IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


සහල් ලොරිවලට පහරදීමෙන් උණුසුම්වූ මරදගහමුල

06_PAGE_03_M  

පොළොන්නරුවත්, මරඳගහමුලත් අතීතයේ සිටම ඉතා සමීපව ව්‍යාපාරික කටයුතු කරන නගර දෙකකි. ඒ සහල් ව්‍යාපාරය සම්බන්ධවය. පොළොන්නරුවේ මහා පරිමාණ කර්මාන්තශාලාවල නිපදවෙන සහල් තොග වශයෙන් රටට බෙදාහරිනු ලබන්නේ මරඳගහමුල නගරය ඔස්සේය.


එහෙත් පසුගිය දිනක පොළොන්නරුවේ සිට මරඳගහමුලට සහල් පටවාගෙන පැමිණි ලොරියකට යතුරුපැදිවලින් පැමිණි මැර පිරිසක් පහරදී අලාභහානි සිදුකොට ලොරියේ රියදුරාටත්, රිය සහායකටත් පහරදී තිබිණි. සහල් තොගය පිටින්ම ලොරිය ආපසු පොළොන්නරුව දක්වා යායුතු බවට තර්ජනය කළ මැර පිරිස කුරුණෑගලින් මෙපිට ලොරිය නතර කළහොත් ලොරියට ගිනිතබන බවට ද තර්ජනය කළ බව කියැවේ.

ssdg
මෙම ලොරි රථය පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයකු වන ඩඞ්ලි සිරිසේන මහතාට අයත් එකකි. පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරකු වන ඩඞ්ලි සිරිසේනට අයත් ලොරි රථයට පහරදීම දේශපාලන සිද්ධියක් යැයි සැක සිතන නිසා මෙම සිදුවීමට විශාල ප‍්‍රචාරයක් හා අවධානයක් යොමුවී තිබේ. පොළොන්නරුවට ආපසු යන බවට හඟවා ලොරි රියදුරා කළේ කොටදෙණියාව දක්වා ගොස් යළි එම මාර්ගයේම පැමිණ දිවුලපිටිය පොලිසියට ගොස් මේ ගැන පැමිණිලි කිරීමයි.


පක්ෂ-විපක්ෂ ව්‍යාපාරිකයින්ගෙන් සැදුම්ලත් මරඳගහමුල වෙළෙඳ සංගමය මෙම සිදුවීම තරයේම හෙළා දැක්කේය. ව්‍යාපාරයට දේශපාලනය ඈඳා ගැනීම ඔවුන් පිළිකුල් කළහ. රජයට පක්ෂපාතීත්වයක් දක්වන වෙළෙඳ සංගමයේ සභාපති රංජිත් කරුණාතිලක මහතා මේ සිද්ධිය වනවිට සිටියේ විදේශගතවය. එහෙත් ඒ මහතා මෙම සිදුවීම පිටුපස සිටින බවට රාවයක් ද පැතිර ගියේය. පසුදින ඔහු මෙරටට පැමිණි පසුව එක්සත් ජාතික පක්ෂයට හිතවත් සහල් ව්‍යාපාරිකයකු වන පී. එඞ්මන් (අරුණසිරි මුදලාලි* මරදගහමුල නගරයට පැමිණ මෙම සිද්ධියට විරෝධය පළ කළේය.


අරුණසිරි මුදලාලි කෙළින්ම චෝදනා කළේ රංජිත් මහතාටය. එහිදී ඇතිවූ ගැටුමකින් පසුව අරුණසිරි මුදලාලි රෝහල්ගත කළ අතර, එහිදී කිසිදු පහරදීමක් සිදුනොවූ බව වෙළෙඳ සංගමයේ සභාපතිවරයා කියයි. මෙම සිදුවීමත් සමඟ ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීමටත් පෙර දිවුලපිටිය ප‍්‍රදේශයම දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත්වී තිබේ.

 

sd

මරඳගහමුල ප‍්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරයාගේ ප‍්‍රචාරක පුවරුවකට හානි කර ඇති අයුරු

 


පසුගිය 03 වැනිදා අලූයම දෙකට පමණ ජනාධිපතිවරයාගේ ප‍්‍රචාරක පුවරුවක් සවිකිරීමට පැමිණි පිරිසක් තම නිවස අසල එය සවිකිරීමට එරෙහිවූ නිවසක පිරිසකට අමානුෂික අන්දමට පහරදී තිබිණි. මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයින් දෙදෙනකු රෝහල්ගත කර තිබිණි. චානක සුපුන් හා ගයාශාන් සම්පත් යන මෙම තරුණයින් දෙදෙනා කීවේ තමාගේ ලොකු අම්මාගේ නිවස අසලට ගිය තමන්ට ප‍්‍රාදේශීය දේශපාලකයකු ඇතුළු පිරිස පහරදුන් බවය.


