IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ෂැංහයි රාත්‍රිය හැමදාම තරුණයි

 

(නවෝද්‍යා පවනි) 

බෙයිජිං සිට පැය දෙකයි විනාඩි 15ක ගුවන් ගමනකින් පසු චීන  ආසියා පැසිෆික් මාධ්‍ය මාධ්‍යස්ථානයේ මාධ්‍යවේදීන් කණ්ඩායම ෂැංහයි නුවර වෙත ලගා වුණෙමු. ෂැංහයි පිළිබද කොතෙකුත් අසා තිබුණත් මා ෂැංහයි වෙත ගිය පළමු අවස්ථාව මෙයයි. අප එවෙත පැමිණියේ රාත්‍රී කාලයේ දී බැවින් අති දැවැත්ත ගොඩනැගිලි තුළ විදුලි පහන් එළි දැල්වීමෙන් නගරය අලංකාරවත් වී තිබුණි.

ෂැංහයි නුවර කොටස් දෙකකින් යුක්ත වන අතර, නැගෙනහිර හා බටහිර ලෙස එය හදුන්වයි. පැරණි නගරය බටහිර කොටසේ පිහිටා ඇති අතර, නව නගරය නැගෙනහිර කොටසේ පිහිටා තිබේ. ෂැංහයි නගරය මිලියන 28.4ක ජනගහණයකින් යුත් දැවැත්ත නගරයකි. ලොව ජනගහණය වැඩිම නගර අතර ෂැංහයිවලට හිමිවන්නේ තෙවැනි ස්ථානයයි. ෂැංහයි නගරය චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය සමග සෘජුව බැදී පවතියි. ෂැංහයි නගරයේ රාත්‍රිය මිනිසුන්ගෙන් පිරී ඉතිරි ගිය එකකි. චීනයේ වෙනත් පළාත්වල වෙසෙන ජනතාව ද ෂැංහයි ප්‍රාන්තයේ සංචාරය කිරීම සදහා නිරන්තරයෙන් පැමිණෙති. මේ නිසා ෂැංහයි හි රාත්‍රිය හැම විටම තරුණය. රාත්‍රියේ නගරය පුරා බියක් සැකයක් නැතිව සංචාරය කිරීමට සංචාරකයන්ට ඉතා හොඳ ආරක්ෂාවක් ද තිබේ.

ෂැංහයි නුවරට යන ඔබ ෂැංහයි නගර සැලසුම් ප්‍රදර්ශන මධ්‍යස්ථානය වෙත යා යුතුමය. එහි ෂැංහයි නාගරික සැලසුම්කරණයේ සහ සංවර්ධනයේ ජයග්‍රහණ පිළිබදව සියලුම තොරතුරු වීඩියෝ දර්ශන හා ඡායාරූප සමගින් එහිදී ඔබට දැක බලා ගත හැකිය.

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රථම ජාතික සම්මේලනය පැවැත්වූ ස්ථානය

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනය පැවැත්වූ ස්ථානය හා අලුතින් ඉදිකරන ලද දිවුරුම් දීමේ ශාලාවක් මෙහි අන්තර්ගත වේ. පැරණි ගෘහ නිර්මාණ ශිල්පය ආරක්ෂා කරමින් මෙම ස්ථානය සංරක්ෂණය කර තිබේ. කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය පිළිබදව අධ්‍යයනය කරන්නෙකුට මෙය සුදුසුම ස්ථානයකි. පළමු සම්මේලනය පැවැත්වූ ස්ථානය ඒ ආකාරයෙන්ම සංරක්ෂණය කර ඇති අතර, කෑම මේසය හා තේ බදුන් නැවත ප්‍රතිනිර්මාණය කර ඇත්තේ සැබෑ ඒවායේ ස්වරූපයෙන්මය. එදින පැවැත්වූ සම්මේලනය හා කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය පිළිබදව බොහෝ තොරතුරු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ ඔබට මෙහිදී දැකබලා ගත හැකිය. මෙම ස්ථානය ෂැංහයි ෂිකුමන් වාස්තු විද්‍යාවට අනුව නිමවා ඇතැයි කියවේ.

