පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් කම්පනයෙන් ප්‍රකම්පනයට පත්ව සිටි අපේ සංචාරක ව්‍යාපාරයට යාන්තමින් සැනසුම් සුසුමක් හෙළිය හැකි තොරතුරක් පසුගියදා රටට ලැබුණේය. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට එරෙහිව රතු එළිය දල්වා තිබූ ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් එම අනතුරු ඇඟවීම කහ එළිය දක්වා අඩුකර තිබීම එම තොරතුර විය. කොළ එළිය දැල්වීමට පෙර එනම් අනතුරු ඇඟවීම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පෙර සූදානමකි. අනතුරු ඇඟවීම ලිහිල් කළ රටවල් අතර චීනය, ඉන්දියාව, ජර්මනිය, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය වෙයි. ඊට අලුතින්ම එකතු වූයේ ශ්‍රී ලංකාවට එන සංචාරකයන් අතුරින් තුනෙන් එකකට වගකියන මහා බි්‍රතාන්‍යයයි. එය පණ අදිමින් තිබූ මෙරට සංචාරක ව්‍යාපාරයට යළි ප්‍රාණය ලබාදෙන ප්‍රබල එන්නතක් බවට කතා දෙකක් නැත.
විදෙස් රටවලට සංචාරය සඳහා යන තම වැසියන්ට එරෙහිව පනවා ඇති තහනම බලවත් රටවල් මගින් ලිහිල් කිරීම සෙසු රටවලද අවධානයට යොමුවීම බලාපොරොත්තු විය යුතුය. එය එම රටවල්වලින් ද ශ්‍රී ලංකාවට සංචාරකයන් එවීමට බලවත් උත්තේජනයක් ලබාදීමකි. සියල්ල යහපත් අයුරින් සිදුවුවහොත් මීළඟ සංචාරක වාරය එළඹෙන අවස්ථාව වනවිට අඩුම තරමින් දැනට අපේක්ෂිත මට්ටමට වඩා සියයට 20කින් හෝ ඉහළ යාමක් කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකිය. එම බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත්කර ගැනීමේ වගකීම මේ රටේ සෑම පුරවැසියකුටම පැවැරෙන බවත් මෙහිදී අමතක නොකළ යුතුය. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම මේ රටේ දරු පවුල් ලක්ෂ ගණනාවකගේ බඩ කට පුරවන කර්මාන්තයක් වීම ඊට හේතුවය.
මහා බි්‍රතාන්‍යය මුලින්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන තම රටවැසියන්ට කියා තිබුණේ අත්‍යවශ්‍යම කාරණයකට හැර ශ්‍රී ලංකාවට නොයන ලෙසටය. පසුගිය සතියේ එම තහනම ලිහිල් කරමින් ප්‍රකාශ කර තිබුණේ අත්‍යවශ්‍ය නොවන කාරණාවලට වුවද දැන් බි්‍රතාන්‍ය වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකි බවය. එසේම කිසිදු සංචාරක ගමනාන්තයක් සියයට සියයක්ම ආරක්ෂිත බවට සහතිකයක් දිය නොහැකි බවත් ත්‍රස්ත ප්‍රහාරවලට ඉදිරියේදීත් ඉඩකඩ තිබෙන බව සිහියේ තබාගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුතු බවත් බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශයේ සඳහන් වී තිබිණි. මේ කාරණා ශ්‍රී ලංකාවේ සියලු_ ජනකොටස් නියෝජනය කර සෑම වැසියකු විසින්ම තදින්ම අවධානයට ගැනීම අවශ්‍යය. ආවේගශීලීව කටයුතු කරමින් මෝඩයන් සේ හැසිරීම රටේ සියලුම ජනතාව අමාරුවේ දැමීමක් බව සියලු_ දෙනා වටහාගත යුතුය.
සංචාරක ව්‍යාපාරයෙන් මේ වසර තුළදී ලැබිය හැකි ආදායම වශයෙන් ගණන් බලා තිබුණේ ඩොලර් බිලියන 3කි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමඟ සසඳන කළ මෙය විශාල ආදායමකි. විදේශ විනිමය උල්පතකි. මේ ආදායම පාස්කු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඩොලර් බිලියන 1.5ක් තරමට හෝ ඊටත් වඩා පහළ බසිනු ඇතැයිද ගණන් බලා තිබිණි. එහෙත් රටේ ආරක්ෂක තත්ත්වය හැකි ඉක්මනින් ආසන්න යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබීමෙන් මේ තත්ත්වය වෙනස් කරගැනීමට අවස්ථාව පෑදෙමින් තිබේ. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සංචාරක කර්මාන්තයේ සියලු_ පාර්ශ්වවලට හැකියාව ලැබුණොත් එය රටට විශාල යහපතක් වනු ඇත.
