IMG-LOGO

සාත්තරකාරියගේ බොරුවට රැවටී මවක් දුම්රියට පනින්න ගිහින්

 දෙහිවල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පමණ  කෝටිපති ව්‍යාපාරිකයෙක් පසුගිය දිනක මීගමුව මූලස්ථාන පොලිසිය වෙත පැමණියේ දුක්ගැනවිල්ලක් කියා ඒ ගැන පැමිණිලි කර සාධාරණය ඉටුකර ගැනීමටය.


කෝටිපති ව්‍යාපාරිකයා මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ මීගමුව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන තරුණියකට එරෙහිවය.

SASTARA_P3
දේවාලයේ ඉන්න ඔය ගෑනි නිසා තව පොඞ්ඩෙන් මගේ නෝනයි දරුපැටියයි දෙන්නම මට සඳහටම අහිමි වෙනවා. එහෙම වුණා නම් ඉතිං මටත් වෙන්නේ ඒ ගොල්ලෝ දෙන්නා ගිය ලෝකෙටම යන්න තමා. වෙන කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. තව පොඞ්ඩෙන් ලොකු ඛෛදවාචකයක් වෙන්නේ. මේ සේරටම මුල ඔය ශාස්ත්‍ර කියන ගෑනි. ඔය ගෑනිව පොලිසියට ගෙනල්ලා මීට පස්සෙවත් මේ වගේ බොරු කියා වටිනා ජීවිත විනාශ කරන තැනට වැඩ කරන්න උත්සහා කරන්න එපා කියා අවවාද කරන්න. මම මේ වගේ ඉල්ලීමක් කරන්නේ තවත් අයගේ යහපත ගැන හිතලයි. 


කෝටිපති ව්‍යාපාරිකයා පොලිස් නිලධාරින් හමුවේ එහෙම කියා ඇත්තේ බොහොම හැඟූම් බරවයි.


ඇයි මොකද මහත්තයාට සිද්ධ වුනේ කියා පොලිස් නිලධාරියෙක් විමසා ඇත්තේ පැමිණිල්ල ලියා ගැනීමට කලින්ය.


මේකයි සිද්ධවුනේ මගේ නෝනයි මමයි බොහොම ආදරයෙන් තමයි ජීවත් වෙන්නේ. අපි දෙන්නාට සුරතල් පොඩි දරු පැටියෙකුත් ඉන්නවා. කිසිම දෙයකින් අඩු පාඩුවක් නැහැ. හැම සැප සම්පතක්ම තියෙනවා. මේ ළඟදී දවසක මමයි නෝනයි පොඩි දෙයකට අමනාපයක් වුණා. ඉතිං ඒ හින්දා මම දවස් කිහිපයක ඉඳලා ගෙදරින් කෑම කෑවේ නෑ. ඒත් ගෙදර එනවා යැයි කියමින් කෝටිපති ව්‍යාපාරිකයා සිද්ධ වූ දෙය හා සිද්ධ වීමට ගිය මහා ඛේදවාචක්ය නූලෙන් වැලකී ගිය හැටි ගැන කියන්නට පටන් ගත්තේය.


ඔහු මෙසේද කියා ඇති බව දැන ගැනීමට ඇත.


නෝනත් එක්ක මම පොඩි අමනාපයක් වෙලා ගෙදරින් කෑම බීම කන්නේ නැතිව අතහැරලා ඉන්න එක ගැන එයාට පොඩි සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ සැකය දුරු කරගන්න නෝනා මීගමුවේ ඔය කියන දේවාලයට ඇවිත් තියනවා ශාස්ත්‍රයක් අහන්න. මේ කපු ගෑනි මායම්වෙලා කියා තිබෙනවා මහත්තයා අමනාප වෙලා තියෙන්නේ එයා වෙන ගැහැනු කෙනෙක් එක්ක තියන අනියම් සම්බන්ධයක් තියන නිසා කියා මහත්තයා සම්බන්ධය පවත්වාගෙන යන කාන්තාවට ගොඩක් සල්ලි දෙනවා. ඒ කාන්තාවගේ හැම ඕනෑ එපාකමක්ම ගැනම හොයා බලනවා. ලක්‍ෂ ගණන් සල්ලි නිතරම වියදම් කරනවා කියා පවසා තිබෙනවා. මහත්තයාගේ ළඟම මිතුරියන් දෙන්නෙක් තමා මේකට උදව් කරන්නේත් කියා ශාස්තරකාරිය කියා තිබෙනවා. 


මේ ගෑනි මායම්වෙලා දේවාරූඪයකින් තමා මගේ නෝනා එක්ක මේ හැම දෙයක්ම කියා තිබෙන්නේ. මායම්වෙලා දේවාරූඪය ගන්න කලින් පවුල් ප්‍රශ්නයකටද ආවේ කියා පවසා තිබෙනවා. එතකොට නෝනා ඔව් කියා කියලා. දේවාරූඪයෙන් කිව්ව කතාව මගේ නෝනා විශ්වාස කරලා. එයා මේ ශාස්ත්‍රය අහලා ගෙදර ඇවිත් අපේ පවුලේ අනිත් අයත් එක්ක පවසා තිබෙනවා.


