මුළු බලපත‍්‍රලාභී වාණිජ බැංකු ශාඛා සහ අනෙකුත් සේවා සපයන මධ්‍යස්ථාන සංඛ්‍යාව 5667 කි. ශාඛා සංඛ්‍යාව 2803 කි. සමස්ත බැංකුවල ගිය වසරේ තැන්පතු වටිනාකම රුපියල් බිලියන 4170ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
බැංකුවල තැන්පතු පොලියෙන් ජීවත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළුව අතිවිශාල පිරිසක් එන්න එන්නම දැඩි අසීරුවකට මුහුණ පා සිටිති. එයට මුලිකව හේතු වී ඇත්තේ බැංකු පොලිය සීඝ‍්‍රයෙන් පහත දැමීමයි.
මේ රටේ වයස අවුරුදු 55ට වැඩි ජනගහනය 22,35,275ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙයින් වැඩි දෙනා පෞද්ගලික අංශයෙන් විශ‍්‍රාම ලබා සිය පාරිතෝෂිත දීමනාව හා සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු ස්ථාවර තැන්පතුවක තබා එහි පොලී මුදලින් ජීවත් වන්නෝය.
මෙම තැන්පතු සඳහා ලබන පොලිය එන්න එන්නම පහළ දැමීම නිසා ඔවුහු අද බලවත් අසීරුවකට පත්වී සිටිති. ලැබුණු පොලිය ප‍්‍රමාණවත් නොවී තිබියදී එම මුදල තවත් අඩුවූ විට ඒ හිදස පියවා ගැනීමට මාර්ගයක් නොමැත.
බැංකු පොලිය අඩුවීම රටේ ජනතාවට බරපතල බලපෑමක් කරනු ලබන්නකි.
විදේශ සේවාවල යෙදී සිටි අයද බොහෝවිට උපයා ගත් මුදල් ස්ථාවර තැන්පතුවක දමා එහි පොලියෙන් මෙහිදී ජීවත් වෙති.
2013 ජනවාරි වන විට බැංකු පොලිය
මාසයක ස්ථාවර තැන්පතුවකට සියයට 10
මාස 2ක ස්ථාවර තැන්පතුවකට සියයට 11
මාස 3ක ස්ථාවර තැන්පතුවකට සියයට 12.5
මාස 6ක ස්ථාවර තැන්පතුවකට සියයට 13
වසරක ස්ථාවර තැන්පතුවකට සියයට 13.5
වසරක ස්ථාවර තැන්පතුවක
මාසිකව පොලිය ලබා ගත්නේ නම් සියයට 12.7
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සියයට 14
2014 මැයි 7 දින වනවිට බැංකු පොලිය
මාසයක ස්ථාවර තැන්පතුවකට 5.5 (සියයට)
මාස 2ක ස්ථාවර තැන්පතුවකට 5.75
මාස 3ක ස්ථාවර තැන්පතුවකට 6.00
මාස 6ක ස්ථාවර තැන්පතුවකට 6.05
වසර 1 ක ස්ථාවර තැන්පතුවකට 7.00
වසරක ස්ථාවර තැන්පතුවකට මාසිකව පොලිය ලබා ගත්නේ නම් 6.08
ජේ්‍යෂ්ඨ පුරවැසි 7.05
මෙසේ වී ඇතිතේ ඇයි අපි එජපා මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා විමසුවෙමු.
බැංකු පොලිය රටට දෙපැත්තකට බලපානු ලබයි. බැංකුවලින් මුදල් ණයට ගෙන ආයෝජකයන්ට ව්‍යාපාර දියුණු කිරීමටත්, බැංකු පොලිය බලපානු ලබයි. පොලිය අඩුවන විට ණය ගැනීම වැඩිවී අලූතෙන් ව්‍යාපාර වැඩි වැඩියෙන් ආරම්භ කරනු ඇතැයි රජයේ විශ්වාසයයි. ඒ විශ්වාසය මත රජය මගින් බැංකු පොලිය දිගින් දිගටම අඩු කර ඇත.
