IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


හැංගුණු සත්‍යය

පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව අගවිනිසුරුවරියට එරෙහිව පැවැත්වූ විමර්ශනයේ වාර්තාව ලංකාදීප පුවත්පත දෙසැම්බර් 12 දින සිට කොටස් වශයෙන් පළකරනු ලැබීය, එහි අවසන් කොටස දෙසැම්බර් 17 වන දින පළ විය. දෝෂාභියෝගය පිළිබඳව විරුද්ධ මත පළකරන බොහෝ දෙනකු එම වාර්තාව දැක නැතැයි සිතමි. එම වාර්තාව කියවූයේ නම් දෝෂාභියෝගයට එරෙහි අය  වුවද තමන්ගේ ස්ථාවරය පිළිබඳව දෙවරක් සිතා බලනු ඇත. රජය කළ යුත්තේ සම්පූර්ණ වාර්තාව සියලූ ලේඛන සහිතව ඉතා ඉක්මනින් මහජනතාව අතට පත්වන ආකාරයෙන්  මුද්‍රණය කර බෙදා හැරීමයි. මහජනතාවට සත්‍යය දැනගැනීමට ඉඩ සැලසීම රජයේ යුතුකමකි. අවශ්‍ය කෙනකුට ලබාගත හැකි ආකාරයට අඩු මිලකට අලෙවි කිරීම හෝ නොමිලේ ලබාදීම කළ යුතුව ඇත. දෝෂාභියෝගයේ පළමුවැනි චෝදනාව වන්නේ ගෝල්ඩන් කී අර්බුදයට අදාළ මූලික අයිතිවාසිකම් නඩු තුනක් වෙනත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී විභාග වෙමින් තිබියදී අගවිනිසුරුවරිය ඒවා තමන් වෙත පවරාගත් බවත් එම නඩුවට අදාළ දේපළක් අගවිනිසුරුවරිය ඇගේ සහෝදරිය සහ මස්සිනා වෙනුවෙන් මිල දී ගත් බවත්ය. මෙම චෝදනාවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතාව අනුව දෙවන විනිසුරුවරිය වන ශිරාණි තිලකවර්ධන මහත්මි ලබාදුන් සාක්ෂියේ සම්පිණ්ඩනයක් එම වාර්තාවේ අඩංගු වේ. එම නඩුව මුලින්ම විභාග කරන ලද්දේ සරත් එන්. සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශිරාණි තිලකවර්ධන මහත්මිය සාමාජිකත්වය දැරූ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ය. සරත් එන් සිල්වා මහතා විශ‍්‍රාම යාමෙන් පසු ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය එහි සභාපති තනතුරට පත් වූවාය. විපතට පත් 9000 ක් පමණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් මෙම විනිසුරු මඬුල්ල උපරිම යුක්තියක් ඉටු කිරීම සදහා අලූත් මං සොයමින් දැඩි කැපවීමකින් කටයුතු  කළේය. එකී සමාගම්වලට අයත් දේපළ වරලත් ගණකාධිකාරී මණ්ඩලයක් ලවා තක්සේරු කර ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව අලෙවි කිරීමට නොහැකි අන්දමින් කටයුතු කළේය. ඒ ආකාරයට ගනුදෙනුකරුවන් වෙනුවෙන් උපරිම සහනයක් සැලසීම සඳහා කටයුතු කරද්දී එක් පුද්ගලයෙක් මෙය පස්දෙනකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගත යුතු යැයි සදහන් කරමින් උසාවියට