ ගැන එහෙම මතකයට එයි. නරක සිතුවිල්ලක් පෙරදැරි කරගෙන කරන යහපත් ක්‍රියාදාමවලට ලෝභය, දෝෂය, මෝහය වැනි අකුසල් මුල් වෙනවා. එය පුද්ගලයාගේ හිත සුව පිණිස පවතින්නේ නැහැ. බැලූ බැල්මට සමාජ හිතකාමී පුද්ගලයකු ලෙස පෙනුණත් ඔහුගේ සැබෑ ස්වභාවය මතුවන්නේ ඉතා පහුවෙලා.
අවබෝධය ඇති කර ගැනීම වැදගත්. මූලිකත්වය දරන්නේ තම චේතනාවයි.
ඔබ එදිනෙදා කරන කටයුතුවල දී ද මෙම අවබෝධය ඇති කර ගැනීම වැදගත්. අන්‍යයන් මොනවා කීවත් තමා කරන දෙය කෙරෙහි මූලිකත්වය දරන්නේ තම චේතනාවයි.
ලෝභ සිතුවිල්ල මුල්කර ගත්තොත් එසේ කරන හොඳ වැඩෙන් වුණත් ඇති වෙන ඵලය අකුසල්. ඒ බව ඉතා මැනවින් මතකයේ තබා ගැනීම වැදගත් වෙනවා. තම චේතනාව ගැන නැවතත් හැරී බැලීම වැදගත් වන්නේ එම නිසයි. ඔබ කරන යම් කටයුත්තක දී එය යහපත පිණිස ද, අයහපත පිණිස ද යන වග තෙවරක් සිතා බැලිය හැකියි. ක්‍රියාව කළා ට පසුව ඒ ගැන සිතා බැලුවට වැඩක් වන්නේ නැහැ. “පනින්න පෙර සිතා බලනු” යනුවෙන් කියන්නේ එයයි.
එක දවසකට මොනතරම් අරමුණු ප්‍රමාණයක් හිතට නැගෙනවා ද? එයින් කියෙන් කීය ද පුද්ගලයා යහපත කරා නැඹුරු කරවන්නේ? ගතවුණු දවස ගැන රාත්‍රි නින්දට පළමු ව මෙනෙහි කරන්න. හෙට දවස සාර්ථක කරගන්න ඒ සිතුවිල්ල ඔබට පාර කියාවි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අපි බුදු දහම කියල අද අදහන්නේ බුදු හාමුදුරුවෝ බුදු වෙන්න කලින් ඉන්දියාවේ තිබුන දේවල් ඒවා වැරදියි කියල තමයි බුදුන්ගේ දර්ශනයේ කියවෙන්නේ. මිනිස්සු බය නිසා ගස් ගල් වල සරණ යනවා එ්ක අදත් එහෙමම වෙනවායි මුලික හරය තමයි දුක්ඛ අනිත්‍ය අනාත්ම තුලින් කියන්නේ ආත්ම ගත වීම හරි අාත්මෙන් ආත්මෙට යන පවු පින් බුදු දහමේ නැහැ එකේ තියෙන්නේ තමාම තම සිතට කරගන්න කුසල් හෝ අකුසල් පමණයි (බ)
ඉතා හොඳ කරුණු ඇතුළත් ලිපියක් (නි)
මට නම් හිතෙන විදිහට පළමුව කළයුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසීමයි (නි)
භාවනා කිරීමට ප්‍රථම බාහිර අරමුණු වලට සිත යොමුනොකර සිත එකඟ කරගැනීමට අවශ්‍ය වේ. කෝලිතගේ මවට කේන්ති යාම, භාවනාවේ ප්‍රශ්නයක් නොව මවගේ සිත පිළිබදව ප්‍රශ්නයකි. අද වර්තමාන ලෝකයේ මිනිසුන් භෞතික පැත්ත (කය) දියුණු කරනවා මිස අාධ්‍යාත්මිකව සිත දියුණු කිරීමක් නැත. (නි)
අජිත්, මම පවසන්නේ බුදුන් වහන්සේ ගැන නොව සාමාන්‍ය අපි පිළිබඳවය (නි)
විදර්ශනා භාවනාව යනු නිවන් මග කරා යාමේදී උපකාර භාවනාවක් නොවේ. එය සම්බුද්ධ පරිනිර්වානයෙන් පසු අළුතින් එකතුවූ දෙයකි. කිසිදු පැරණි පොතපතක නැත. (ම)
ප්‍රසංග බුදුන්වහන්සේ සිතෙහි හැසිරීම සිත් ඇතිවීම නැතිවීම , සිත ගැන විමර්ශනයක් යෙදුනා (විපස්සනාව), උත්සහයකින් තොරව සිත වර්තමානයට පත්කරගත්ත හෙවත් ඇත නැත (දුක සැප හෝ සියලු සාපේක්ෂක)යන අන්ත දෙකෙන්ම නිදහස්වුන, එමගින් නිරපේක්ෂකය වූ සැනසීම, නිවනට පත් වුනා, සත්‍යාවබෝධ කරන ඕනෑම කෙනෙක් පත්වෙන්නෙත් මෙතනටම තමයි. (ර)