සංචාරක ව්‍යාපාරයේ තත්ත්වය හරිහැටි නඩත්තු කරගැනීම ද මෙහිදී අවශ්‍යම කාරණාවකි. මෙරටට පැමිණෙන සංචාරකයන් සිනහවෙන් පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නැත. ඔවුන් ආපසු යනවිට සොඳුරු සිහිවටනවලින් පිරි අමරණීය සංචාරයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ගමන සිත්හි රැඳී තිබේ නම් එය අපේ රට ගැන එතෙරට යන හොඳම “ඇඞ්” එක වනු ඇත. එය සිදුවන්නේ සතයකුදු වැය කිරීමකින් තොරව වීම එහි ඇති වැදගත්ම සාධකයයි. මේ වගකීම හරිහැටි ඉටුකිරීම ජනතාවගේ කාර්යභාරයකි.
ශ්‍රී ලංකාවට පැමිණීමේ තහනම ලිහිල් කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා අවශ්‍ය සියලු_ පහසුකම් කිසිදු බාධාවකින් තොරව සපයා දීම ආණ්ඩුවේ වගකීම වෙයි. සංචාරක කටයුතු මෙහෙයවීම සඳහා මණ්ඩල ගණනාවක් පිහිටුවීම හෝ කමිටු පත්කිරීම හෝ වැඩක් නැත. ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමැති කිහිප දෙනකුට මේ කාර්යය ඉටුකිරීමට හැකියාව තිබේ. දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කටයුතු කිරීම සඳහා නිලධාරීන්ට සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ඉඩ සලස්වා දීම මෙහිදී වැදගත් වෙයි. ඩොලර් මිලියන ගණන් වැයවන ප්‍රවර්ධන කාර්ය අවශ්‍ය නැතැයි අපි නොකියමු. එහෙත් සංචාරකයන් තෘප්තිමත් වන ආකාරයට සියලු කටයුතු සිදුවෙයි නම් ඔවුන් තමන්ගේ රටවලට ආපසු ගෙන යන පණිවුඩය මුදල් වැය කෙරෙන මහා විශාල ප්‍රවර්ධන ව්‍යාපාරවලට වඩා වටිනා බව පෙන්වා දීමට කැමැත්තෙමු.
සංචාරක කර්මාන්තයට ආණ්ඩුව මගින් සහන ලබාදීමට ද ක්‍රියාකර තිබේ. එය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින එම කර්මාන්තයට විශාල සහනයක් බව ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. තම සංගමය රජයෙන් ඉල්ලා සිටි සහන සියල්ලම ලැබුණු බවද ඒ මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය. රජයෙන් ලබාදී ඇති සහන සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීමට විශාල පිටුබලයක් වනු ඇතැයි අපිද බලාපොරොත්තු වෙමු. එහෙත් අප මීට ප්‍රථමයෙන්ද ප්‍රකාශ කළ පරිදි සහන ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. හැකි හැම පියවරක්ම ගෙන මෙතැනින් ඉදිරියට යා යුතු වෙමු. ඒ සඳහා මහාබි්‍රතාන්‍යය සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් විසින් සිදුකරන ලද සංචාරක අනතුරු ඇඟවීම් ලිහිල් කිරීම ආශිර්වාදයක් බවට පෙරළා ගැනීමට ක්‍රියාකරමු.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සංචාරක අනතුරු හැඟවීම ලිහිල් කිරීමේ වාසිය නෙළාගනිමු
de silva Wednesday, 12 June 2019 10:09 PM
සංචාරක ඇමතිතුමා දැනට මාස තුනකට විතර පෙර ප්‍රකාශ කලා, යුරෝපයෙන් එන සංචාරකයන්ට පෙර පැවතී ක්‍රමයටම ගුවන්තොටුපලේදී නොමිලේ වීසා නිකුත් කරනවා කියලා, කෝ තවම ඒක සිදු වෙලා නැහැනේ? සංචාරක ව්‍යාපාරේ වැටිලා තිබෙන වෙලාවේ කරුණාකර රජය බොරු පොරොන්දු දෙමින් ඉන්නේ නැතිව මොකක් හරි කරන්න
kujitha Saturday, 15 June 2019 09:43 AM
ගුවන් තොටුපළෙන් එනකොට ඉන්න කාක්කන් ටික අයින් කරලා ඉන්න ඔක්කොටම ඉස්සෙල්ලා...
de silva Monday, 17 June 2019 08:54 AM
ගුවන්තොටුපලේ ඉන්න කාක්කන්ගෙන් වැඩි හරියක් මෙයාට කඩේ යන මෙයාගේ ගෝලයෝ...