සටහන- චමින්ද මුණසිංහ
සමාජ පිළිලයක්ව පවතින පාතාලය මේ වනවිට ප්‍රමුඛ මාතෘකාවය. ඒ පාතාල නායකයකු වන මධුෂ් ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමත් සමගය. කුඩු සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම ද මේ සමග බැඳී පවතින්නකි. එකිනෙකට සහසම්බන්ධ වූ මේ සාධක දෙක සමාජ භීතියක් නිර්මාණය කර තිබේ. තරුණ පරපුර විනාශය කරා ඇදගෙන යන ප්‍රධාන බලවේග බවට පාතාලය සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම පත්ව අවසන්ය. සමාජයට වින කරන කරුණු කාරණා රාශියක් මේ සමග බැඳී ඇති වග ද අමතක නොකළ යුතුය. මෙකී ප්‍රශ්නයේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයක් වශයෙන් අපි බරපතළ උවදුරකට, අර්බුදයකට මුහුණ දී සිටින්නෙමු.
පාතාල නායක මධුෂ් ඩුබායි හි සිටිමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. ඒ වගේම ලංකාවේ පාතාලය මෙහෙයවීම සිදුව ඇත්තේ ද ඔහු අතිනි. පුවත් වාර්තා පෙන්නා දෙන ආකාරයට මෙය මහා ජාලයක් බවට පත්ව ඇති ස්වරූපයක් හඳුනාගන්නට පුළුවන. පිටරටක සිටින පුද්ගලයකු මෙතරම් ශක්තිමත් ජාලයක් ගොඩනගනතෙක් වගකිවයුතු අංශ ඒ සම්බන්ධව සොයා නොබැලුවේද? එය නිතැතින් මතුවන ප්‍රශ්නයකි.
මෙරට නමගිය ඩුබායිහි විසූ පාතාල නායකයා එරට පොලිස් අත්අඩංගුවට හසුව ඇත්තේ තවත් ශ්‍රී ලාංකික පිරිසක් සමගය. නීතියේ රැහැනට හසුකර ගැනීමට අවශ්‍යව සිටි පාතාල නායකයකු ඩුබායි රටට ගොස් එහි ජීවත්වන අතරතුර තවත් ලාංකික පිරිස් එරටට ගොස් ඔහු හමුවීම, සාද පැවැත්වීමට හැකි පරිසරයක් තිබීම අදහාගත නොහැකිය. ඒ වගේම එය ප්‍රශ්නකාරීය. දරුණු නොවූ කුඩා කුඩා සිද්ධිවලට සම්බන්ධ අය සෙවීමට පසුගිය කාලයේ විශාල මෙහෙයුමක් දියත්ව තිබුණි. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩු කාලයේ සිටි අය ඉලක්ක කරගෙන මෙම මෙහෙයුම් දියත් වූ බව රහසක් නොවේ. ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඔවුන්ගේ සහාය ලබාගත්තේය.
මෙරට නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් එම රටවලට අවස්ථා ගණනාකවකදී ගිය බව මතකය. ඒ වගේම පොලිස් කණ්ඩායම් ද එලෙස කටයුතු කළ බව අපි දනිමු. ලෝකයම ආන්දෝලනයකට ලක් කරමින් කටයුතු කළ කාලයක නමගිය පාතාල නායකයකු හසුකර ගැනීමට ප්‍රමුඛත්වය දුන්නාද? ඒ වගේම මෙවන් පරිසරයක කලාකරුවන් ඇතුළු පිරිසක් සමග එකී පාතාල නායකයා සාදයක් පැවැත්වීම සමච්චලයට ලක්වන කරුණකි.
පොදුවේ කවුද, කුමක්ද යන සාධකවලට වඩා මෙහිදී පෙන්නුම් කරන වෙනත් පැත්තක් තිබේ. එනම් ඉහත කී ආකාරයේ පරිසරයක් ගොඩනැගෙන තරමට රටේ ආරක්‍ෂක තත්ත්වය, නීතිය හා සාමය පිරිහී ඇති බවය. පසුගිය කාලය පුරා මිනීමැරුම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අසන්නට තිබුණි. එයට සමගාමීව අනෙකුත් පාතාල ක්‍රියාකාරකම්වල වර්ධනයක් පැවැති බව තොරතුරු අධ්‍යයනය කරන ඕනෑම කෙනකුට පැහැදිලි වන්නකි. එතැනට රට තල්ලු වූයේ ආරක්‍ෂක තත්ත්වයේ පිරිහීමෙනි. නීතිය හා සාමය පිරිහීමෙනි. ඒ අනුව බලන විට පිළියම් යෙදිය යුතු ප්‍රශ්න ගණනාවකි.
