මේ ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමේ දී එය විධිමත් ආකාරයෙන් සිදු නොවූ බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මේ ස`දහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වූයේ නැත. ආරක්ෂක අංශ විසින් සියළු අලූත්වැඩියා කටයුතු සිදුකැරුනු අතර ගොඩනැගිල්ලේ පිටුපස කොටසට නව කොටසක් ද එක්කැරිනි. එය ගොඩනැගිල්ල ගැන කලින් නොදන්නා අයකුට වෙන්කැර හ`දුනාගත නොහැකි බැවින් එම ඉදිකිරීමේ යම් තරමක සාර්ථකත්වයක් ඇතත් මේ ගොඩනැගිල්ලේ යථාරූපී බව ආරක්ෂා නොකිරීම බරපතළ ගැටලූවකි.
ගාලූ කොටුව නිසොල්මන්ය. රාති‍්‍රය උදාවී තිබේ. බි‍්‍රතාන්‍ය ලාංඡුනය රැුගත් දැවැන්ත කොටු ෙදාරකොඩින් ඇතුළු වූ විට හාත්පස මලානික ආලෝකය කොටුවේ පැරණි ප්‍රෞඪත්වය වඩවයි. කොටු ෙදාරටුවේ ඇතුළු පැත්තේ ඇත්තේ ඕලන්ද ලාංඡුනය තවමත් විරාජමානය. පසෙකින් පෙනෙන්නේ පැරණි පෘතුගීසි කළු කොටුවයි.
සාගරය හරහා දේශාන්තර වෙළ`දාම ස්ථාපනය කරගැනීමේ බලාපොරොත්තු පොදි බැ`දගෙන දුර කතර ගෙවා අනන්ත දුෂ්කරතාවලට මුහුණ දෙමින් පෙරදිග රටවලට පැමිණි මේ අධිරාජ්‍යවාදීහු මෙරට බොහේ දේ ස්ථාපිත කළහ. පෘතුගීසී හා ලන්දේසී තම බලාපොරොත්තු අපේක්සා සුන්වී දශක කිහිපයකින් යළිත් පරාජිතව ආපසු සිය රටට ගියහ.

ඉංගී‍්‍රසීන් මෙරට මුළු මනින් ම යටත් කරගෙන සිය පාලනය ගෙන ගියේ රටේ බොහෝ දේ තමන් වෙත උකහා ගනිමිනි. මේ ජාතීන් මෙරටට ගෙන ආ සංස්කෘතික ලක්ෂණ, නීතිය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා ඉතිරි කර ඔවුහු ආපසු ගියෝය. ඔවුන් ඉදිකළ බළකොටුත් ඔවුහු අපට ඉතිරි කළහ.
ගාල්ල බළකොටුව ඒ අතරින් ප‍්‍රධාන වෙයි.
ගාල්ල බළකොටුව යනු ඉතා සංවිධානාත්මක ව බිහිකළ නගරයකි. ඒ ගැන විමසා බැලීමේ දී එය බිහිකළ ආකාරයත් භාවිතයට ගත් ආකාරයත් ඉතිරිව තිබෙන අයුරුත් ආශ්චර්යවත්ය.
දැන් මහින්ද චින්තන වැඩ පිළිවෙළ යටතේ ශී‍්‍ර ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කරන කාර්යයේ දී ගාල්ල කොටුව ද ආශ්චර්යයක් බවට පත්කිරීමේ උත්සාහයක් පසුගිය දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කැරිණි. ඒ ගාල්ල ‘‘ ඕලන්ද රෝහල් වෙළ`ද සංකීර්ණය’’ යි.
මෙහි ආශ්චර්යය වන්නේ සැබැවින් ම මේ ගොඩනැගිල්ල ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල නොවීමයි. එය ඉදිකැර ඇත්තේ ද බි‍්‍රතාන්‍ය යුගයේ දීය. එය භාවිත කැර ඇත්තේ ද රෝහල් ගොඩනැගිල්ලක් ලෙස නොවේ.