නමුත් රජය බලාපොරොත්තු ඉලක්කය ආසන්නයටවත් පැමිණිමට නොහැකිවී ඇත.
ණය පොලිය අඩුවන විට බැංකුවලින් පුද්ගලික අංශයට දෙන ණය ප‍්‍රමාණය වැඩිවිය යුතුයි. නමුත් එම ණය ප‍්‍රමාණයේ වැඩිවීමක් සිදුවී නොමැත. දෙසැම්බර්, ජනවාරි පෙබරවාරි මාසවල සීඝ‍්‍ර අඩුවීමක් දක්නට ලැබෙයි. ගිය මාසයේ පමණක් ණය දීමේ වර්ධනය සියයට 4කි.
බලාපොරොත්තු ඉල්ලකය සියයට 20ක් පමණය. එහෙත් වර්ධනය සිදුවී ඇත්තේ සියයට 4කි. මහ බැංකුව උත්සාහ කරන්නේ ණය පොලිය අඩු කර, පුද්ගලික අංශයේ ණය ප‍්‍රසාරනය වැඩි කිරීමයි. එමගින් ආයෝජනය හා ව්‍යාපාර වැඩි දියුණු කිරීමට අවස්ථාව සැලසීම මූලික බලාපොරොත්තුව වී තිබුණත් එය සාර්ථක නොවීය.
ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ ඒ අරමුණට සූදානමක් නොවූහ. එයට හේතුව ඔවුන්ට විශ්වාසයක් නොවීමයි. විශ්වාසය නොමැති නිසා රජය බලාපොරොත්තු වන ප‍්‍රමාණයට පුද්ගලික අංශයට දෙන ණය ප‍්‍රමාණයේ වර්ධනයක් ද නෙැමැත.
මීට අමතරව බැංකු ණයදීම සඳහා තැන්පතු වැඩිකර ගත යුතුය. ඒ සඳහා පොලිය වැඩිකරගත යුතුය. තැන්පතු මුදල්වල පොලිය වැඩිවන විට ණය පොලිය වැඩිවේ. ණය පොලිය අඩු කිරීමට රජය සීමා පනවන විට තැන්පතු පොලිය ද ඉබේම අඩුවීම සිදුවේ. මේ පොලි අනුපාතය සමග උද්ධමනයද වැදගත්වේ. උද්ධමනය අඩු නම් පොලිය අඩුවීමේ වැදගත්කමක් ඇත. පොලිය ඉහළ පහළ යාමේ සැබෑ වාසිය බැලිය යුත්තේ උද්ධමනයත් සමගය.
උද්ධමනය සියයට 5ක් බවට රජය කරන ප‍්‍රකාශය පිළිගත නොහැක්කකි. රජයට අවශ්‍ය ආර්ථික සංවර්ධනය සඳහා පුද්ගලික අංශයේ ක‍්‍රියාකාරිත්වය වැඩි කිරීමයි. පොලිය අඩු වූවිට ජනතාව පොරකමින් අලූතින් කර්මාන්ත ශාලා ආර්ම්භ කරාවි යැයි රජය අපේක්ෂා කළේය. ණය ගැනීම දිරිමත් කිරීමට පොලිය අඩු කර ඇත.
ණය ගැනීම දිරිමත් කිරීමට ණය පොත සියයට 18 1/2 කින් වර්ධනය කිරීමට රජය බලාපොරොත්තු වුණා. නමුත් වර්ධනය වූයේ සියයට 5.7 කින් පමණි. රජයට අවශ්‍ය වූයේ සංවර්ධනය සඳහා ජනතාවගේ ණය ගැනීම් වැඩි කිරීමයි. ඒ ඉලක්කය බලාපොරොත්තු පරිදි ඉටු නොවුනා සේම, බැංකු පොලියෙන් ජීවත්වන පුද්ගලයන්ටද විශාල ප‍්‍රශ්නයක් නිර්මාණය වී ඇත. ඔවුන් විශාල අමාරුවක වැටී ඇත.
