dhf

 

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය ජනාධිපතිවරණයේදී බෙහෙවින් ප‍්‍රචලිත චරිතයක් වූවාය. ඉකුත් සතියේ ඇය ගමන් ගත් රථයට එල්ලවූ විරෝධය මත ඒ ආශි‍්‍රත කරුණු විමසා ඉරිදා ලංකාදීපය සමග පැවැති සාකච්ඡාව මෙසේය.

 

21_SLMA_P20_Back

ප‍්‍රශ්නය : මේ දවස්වල නිහඬ බවක් පෙනෙනවා.
පිළිතුර :
නිහඬ වෙලා නැහැ. ජනාධිපතිතුමාගෙ ජයග‍්‍රහණය වෙනුවෙන් මම කැපවෙලා වැඩ කළා. අපේ වගකීම අපි හරියට කළා. දැන් අයින්වෙලා නැහැ. දින 100 වැඩ සටහන සාර්ථක කර ගැනීමත් වේදිකාවල පොරොන්දු වෙච්ච දේවල් ඉටු කර ගන්නත් දැන් උත්සාහ කරනවා. හොරු, මංකොල්ලකාරයො, කුඩු කාරයො, අත්අඩංගුවට ගන්නව කියල කිව්වනේ. ඒ සඳහා නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන කි‍්‍රයා කරන ආකාරය දෙස බලාගෙන ඉන්නවා.

 


ප‍්‍රශ්නය : මේ දක්වා ඒ පොරොන්දු ඉටු වෙන ආකාරය ගැන තෘප්තිමත්ද?
පිළිතුර :
මෙහෙමයි. පසුගිය කාලය තුළ කෙරෙන වැඩ ගැන යම්තාක් දුරකට සතුටු වෙන්න පුළුවන්. වෙලේ සුදා වැනි අය අත්අඩංගුවට ගැනීම, දුමින්ද සිල්වා ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීම කලින් තිබුණ රජය යටතේ නම් සිහිනයක් වී තිබුණා. දැන් මේ රජය යටතේ ඒවා සිදු වෙනවා. හැබැයි මට නොතේරෙන දෙයක් තියෙනවා. මම නීතිය හදාරණ කෙනෙක්. දුමින්ද සිල්වාගෙන් ප‍්‍රශ්න කරලත් තවම අත්අඩංගුවට නොගැනීම ප‍්‍රශ්නයක්. සාක්ෂි තහවුරු කරගෙන සත්‍යතාවය බලල ඔවු නොවුන් අතර සම්බන්ධතාවය නිශ්චය කර ගැනීමට සිදු වෙනවා. දවසකින් දෙකකින් ඇප දෙනවට වඩා දිගින් දිගට සොයා බලල අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්න එක වඩාත් හොඳයි. ඒ වුනාට සාමාන්‍ය ජනතාවට ඒ කි‍්‍රයාවලිය අවබෝධ කර ගන්න බැහැ.
බිම් මට්ටමේ ජනතාව අහන්නෙ ඇයි මේ තරම් කල් යන්නෙ කියලයි. වරදක් කරල නැති නම් නිදහස් කරන්න  ඕනෑ. නැතිනම් නීතිමය පියවර ගන්න කියල තමයි ඔවුන් කියන්නෙ. පොලිසිය පසුගිය රජය කාලෙ ඇතැම් දේශපාලනඥයන්ට බයෙන් හිටි බව අපි දන්නා දෙයක්. මට හිතෙන දෙයක් තියෙනවා. එනම් අපි ආණ්ඩු වෙනස් කළාට ජනාධිපති, අගමැති වෙනස් කළාට, නීතිය කි‍්‍රයාත්මක කරන තැන්වල තවමත් දූෂිත නිලධාරීන් ඉන්නවා. මුදලට වැඩ කළ අය ඉන්නවා. රාජපක්ෂ පවුලට ගැතිකම් කළ අය තවම ඉන්නවා. හොඳ පිරිසක් ඉන්නවා. නමුත් පොදුවේ ඇතුළත වෙනස්වීමක් වෙලා නැහැ.