ගාල්ල කොටුවේ ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යන්නේ මේ ස්ථානය පෘතුගීසීන්ගේ කාලයේ දී කාසි නිෂ්පාදනාගාරයක් ලෙස භාවිත කැර ඇති බවයි. ඉන්පසු ගාල්ල කොටුව අල්ලාගත් ලන්දේසීන් කොටුපවුර දැවැන්ත බළකොටුවක් බවට පත්කර මෙතැන විශාල ගොඩනැගිල්ලක් ඉදිකැර තිබේ. එය වර්ෂ 1690 ට වඩා පෙරාතුව ඉදිකරන ලද ඕලන්ද ගොඩනැගිල්ලක් බව තහවුරු කරගත හැකිවන්නේ 1690 දී ගාලූ කොටුව සිතියමට නැගූ ජෝන් බොම්ගාර්න්ගේ සිතියෙමේ ද එම ගොඩනැගිල්ල පැහැදිලිව දක්නට ලැබෙන බැවිනි.
රජය විසින් වෙළෙ`ද සංකීර්ණයක් බවට පත්කරන ලද ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ එදා ඕලන්ද ජාතිකයන් විසින් ඉදිකරන ලද ගොඩනැගිල්ල අද ඇති ගොඩනැගිල් මෙන් තුන්ගුණයක් පමණ විශාල. පළලින් හා දිගින් වැඩි මේ ගොඩනැගිල්ල පැරණි ඕලන්ද රෝහල බව ද ඕලන්ද ජාතිකයන් මෙරට පරිපාලන කටයුතු සම්බන්ධයෙන් තැබූ ලේඛණ වලින් පැහැදිලි වේ.
එම දත්තවලට අනුව ගොඩනැගිල්ල වාට්ටු 10කින් සමන්විතය. වර්ෂ 1780 දී ඕලන්ද ජාතික ඉංජිනේරු රයිමර් විසින් අදින ලද සිතියම්වල ද මේ ඕලන්ද ගොඩනැගිල්ල ඕලන්ද රෝහල බවත් එය පිහිටි වීදිය හෝස්පිට්ල් ස්ටී‍්‍රට් හෙවත් රෝහල් වීදිය ලෙස නම්කැර ඇති බවත් සනාථ වේ. අදට ද මේ මාවතේ රෝහලක් නැතත් එම වීදිය හ`දුන්වන්නේ රෝහල් වීදිය නමිනි.
ගාල්ල කොටුව අල්ලාගත් බි‍්‍රතාන්‍යයන් මේ ස්ථානයේ වෙනස්කම් රැුසක් සිදුකර තිබේ. ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල බි‍්‍රතාන්‍යයන්ගේ සමයේ දී කඩා ඉවත් කරන ලදැයි අනුමාන කළ හැකි වුව ද ඒ සම්බන්ධයෙන් ස්ථිර සාධක හමුවී නැත.

එසේ වුව ද 1850 ට පෙර අදින ලද බි‍්‍රතාන්‍ය සිතියම්වල දැක්වෙන්නේ පැරණි ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ ඊට වඩා කුඩා ප‍්‍රමාණයේ ගොඩනැගිලි තුනක් තිබූ බවයි. ඉන් එක් ගොඩනැගිල්ලක් හමුදා නිලධාරීන්ගේ රෝහල ලෙස ද තවත් ගොඩනැගිල්ලක් රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල නිවාස ලෙස ද භාවිත කැර ඇති අතර අනෙක් ගොඩනැගිල්ල හමුදා බැරැුක්ක ලෙස භාවිත කළ බව සිතියම් අනුව පැහැදිලි වේ.
වෛද්‍යවරුන්ගේ නිල නිවස ලෙස තිබූ රෝහල පිහිටා ඇත්තේ අනෙක් ගොඩනැගිලි දෙකට වඩා පිටුපසින් මුහුද දෙසට වඩාත් සමීපවය. මෙහි පසෙක තවත් ගොනැගිල්ලක් වෙයි. එය එක්ර්ස්ලූට් බැසිටියනේ පිහිටා ඇත. මේ ගොඩනැගිල්ල එදා පැවති රෝහලේ මෘත ශරීරාගාරයයි. අද එය වරාය අධිකාරිය සතු සංචාරක බංගලාවකි.