සමස්ත ලංකා රජයේ විශ‍්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ භාණ්ඩාගාරික යූ.එච්. ලියනගේ මහතා කියන කතාව මෙසේය
රජයේ සේවයෙන් විශ‍්‍රාම ලැබූ පිරිස 532,000කි. පෞද්ගලික අංශයෙන් විශ‍්‍රාම ලැබූ පිරිස ලක්ෂ 10කට අධිකවේ. මෙයින් රජයේ සේවයේ සිටි ඇතැම් අය සිය පාරිතෝෂිකය ස්ථාවර තැන්පතුවක දමා ඇත. වැඩි දෙනකුට ජීවන වියදම් ප‍්‍රශ්නය නිසා එවැනි ස්ථාවර තැන්පතුවක යෙදවීමට නොහැකි වූවත්, පෞද්ගලික අංශයේ සේවය නියුතුව සිටි සියයට 90ක් පමණ වූ පිරිස සිය සේවක අර්ථ සාධක අරමුදල ස්ථාවර තැන්පතුවක දමා එම පොලියෙන් ජීවත් වෙති.
විශ‍්‍රාමිකයා සමාජයෙන් කොන් විය යුතු හෝ කොන් කළයුතු පුද්ගලයකු නොවේ. රැුකියාවල යෙදෙන පිරිසට මෙන්ම ඔවුන්ට ද ආවේනික වූ ජීවන ප‍්‍රශ්න ඇත. කෑම බීමවලට අමතරව වෛද්‍යවරු හමුවීම ඖෂධ ලබා ගැනීම විශේෂයි. අනුනට හෝ තම දරුවන්ටවත් අත නොපා ජීවත්වීමේ අභිමානය විශ‍්‍රාමිකයා තුළ පවතී.
එබැවින් ඔවුන්ට නිදහසේ ජීවත්වීමට තිබු හිමිකමක් පොලිය අඩු කිරීමෙන් අහිමි කර ඇත.
පසුගිය වසරේ සිට බැංකු පොලි අනුපාතය සීඝ‍්‍රයෙන් පහළ දමා ඇත්තේ පොලියෙන් ජීවත්වන මේ රටේ විශ‍්‍රාමික ජනතාව ගැන කිසිදු තැකීමක් නොමැතිවය. ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ හෝ රජයට අනුබද්ධ බැංකු ගිනිපොලි ගන්නේ නැත. විශ්‍රාම ගිය සේවකයෝ තමන්ගේ විශ්‍රාම වැටුප බැංකුවක දමා ලැබෙන සුළු පොලියෙන් තමාගේ ඉතිරි කාලය ජීවත් වීමට උත්සහ කරනවා. නමුත් ඔබලාගේ පොතේ පොලිය තහනම් වුනාට හම්බකරන විදිහ අපි දන්නවා. ගෙවන්න බැරි නම් ණය ගන්නේ අහවල් එකකටද. එ්කට ජීවිත කාලයේ හම්බකරලා බැංකුවේ සල්ලි දාපු මිනිහ පලිද? අනික බැංකු වලින් ණය දෙන්නේ කාගේ සල්ලිද? ඒවා තැන්පත් කරුවන්ගේ සල්ලි. (ස)
අපි පිටරට නමුත් අපිට ඒකත් දැනෙනවා. (ස)
සිල්වා මයා, ඔබට සල්ලි තිබෙන්න පුළුවන් නමත් රටට සේවය කොට විශ්‍රාම ගිය අය මැරෙන කන් ජීවත් වෙන්න ඔනේ. "පොලිය 9 % වැනි ප්‍රතිශතයක් හොඳටම ප්‍රමාණවත් බව මගේ අදහසයි" ඔබේ අදහස් අපට වටින්නේ නැහැ. වටින්නේ මධ්‍යම බැංකුව දෙන අදහසයි. (ස)
ඔය ගිනි පොලිය නැතිවෙලාම ගිය දවසට උද්දමනයෙන් තොර ශක්තිමත් ආර්ථිකයක් දකින්න පුළුවන්. (නි)