ශාස්ත්‍රකාරිය කී දේ එහෙම පිටින්ම විශ්වාස කර ඇති කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිය ශාස්ත්‍රය ආස ආ වෙලේ සිටම දරුවාත් තුරුලු කරගෙන හඩා වැලපී ඇත.


කොච්චර සැප සම්පත් තිබුණත් මොකටද තමන්ගේ මිනිහා වෙන ගැහැනු එක්ක යනවා නම්. මට ජීවත් වෙලා වැඩක් නැහැ. මේ මනුස්සයාගේ වනචරකම් නිසා අන්තිමේදී දුක් විදින්න වෙන්නේ මේ අහිංසක දරු පැටියටයි.


කෝටිපතියාගේ බිරිද එසේ කියමින් දෙස් දෙවොල් තබන්නටද පටන්ගෙන ඇති අතර ඇය අවසානයේ ගෙන ඇත්තේ මවක් විසින් කිසිම දිනක නොගත යුතු තියා සිතීමටවත් හොඳ නැති තරමේ මහා භයංකර තීන්දුවකි.


දරුපැටියා ගැනවත් සැබෑ ආදරයක් කැක්කුමක් තිබුණ නම් ඇය මේ වගේ අහස පොළව නුහුලන දෙයක් කිරීමට යාමට සූදානම් වෙන්නේ නැත.
ශාස්ත්‍රකාරිය කියා තිබූ දෙය ඇය ඉහ මුදුනින් පිළිගෙන තිබුණාය. 


ඇය පොඩි දරුවත් තුරුලුකරගෙන කෝච්චියකට පැන සිය දිවිනසා ගැනීමට උත්සාහ කර ඇතැයි කියන්නේ ඇතිව තිබූ තද බල සිත් වේදනාව නිසාය.
එහෙත් ඒ සෑම අවස්ථාවකදීම පවුලේ අය ඒ උත්සාහයන් ව්‍යර්ථ කර ඇත්තේ ලොකු වෙහෙසක් ගැනීමෙන් පසුවය. 


කෝටිපති ව්‍යාපාරිකයා ගෙදර පැමිණියාට පසු පවුලේ සෙසු අය බිරිද කරගන්න ගිය අපරාධය ගැන කියා ඇත්තේ හැඬූ කඳුළුනි.


තමා වෙනත් කාන්තාවක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යන බව කිව්වේ කවුද කියා කෝටිපති ව්‍යාපාරිකයා බිරිඳගෙන් අසා ඇත්තේ ඇය අස්වසාලමින්ය.


කිසිම ගැහැණියක් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්නේ නොමැති බව දන්නා නිසා කෝටිපති ව්‍යාපාරිකයා ශාස්ත්‍රකාරිය කෙරෙහි ඇති වී ඇත්තේ ඉහවහ ගිය කෝපයකි.


මේ ශාස්ත්‍රකාරිය කියපු පට්ටපල් බේගලය හින්දා තව පොඞ්ඩෙන් නෝනයි දරු පැටියයි දෙන්නම මට නැතිව යනවා. එහෙම දෙයක් වුනානම් ඒකට වගකියන්න ඕනෑ වෙන කවුරුත් නොවේ බොරු ශාස්ත්‍ර කියා නෝනාගේ ඔළුව අවුල්කළ ශාස්ත්‍ර කියන ගැහැනි යැයි කියා ඔහු ඒ මොහොතේම පිටත්ව ගියේ මීගමුවෙ ඉන්නා ශාස්ත්‍රකාරියගේ දේවාලය සොයාගෙනය. 


ව්‍යාපාරිකයා දේවාලයට යනවිටත් සැලකිය යුතු පිරිසක් පෝලිම් ගැසී බලා සිට ඇත්තේ දෙවියන් හමුවේ තම තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගැනීම හා අනාගතය ගැන අසා දැන ගැනීමට වාරය එනතෙක්ය.


දේවාලයේ සිටි දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන කාන්තාව හමුවූ කෝටිපතියා ඇය කියා තිබූ පට්ටපල් බොරු ශාස්ත්‍රය නිසා ජීවිත දෙකක් තව පොඞ්ඩෙන් විනාශ වී යාමට ගිය ආකාරය ගැන කියා ඇයි මෙහෙම බොරු කියන්නේ කියා දෙස් දෙවොල් තබා ඇත.


මේ වගේ බොරු ශාස්ත්‍ර කියා පවුල් ජීවිත විනාශ නොකරන ලෙසද ජීවිත විනාශ වන තැනට වැඩ නොකරන ලෙසද ව්‍යාපාරිකයා ඇයට තද බල ලෙස දොස් පවරා තිබේ.