මේ අතර දිවුලපිටිය හා ඒ අවට ප‍්‍රදර්ශනය කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රචාරක පුවරු රැුසකට 03 දින අලූයම කිසිවකු විසින් හානිකර තිබෙනු දක්නට ලැබිණි.


අප මේ තත්ත්වය පිළිබඳව මරදගහමුල සහල් වෙළෙඳ සංගමයේ සභාපති රංජිත් කරුණාතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඩඞ්ලි සිරිසේන මහතාට අයත් සහල් ලොරියට ප‍්‍රහාර එල්ල කිරීම තමා ද හෙළාදකින බවයි. එහෙත් එම සිදුවීම වෙළෙඳ සංගමයට බැර කිරීමට බොහෝදෙනෙකු කටයුතු කිරීම ඛේදවාචකයක් බව ද ඒ මහතා කියා සිටියේය. මෙතෙක් කලක් ඩඞ්ලි සිරිසේන මහතාගේ සහල් ව්‍යාපාරය දැඩි ලෙස විවේචනය කළ අය දැන් ඩඞ්ලි සිරිසේන මහතා වෙනුවෙන් කිඹුල් කඳුළු සලන බව ද ඔහු කීවේය.


‘‘දේශපාලනය නිසා අපේ ව්‍යාපාරය බිඳදමන්න දෙන්න බෑ. අපි ඉතා අමාරුවෙන් මේ තැනට ආපු අය. ඒ නිසා අපගේ චරිතය ඝාතනය කරන්න එපා’’ යැයි ද ඔහු ඉල්ලා සිටියේය.


මෙම සිද්ධියෙන් අනතුරුව ඩඞ්ලි සිරිසේන මහතාට අයත් ලොරි රථ මරඳගහමුල නගරයේදී පොලිස් ආරක්ෂාව මැද සහල් ගෙනඑනු දක්නට ලැබිණි.


m



අදහස් (0)

සහල් ලොරිවලට පහරදීමෙන් උණුසුම්වූ මරදගහමුල

ලිහිණි Tuesday, 09 December 2014 08:35 PM

මොනවද මේ අනවශ්‍ය ප්‍රශ්න? (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 09 December 2014 10:43 PM

ඡන්ද සමයේ දුප්පත් රටවැසියන් කුසගින්නේ තබන්නද හදන්නේ? (නි)

:       0       0

නුවන් Tuesday, 09 December 2014 06:59 AM

පරදින්න තියෙන බයක්! (නදී)

:       0       0

විමුක්ති Wednesday, 10 December 2014 07:07 AM

මොකද සිරිසේන බයෙන් හිටියේ? ඔයාගේ ලිපිගොනුවකුත් කාගේහරි ළඟ තියනවද? (නි)

:       0       0

සිරිසේන Tuesday, 09 December 2014 11:12 AM

විමුක්තිට කවද මොලේ පෑදෙයිද ? අපිත් විසි පස් වතාවක්ද කොහෙද බයේ හිටියේ වෙනස් වෙයි කියල මේ වතාවෙත් ඒ විදියම තමයි විමුක්ති. (බ)

:       0       0

සඳුනි Tuesday, 09 December 2014 08:30 AM

නුවන්, මෙවැනි අවස්තාවලදී විවිධ පුද්ගලයෝ තම අවශතා සදහා මේ තත්වය ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. මම හිතන්නේ නැහැ සහල් කොරියකට ගහලා ඡන්දෙ දිනන්න පුළුවන් කියල හිතන්න තරම් අනුවණයෝ ආණ්ඩුවේ ඇති කියලා. අද වෙලා තියෙන්නේ "කලකදී වහලු කලකදී රහ වෙනවාලු." වගේ දෙයක්.(නදී)

:       0       0

විමුක්ති Tuesday, 09 December 2014 08:48 AM

සඳුනිලගේ මෝඩ චූන් අහලා එපා වෙලා තියෙන්නේ. මේවා ඔක්කොම නම වෙනිදා උදේට වෙනස් වෙයි (නදී)

:       0       0

දනුෂ්ක Wednesday, 10 December 2014 10:10 AM

කිසිදු පාලි ගැනීමක් වෙන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1657 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1403 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site