ඔබ දන්නවාද , එක් තැන්පතුවක් දස ගුණයකින් වැඩිකර චෙක් පොත් ගසා ණය දෙන්න පුළුවන් කියලා වාණිජ බැංකු වලට. උද්දමනය වැඩිවෙන්නේ ආර්ථිකයේ නැති සම්පත් වල මුදල් නිෂ්පාදනය කරන නිසා. තැන්පතු වැඩිවන තරමට ආර්ථිකයේ නැති සම්පත් වලට මුදල් නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩිවෙනවා. තැන්පතු වැඩිවෙන්නේ පොලි අනුපාතය වැඩිවුණහොත්ය. (නි)
බමුණුසිංහ මහත්මයා, මම ලියූ දෙය ඔබතුමා හොඳින් කියවා බැලුවා නම් පෙනෙනවා විශ්‍රාමිකයන් ගැන මම කණගාටු වන බව.ඔබට හෝ මට මෙම තත්ත්වය වෙනස් කළ නොහැකියි. කෙටියෙන් කියනවා නම් ඉල්ලුමට වඩා සැපයුම වැඩි නම් මිල පහළ වැටෙනවා (නි)
"ඔය ගිනි පොලිය නැතිවෙලාම ගිය දවසට උද්දමනයෙන් තොර ශක්තිමත් ආර්ථිකයක් දකින්න පුළුවන්." ඔය කිවුවේ අර අහවල් පොතෙන් කෑල්ලක්. (නි)
ද සිල්වා,ඔබ ඔය කිවුව ටික වෙලා නැති බව ඉහත ලිපිය කියවා බැලූවිට තේරෙනවා ඇති. "දියුණු රටවල ස්ථාවර තැන්පතු වලට දෙන පොලිය 2% වඩා අඩුයි" ඔය දියුණු රටවල. අපි තවම දියුණු වෙන්න හිතලාවත් නැත. රටේ ජනතාව දියුණු වෙන්න පෙර දේශපාලුවෝ දියුණු වෙන්න එපායැ.අපි ඉන්නේ එම අවස්ථාවේ. (නි)
එහෙනම් ඉතින් ඒ බලාපොරොත්තුවත් අවසානයි! (නි)
දැන් පොලියක් ඇත්තෙම නැති හින්දා මම නම් දැන් ලංකාවට සල්ලි එවන්නේ නැහැ, මෙහෙම තියාගන්නවා.(නදී)
"ඔය කිවුවේ අර අහවල් පොතෙන් කෑල්ලක්.". ඒ පොතේ හැටියට පොලිය තහනම් තමයි. ඔය ගිනි පොලිය කියන වචනය තියෙන්නේ අර කහ පාට පොත්වල. සුළු පිරිසක් මුදල් බැංකුවේ දාලා නිකන් කන්න බලාගෙන ඉන්නවා. ඔය නිකන් ලැබෙන ටික ගෙවන්නේ කිසිම සම්පතක් නැති, ණය අරගෙන පොලිය ගෙවා ගන්ට නොහැකිව රත්තරන් කැබලිත් වෙන්දේසියට ඇරලා. ඕක තේරුම් ගන්න මුළු සාර්ව ආර්ථික විද්‍යාවම දැනගන්න අවශ්‍ය නැහැ. (නි)
රටක ආර්ථික වර්ධනයක් ඇති කරන්න නම් නම් පොලි අනුපාතය පහළ හෙළන්න වෙනවා. තැන්පතු වලට දෙන පොලියට වැඩි ප්‍රතිශතයක් ව්‍යාපාරික ණය , නිවාස ණය , සුළු පරිමාණ ව්‍යාපෘති වැනි දේට අය කරන්න බැංකු වලට සිදුවෙනවා. එසේ කරනවිට අලුත් ව්‍යාපර ආරම්භ කරන්නත් , නිවාස ඉදිකරන්නටත් පුද්ගලයන් මැලි වන අතර රටේ ජනතාව අතර මුදල් සංසරණය ඇණ හිටිනවා. රැකියා ප්‍රශ්න ඇතිවී උද්දමනය ඉහළ යනවා. දියුණු රටවල ස්ථාවර තැන්පතු වලට දෙන පොලිය 2% වඩා අඩුයි (නි)