මත්කුඩු ජාවාරම ජයටම කෙරෙන පසුබිම නිර්මාණය වන්නේ ද ඉහත කී වාතාවරණයේ ප්‍රතිඵලයක් වශයෙනි. මහා පරිමාණයෙන් මත්කුඩු අත්අඩංගුවට ගැනීම් පසුගිය මාස දෙක තුනේ දී සිදුවුණි. මත්කුඩු ජාවාරම ඇත්තේ නගරබදව පමණක් නොවේ. ගම්බද පාසල්වලට පවා මත්කුඩු ව්‍යාප්තව ගොසිනි. මෙය කිසිවකුත් නොදකින බරපතළ අනතුරකි. ළමා පරපුර මත් උවදුරට ගොදුරු වීමට ඉඩ තැබීම රටේම අනාගතය අගාධයට ඇද දැමීමකි. එනිසා පාලකයන් මේ හා සම්බන්ධ ආයතන මෙන්ම සාමාන්‍ය ජනතාව ද මේ පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතුය. මේ උවදුරෙන් ගැලවීමට සාමූහික ක්‍රියාමාර්ග ගත යුතුය. දැනටමත් දරුණු තැනකට තල්ලු වී ඇති මත්උවදුර මැඩීමට ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙයින් පෙන්නුම් කරන්නකි.
ව්‍යාපාරිකයන්ගෙන්, සාමාන්‍ය ජනතාවගෙන් කප්පම් ගැනීම් පාතාලය හා සම්බන්ධ අනෙක් කාරණාවය. මේ නිසා ජනතාව මහත් පීඩනයකට පත්ව සිටීම කනගාටුදායක තත්ත්වයකි. මේ කාරණා වගකිවයුතු අංශවල අවධානයට ලක්වූවාද? එම පීඩිතයන් එයින් මුදාගැනීමට සුදුසු පියවර ගත්තාද? කප්පම් කල්ලි සමාජය පාලනය කරන පරිසරයක් නිර්මාණයවීමට ඉඩ නොතැබීම වගකිවයුතු අංශ සතු කාර්යයකි. කෙසේ වූවත් මේ සියල්ල හරහා පෙන්නුම් කරන්නේ සමාජ පිරිහීමකි.
මෙවන් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ ඇයි? එය මතු කළ යුතු ප්‍රශ්නයකි. ආරක්‍ෂක අංශ පාතාලය සහ කුඩු ජාවාරම්කාරයන් පසුපස පැන්නූ කාලයක් තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාතාලය සහ කුඩු ජාවාරමේ අඩුවීමක් පෙන්නුම් කළේය. මෙයට උරදී ක්‍රියා කළේ පොලිසිය, බුද්ධි අංශ හෝ ආරක්‍ෂක අංශය. ඔවුන් මේවා කළේ ඔවුන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් උදෙසා නොවේ. ඔවුන් කළේ යම් රාජකාරියකි. ඒ රට, සමාජය වෙනුවෙනි. මෙම පිරිස තම රාජකාරිය හරියාකාරව ඉටු කිරීම හේතුවෙන් නමගිය පාතාලයන්ගේ ක්‍රියාකාරීත්වය බොහෝදුරට නැති වුණි. එයින් සමාජයට විශාල සේවාවක් සිදුවුණි. සහනයක් ලැබුණි. දැන් එම තත්ත්වය තුරන් වී පාතාල ක්‍රියා වැඩි වී තිබේ. එපමණක් නොව එදා පාතාලය, මත්ද්‍රව්‍ය මැඩීමට ක්‍රියාකළ නිලධාරීන් පසුපස හඹායාමක් සිදුවෙමින් තිබේ. ඔවුන් ඉලක්ක බවට පත් කරගෙන ඇති ආකාරයක් දැකගත හැකිය. මෙය බරපතළ කාරණාවකි.
අදාළ නිලධාරීන් සමාජය වෙනුවෙන් මේ කටයුතු කිරීමේ දී කුමන ක්‍රමවේද පාවිච්චි කළා ද යන්න සෙවීමට වඩා ඔවුන් කළේ රාජකාරියක් බව පැහැදිලිය. එහෙත් එම රාජකාරිය හේතුවෙන්ම ඔවුන් යම් අර්බුදකාරී තැනකට තල්ලු කරන විට යළිත් එම නිලධාරීන් කැපවීමෙන් ක්‍රියාකරාවිදැයි ප්‍රශ්නයකි. සමාජයෙන් පාතාලය, මත්කුඩු තුරන් කිරීමට නම් අදාළ ආරක්‍ෂක අංශවලට පූර්ණ බලයක්, නිදහසක් ලබාදිය යුතුය. එසේ නොකළහොත් මේවා පාලනය කළ නොහැකි තැනකට පත්වීම වැළැක්විය නොහැක. ඒ වනවිට විය යුතු විනාශය සිදුව අවසන් වන්නට පුළුවන. මේ සම්බන්ධයෙන් සමාජ අවධානය යොමුවිය යුතුය. ඒ වගේම මේ ක්‍රියාවලියට සම්බන්ධ වන ආයතනවලට අවශ්‍ය බලතල සහ ආරක්‍ෂාව නීතිය මාර්ගයෙන්ම ආරක්‍ෂාවක් නොදුන්නොත් එය අනාගත පරම්පරාවලට ද බලපාන සාධකයක් වනු ඇත.
