ලොව පුරා බෞද්ධ බැතිමතුන් මුදුන් මල්කඩක් සේ සලකන ශ්‍රී පාද මළුවේ කෙරෙන සංවර්ධන කටයුත්තක් පදනම් කරගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ විශාලතම ගුවන් මෙහෙයුම පුරා දින 7ක් සිදු කෙරින. ශ්‍රී පාද මළුවේ තිබූ දොළොස් මහේ පහන සහ ඝාණ්ඨාරය වෙනුවට ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුවේ විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත ශ්‍රී පාද මළුවේ ස්ථාපිත කිරීම සඳහා කිලෝ 8633 බරකින් යුත් කළුගලින් කොටස් වශයෙන් නිර්මාණය කරන ලද ශෛලමය දොළොස් මහේ පහනක් සහ කිලෝ 9000ක බරකින් යුත් කළු ගලින් හා පිත්තලවලින් නිර්මාණය කරන ලද ඝාණ්ඨාර සහ ඝාණ්ඨාර කුලූන නල්ලතන්නිය ලක්ෂපාන ක‍්‍රීඩාංගනයේ සිට ශ‍්‍රී පාද මළුව දක්වා රැගෙන යාම මෙම ගුවන් මෙහෙයුමේ රාජකාරිය වී තිබුණි.
රත්නපුර ලෙල්ලූපිටියේ ශෛලමය දොළොස්මහේ පහනත් මොරටුවේ පිත්තල ඝාණ්ඨාරයත් ඝාණ්ඨාර කුලූනත් පුරා වසරක කාලයක් නිර්මාණය වීමෙන් අනතුරුව ඉකුත් 21 වැනිදා විශාල ලොරි රථ මගින් නල්ලතන්නිය වෙත රැගෙන එනු ලැබුවා. ඉන් අනතුරුව මේ භාණ්ඩ ශ්‍රී පාද මළුව දක්වා රැගෙන යාමේ රාජකාරිය ගුවන් හමුදාවට භාර දීමේ වගකීම කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ ස්ථාන භාර කළමනාකරු කපිතාන් නිශාන්ත කොග්ගල ලියනගේ මහතාට පැවරුණා. මේ අනුව ගුවන් හමුදාවේ එම්.අයි. 17 හෙලිකොප්ටර් බළගනයට මෙම වගකීම පැවරුණා. ශ්‍රී පාද මළුවේ ස්ථානපය කරන මෙම ශෛලමය දොළොස්මහේ පහන සහ ඝාණ්ඨාරයේ සහ ඝාණ්ඨාර කුළුණේ අනුග‍්‍රහය දක්වන කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන මහතා මෙහි සම්පූර්ණ අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කළා.
මේ අනුව මෙම ගුවන් මෙහෙයුම ආරම්භ කිරීමට ප‍්‍රථම ශ්‍රී පාද මළුව වෙත පැමිණි එම්.අයි. 17 හෙලිකොප්ටර් බළගනයේ ගුවන් නියමුවන් පිරිසක් ශ්‍රී පාද මළුව වෙත ගොස් එහි තිබෙන කුඩා ඉඩ ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන මෙම ගුවන් මෙහෙයුම සැලසුම් කළා. මේ සඳහා ශ්‍රී පාද මළුවට භාණ්ඩ රැුගෙන යාමට අවශ්‍ය දැල් ගුවන් හමුදාව සතු නොවීම නිසා ඒවා සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීමට සැලසුම් කළත් ඒ සඳහා රුපියල් ලක්ෂ 30ක මුදලක් වැයවන නිසා එය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් රුපියල් ලක්ෂ 3කට සාදා ගැනීමට කපිතාන් නිශාන්ත කොග්ගල ලියනගේ මහතා සමත්වුණා.