 

1

 


ප‍්‍රශ්නය : ඔබ කියන්නෙ ඔය තත්ත්වය නිසා සාධාරණයක් වෙන්නෙ නැහැ කියලද?
පිළිතුර :
මෙහෙමයි, අපට ජනතාවගෙ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න බැරිව යනවා. තිස්ස අත්තනායකට කූට ලේඛන සකස් කිරීම පිළිබඳව ඇති චෝදනාවට වඩා මේ තව අයට ඇති කුඩු චෝදනාව බරපතළයි. සාමාන්‍ය නීතියට අනුව මත් කුඩු චෝදනාවට ඇපදිය නොහැකි එකක්. දුමින්ද සිල්වා වැනි අයගෙන් ප‍්‍රශ්න කරමින් කල් මරන්නෙ ඇයි කියන එක අපට ප‍්‍රශ්නයක්. වැරැුදි කරන අයට යන්න දෙන්නෙ නැහැ. එයාර් පෝට් වහනව කියලයි කිව්වෙ. ඒත් අද වෙනකොට වැරැුදි කරපු පස් හය දෙනෙක් පිටරට ගිහිල්ලා. අපි ගිය මාස කීපය ඇතුළත මැතිවරණය වෙනුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක් කළා. මරණය අතේ තියාගෙන අපි ප‍්‍රචාරක වැඩ කළා. හදිසියෙවත් මහින්ද රාජපක්ෂ දිනුවා නම් අපේ ජීවිත ගැන විශ්වාසයක් නැහැ. නුගේගොඩ රැුස්වීම තියන්න පුළුවන් වුණේ මේ රටේ යහ පාලනයක් තියෙන නිසයි. මහින්ද රාජපක්ෂ දිනුව නම් ඔය වගේ රැුස්වීමක් පවත්වන්න දේවිද? කොහෙත්ම නැහැ. අඩු වශයෙන් රැස්වීම පවත්වන භූමිය වෙන්කර ගන්නවත් දෙනවද?


මෛතී‍්‍රපාල ජනාධිපතිවරයට ඉන්න දේවිද? බොහොම බරපතළ තත්ත්වයක් ඇති වෙනවා. අපිට බොහොම කටුක අත්දැකීම් තිබුණේ. අවාසනාවකට ඒ කටුක අත්දැකීම්වලින් අද එළියට ආවත් ගිය රජයේ හිටපු අය මේ යහපාලනය යටතේ තවමත් බලවත් වී ඉන්නවා.

 

2

 


ප‍්‍රශ්නය : ඔය කියන තත්ත්වය වෙනස්වන පාටක් නැද්ද?
පිළිතුර :
ජනාධිපතිතුමාට තවමත් විධායක බලතල තියෙනවා.  ඕනෑ වෙලාවක එතුමට නියෝගයක් දෙන්න පුළුවන්. ප‍්‍රමාදයට හේතු හොයල බලන්න පුළුවන්. ගිය රජය වගේ දුරකථනයෙන් නඩු තීන්දු වෙනස් කරන්න අවශ්‍ය නැහැ. තත්ත්වය සොයා බලන්න පුළුවන් නේ. දැන් තියෙන ලොකුම ප‍්‍රශ්නය මේවා සොයා නොබලන එකයි.


වර්තමාන ජනාධිපතිවරයා සමග නොසිටි බොහෝ දෙනෙක් දැන් එතුමා එක්ක ඉන්නවා. මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තියෙනවා. එනම් මාව මරන්න හෝ මට තැන තැන බැනපු හෝ මට විරුද්ධව වැඩ කරපු කෙනෙක් හෝ ඉන්නව නම් ඔවුන් ඒවා කළේ යම් කෙනෙකුගෙ අවශ්‍යතාවක් ඉටු කිරීමටයි. ඔවුන් තව දුරටත් ලඟ තබාගෙන ඉන්නවා නම් ඒක බොහොම බරපතළ දෙයක්. ගිය ජනාධිපතිවරයාට ගැතිකම් කරල වර්තමාන ජනාධිපතිවරයාට එදා පුළුවන් තරම් වැරැුදි කරපු මිනිස්සු තවම ළඟ ඉන්නව කියන එකත් ඔවුන්ට ඒ වරප‍්‍රසාද තවම දෙනව නම් ඒවා නොකළ යුතුයි. තමන් ළඟින් තියා ගත යුත්තේ තමන්ට හිතවත් පිරිසක්. තමන්ට ආදරය කරන පිරිසක්. හිටපු ජනාධිපතිවරයට වසර 9ක් තිස්සේ් හිතවත්ව සිටි අය එකවර වර්තමාන ජනාධිපතිවරයාට සමීප හිතවත්කමක් දක්වන එක ගැන හිතන්න  ඕනෑ.