1921 ජූලි 23 වැනි දින කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනය කැදවා ඇති අතර, එහි දී පක්ෂයේ මූලධර්ම, ප්‍රතිපත්ති සම්මත කර, පළමු නායකත්වය තෝරා පත් කර ගෙන තිබේ. පක්ෂය පිහිටුවීම ද නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ එහිදීය. පළමු රැස්වීම සදහා 15 දනෙකු සහභාගි වී ඇති අතර, ඉන් දෙදෙනෙකු විදේශීකයන්ය. 1952 වසරේ සැප්තැම්බර් මාසයේ දී පතිසංස්කරණය කිරීමෙන් පසු මෙය මහජනතාවට විවෘත කර ඇත. 1961 වසරේ දී මෙය රාජ්‍ය ආරක්ෂාව යටතේ ජාතික උරුමයක් ලෙස ලැයිස්තුගත කර ඇති අතර, 2020 වසරේ නොවැම්බර් සිට නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සදහා මෙම පරිශ්‍රය වසා දමා ඇති අතර, එය නැවතත් 2021 වසරේ ජූනි 03 වැනි දා සිට නිල වශයෙන් විවෘත කර ඇත.

මේ වන විට දිනකට දේශීය හා විදේශීය සංචාරකයින් 10,000කට ආසන්න පිරිසක් මෙම පරිශ්‍රය නැරඹීම සදහා පැමිණෙන බව අපට මෙහිදී දැනගන්නට ලැබුණි.  

චීනයේ උසම කුලුණේ ඉහළටම ගියෙමු

ෂැංහයි කුලුණ පිහිටා ඇත්තේ ෂැංහයි හි ජුඩොං නව ප්‍රදේශයේය. මෙම ගොඩනැගිල්ලෙහි ව්‍යාපාර,හෝටල් , විනෝදාස්වාද ස්ථාන සහ නැරඹුම් පරිශ්‍රයක් ඇතුළත්ය. මහල් 127කින් යුත් මෙම කුලුණේ මුලු උස මීටර 632කි. 127 මහලේ විශාල මකර ඇසක් නිර්මාණය කර ඇති අතර, එය "ෂැංහයි ස්මාට් අයි" ලෙස හදුන්වයි. මෙම කුලුණ චීනයේ උසම කුලුණ වන අතර, ලොව දෙවැනි උසම කුලුණ වේ. තත්පර 55ක කාලයක් තුළ 118 වැනි මහලේ ඇති නැරඹුම් මැදිරිය වෙත යා හැකි අධිවේගි විදුලි සෝපානයක් ද මෙහි වන අතර, නැරඹුම් පරිශ්‍රය වෙත යෑම සදහා එක් අයෙක්ට යුවාන් 180ක ටිකට් පතක් ලබාගත යුතු අතර, මකර ඇස ඇති 127 වැනි මහලට යෑමට යුවාන් 100ක වෙනම ටිකට් පතක් ලබාගත යුතුය. 127 වැනි මහලේ මකර ඇස විදුලියෙන් ආලෝකවත් කර, නවීන තාක්ෂණය ඔස්සේ සකස් කර ඇති කෙටි වීඩියෝ දර්ශන නැරඹීමට එහිදී අවස්ථාව ලැබේ.