ඉල්ලීමක් ඉදිරිපත් කළේය. තිලකවර්ධන විනිසුරුවරිය මෙය අගවිනිසුරුවරියට ඉදිරිපත් කළාය. එසේ කරන ලද්දේ එවැනි ඉල්ලීමක් පිළිබදව තීරණයක් ගත හැක්කේ අගවිනිසුරුවරියට බැවිනි. එහෙත් අගවිනිසුරුවරිය ඒ පිළිබදව තීරණයක් නොගත්තාය. ඒ වෙනුවට අගවිනිසුරුවරිය නව විනිශ්චය මණ්ඩලයක් පත් කළාය. එහි සභාපති වූයේ අගවිනිසුරුවරියයි. තිලකවර්ධන මහත්මිය එම මණ්ඩලයට අයත් නොවූවාය. ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන් දෝෂාභියෝගය පිළිබදව අගවිනිසුරුවරියට එරෙහිව උද්ඝෝෂණ කරන හේතුව මට පැහැදිලිවූයේ මෙම වාර්තාව කියවන විටය. ගෝල්ඩන් කී  නඩුවලට අදාළව එම සමාගම්වල ඉහළ කළමනාකරුවකු වන ජනක රත්නායක මහතා බලවත් විෂමාචාරයක යෙදී ඇති බැවින් ඔහුට විරුද්ධව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස තිලකවර්ධන විනිසුරුතුමිය රහස් පොලීසියට නියෝග කළාය. තිලකවර්ධන විනිසුරුවරිය විභාග කළ නඩුව අගවිනිසුරුවරිය විසින් විභාග කිරීමට  කටයුතු කිරීම, එම සමාගමෙන් දේපළක් මිලදී ගැනීම, ජනක රත්නායකට එරෙහිව තිලකවර්ධන මහත්මියගේ පැමිණිල්ල සහ ජනක රත්නායක ඔප්පුවට අත්සන් කිරීම යන දේවල්වලින් තදබල විෂමාචාරයක තොරතුරු නිරාවරණය වේ. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයේ හතරවන චෝදනාව වන්නේ එන්.ඩි.බී. බැංකුවේ ගිණුම් නවයක් ඇතුළු විවිධ බැංකුවල ගිණුම් විස්සකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යාමත් එකී තොරතුරු අධිකරණ නිලධාරියකු වශයෙන් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයේ සදහන් නොකිරීමත්ය. දෝෂාභියෝග විමර්ශන වාර්තාවේ අගවිනිසුරුවරියගේ වත්කම් ප‍්‍රකාශනයට ඇතුළත් කර නැති ගිණුම් රැුසක විස්තර ඉදිරිපත් කර ඇත. එයින් ගිණුම් කිහිපයක් පිළිබදව ඉදිරිපත් කර ඇති කරුණු එම වාර්තාවෙන් උපුටා දක්වමි. ගිණුම් අංකය: (පැරණි) 100002001967 ගිණුම් අංකය: (නව) 10110002778 බැංකුව: එන්.ඞී.බී. ගිණුම් හිමියාගේ නම: ශිරානි අංශුමාලා බණ්ඩාරනායක වර්ෂ 2010.04.15 දක්වා මෙම ගිණුම ඉතා සක‍්‍රීයව පැවති ගිණුමකි. වර්ෂ 2012.04.15 වන දින රුපියල් 4,653,468.92  ක මුදලක් ආයෝජනය කිරීම සදහා :ීැජමරසඑසැි* ආපසුගෙන ඇත. ශේෂය වූ 736.47 ක මුදල ගිණුමේ තවමත් පවතී. මෙම ගිණුම අග‍්‍රවිනිශ්චයකාරවරිය කිසිදු වර්ෂයක වත්කම් හා බැරකම් ප‍්‍රකාශවල හෙළිදරව්කර නොමැත. අග‍්‍රවිනිශ්චයකාරවරියගේ එකී ගිණුමේ මාර්තු මස 31 වන දිනට ප‍්‍රථම හා මාර්තු මස 31 දිනෙන් පසුව මුදල් තිබූ ආකාරය මෙලෙස දැක්විය හැකිය.