ඉතාමත් හොඳ ලිපියක් (නි)
අංගුලිමාල, සුනිත සෝපාක වැනි අය ආලවක යක්ෂයා වැනි අය රහත් බව ලැබුයේ භාවනා කර නොවේ. සුනීත ඔය කද බිම තියන්න යන බුදු වචන ඇසුනු සැනින් එය තේරුම් ගිය නිසා සුනීත එවෙලෙහිම සෝවාන් වූ බව බෞද්ධ පොත්වල ඇත. (ර)
අමින්ද ඔබ පවසන්නේ බුදුබව ලැබීමට පෙර සිද්දවෙච්ච ක්‍රියාවලියකි. මම පවසන්නේ බුදුබව ලැබීමෙන් පසු ක්‍රියාවලියකි. විදර්ශනා භාවනාව යනු නිවන් මග කරා යාමේදී උපකාර භාවනාවක් ගැනය. ඔබගේ ප්‍රකාශය හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ දෙයකි. (බ)
එකල සිටි ආලාරකාලාම උද්දකරාමපුත්ත, සිජය බෙල්ලට්ටිපුත්ත් නිගන්ඨනාථපුත්ත වැනි අයත් පස්වග තවුසනුත් භාවනා කර විවිධ ධ්‍යාන ලබාසිට් අයයි. මහාමායා දේවියද පෙහෙවත් සමාදන්ව සිටි බවටද ලියැවි ඇත. එනම් දන්දිම සිල් රැකිම භාවනා කිරීම ආදිය බුදුන්වහන්සේ පහළවිමටත් පෙර තිබූ දේවල්වේ. බුදු කෙනෙකු ලොව පහල වනුයේ එවැනිදේ හෝ හොද නරක කියා දිමට වැනි සාමාන්‍ය දේවල් ලොවට දේශනා කිරීමට නොව අති උතුම් මහා දැනුමක් නිවනක් ලබාගන්නා සැටි පහදා දිමටයි. (ර)
මෙලොව එළිය දකිනකොටත් බුද්ධිය අරගෙනයි එන්නේ. ඒ පෙර සසරින්ද? තමන්ගේ දෙමව්පියන්ගේ ජාන වලින්ද? මෙය පැහැදිලි කර දෙන්න (නි)
තමන් පෙර ආත්ම වල කොපමන පින් සහ පව් කර ඇති බව දන්නා කෙනෙකු හෝ නිවන් දැකීමට තව කොපමන පින් කළයුතුද හෝ කොපමණ පව් ගෙවිය යුතුද යන්න දන්නා කෙනෙකු නැත. එනිසා නොදන්නා කර්ම ඵලයක් ගැන මම විශ්වාස නොකරමි. දෙව්දහ සූත්‍රයේ මේ සම්බන්ධව විස්තර ඇත. (නි)
නාම රූප ධර්මයන්ගේ ඇත්ත ඇති හැටියට නොදන්නාකම නිසා අප තුළ ගොඩනැඟෙන්නා වූ ධර්මතා තමයි නිත්‍ය, සුඛ, ආත්ම සහ සුභ යන චිත්ත ස්වභාවයන්. මූලිකවම රූපයේ ඇත්ත නොදන්නාකම නිසා මනෝමයම වු සිතුවිල්ල රූපයක් කියා ඇති රැවටීම/ අවිද්‍යාව දුරු කරන්න. ඔබට කළයුතුව ඇත්තේ ඔබේම ආයතන 6 අවබෝධ කරගැනීමයි. (නි)
බුදුපියාණන් වහන්සේ වසර 6 ක් දුෂ්කර ක්‍රියාකර භාවනායෝගිව සිට ඉන් නිවන් දැකිය නොහැකි බව අවබෝධ කරගෙන ඉන් ඉවත්වූ බව දහම් පොත්වල ඇත. එසේම භාවනාව, සිල් සමාදන් වීම යනු බුදුන් පහළවීමටත් පෙර සිටම ඉන්දියාවේ පැවති දෙයක් බවද පොත්පත් වල ඇත. එසේනම් උන්වහන්සේ ඇසතු බෝරුක මුල සිට කළේ වසර 6 ක් කළ භාවනාමද? මෙය පහදා දෙන්න (නි)
හැමදේටම මුල චේතනා නම්, චේතනා ඇතිවන්නේ සිතේ නම්, සිත තව තවත් දියුණුකරන භාවනාව මඟින් සසර කෙටි කරගත හැකිද? භාවනාව ආතතිය නැති කරගැනීමට, පීඩනය අඩු කරගැනීමට ඉතා හොඳවුවද නිවන් ලබාගැනීම සිත දියුණු කිරිමෙන් කළහැකිද යන්න පහදාදෙන්න (නි)
බුදුදහමේ ඇත්තේ කර්මඵල වාදයද? හේතුඵල වාදයද? පෙර පැවති ජෛන ආගම් වලත් කර්මඵල වාදය තිබු බව පොත් වල ඇත. (නි)
බුදුබව යන උත්තරිතර තත්වය ලැබීමෙන් පසු මොන භාවනාද පින් පව්ද? පුන්‍ය පාප පහිනස්ස. (බ)
ඉතා හොඳ ලිපියක්
රාමනායක, සාමාන්‍ය අපිටත් භාවනා කර සදාකාලික සැනසීමක් ලබාගත නොහැකියි. එය හරියට රබර් බෝලයක් වතුරේ යට තබාගන්න උත්සාහ කරනවා වගෙයි. බුදුන් වහන්සේත් වසර 6 ක් භාවනා කර ඉන් නිවන් ලැබිය නොහැකි බව තේරුම්ගෙනයි ඉන් අත්මිදුනේ. (නි)
සිත ඉතා බලවත් බව මා අසා ඇත. (ර)
හිත අමාරුවෙන් හිත සන්සුන් කර ගන්න ගියත් එය යලි මෙහොතකින් චලනය වේ. එසේ හිතලා බලහත්කාරයෙන් තමන් තමන්වම රවට්ටාගෙන තන්හා ආශා වලට එරෙහිවෙලා වැඩක් නැහැ. නමුත් සත්‍ය පෙන්වු විට එකි දේවල් වලින් ඉබේම ඈත්වේ. අමාරුම දේ නිවැරැදි සත්‍යය දැකිමයි. (ර)
බුදුන් වහන්සේ බුදුබව ලැබ මුලින්ම පැවැත්වු ධම්මචක්කප්වත්තන සුත්‍රෙයහි සිථාන 12 ක කියලා තියෙනවා මම අද දේශනා කරන්නේ පෙර අහලා නැති දෙයක් කියලා. එනම් එකල සිටම තිබු දාන සිල භාවනා ගැන නෙමෙයි උන් වහන්සේ සොයාගත්තේ. (බ)
“පනින්න පෙර සිතා බලනු” මෙන්ම “ප්‍රමාදය පසුතැවිමට මුලයි “ ලෙසද පිරුළවල් ඇත. එනම් හැමදේටම ඉක්මන් විම හෝ හැම දේටම කල්පනා කරමින් සිටිම නුවණට හුරු නැත. අප අවස්ථානුකූල විය යුතුයි (ම)
රාමනායක මහතාණනි, සියළු කෙලෙසුන් නසා බුද්ධත්වයට පත්වූ පසුවත් භාවනා කරන්නේ තුමන දෙයක් ලබා ගැනීමටද? (ර)
හේතුඵල වාදය ගැන කියාදෙන ඵකම ආගම බුද්ධාගම වේ. බුද්ධාගමට අනුව භාවනාව කොටස් දෙකකි. ඒ සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව වේ. අතීතයේ සිට පැවති භාවනාවකි සමථ භාවනාව. සමථ භාවනාව මඟින් සිත දියුණු කළහැකිමුත් ඵමඟින් නිර්වාණ අවබෝධය ලබාගත නොහැක. බුදුපියාණන් වහන්සේ සොයාගත් භාවනාව විදර්ශනා භාවනාව වේ. ඵමඟින් නිර්වාණ අවබෝධය ලබාගත හැක. (නි)
මගේ මව විශ්‍රාමයාමෙන් පසු භාවනා කිරිමට පන්සල් යන්න ගත්තට පස්සෙ ඉස්සරට වැඩිය කේන්ති යනවා. භාවනා කරන්න බැහැ සද්දයි කියලා දරුවන්ටත් බනිනවා. ඇත්තටම භාවනාවෙන් සිත නිවෙනවා නම් මෙහෙම විය හැකිද? (නි)
රාමනායක, වසර 6 ක් දුෂ්කර ක්‍රියාකර භාවනායෝගිව සිට ඉන් නිවන් දැකිය නොහැකි බව අවබෝධ කරගෙන ඉන් ඉවත්වූ බව දහම් පොත්වල ඇත. (නි)
ගිහි ජීවිතේ ඉඳගෙන භාවනා කරලා හිත සන්සුන් කරන්න බැහැ. බැඳීම් වැඩියි. එදිනෙදා ජීවත්වෙන්න බාහිර ලෝකයත් එක්ක ගැටෙන්න ඕනෑ. එවිට කෝපය, තණ්හාව, ඊර්ෂ්‍යාව, වෛරය වගේ දේවල් ඇතිවෙන එක අනිවාර්යයි. භාවනා කරලා සිත සන්සුන් කරගන්න නම් ගිහි ජීවිතෙන් මිදෙන්න ඕනෑ. (නි)
විදර්ශනා භාවනාව පසුකලෙක ලංකාවේ පටන්ගත් එකක් බවයි මා අසා තියෙන්නේ. (නි)
හෂිණිගේ පිළිතුර ගැන සිතා බලන්නේ නම් වටිනවා (නි)
විදර්ශනා භාවනාව මඟින් නිර්වාණ අවබෝධය ලබාගත හැකි නම් අද වනවිට නිවන් දැකපු අය රහතන් වහන්සේලා නැත්තේ ඇයි? (නි)