19 වැනි සියවසේ අග භාගය දක්වාම බි‍්‍රතාන්‍යයන් මේ ගොඩනැගිිලි ති‍්‍රත්වය වෙන වෙනම පවත්වාගෙන ආව ද 1895 දී රජයේ වැඩ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා මේ ගොඩනැගිලි අලූත්වැඩියා කටයුතු ආරම්භ කැර තිබේ.
ඒ වනවිට බි‍්‍රතාන්‍යයන්ට ගාල්ල කොටුවේ හමුදාව වෙනුවෙන් හමුදා රෝහලක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. එබැවින් රජයේ වැඩ දෙපාර්තමේන්තුව රෝහල පවත්වාගෙ ගිය ගොඩනැගිල්ල, වෛද්‍ය නිල නිවාසය හා හමුදා බැරැුක්ක තිබූ ගොඩනැගිල්ල යන ගොඩනැගිලි තුනම එහි මූළික සැකැස්මට හානියක් නොවන ආකාරයෙන් එක් ගොඩනැගිල්ලක් බවට පත්කළ බවට බි‍්‍රතාන්‍ය පරිපාලන වාර්තාවල දැක්වේ.
ගොඩනැගිල්ලේ මහල් දෙකකි. අදට ද එහි මධ්‍යයෙන් මුහුද දෙසට ඉදිකළ තවත් කොටසක් දක්නට ලැබෙයි. ඒ පැරණි වෛද්‍ය නිල නිවස කොටසයි.
පර්යේෂකයන් පවසන්නේ දැනට තනි ගොඩනැගිල්ලක් ලෙස පෙනෙන්නට තිබෙන මේ ගොඩනැගිල්ල ගොඩනැගිලි තුනක එකතුවක් බව එය ගොඩනැගීමේ දී භාවිත කළ අමද්‍රව්‍ය අනුව පැහැදිලි වන බවයි.
රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසින් පවරා ගැනීමෙන් පසු තනි ගොඩනැගිල්ලක් ලෙස නවීකරණය කළ ගොඩනැගිල්ලේ 1915 දී ගාල්ල දිස්ති‍්‍රක් කච්චේරිය ස්ථාපිත කැර ඇත. එතැන් පටන් 2004 දෙසැම්බර් 26 දා සුනාමි රළ ගොඩනැගිල්ලට වැදී එහි බිම් මහලේ තිබූ කාර්යාල ලිපි ලේඛණ විනාශ වනතුරු ම කච්චේරිය එහි පැවතිනි. පසුව කච්චේරිය හෙවත් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය කොටුවෙන් පිටතට ගෙන යාමෙන් පසු ගොඩනැගිල්ල ගාලූ උරුමය පදනම හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් භාවිත කැරිණි.
කලකට පසු හදිසියේම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනුණු මේ බි‍්‍රතාන්‍ය ගොඩනැගිල්ල පිළිසකර කිරීම් කටයුතු ආරම්භ කැරිණි.
එසේ වුව ද ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවේ යම් ගොඩනැගිල්ලක් අළුත්වැඩියා කිරීමේ දී ඒ ස`දහා අනුගමනය කළ යුතු නීති රීති මාලාවක් වෙයි. එහි වැදගත් ම දෙයක් වන්නේ ඉතිහාසය හ`දුනාගත හැකි ආකාරයෙන් සංරක්ෂණය කිරීමයි. සංරක්ෂණයේ දී ඒ ස`දහා අවම මැදහත් වීමක් දැක්විය යුතු අතර ඉදිකිරිමේ දී යොදාගත් අමුද්‍රව්‍ය හ`දුනාගෙන එයට ගැලපෙන අමුද්‍රව්‍ය යොදා ගනිමින් සංරක්ෂණ ක‍්‍රමවේදය ඉදිරියට ගෙන යා යුතුය.
