ඉකුත් රජය මැති ඇමැතිවරන් ඇතුළු ප්‍රභූවරුන්ට ලබාදී තිබූ මෝටර් වාහන හතු පිපෙන්නාක් මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රථ ගාලේ සහ විවිධ ස්ථානවලින් මතුවීම ආරම්භ වූයේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයාවීමෙන් අනතුරුව ය.
ප්‍රභූන්ට ලබා දී තිබූ සුඛෝපභෝගී මෝටර් වාහන තැනින් තැන දමා යාමත් සමග සමාජය තුළ ඒ පිළිබඳව දැඩි කතා බහක් ඇතිවිය. මෙතරම් වාහන සංඛ්‍යාවක් මැති ඇමැතිවරන්ට සහ ප්‍රභූවරුන්ට මෙසේ ලබාදී තිබීම බොහෝ දෙනාෙග් උදහසට කරුණක්ද විය.
විවිධ දේශපාලන පක්ෂ එය රථවාහන සංදර්ශනයක් බවට මාධ්‍ය හමුවේ හඳුන්වා දුන් අතර මේ වනවිටත් විවිධ ප්‍රදේශවලින් මෝටර් වාහන මතුවීම කාගේත් අවධානයට ලක්වී තිබේ.
මැති ඇමැතීන්ට සහ ප්‍රභූවරුන්ට ලබාදී තිබූ තවත් වාහන කීපයක් අතරමග දමා ගොස් තිබියදී පසුගියදා පොලිසිය සිය බාරයට ගෙන තිබුණි.
ඒ අනුව තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා විසින් බෙලිඅත්ත, පුවක්දණ්ඩාව ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබූ බවට සැකකරනු ලබන ව්‍යාජ අංක තහඩු සවිකළ සුඛෝපභෝගී මෝටර් රථයක් තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබීය.
එම මෝටර් රථය පිළිබඳව සිදු කළ විමර්ශනවලදී එම ජීප් රථයට යොදා තිබූ ව්‍යාජ අංක තහඩුව අයත් ලියාපදිංචි මෝටර් රථය පිළිබඳව විමර්ශන නිලධාරීන් සොයා බැලීමේදී එම මෝටර් රථය පුද්ගලයන් දෙදෙනකුට විකුණා ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරිමට ඇති බවත් පොලිසිය පවසයි.
මෙම ජීප් රථයට ව්‍යාජ අංක තහඩු යොදා කිසියම් අපරාධයක් සඳහා යොදාගත්තා දැයි සොයා බැලීමට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් මත තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන කරති.
එමෙන්ම බෙලිඅත්ත පොලිසියට ලද තොරතුරක් මත බෙලිඅත්ත ගැටමාන්න, කොස්ලන්ද ප්‍රදේශයේ නිවෙසක නතර කර තිබූ කළු පැහැති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබුණි.
එම ප්‍රාඩෝ රථය චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් මෝටර් රථයක් බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර කුමන හේතුවක් මත එම මෝටර් රථය මග දමා යන්නට ඇද්දැයි පොලිසිය විමර්ශන කරයි.
ගලපිටමඩ, කඩිගමුව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමේදී එම ස්ථානයට පැමිණි කැබ් රථය රියැදුරුට රියැදුරු බලපත්‍රයක් නොමැතිවීම හේතුවෙන් ඔහු පොලිසියට රැගෙන ගොස් සිදු කළ විමර්ශනවලදී සැක කටයුතු හැඳුනුම්පතක් හමුවී ඇත.
පසුව පොලිසිය ඒ පිළිබඳව කළ විමර්ශනවලදී එම කැබ් රථය පසුගිය වසරේ ගලපිටමඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ වෙඩික්කරු යතුරුපැදියකින් ප්‍රවාහන කළ පුද්ගලයකුට අයත් එකක් බවට අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් එම කැබ් රථයේ රියැදුරු පවසා ඇත්තේ එම කැබ් රථය සමගි ජනබලවේගය දැදිගම ආසන සංවිධායක වසන්ත සේනානායක මහතාගේ වරකාපොළ කාර්යාලයේ රාජකාරී කටයුතු සඳහා යොදාගෙන තිබුණු බවය.
ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සමගි ජනබලවේගය දැදිගම ආසන සංවිධායක වසන්ත සේනානායක මහතා පවසා සිටියේ මැතිවරණ කටයුතු සඳහා විවිධ ස්ථානවලින් වාහන කුලියට ලබාගත් බවත් එම වාහනය අයිති පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ වෙන්දේසියකින් එම වාහනය මිලදී ගෙන තිබුණු බවත්ය.