සහතික ඇත්ත. අපි පිටරටවල සිට විදේශ විනිමය එවනවා ලංකාවට. නමුත් කිසිම පහසුකමක් ලැබෙන්නේ නැහැ. දැන් බැංකු පොළියත් පහත දාලා අපිව පාගා දාන්නද හදන්නේ? (නි)
කොමිස් සල්ලි .පගා සල්ලි බැංකු ගිණුම් වල වැඩි නිසාද මෙහෙම කලේ. (ස)
ජනතාවගේ තැන්පත් මුදල් වලට ගෙවන පොළිය දිගින් දිගටම පහත හෙලීම පමනයි රජය කරන්නේ කිසිම රජයේ හෝ පුද්ගලික බැංකුවක් මේ වනතෙක් ජනතාවට දෙන කිසිම ණය මුදලක් වෙනුවෙන් ලබාගන්න පොලිය සතයක් හෝ වැඩි කරනවා මිස අඩු කරන්නේ නැහැ. (ස)
බමුණුසිංහ මහත්මය, හැමෝම තමන්ගේ මුදල් බැංකුවල තැන්පත් කරලා පොලියෙන් කන්න බලන් හිටියොත් කොහොමද රටක් දියුණු වෙන්නේ , ඉහල යන සෑම දෙයක්ම පහල යනවා , මිනිස්සු පොලිය වැඩි නිසා බැංකු වලින් ණය ගන්නේ නැතුව හිටියම ස්ථාවර තැන්පත් වලට දෙන පොලියත් අඩු කරන්න බැංකු වලට සිද්ධ වෙනවා , නැත්නම් කාලයක් යනකොට බැංකු වලට අර දඩුවම් මුදලාලිට උන දේ වෙනවා. හර්ෂ ද සිල්වා මෙතන පවසා තිබෙන්නේ පොලි අඩු කලත් මිනිස්සු ආයෝජන වලට යොමු නොවෙන්නේ රටේ ආර්ථිකය පිළිබඳව ජනතාවට විශ්වාසයක් නොමැති බව නිසායි. නැතුව ණයවලට දෙන පොලි අඩු කළා කියා මිනිස්සු ණය ගන්නේ නැහැ කියා නොවේ , ලංකාවේ උධමනය ආර්ථික වර්ධනය සහ රුපියලේ උච්චාවචනය සළකා බැලුවම , ස්ථාවර තැන්පතුවලට දෙන පොලිය 9 % වැනි ප්‍රතිශතයක් හොඳටම ප්‍රමාණවත් බව මගේ අදහසයි , දියුණු රටවල ස්ථාවර තැන්පතුවලට දෙන පොලී අනුපාත අඩු කර ඇත්තේ මිනිසුන් මුදල් ව්‍යාපාර වලට සහ වෙළඳ පලේ ආයෝජනයට යොමු කිරීමටය , පොලියෙන් ජිවත් වන ජ්‍යේෂ්ඨ පුරවැසියන් ගැන මට දුකයි. නමුත් ආර්ථිකය දියුණු කරගන්න නම් මෙවැනි තීරණ ගන්න වෙනවා , සුළු කොටසක් ගැන හිතල මුලු රටේම අනාගතය අඳුරේ දමන්න බැහැ , අවශ්‍ය නම් රජයේ බැංකුවලට පුළුවන් මෙවැනි පුරවැසියන්ට පමණක් වැඩි පොලියක් දෙන තැන්පතු ක්‍රමයක් හදුන්වා දෙන්න. (ස)
ඔය පොලිය අඩු කලාට කෙදිරිගාන අය රස්සාවෙන් හම්බ උන සල්ලි වලින් නිකන් ජිවත් වෙන්න හදන්නේ. නමුත් රස්සාව කරන කාලේ ලංකාවේ කීදෙනාද හරියට රස්සාව කරන්නේ. දැන්නම් නැහැ කියයි. ඒත් තමන් රටට වැඩක් කලාද දුප්පත් මිනිස්සුන්ට හරියට සේවයක් කලාද කියල තමන්ගේ හදවතට කතා කරලා බලන්න. එ්ක තමා ඔය ආයමත් කැරකෙන්නේ.(නදී)