මේ ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමේ දී එය විධිමත් ආකාරයෙන් සිදු නොවූ බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මේ ස`දහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදහත් වූයේ නැත.
දැන් ගොඩනැගිල්ල අලූත්වැඩියා කර අවසන්ය. ඕලන්ද ජාතිකයන් විසින් ඉදිනොකළ ගොඩනැගිල්ලක් ඕලන්ද රෝහලක් නොතිබූ ගොඩනැගිල්ලක් පිළිසකර කර සුපිරි වෙළෙ`ද සල් සාදා එය ඕලන්ද රෝහල් වෙළෙ`ද සංකීර්ණය ලෙස නම් කර ඉතිහාසයට එකතුකැර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කම ආසාවේ බැහැ. ඒ දවස්වල අපි කොටුවේ ඇවිදපු නැති තැනක් නැහැ. හරිම සුන්දරයි මතක් වෙනකොට. ඉතා වටිනා ලිපියක්. ලංකාදීපයට ස්තුතියි. (නි)
මේ ඔක්කොම හරි කියමුකෝ. මේ රට අනාගතයේ දෙන්නේ කාටද? ඒකයි අපිට තියෙන ප්‍රශ්නය (නි)
මම විලියම් කියන එක අනුමත කරනවා. අපි පිට රට සිටින නිසා අපිට හොඳට අවබෝධ වෙනවා අපේ රට දැන් කොපමණ දියුණු වෙළාද කියා. අපි එන සැමවිටම අලුත් දෙයක් අපිට දකින්න තියනවා. අපිට දැන් ආඩම්බර විය හැකියි. අපි මේ රටවල මොනතරම් වියදම් කරනවද වතුර බෝතලයක් මිලට ගන්න? සැමදේම ගිනි ගණන්. නමුත් අපිට තවමත් සැලකිය යුතු ගනන්නකට සැමදේම අරගන්න පුළුවන් අපේ රටේ. අපි දැන් බොහොම ලොකුවට අපේ රට ගැන දැන් කතා කරනවා. මේ රටවල ඉන්න අයට අපේ රට ගැන අපි දැන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනවා. නගර සියල්ලකම වගේ දැන් පිරිසිදුයි. අපේ ජනතාව හරිම හිතවත් සංචාරකයන් සමග. ඒගැන අපිට අපේ හිතවත් සංචාරකයන්ගෙන් පැසසුම් ලැබිල තියනවා. එම සංචාරකයන් ඉතාමත්ම සතුටුයි මාර්ග රටාව පිළිබඳව. අපි සියල්ලෝම දියුණුවට අත දෙනවා මිස දෙහි කපන එක අඩුකර ගතයුතුයි. බැබලේ ශ්‍රී ලංකා. (නදී)
ඇත්තටම හොඳයි මමත් ගියා මේක බලන්න පහුගිය දවසක. සංචාරකයෝ සැහෙන ප්‍රමාණයක් හිටියා ඔවුන් බොහොම සතුටෙන් හිටියේ. පියුමි, මේක මෝඩ වැඩක් නම් නුවණක්කාර වැඩේ මොකද්ද කියලා කියනවද? මොනවා උනත් ගාල්ලේ අපිට ආඩම්බරයක් සංචාරකයන්ගෙන් පිරුණු නගරයක් දැකීම. එනිසා නගරය අවට ඉන්න සුලු පරිමාණ ව්‍යාපාරිකයන්ටත් ත්‍රි රෝද සහා වෙනත් කුලිරත හිමියන්ටත් අදායමක් එනවා. (නදී)
ලෝක උරුමයක් ලෙස පිළිගත් ගාලු කොටුව සහ එහි පැරණි ගොඩනැගිලි සංරක්ෂණ කරනු විනා සංචාරක හෝටල් බවට හැරවීම "!ලෝක උරුම සංකල්පයට පටහැනි නොවේද?.(හේ)