“මහත්තයෝ මේක මගෙන් වෙච්ච අත්වැරැද්දක් එහෙම නෙමේ. මම ශාස්ත්‍ර කියන්නේ මායම් වෙලා දේවාරූඪය ලබාගත්තාට පස්සේ. කොටින්ම කියනවානම් ශාස්ත්‍ර කියන්නේ මම නොවේ මගේ ඇඟට වැහෙන දෙවියෝ. මොකක් හරි හේතුවක් නිසා දෙවියන්ට වැරදීමක් වෙන්න ඇති. ඒකට මට දොස් කියලා වැඩක් නැහැ. කොහොම වුණත් මම මහත්තයාගෙන් සමාව ඉල්ලනවා යැයි කියා ශාස්ත්‍රකාරිය පවසා ඇතැයි කියන්නේ ඇඟට පතට නොදැනීය.


කෝටිපති ව්‍යාපාරිකයා පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමට පැමිණ ඇත්තේ ඉන්පසුවය. 


ශාස්ත්‍රකාරිය 25 හැවිරිදි තරුණියකි.


පොලිසිය කර තිබූ දැනුම් දීම මත ශාස්ත්‍ර කියන තරුණිය පසුගිය 31 වැනිදා සවස් යාමයේ මිගමුව මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පෙනී සිටියේ ලැබී තිබූ පැමිණිල්ල විභාග කිරීමටය.


මට ආරූඪය හැදුනට පස්සේ වෙන දේවල් ගැන ආරූඪය ඇගෙන් ගියාට පස්සේ කියන්න මම දන්නේ නැහැ. ආරූඪය ගත්තාට පස්සේ දෙවියන් තමා මාව හසුරුවන්නේ.


දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන බව කියන තැරණිය කියා සිටියාය.


මේ වගේ ශාස්ත්‍ර කියා පවුල් ජීවිත කඩා කප්පල් කරන්න එපා. වගකීමකින් වැඩ කරන්න. පවුල් ජීවිත විනාශ වෙන විදියේ වැඩ කළාම ඒක මහා පවක්. යැයි කියා ශාස්ත්‍ර කියන තරුණියට තරයේ අවවාද කර පොලිසිය මුදාහැර ඇත්තේ ඇයගෙන් ප්‍රකාශයක්ද සටහන්කර ගැනීමෙන් පසුවය.


කෝටිපති ව්‍යාපාරිකයා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබුණේද ඇයට කරුණු කාරණා අවබෝධකර දී අවවාද කරන ලෙසය.


කෙසේ වෙතත් කෝටිපති ව්‍යාපාරිකයා ශාස්ත්‍රකාරියට එරෙහිව පැමිණිලි කිරීම බුද්ධිමත් ක්‍රියාවක් වශයෙන් සඳහන් කළ යුතුව ඇත. 


ශාස්ත්‍රකාරයන් ශාස්ත්‍රකාරියන් දේව බලයෙන් ලෙඩ රෝග සුව කිරීමට හැකියාව තිබෙන බව කියමින් ජනතාව මුලාවේ දමා තක්කඩින් පසුපස ගොස් අමාරුවේ වැටුණු ජීවිතවලින් වන්දි පවා ගෙවීමට සිදු වූ අය ගැන පසුගිය කාලය පුරාවටම අපට අසන්නට ලැබිණි.


මෙවැනි බොරුකාර කයිරාටිකයන් පසුපස නොගොස් බුද්ධියට මුල්තැන ලබාදී කටයුතු කරන්නේ නම් මේ වගේ විපත් සිදුවන්නේද නොමැති බව අවධාරණය කළ යුතුය.


මීගමුව කොට්ඨාසය බාර පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම සහ මීගමුව සහකාර පොලිස් අධිකාරි රෝහණ ගමගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය හා උපදෙස්මත මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතාගේ මෙහෙය වීම මත මෙම පැමිණිල්ල විභාගකර ඇත්තේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී.එම්.ඩී. සම්පත් දිසානායක මහතා විසිනි.


පොලිස් සැරයන් හේරත් (31748) මහතාද මෙම විමර්ශනවලට හවුල් වී ඇත.

m



අදහස් (0)

සාත්තරකාරියගේ බොරුවට රැවටී මවක් දුම්රියට පනින්න ගිහින්

ඩිල්ෂාන් Tuesday, 07 June 2016 06:21 PM

මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

කුමාර Wednesday, 08 June 2016 09:10 AM

උදාර දේවල්, උදාර කටයුතු , උදාර පෝෂණය උදෙසා කැප කිරීමේ පාප කර්මය මේ මායම් කාර ශාස්ත්‍රකාරිය ට අත්වී ඇති බව පෙනේ.(ම)

:       0       0

අසෝකා Tuesday, 07 June 2016 02:24 PM

පොලිසියට තිබුනේ ආරුඪ වෙලා පොලිසියේ විස්තර අහන්න එතනම ඇත්ත බොරුව දැනගන්න තිබුනනේ. මෙහෙම අයව නිකම් යැව්වම ආයෙම වෙන නමකින් පටන් ගනීවි. (හේ)

:       0       0

අසෝකා Tuesday, 07 June 2016 02:26 PM

පිටරටවල ඇවිල්ලත් ඔහොම සාස්තර කියන අයගේ ලණු කාලා පවුල් කියක් වෙන්වෙලා තියෙනවද? ඒවා ඔවුන්ටම දවසක කැරකිලා එයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14084 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 384 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 240 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site