දිනය ශේෂය
13.01.2010 4,566,724.47
13.01.2010 00
15.04.2010 4,566,724.00
15.04.2010 736.47
03.11.2011 736.47
ගිණුම් අංකය: (පැරණි) 100121001797 ගිණුම් අංකය: (නව) 106450000542 බැංකුව: එන්.ඩි.බී. ගිණුම් හිමියාගේ නම: ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මෙම ගිණුම නේවාසික විදේශීය මුදල් ඉතිරි කිරීමේ ගිණුමකි. වත්කම් හා බැරකම් ප‍්‍රකාශ වල කිසිදු වසරක මෙම ගිණුම හෙළිදරව් කර නොමැත. තවද මෙම ගිණුමට නව අංකයක් ලබාදීමෙන් පසු අග‍්‍රවිනිශ්චයකාරවරියගේ නිල නාමය භාවිතා කර ඇත. මෙම උපුටා ගැනීම එම වාර්තාවෙනි. අගවිනිසුරුවරිය තම වත්කම් ප‍්‍රකාශයේ ඇතුළත් කර නැති ගිණුම් පිළිබදව තවත් තොරතුරු ඒ ආකාරයට දිගටම එම වාර්තාවේ විස්තර කර තිබේ. ඇයට පක්‍ෂව අදහස් ප‍්‍රකාශ කරන අය කියා සිටින්නේ තම වත්කම් ප‍්‍රකාශ කර නැති මැති ඇමතිවරු කී දෙනෙක් සිටිත්දැයි යන්නයි. වත්කම් ප‍්‍රකාශ ඉදිරිපත් කර නැති පුද්ගලයන් බොහොමයක් සිටිය හැකිය. වත්කම් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීමට නීතියෙන් බැදී සිටින අය සිය වත්කම් ප‍්‍රකාශ නොකළ විට ඒ පිළිබදව නඩු පැවරිය හැකි අතර ඒවා විභාග කරනු ලබන්නේ උසාවිය විසිනි. වත්කම් ප‍්‍රකාශ ඉදිරිපත් කළ යුතු රාජ්‍ය නිලධාරීන් එසේ ඉදිරිපත් නොකිරීම නිසා උසාවියෙන් නඩු පවරා දඩුවම් නියම කළ අවස්ථා ඇත. එය ශ‍්‍රී ලංකාවේ දැනටමත් වලංගු නීතියයි. දේශපාලනඥයන් වත්කම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකිරීම  අගවිනිසුරුවරියට තම වත්කම් ප‍්‍රකාශවලින් සමහර තොරතුරු වසන් කිරීම සාධාරණීකරණය කිරීමට හේතුවක් වන්නේ නැත. පස්වන චෝදනාව වන්නේ අගවිනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට නඩු පවරා තිබියදී ඇය අගවිනිසුරුවරිය ලෙස කටයුතු කිරීම පිළිබ`දවය. ඇගේ ස්වාමි පුරුෂයා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයාව සිටියදී එම බැංකුවට ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 7.9 ක් වෙළදපොළේ මිලට  වඩා සියයට 65 ක් ගෙවා මිලදී ගත්තේය. ඒ පිළිබදව හෙළිදරව් කිරිමෙන් පසු විපක්‍ෂය විසින් ඒ පිළිබදව මැයි මස 23 වන දින පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වූ අතර එහිදී වැරදිකරුවන්ට දඩුවම් දෙන ලෙස විපක්‍ෂ මන්ත‍්‍රීවරු ඉල්ලා සිටියහ. දැන් ඇගේ ස්වාමි පුරුෂයාට එරෙහිව අල්ලස් හා දුෂණ කොමිසම විසින් නඩු පවරා තිබේ. එය විභාගවන්නේ මහේස්ත‍්‍රාත් උසාවියේදීය. මහේස්ත‍්‍රාත්වරුන්ට අදාළ පත්කිරීම් මාරු කිරීම් උසස්වීම් ආදී සියල්ල කරන්නේ අධිකරණ සේවා කොමිසම විසිනි. අධිකරණ සේවා කොමිසමේ සභාපති වන්නේ අගවිනිසුරුවරියයි. එබැවින් ඇයට ඇගේ සැමියාට අදාළ නඩුව සම්බන්ධයෙන් බලපෑම් කිරීමට හැකියාව තිබියදී ඇය අගවිනිසුරුවරිය වශයෙන් කටයුතු කිරීම විෂමාචාරයක් බවට චෝදනාවෙන් කියැවේ. මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය ඉදිරිපත් කර ඇති පිළිතුර කාරක සභා වාර්තාවේ  සදහන් වේ. එය උපුටා දක්වමි. මේ සම්බන්ධයෙන් අග‍්‍රවිනිශ්චයකාරතුමිය විසින් කාරක සභාවට ඉදිරිපත් කර ඇති පිළිතුරෙහි සදහන් කර ඇත්තේ රජයට යම් විනිශ්චයකාරවරයකු ඉවත් කිරීමට අවශ්‍ය නම් අදාළ විනිශ්චයකාරවරයාගේ කාලත‍්‍රයාට එරෙහිව අපරාධ නඩුවක් පවරා එය භාවිතා කරමින් විනිශ්චයකාරවරයකු ධුරයෙන් ඉවත් කිරීමට හැකි බවයි., ඇගේ සැමියා සම්බන්ධ සිදුවීම රජය හිතාමතා ඇතිකළ එකක් නොවේ. විපක්‍ෂය තොරතුරු හෙළිදරව් කිරීම නිසා ප‍්‍රසිද්ධ වූ කාරණයකි. එය කවුරුත් දන්නා කාරණයකි. ඇගේ අදහස රජය නඩු නොපැවරිය යුතු බවක්ද.? මෙය හිතා මතා ගෙතූ නඩුවක් නොවන බව  ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා මේ පිළිබ`දව පාර්ලිමේන්තු විවාදයේදී කර ඇති ප‍්‍රකාශයේ කොටසක් හැන්සාඞ් වාර්තාවෙන් උපුටා දැක්විය හැකිය. ”ඒ විතරක් නොවෙයි මේ බැංකුවේ වර්තමාන සභාපතිවරයා කවුද. මේ රටේ...” (මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.) ”ස්වාමි පුරුෂයා. එතකොට අපි අහන්නේ එක ප‍්‍රශ්නයයි. මූලාසනාරූඨ ගරු මන්ත‍්‍රීතුමනි.” අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා මෙසේද ප‍්‍රකාශ කර ඇත. ”මූලාසනාරූඨ ගරු මන්ත‍්‍රීතුමනි. මෙය වහන්න පුළුවන් හොරකමක් නොවෙයි කියලායි. මේක නිකම්ම මාළු දැලෙන් වහන්න හදනවා වගේ වැඩක්. මේක එහෙම වහන්න පුළුවන් හොරකමක් නොවෙයි. කෑ ගැහුවාට වහන්න පුළුවන් හොරකමක් නොවෙයි. මේ ගනුදෙනුව හෙළිදරව් වෙලා. වහන්න බැරි වෙලා. ආපසු ඉල්ලා අස්කර ගන්න සිද්ධ වෙච්ච හොරකමක්. එම නිසා මේවාට දඩුවම් දෙන්න  ඕන.” නඩු පවරා ඇත්තේ එකී වරද සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසිනි. එබඳු තත්ත්වයක් යටතේ ඇය අගවිනිසුරුවරිය වශයෙන් කටයුතු කිරීම සාධාරණද?. තේරීම් කාරක සභාව තවත් කරුණක් මතු කරයි. එනම් ඉහතින් විස්තර කළ පළමුවන චෝදනාවේ එන ගෝල්ඩන් කී සමාගමට අයත් සෙලින්කෝ සමුහ ව්‍යාපාරය පිළිබදවය. ඇගේ සැමියා වැඩි මිලට කොටස් මිලදී ගත් ,ද ෆිනෑන්ස් සමාගම, අයත්වන්නේ සෙලින්කෝ ව්‍යාපාරයටය. එහිදී ඇය සම්බන්ධ වන ආකාරය ඉහතින් විස්තර විය.  ඇගේ සැමියා එකී සමාගමේ කොටස් ඉහළ මිලක් ගෙවා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සදහා මිලදීගෙන තිබේ. අගවිනිසුරු අසුන පූජාසනයකි.  