ශ්රී ලංකාව පුරා ඇති නව කඩ සාප්පු දකිනවිට අපි අපේ රටේ දියුණුව ගැන ආඩම්බර විය යුතු දේවල් ගොඩක් රාජපක්ෂ රජය විසින් කර තිබෙනවා. කිසිම රටක නායකයෙක් පරාර්ථකාමී වෙන්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම තම කුස පුරවාගෙන තමා අනිත් අය ගැන හිතන්නේ. පසුගිය කාලවල තිබුණු ආණ්ඩු කලේ තම කුස පුරවාගැනීම මිස රට දියුණු කිරීම නොවේ. නමුත් අද රජය සෑහෙන දේවල් රට වෙනුවෙන් කර තිබෙනවා. ඉතින් ඉන් ටිකක් එයාල ගත්තත් කමක් නැහැ. මම හැම මාසෙකම ලංකාවට යන කෙනෙක්. එහි දියුණුව අපි දකිනවා. පිටරටවල ඉන්න අපි තාමත් එතන. නමුත් රටේ ඉන්න මිනිස්සු කොච්චර රජයට බැන්නත් ඉතා හොදින් ජීවත් වෙනවා. පිටරැටියන්ට වඩා අපේ මිනිස්සු අද තම පවුල් සමග ජීවිතය නිදහසේ විදිනවා. එය එක රෑකට මීගමු වෙරළට හෝ ගාලු මුවදොරට ගිහින් බැලුවොත් දකින්න පුළුවන්. නිදහස උපරිමයෙන් භුක්ති විදිනවා. රටේ තිබුන භීතිය කොතනකවත් දකින්න නැහැ. නමුත් හැමදාම තියෙන රජයට බැන බැන ඉන්න කෙනා හැමදාම එකම තැන. අපි අපේ රට ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුරුදු වෙමු. උපේක්ෂාවෙන් නොබලා අපේ සම්පත් ගැන ආඩම්බර වෙමු. ලෝකයේ කොහේ හිටියත්, මොන සැප සම්පත් අපි භුක්ති වින්දත් අපි අපේ රටට ආදරේ කරන නිසා තමා බැනල හරි කොමෙන්ට් එකක් දාන්නේ. එහෙම නේද. කතා කිරීමේ නිදහස අපිට අද තියෙනවා. අපි හැමෝම රටට ආදරය කරන පුරවැසියන් වෙමු. (නදී)
සංජය, ඔබ හොද ප්‍රස්නයක් යොමුකරලා තියෙන්නේ, මෙහෙමයි, එක්කෙනෙක් යනකොට තව ඊටත් වඩා හොද කෙනෙක් එන්න පුළුවන්. එකයි ලෝක ස්භාවය. (හේ)
මේවා මෝඩ වැඩ යැයි ගරහන්නේ ඇයි දැයි නොදනිමි. පැරණි උරුමයන් සංරක්ෂණය කොට නවීකරණයෙන් යුතුව සකස් කිරීම හොඳ දෙයක් නිකරුනේ දිරාපත්වනවාට වඩා. නමුත් පුරා විද්‍යාත්මක නියමයන් උල්ලංගනය කිරීම නරක පූර්වාදර්ශයකි. (නදී)
මේවා මෝඩ වැඩ (නදී)
මා ලංකාවට පැමිණි සෑමවිටකම විශාල දියුණුවක්, අති පුළුල් සංවර්ධනයක්, අත්දැකීමෙන්ම විඳිනවා. පිරිසිදු මෙන්ම යහපත් තත්වයේ මං මාවත්, අධිවේගී මාර්ග, පිරිසිදු ජල කාණු හා තටාක, පිරිසිදු දේශීය ආහාර ගැනීමට ස්ථාන, කාර්යක්ෂමතාවයෙන් යුත් රජයේ ආයතන ඇතුළු තවත් බොහෝ දේ අපි අත්වින්දා. වැරදි, දූෂණ, වංචා නැති ලොවක්, රටක්, කොහෙන් හොයන්නද? මිනිසා කොතැනද - ඒවත් එතැන! (නි)