IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ෂෙල්ටන් ප්‍රේමරත්න මහා ගාන්ධර්වයා

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අනුපමේය  සේවයක් කළ කලාසූරී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ගුරුදේවයාණන් මැයි මස 30 වන දින  උදෑසන අභාවප්‍රාප්ත විය.

 එතුමා මිය යන විට 93 වන වියේ පසුවිය. සිය පියා වූ ශ්‍රී ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ සංගීතඥයකු වූ සාදරිස් මාස්ටර් ගෙන් සංගීතය හදාරා සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ වර්ෂ 1948 දී ‘‘ජීවිතේ ප්‍රීතිය’’ නම් වූ චිත්‍රපටයට සංගීතය සපයමිනි.

එම චිත්‍රපටය අතරමගදී නතර වූ අතර එය තිරගත නොවීය.

ඉන්පසු එකමත් එක රටක, ගැහැනු ගැට, මා ආලය කළ තරුණිය, දස්කොන්, හැංගි හොරා, සිහින හතක්, බඩුත් එක්ක හොරු, කළන මිතුරෝ, හිතක පිපුණ මල්, තිලක හා තිලකා, එක් දවසක් රෑ, මාහේනේ ඊරියකා, සිරිපාල හා රන්මැණිකා, රොමියෝ ජුලියට් කතාවක්, නිවෙන ගින්න, යුවතිපති, ආදර ගීතය, උණ්ඩය ඇතුළු චිත්‍රපට 22කට අධික සංඛ්‍යාවක සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර වාර්තා චිත්‍රපට රැසකටද සංගීත අධ්‍යක්ෂණයෙන් දායක විය.

 ශ්‍රී ලංකාවේ චිත්‍රපට ගීත අතර ශාස්ත්‍රීය ගීතයක් නිර්මාණය කර සිසිර සේනාරත්න හා ගායනා කළ මුල්ම සංගීත වේදියා වූයේද ඔහුය. ඒ දස්කොන් චිත්‍රපටය සඳහාය. දෙවනවරටත් ශාස්ත්‍රීය ගායනයක් සංගීත් නිපුන් .ජී.වී. නන්දසිරි ඇදුරුතුමන් ලවා ගායනා කරවූයේ හිතක පිපුණ මල් චිත්‍රපටය  සඳහාය. මීට අමතරව මුල්වරට ඉංග්‍රීසි ගීතයක් නිර්මාණ කර විශාරද සුනිල් සාන්තයන් ලවා ගායනා කරවූයේ ‘‘රෝමියෝ ජුලියට් කතාවක්’’ සිනමා පටය වෙනුවෙනි.

තවද එකම තනුවකට දමිළ හා සිංහල ගීත දෙකක් ‘‘හිතක පිපුණ මල්’’ චිත්‍රපටය වෙනුවෙන් විශාරද සුජාතා අත්තනායක ගායනා කළේද මුල්වරටය. ඉංග්‍රීසි හා සිංහල ගීතයක් මුල්වරට ‘‘හිතක පිපුන මල්’’ වෙනුවෙන් ඩැල්රින් සූබි හා විශාරද නන්දා මාලනිය ගායනා කළේය. මෙවැනි පර් යේෂණාත්මක ගී රැසක් අපට දායාද කළ එතුමා ‘‘හුණුවටයේ කතාව, හොටබරි යුද්දේ, තහංචි, කෝන්තරේ, ඩුංඩු බෙරේ, සයිලාසනය ඇතුළු වේදිකා නාට්‍ය රැසකට සංගීතය සැපයුවේය.

1976 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සංගීතයට  හිමි සම්මානය ‘‘නරියා සහ කේජු’’ වෙනුවෙන් ඔහු දිනා ගත්තේය. ජනප්‍රිය ශිල්පී ශිල්පිනියන් වෙනුවෙන් සරල ගීත දහස් ගණනක් නිර්මාණය කර ඇති එතුමා ශාස්ත්‍රීය රාගධාරී සංගීතය, බටහිර සංගීතය, කර්නාටක සංගීතය හා දේශීය ජන සංගීතය පිළිබඳ හසල දැනුමක් තිබූ ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ සංගීත ගුරුවරයෙකි. අද ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ  වාදකයන්, ගායක ගායිකාවන් එතුමාගෙන් සංගීතය  හැදෑරූ බව නොරහසකි. එතුමා හා මට සම්බන්ධ වීමට අවස්ථාව උදාවූයේ 1965 උපාලි අත්තනායක මහතාගේ ‘‘කොමිසම ඉදිරියේ සාක්කි දෙන්නෝ’’  නාට්‍ය හරහාය.

එතැන් පටන් ඔහු සිඩ්නි නුවර පදිංචියට යනතුරුම එතුමාගේ චිත්‍රපට, වේදිකා නාට්‍ය, සරල ගීත, ටෙලිනාට්‍ය සෑම කටයුත්තකදීම ඉතා ළඟින් ඇසුරු කළ මා අවසන් වරට දුරකතනයෙන් කතා කළේ මීට මසකට පමණ ඉහතදීය.

ඔහුගේ උපන් දිනයට, අප්‍රේල් 29දා ෆේස් බුක් පණිවුඩයක්ද යැවීමි.

කෙසේ වුවත් අද ඔහු අප අතර නැත. 

එතුමාගේ සොහොයුරන් වන ගායන ශිල්පී විමල් ජේ. සාගර විමල් ජේ. ශ්‍රියාරත්න ද අද අප අතර නැත. එතුමාගේ වැඩිමහලු පුතු ප්‍රදීප් ප්‍රේමරත්න, වැඩිමහලු දියණිය ශ්‍යාමා ප්‍රේමරත්න, ඔහු රැකබලා ගත් පුතු අග්‍රා ප්‍රේමරත්න, බාල දියණිය ඩිංගිරි මිණි ප්‍රේමරත්න යන දරුවන් සිවු දෙනා ආදරයෙන් සිහිපත් කරමි. එතුමා වැනි නිහතමානී, දක්ෂ ගුරුවරයකු අද අපට අහිමිය.

ආදරණීය ෂෙල්ටන් අයියේ ඔබට ආජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි!

(***)

කලාභූෂණ
රංජිත් යාපා ද අල්විස්. 



අදහස් (2)

ෂෙල්ටන් ප්‍රේමරත්න මහා ගාන්ධර්වයා

ලයනල් Saturday, 01 June 2024 10:50 AM

අපගේ සාතිශය සංවේගය...

:       0       18

චන්දිම ෆොන්සේකා Monday, 03 June 2024 12:29 AM

මෙතුමා හමෝනියම් එකේ පුවරුව මත සිය ඇඟිලි තබා නිකමට හෝ එහා මෙහා කලත් ඇසෙනුයේ දිව්‍යමය මිහිරක් ඇති සංගීත රාවයක්...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1889 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1516 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site