ෂැංහයි බැම්ම

Shanghai Bund ලෙස හදුන්වන මෙම ප්‍රදේශය ජලාශ්‍රිත ප්‍රදේශයකි. හුවන්පු ගඟ මධ්‍යයේ තබා ෂැංහයි බටහිර හා නැගෙනහිර කොටස් වෙන් කර දක්වයි. බටහිර කොටසේ සිට නවීන නැගෙනහිර ෂැංහයි නගරයත්, නැගෙනහිර ෂැංහයි සිට බටහිර පැරණි ෂැංහයි නගරයත් දැකගත හැකිය. බැම්මේ ඇති බෙහෝ ගොඩනැගිලි 1920 ගණන්වල මැද සිට අග භාගය දක්වා ඉදිකර ඇති අතර,1930 මුල් භාගයේ දී පිහිටුවන ලද ගොඩනැගිලි ද  ඒ අතර වේ. මෙහි අතීතය 1860 පමණ ඈත අතීතය දක්වා විහිද යන අතර, බ්‍රිතාන්‍ය ආරයට ගොඩනැගූ ගොඩනැගිලි තවමත් එහි දක්නට ලැබේ. ෂැංහයි බන්ඩ් ජාතික වශයෙන් වැදගත්කමක් උසුලා සිටින අතර, එය චීනයේ සංකේතයක් බවට පත්ව තිබේ.

ෂැංහයි, ඒ කලබල නගරය ලෝකයට කියාදෙන සංවර්ධනයේ පාඩම සුළුපටු නොවේ. ෂැංහයි හි ඓතිහාසික වැදගත්කම් මෙන්ම චීනයේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය පිළිබදව අමකත කළ නොහැකිය. අති දැවැන්ත කර්මාන්ත හා ව්‍යාපාර ෂැංහයි හි ආර්ථීක ශක්තිමක් කරයි. ෂැංහයි වරාය ලොව විශාලම සහ  කාර්යය බහුලම වරාය ලෙස සැලකෙයි. වසරකට කන්ටේනර් මිලිනය 40 කට වඩා හසුරවන ෂැංහයි වරාය වසරකට ඩොලර් බිලියන 6 කට ආසන්න ආදාමක් උපයන  වරායක් ද වෙයි. 



අදහස් (4)

ෂැංහයි රාත්‍රිය හැමදාම තරුණයි

rathnayaka Sunday, 30 April 2023 04:46 PM

ඔය ඔක්කෝමත් හරි.., නමුත් රටේ ජනතාවට "නිදහස"ක් නැති බව ඔබට කියන්න අමතක වුනේ කොහොමද?

:       13       23

Ajith NissankaMonday, 01 May 2023 12:39 AM

මාර නිදහසක් බුක්ති විදින ජාතියක මිනිස්සුනේ ෂැංහයි මිනිස්සුන්ගේ නිදහස ගැන කතා කරන්නේ ! ඔක්කොටම ඉස්සෙල්ල ඒ රටෙන් ගත්තු නය ගෙවල අපිව නිදහස් කරලා ඉන්නකෝ.

:       5       12

Aravinda Monarawila Wednesday, 03 May 2023 08:13 AM

කෑම නැතිව බඩගින්නේ ඉන්න නිදහස, බෙහෙත් නැතිව මැරෙන නිදහස, අධ්‍යාපනය නැතිව ගෙදර නිදාගන්න නිදහස, රැකියාවල් නැතිව පාරේ රස්තියාදු වෙන නිදහස. රටේ මහ උදවිය හොරාකන්න ගත්තු ණය ගෙවීමේ නිදහස අපිට තිබුණට චීනයේ ජනතාවට නම් නැතිව ඇති...

:       1       2

kapila Wednesday, 03 May 2023 10:56 AM

ලොව දෙවැනි උසම කුළුණ වේ. මිනිත්තු 55ක කාලයක් තුළ 118 වැනි මහලේ ඇති නැරඹුම් මැදිරිය වෙත යා හැකි අධිවේගි විදුලි සෝපානයක්... මම මෙතැනට ගිහින් තියෙනවා. මේකෙ ටයිම් එක දාලා තියෙනවා වැරැදියි. ඔය ළඟ තියෙනවා ෂැංහයි ටවර් එක... ඒකෙ ග්ලාස් එකක් උඩ ඉඳලා බලන්න තියෙන්නේ... පළමු වතාවට අඩිය තියෙනකොට බය හිතෙනවා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site