 

3

 


ප‍්‍රශ්නය : එහෙම අය ඉන්නවද?
පිළිතුර :
අපොයි ඔව්. තවමත් ඉන්නවා. හිටපු ජනාධිපතිවරයගෙ කාලෙදි මේ ජනාධිපතිවරයාට කළ කෙණෙහිලිකම් අපි දැක්කා. අපිට පුදුමයි. අගමැතිතුමා නම් අලූත් පිරිසක් ඔහුගේ කාර්ය මණ්ඩලයට දා ගත්තා. හැබැයි කාර්ය මණ්ඩලයේ විතරක් නොවෙයි තවත් තැන්වල අර මිනිස්සුම රජ කරනවා. ගැතිකම් කළ අය තවම ඉන්නවා. පොලිස්පතිවරයා ඉතා හොඳ නිලධාරියෙක්. ඔහු යටතේ ඉන්න සමහර අයගෙ කි‍්‍රයාකාරකම් පිළිබඳව ප‍්‍රසිද්ධ විවේචන තිබුණා. ඒ අය තවමත් ඉන්නවා. පොලිස්පතිවරයා පරීක්ෂණ කරන්න යන්නෙ නැහැ නේ. ඊට පහළ නිලධාරීන් ඒවට යවනවා. අන්න ඒ අය ගැන මම කියන්නේ.

 


ප‍්‍රශ්නය : ඔබේ වාහනයට හූ කිව්වෙ ඇයි?
පිළිතුර :
පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව තිබුණ. විධායක සභාවෙදි ගත් ඇතැම් තීරණ පිළිබඳව ප‍්‍රාදේශීය මට්ටමේ ඇතැම් අය කැමැති වුණේ නැහැ. ඔවුන් ද දැනුවත් කළ යුතුයි කියලයි කිව්වේ. හැබැයි මීට පෙර එවැනි දෙයක් සිදුවූයේ නැහැ. විධායක සභාව ගත් තීන්දුවට සමස්ත කාරක සභාවෙම අනුමැතිය ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරුවල ඉන්න අයගෙන් වර්තමාන ජනාධිපතිවරයාට උදව් කළේ අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක්. සභාපති තනතුරට ජනාධිපතිතුමා පත්වුණත් තවත් ඒ පිරිසගෙ විරෝධතාවක් තියෙනවා. ඒ අයට අලූත් ජනාධිපතිවරයාගෙ පත්වීම දරා ගන්න බැරුව ඉන්නෙ. මම තමයි එදා විරෝධතාවය අතර මුලින්ම එළියට ආවෙ. මාව දැක්කම හොඳටම කේන්ති ගියා. මට බැනල කෑ ගැහුවා. මම ගැහැණු ළමයෙක්. තරුණියක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් හැටියට මම උදව් කරන්නෙ කාටද කියල තීරණය කිරීමට මට අයිතියක් තියෙනවා.


අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම වර්තමාන ජනාධිපතිවරයාට දීල ඉවරයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සියලූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ඒක පිළිගන්න වෙනවා. ඒකට එරෙහිව කෑ කෝ ගහලා පක්ෂයේ කීර්ති නාමයට හානිකළ පිරිසට විනය කි‍්‍රයාමාර්ගයක් ගන්න  ඕනෑ. ඒ අය කෑ ගැහුවෙ මට විතරක් නොවෙයි. ජනාධිපතිවරණයෙදී මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයට උදව් කරපු හැමෝටම කැත විදියට බැන්නා. මම ගෑණු ළමයෙක් වීම පිළිබඳව නොවෙයි, අපි ජනාධිපතිට උදව් කරපු අය. නමුත් අපි එතුමාට විරුද්ධව ජනාධිපතිවරණයෙදී කි‍්‍රයා කළ උදවිය වගෙයි.  අපිට කෙණෙහිලිකම් කරනවා. පක්ෂයේ ඉහළ පුටුවල ඉන්න අය මේවට පියවරක් ගන්න  ඕනෑ.


ප‍්‍රාදේශීය මට්ටමින් ජනාධිපතිවරණයේදී උදව් කළ අය ගැන සොයා බලන්න  ඕනෑ. සැලකිලිමත් වෙන්න  ඕනෑ. ඔවුන්ගෙ ආරක්ෂාව ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

m