පාරිශුද්ධභාවය, සාධාරණත්වය සහ අපක්‍ෂපාතීත්වය යන කරුණු තුන ඔස්සේ එහි පූජනීයත්වය ආරක්‍ෂා වේ. වත්කම් නිසි පරිදි හෙළි නොකිරිම සහ ටි‍්‍රලියම් නිවාස මිලදී ගැනීම තුළින් පාරිශුද්ධත්වයේත්, එම නඩුව විභාග කිරීමෙන් සාධාරණත්වයේත්, ද ෆිනෑන්ස් සිද්ධිය මගින් අපක්‍ෂපාතීත්වයේ මූලධර්මත් උල්ලංඝනය වී ඇත. පූජාසනයේ පූජනීයත්වය කෙලෙසී ඇත. දෝෂාභියෝගය පිළිබ`ද නීතීඥ සංගමයේ රැස්වීම පොදු මහජනතාවට මේ රටේ නිතීය සුරැකීමේ කර්ත්‍යවයට උරදී සිටින ප‍්‍රභූවරුන්ගේ ක‍්‍රියාකලාපය පිළිබදව හොද නිදර්ශනයක් සැපයූ අවස්ථාවකි. යෝජනා සම්මත වූ බව ප‍්‍රකාශ කර සභාව අවසන්යැයි සදහන් කරමින් මූලාසනයෙන් ඉවත්ව ගිය සභාපතිවරයා ප‍්‍රකාශකරන්නේ යෝජනා තුනක් ඒකමතිකව සම්මත වූ බවයි. ඒකමතිකව සම්මත වූවා නම් පසුව පුටු පා කර ගැනීමට දෙපාර්ශවයට සිදුවන්නේ නැත. එහෙත් ඒකමතිකව සම්මත වූ බව ප‍්‍රකාශ කළ විට එය විදේශ වෙළදපොළේ හොදින් අලෙවි කළහැකි බව එහි කර්තෘවරුන් හොදින් දන්නා කරුණකි. කෙසේ වුවත් නීතීඥ සංගමය ප‍්‍රකාශයට පත්කළ නිල ප‍්‍රකාශයට අනුව සම්මත වී ඇති මුල් යෝජනා දෙක  මගින් ඉල්ලා ඇත්තේ දෝෂාභියෝගය නැවත සලකා බලන ලෙසත් උපරිමාධිකරණ විනිසුරුවරුන් ඉවත් කිරීම සදහා නීති පද්ධතියක් ඇති කිරීමට කටයුතු කරන ලෙසත්ය. වත්මන් අගවිනිසුරුවරිය ඉවත් කර වෙනත් කෙනකු  ඒ තනතුරට පත්කළහොත් නීතීඥ සංගමය එය නොපිළි ගන්නා  බවට මාධ්‍ය මගින් ප‍්‍රකාශ වුවද එවැන්නක් යෝජනාවල අඩංගු වී නැත. ප‍්‍රකාශ කර ඇත්තේ එසේ පත්කළ හොත් එම අය උත්සවශ‍්‍රීයෙන් පිළිනොගන්නා බව පමණකි. ඇය එම තනතුරට පත්කිරීම නොපිළිගන්නා බවක් එම යෝජනාවල ස`දහන් නොවේ. එහි අදහස නව අගවිනිසුරු පත්කළ පසු ඇය පිළිගැනීමට උත්සවයක් නොපැවැත්වූවත් ඇය සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් නොවේද?. උසාවියේදී මෙන්ම ඉන් පිටතදීද නීතීඥ සංගමයේ නිලධාරීන් පාර්ලිමේන්තුවට අධිකරණ බලයක් නැතැයි ප‍්‍රකාශ කළද මෙම යෝජනාවල ඒ පිළිබදව කිිසිදු සදහනක් නැත. දෝෂාභියෝග විරෝධය පිටුපස සිටින බොහෝ දෙනකු සිතන්නේ, විශේෂයෙන්ම විදේශ වෙළදපොළේ ශ‍්‍රී ලංකාව අලෙවි කරන අය සිතන්නේ දෝෂාභියෝගය උණුකැවුම් මෙන් අලෙවි කළ හැකි භාණ්ඩයක් ලෙසය. එහෙත් එය පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව නිකුත් වන තුරු පමණය. මෙවැනි චෝදනාවලට වරදකරුවකු වන අයෙකුට නොව චෝදනාවලට ලක්වූ අයකුටවත් ඉන්පසු එකම දිනයක්වත් අධිකරණ කටයුතුවල නියැලීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අධිකරණයේ අපක්‍ෂපාතීත්වය සහ සාධාරණත්වය, අධිකරණ ස්වාධීනත්වය ආරක්‍ෂා කරන වෙනත් කිසිදු රටක් ඉඩ නොදෙන බැවිනි.
මහාචාර්ය -සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