තමා කිසි දිනෙක රජයේ දේපළ අවභාවිත කර නොමැති බවත් බොරු චෝදනා සම්බන්ධයෙන් අකැමැත්තෙන් හෝ නීතිමය පියවර ගන්නා බවත් වසන්ත සේනානායක මහතා කියා සිටියේය.
තවත් සුඛෝපභෝගී වාහනයක් කොළඹ ප්‍රධාන පෙළේ වාහන අංගනයක සැක කටයුතු ලෙස නවතා තිබූ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍ර කොල්ල විමර්ශන අංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශනවලදී එම හෝටලයේ දීර්ඝ කාලයක් රැදී සිටි පුද්ගලයකු පසුගිය ජනාධිපතිවරණයට පෙර දින එම මෝටර් රථය එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබුණි.
හෝටලයේ නැවතී සිටි පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී ඔහු පවසා ඇත්තේ එම මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මෝටර් රථයක් බවයැයි පොලිසිය කියයි.
මෝටර් රථය පසුව රැගෙන යන බව පවසා ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා රියැදුරකු අත එම මෝටර් රථය හෝටලය වෙත එවා ඇති බවත් පසුව එම හෝටලයේ ආපනශාලා කළමනාකරු හරහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කළ දැනුම්දීමකට අනුව රථයේ යතුර විමර්ශන නිලධාරීන් විසින් ගෙන්වා ගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පසුව විමර්ශන නිලධාරීන් මෝටර් රථය සෝදිසි කිරීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් ලියකියවිලි රැසක් එහි තිබූ හමුවූ බවත් එහෙත් මෝටර් රථය ලියාපදිංචියට සම්බන්ධ කිසිදු ලියවිල්ලක් නොතිබුණු බවත් විමර්ශන නිලධාරීහු පැවැසූහ.
අනතුරුව මෝටර් රථයේ ගරාජ් අංකය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි හිමිකාරිත්වය නාවල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් බවට අනාවරණය වී ඇති අතර පසුව එම සමාගමේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ එම මෝටර් රථය 2024 මාර්තු මාසයේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් එම මෝටර් රථය මුදල් ගෙවා ලබාගත්ත ද තමන්ට අයත් පෞද්ගලික ගුවන්විදුලි ආයතනයක තිබියදී කිසියම් තැනැත්තකු එහි අංක තහඩුව සොරාගෙන තිබූ බවත්ය.
පසුව එම මෝටර් රථයේ චැසි අංකය ශ්‍රී ලංකා රේගුව හරහා පරීක්ෂා කිරීමේදී එම මෝටර් රථය නීත්‍යනුකූලව මෙරටට ආනයනය කර නොමැති බව අනාවරණය වී ඇත. පසුව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම රථය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථය කොටස් එකලස් කර සකස් කරන ලද්දක් බවය.
එමෙන්ම නුවරඑළිය හැඩින්හිල් ප්‍රදේශයේ කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් භූමියක තිබී දිරාපත් වූ ජීප් රථයක් නුවරඑළිය පොලිසිය සොයාගෙන ඇත. එම ජීප් රථයට එවකට නුවරඑළිය හිටපු අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකුට අයත් මෝටර් රථයක් බවට අනාවරණය වී ඇත.
එම ජීප් රථයට අමතරව තවත් මෝටර් රථයක් එම අමාත්‍යවරයා එම පෞද්ගලික ලේකම්වරයාට ලබා දී තිබූ බවට තොරතුරු අනාවරණයවී ඇති අතර එම මෝටර් රථය පිළිබඳව නුවරඑළිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි.
(***)
ගයාන් සූරියආරච්චි
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සැරින් සැරේ තැනින් තැන මතුවන වාහන
Nishan Thursday, 17 October 2024 06:00 AM
මේවා මේ පට්ට පරණ වාහන. මේවා අනිකන් දුන්නත් ගන්නේ නෑ. මේවට කිව්වේ පළාත්සභා මොඩල් කියලා. 1988 පළාත්සභා මන්ත්‍රීලට දීපුවා. පස්සේ කාලෙක මේවා තිබුනේ ගරාජ්වල කොට උඩ. දැන් නම් කැලෑවල්වල ඇති තමයි.
PereraMonday, 21 October 2024 05:38 AM
පළාත් සභා මොඩල් එකක් නෙමෙයි ඔය තියෙන්නේ ඊට පස්සේ ආපු ඊට පස්සේ ආපු පෙජරෝ එකක්