පාතාලයට, මත් ජාවාරමට දේශපාලන බලපෑම් සබඳතා සම්බන්ධව ද කියැවෙමින් තිබේ. ඒ පිළිබඳ නිශ්චිතව කීමට මා දන්නේ නැත. දේශපාලන බලපෑම් හෝ දේශපාලන සබඳතා ද නැති නම් මේ ක්‍රියා මැඩීමට වැඩි උනන්දුවක්, වුවමනාවක් නැති ද යන ප්‍රශ්නය විමසිය යුතුය. එසේත් නැතිනම් පසුගිය කාලයේ පාතාල ක්‍රියා මැඩීමට හඹාගිය නිලධාරීන්ට අත්වන ඉරණම දෙස බලා මන්දෝත්සාහී වූවාදැයි සෙවිය යුතුය. තමන්ගේ ආරක්‍ෂාව සෑම අතින්ම සලසා ගැනීමෙන් පසු කටයුතු කරනවා විය හැකිය. එවන් පසුබිමක උනන්දුවක්, කැපවීමක් නැත. වැඩි වැඩ නොකරන්නට නිලධාරීන් තීරණය කරලාදැයි අපි නොදනිමු. කෙසේ වුවත් පාතාලය, මත් ජාවාරම සමාජ පිළිලයක් වී අවසන්ය. එය සැමටම පෙනෙන්නට ඇති යථාර්ථයයි.
පාසල් තුළත් මත් ජාවාරම කරන පරිසරයක මේ ක්‍රියා මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ. ඒ වෙනුවෙන් පෙරට එය සිවිල් සමාජයේ අයගේ පවා ආරක්‍ෂාව තහවුරු වන වැඩපිළිවෙළක අවශ්‍යතාව තදින්ම දැනෙමින් තිබේ. සම්ප්‍රදායික රාමුවේ සිටිමින් මේ ක්‍රියාව කළ හැකි ද යන ප්‍රශ්නයට ද විසඳුමක් සොයාගත යුතුය. පාතාලය, මත්උවදුර මැඩීම ලෙහෙසි පහසු කරුණක් ද නොවේ. එයට සම්බන්ධවන අයට යම් අවදානමකට මුහුණදීමට සිදුවිය හැකිය. එනිසා යම් ක්‍රමවේද සහ රැකවරණය මේ අයට අත්‍යවශ්‍යය. පසුගිය ආණ්ඩු කාලයේ පාතාලය, මත්කුඩු මැඩීමට පියවර ගත්තේ දේශපාලන වාසියට හෝ අදාළ නිලධාරීන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් නොවේ. එතැන තිබුණේ සමාජයමය අරමුණක් පමණි. එය ද අමතක නොකළ යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාළ පින්තූරයක් දාලයි තියෙන්නේ... මෙයාලා තමයි කුඩු කාරයින්, පාතාලය පෝෂණය කලේ..
දැන් මේ මදුෂ් ඊයේ පෙරේද නෙමෙයිනේ ඉපදුනේ.... ඔයාලා තමා ඔහෙලගෙ වාසියට පාතාලය සහ කුඩු කියන ළදරුව අවුරුදු ගානක් තිස්සේ පෝෂණය කරලා හදා වඩා ගත්තේ...
මේ අයගේ කාලෙ මධුෂ් වැජඹි වැජඹී හිටියේ ලංකාවෙනේ. මිනිහ රට පැන්නේ මේ රජය ආවට පස්සේ කියලා 2015 දී කියන්නේ...
මෙයාලට පක්ෂ කුඩු ව්‍යාපාරිකයාගේ දියුණුව තකා කළු තුෂාර වැනි පාතාලයන් රැසක්ව මරා දැම්මා.
මෙතුමා හිතන් ඉන්නේ මේ රටේ මිනිසුන් මැරිලා ඉපදිලා කියලා. ඒ කාලයෙනේ පාතාලය ඉහළින්ම රජකළේ... ලසන්ත, තාජුදීන් වැනි ඝාතකයන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබුණානේ. පාතාලයන්ගෙන් වැඩ ගත්තානේ. කුඩ්ඩන් බේරගන්න සමහරුන් රේගුවට ගියේ හෙලිකොප්ටරයෙන්නේ. තවත් දේ ඇතිතරම් කියන්න තියෙනවා. දැන් කතාකරන්නේ හරියට මේ අය තරම් සාධාරණ නීතිගරුක අය තවත් නැහැ වගේනේ. අනේද කියන්නේ...