මේ අනුව වින්ග් කමාන්ඩර් කාලිංග මහීපාල මහතා ඇතුළු ගුවන් නියමුවෝ 7 දෙනෙක් ඇතුළු ගුවන් හමුදාවේ 45 දෙනෙක් ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් ඇතුළු යුද හමුදා භටයෝ 50 දෙනෙක් සහ කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ නිලධාරීහු ඇතුළු සේවකයෝ 50 දෙනෙක් සහ නල්ලතන්නියේ පොලිසියේ නිලධාරීහු 25 දෙනෙක් පමණ ශ්‍රී පාද මළුවේත් ලක්ෂපාන ක‍්‍රීඩාංගණයේත් එක් එක් වගකීම් සහිතව මෙම ගුවන් මෙහෙයුම ඉකුත් 2දා මෙම ගුවන් මෙහෙයුම ආරම්භ කෙරිණි. කිලෝ 26000ක් ගුවන් වාර 16කින් දින දෙකකින් රැගෙන යාමටයි ගුවන් හමුදාව සැලසුම් කර තිබුණේ.
ශ්‍රී පාද මළුවේ වරින්වර මතුවන දැඩි මීදුම් තත්ත්වයත් දැඩි සුළඟත් හේතුවෙන් එම ගුවන් මෙහෙයුම සඳහා දින 7ක් ගුවන් ගමන් වාර 23ක් සහ ගුවන් පැය 10.25ක් ගතවූ බව එම හෙලිකොප්ටර් බළගනයේ ප‍්‍රධාන ගුවන් නියමු වින්ග් කමාන්ඩර් කාලිංග මහීපාල මහතා පැවසීය. ඇතැම් අවස්ථාවල ලක්ෂපාන කී‍්‍රඩාංගණයේ දොළොස් මහේ පහනේ සහ ඝාණ්ඨාර කුලූනේ කොටස් රැුගෙන ගුවන් ගත වුවත් ශ්‍රී පාද මළුවේ පවතින දැඩි මීදුම් තත්ත්වය හමුවේ හා දැඩි සුළං තත්ත්වය නිසා එම භාණ්ඩ නැවත රැගෙන ඒමට ගුවන් නියමුවන්ට සිදුවිය. ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේත් කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ අධිපති තුසිත විජේසේන මහතාත් වරින්වර ලක්ෂපාන ක‍්‍රීඩාංගණයට පැමිණ මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටින සියලූම අයගේ සුවදුක් සොයාබැලූහ.
මෙම ගුවන් මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව ඉරිදා ලංකාදීප සමග අදහස් දැක්වූ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයේ ප‍්‍රධාන ගුවන් නියමු වින්ග් කමාන්ඩර් කාලිංග මහීපාල මහතා පැවසුවේ ගුවන් හමුදා ඉතිහාසයේ කඳු මුදුනකට භාණ්ඩ ප‍්‍රවාහනය කළ පළමු අවස්ථාව මෙය බවයි. අවුරුදු 21ක සේවා කාලයක් සම්පූර්ණ කර ගුවන් පැය 5600 ගුවන් නියමුවකු වශයෙන් කටයුතු කර ඇති තමන්ටද මෙය අද්දැකීමක් බවයි. මෙම මෙහෙයුම ආරම්භ කිරීමට ප‍්‍රථම තමන් ඇතුළු මෙම මෙහෙයුමට සම්බන්ධ සියලූම ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය පේවී නිර්මාංශව රාජකාරියට වඩා ආගමික කටයුත්තක් සේ සලකා මෙම මෙහෙයුම සිදුකළ බවයි. තම හෙලිකොප්ටර් යානය ශ්‍රී පාද පද්මයට ඉහළින් විනාඩි ගණනාවක් එකතැන නතර කරන බවත් එවැනි අවස්ථාවන්වල තමාට දකුණු පස සිතිජය පමණක් පෙනෙන බවත්, වරින් වර දැඩි සුළං තත්ත්වය හමුවේ හෙලිකොප්ටර් යානය පාලනය කිරීමට සිදුවන බවත් පැවසීය. තවද ශ්‍රී පාද පත්මයට ඉහළින් ගුවන් යානයක් එක තැන නතර කර තිබූ පළමු අවස්ථාව මෙය බවත් වින්ග් කමාන්ඩර් කාලිංග මහීපාල මහතා පැවසීය.