හැංගුණු සත්‍යය

ජිනා Friday, 21 December 2012 04:19 PM

අපි ඇහුම්කන්දීමයි වැදගත්. (නි)

:       0       0

අචිනි Saturday, 22 December 2012 06:57 PM

අපි මොකුත් දන්නේ නැහැ, අපිට මොකුත් මතක නැහැ (දී)

:       0       0

දයා Saturday, 22 December 2012 10:16 AM

මටනම් මොකුත් තේරෙන්නේ නැහැ අප්පා (දී)

:       0       0

සුමනා මානවඩු Saturday, 22 December 2012 01:01 PM

මේ සියල්ල ඇතිවීමට හේතුව අපි දන්නවා..!(නු)

:       0       0

වසන්ත Friday, 21 December 2012 07:15 PM

මොකද මේකට කාගෙවත් අදහස් නැත්තේ? (නි)

:       0       0

රෝහණ වීරවංශ Friday, 21 December 2012 07:42 PM

සෑම දේකටම සීමාවක් තියෙන්න ඕන..!(නු)

:       0       0

සදුනි Saturday, 22 December 2012 02:43 PM

හැංගි හැංගි වෙස් බැන්දට නටන්නවෙන්නේ එළියේ (දී)

:       0       0

සදුන් Sunday, 23 December 2012 07:44 AM

අපි මේවා දන්නෙ නැහැනේ. (නි)

:       0       0

බුද්ධි Friday, 21 December 2012 01:48 PM

කාටහරි රිදුනද දන්නෙ නැහැ..!(නු)

:       0       0

සිරිමල් Sunday, 23 December 2012 11:03 AM

අපෙ මිනිස්සුන්ගේ අදහස් දැක්වීමේ අවංකකම තමා, ගොඩක් අයගේ අදහස් දැක්වීම් වලට එයලගේ දේශපාලන අන්තගාමී කම ගාව ගන්නවා.සාධාරන විවෙච්නයක් නැ .මම කතාවක් කියන්නම්. දවසක් මාව පොලිසියෙන් ඇල්ලුවා තනි ඉර කපලා. මට දඩ කොලයක් ලියනකොට මම දැක්ක තව අය ඉර කපලා යනවා. මම එක කිව්වාම රාළහාමි කිව්වෙ, "දැන් මහත්තයා කරපු වැරද්ද වැරද්දක් නෙමෙ ද, වෙන අයත් ඒ වැරද්දම කෙරුවම ? - මට හැමොම එක වර අල්ලන්ඩ බැ. ඒත් අහුවෙන කෙනාට දඩුවම් දෙනවා". මෙක මට හිතන්ඩ දෙයක් ඉතුරු කලා. වැරදි නම් දඩුවම් ලැබිය යුතුයි.නැත්නම් දඩුවම් නොදිය යුතුයි කීම හරිද? කලා නම් ( ඔප්පු කරන කම් ඔනිම කෙනෙක් නිවැරදි කරුවෙක් ) (දී)

:       0       0

අනුර Saturday, 22 December 2012 01:16 AM

හරියට නාට්‍යයක් රග පානවා වගේ.. උගත් අයගේ කෙරුවාවල් පේනවා...!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 113 0

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 64 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


දුයිෂෙන් අල්තීනායි අපේ කරළියට ඇවිත්
2024 මැයි මස 17 241 0

‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදව


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි
2024 මැයි මස 17 499 0

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂ


රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව
2024 මැයි මස 17 1920 5

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැද


විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම
2024 මැයි මස 17 341 2

කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්රදව්යැ ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්රී ලංකාවට අලු‍ත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 783 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2333 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1997 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site