ඔව් ඔව් පාතාලය මඩින්න නම් කුඩු ව්‍යාපාරිකයෙක්ට ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රීකමක් දිය යුතුමයි. එහෙම නේද?
කුඩු මහා පරිමාණයෙන් පටන්ගත්තේ මේගොල්ලෝ.
යුද්ධයක් ඉවර කරපු ලංකාවට කුඩු නැති කරන එක කජ්ජක්ද? යුද්දෙත් ඉවර කරන්න බෑ කියලානේ කිවුවේ. බොරු මත හදන්න එපා. ඕකත් හමුදායට දීලා බලන්නකෝ. එක මාසෙකින් මේක ඉවර කළ හැකියි. ඒක ඉවර කරලා කොහොමද දේශපාලුවන්ට ඡන්ද කරන්න සල්ලි එන්නේ කොහෙන්ද එහෙම උනාම
ලංකාවේ දේශපාලකයින් ඉන්නා තුරු, කුඩු කාරයින් තුරන් කළ නොහැකිය.
ඒ කාලේ මීගමුවේ ඉන්න පාතාල කුඩු ඇමැතිගේ කුඩු කිලෝ 95 ක් එස්.ටී.එෆ්. එකෙන් අල්ලාගත්තම... ඒ කාලේ රටේ ලොක්කා හෙලිකොප්ටරයකින් මීගමුවේ කුඩු ඇමැතියව බලන්න ඇවිත්... " මල්ලි බයවෙන්න එපා.." කියලා කිව්වා...
"මල්ලි බයවෙන්න එපා.." කියලා කිව්වා... එහා කාමරයේ සිටි නිසා හොඳට ඇහෙන්න ඇති නේද?
ගැඹුරු ජලය නිහඬය. නිසසලය. මහසයුර නිහඬ වුවත් නොගැඹුරු ගොඩ රැළ මහා සද්දෙන් හෝ...හෝ ගෑම සිරිතකි. අතීතයේදී මහින්ද මහතාට අපද ඡන්දය දී ඇත. ඒත් ඔබ මෙන් අප කාගේ හෝ වැරදි නිවැරදි සේ දකින්නේ නැත. හැඟීම් වලින් නොව බුද්ධියෙන් ලියන්න.
බමුණුඅාරච්චිලා වගේ අලුතෙන් බිහිවුණු වහල් පැලැන්තිය නිසා මහින්දලා හිතුවා එ් ගොල්ලෝ හැමදාම රජවෙලා ඉඳියි කියලා. ඒ නිසාම රටේ අභිවෘද්ධිය ගැන නොහිතා ඒ අයට අවශ්‍ය විදියට හිතු හිතු දේ කළා. අන්තිමට මහජනයා එයාව මැදමුලනේ ජනේලේ එල්ලුවා, සිංහාසනයෙන් බස්සලා පාර්ලිමේන්තුවේ බාලම පුටුවක් දුන්නා. ගෝඨාභය ආවත් ඉස්සෙල්ලාම කරන්නේ බමුනුආරච්චිලා වගේ හේතුවක් නැතුව ප්‍රශස්ති ගයන නූගත් වහල්ලු ඈත්කරන එක...
ගෝඨාභය මහත්තයා ආවොත් ඉස්සෙල්ලාම කරන්නේ බමුනුඅරච්චිලා වගේ රටටම කරදරයක් වී ඇති ගැලරි වහල්ලු ගෙනියන්න වෑන් එකක් එවන එකයි.
බමුණුආරච්චි කරන්නේ වහලෙක් සේ බොරුවට පෙනී සිටිමින් ගෝඨාභයගේ චන්ද කඩන එකයි.
ඔවු ඔවු කුඩු මඩින්න වෙන්න ඇති කුඩු දුමියට උපදේශක තනතුරක් දුන්නේ.
ඝෝඨාභය මැතිතුමනී කොක්කෙන් හරි කෙක්කෙන් හරි කමක් නැහැ මෙරටට කොකේන් සහ අනිකුත් කුඩු ගෙන්වන එක සහ පාතාලය නවතා දමන්න. . හමුදාපති කියා තිබුනා අවසර ලැබෙනවානම් පැය 24න් පාතාලය නැති කරනවා කියලා. ඔබ බලයට පැමිණි විගස එම අවසරය දෙන්න. වැඩකට නැති ඊනියා සම්ප්‍රධායෙන් පිටට එන්න. පාතාලය රටින් පැන්නොත් පවුලේ එවුන් ඇපයට ගන්න. කොටි පවුල් තිබිච්ච තැනක් වත් නැහැ නේද. පිලිපීන ජනාදිපති ආදර්ශයට ගන්න.