|
මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ගුවන් නියමුවන් හා නිලධාරීන් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩා වගේ හිතන අය ඉන්නකන් ලංකාවේ කිසිම දියුණුවක් නැහැ.(නදී)
චිරන් ජයතු!!! අපේ කුලපති නායක හාමුදුරුවන් වහන්සේට ඇතුළු සහය දුන් සියලු දෙනාට. රැක දෙන්න අපේ සිව්හෙළ උරුමය අපේ හාමුදුරුවනේ .(දිල්)
මිනිස්සුන්ට වදින්න පුදන්න දෙයක් දෙනවා කියන්නේ ඉතාමත් පුජනිය දෙයක් (දී)
අයියෝ මේක වැඩක්ද ? ලෝකයේ කරන වැඩ දිහා බැලුවම.(නදී)
ශ්රී පදය කියන කොටත් හිතට දැනෙන්නේ පුදුම භක්තියක් කරුණාවක්.ඇත්තටම මේ කරපු පින්කමට බොහොම පින්,සමන් දෙවිදු කරුණාවයි සියලු දෙනාට. (අ)
සෑම දේම උලා කාල මදිවට ශ්‍රී පාද කන්දත් උලා කන්න හදනවා. හෙලිකොප්ටර් වලින් ගලුයි යකඩයි බාන කොට සමන් දෙවියෝ තියා මළ පෙරේතයෙක් වත් ඔතන රැඳෙන්නේ නැහැ. මේ ගොල්ලන්ට කර ගන්න ඕනේ උනෙත් ඔය ටිකම තමා. (නදී)
මේක පුන්‍යම කටයුත්තක් මිස කාටවත් වැඩ පෙන්නන්න කල දෙයක් නොවේ. ඇත්තටම මම මේ ගැන ආඩම්බරවෙනවා ගුවන් හමුදාවටත්, යුධ හමුදාවටත්, පොලිසියටත් සිටි සේන්ටර් අධිපති තුසිත මහතාටත් මේ පින් ලැබෙත්වා. සියල්ලෝම නිවනින් සැනසේවා(නදී)
තුණුරුවන් සරණයි (අ)
මේ මහගු පිංකමට දායක වු ඔබ සැමට පින්(දිල්)
මේක පුන්‍ය කටයුත්තක් මිස කාටවත් වැඩ පෙන්නන්න කල දෙයක් නොවේ.මේ මහගු පිංකම අපි අගය කල යුතුයි.රන්ජිත් රාජපක්ෂ මහතා ගැන අපි ආඩම්බරවෙනවා. (දී)
ලෝකයේ කුමන දේ සිදු උවද පුංචි අපේ රටේ මෙවැනි දේ විරලයි. අගය කල යුතුයි. බණ්ඩා නගරෙනුත් එහා ගියාද ? (නදී)
මේක හොඳ වැඩක් තමා. මේ වගේ විශාල බරක් ඔලුවට ඔරොත්තු දෙයිද? (නදී)
සමන්ත, මිනිසුන්ට වැඳ පුදා ගන්න දේවල් ලංකාවේ දවස ගානේ වැඩිවෙනවා. අර බෞද්ධ ශාසන අමාත්‍යංශයේ ලියුමට ගෙන්වපු කුඩු කන්ටේනර් එකත් හෙට අනිද්දා පුජනීය වස්තුවක් හැටියට නිර්දේශ වෙනවා. (නදී)
මෙයට සහය දුන් සැමට බොහොම පිං, නිරෝගී බව ප්‍රර්ථනා කරමි! (නදී)
තුනුරුවන් සරණින් සුමන සමන් දෙවාශිර්වාදයෙන් මේ උතුම් කටයුත්ත සාර්ථක කරගැනීමට ලැබීම ලොකු සතුටක්.දායක වූ සියලුම දෙනාට මහත්ඵල මහානිශංස ලැබේවා! (නදී)
බණ්ඩා බණ්ඩාමය කියල ඔප්පු කරලා තියෙන්නේ. (නදී)