IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


වාහන විදුලි බලයට හැරවීම සාර්ථක කර ගනිමු

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියකට පසුගියදා ආරම්භක පියවර තබනු ලැබීය. ඒ යටතේ පෙට්‍රල් භාවිතයෙන් ක්‍රියා කරන ත්‍රිරෝද රථ 200ක් විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන බවට පරිවර්තනය කිරීමට නියමිතය. ඒ සඳහා මූලික පියවරේදී බස්නාහිර පළාත තුළ මාකුඹුර සහ පිටකොටුව යන කලාප දෙකෙන් ත්‍රිරෝද රථ 100ක් බැගින් තෝරාගනු ඇත. 

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා ආරම්භ කෙරුණු මේ ව්‍යාපෘතියට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ප්‍රවාහන අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය,  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුළු ආයතන ගණනාවක සහාය ලැබෙනු ඇත.

රාජ්‍ය ආයතන ගණනාවක සහභාගිත්වයෙන් ඇරඹුණු මේ ව්‍යාපෘති මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සඳහා තැබූ යෝධ පියවරක් වශයෙන් අපි දකිමු. එම යෝධ පියවර රටේ ආර්ථිකයට සවිමත් අත්වැලක් සපයන ඵලදායී ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමේ වගකීම ඇත්තේ ඊට සම්බන්ධ වන රාජ්‍ය ආයතන මත බව සඳහන් කිරීමද වැදගත් යැයි අපි සිතමු. 

මෝටර් රථ ධාවනය සඳහා බලශක්තිය වෙනුවට විදුලි බලය යොදා ගැනීම අපේ රටට අලුත් අත්දැකීමක් වුවද ආසියාවේ පවා බොහොමයක් රටවල මේ වනවිට එය ක්‍රියාත්මකය. ඉන්දියාව වැනි ආසියානු රටවල මෙවැනි නියමු ව්‍යාපෘති ක්‍රියාවට නංවා දැන් බොහෝ කාලයක් ගතවී තිබේ. ඒ රටවල  ඉදිරි දශකය තුළදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන සංඛ්‍යාවේ ප්‍රතිශතය අදට සාපේක්ෂව ඉහල මට්ටමක තබාගෙන ඇති බව සංඛ්‍යාලේඛන ඇතුළත් තොරතුරු වලින් පෙනී යයි.

එහි අවසන් වාසිය සෘජුවම බැඳී ඇත්තේ රටේ ආර්ථික තත්ත්වය සමගිනි. ඒ අර්ථයෙන් ගත් කල පෙට්‍රල් වාහන විදුලි බලයට හැරවීමේ ලංකාවේ නියමු ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ සුවිශාල හැරවුමක වේදිකාවක් බවට පත්කර ගැනීමට ද අවස්ථාව තිබේ. එම අවස්ථාව උදාකර ගැනීමට නම් ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම ප්‍රධානම කොන්දේසියයි. 

අප එසේ සඳහන් කරන්නේ රාජ්‍ය ආයතන සහ අමාත්‍යාශ ගණනාවක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ඇතැම් ව්‍යාපෘතිවලට අත්වෙන ඉරණම ගැන ඇති අත්දැකීම් ඇසුරෙනි. තීන්දු තීරණ ගැනීමේදී එක් එක් අමාත්‍යාංශවලත් රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතරත් විවිධ මත ගැටුම් ඇතිවනු අපි දැක ඇත්තෙමු. ඒ හේතුවෙන් සිදුවන්නේ එම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍යම වන හරි තීන්දුව නිසි අවස්ථාවේදී ගැනීම ඇනහිටීමය. විශේෂයෙන් අවසන් අනුමැතිය අවශ්‍ය වන අවස්ථාවේදී යළිත් ඊට කලින් ගනු ලැබූ තීරණවල වාර්තා කැඳවීම හෝ එම තීන්දු පිළිබඳ සොය බැලීමට හෝ කමිටු පත් කිරීම අපේ රටේ ජාතික දේහය තුළ කිඳා බැස ඇති පොදු දුර්වලතාවකි.

එවැනි තත්ත්වයකට ප්‍රධාන හේතුව ලයිට් කණුවේ සිට ගුවන් යානය මිලදී ගැනීම දක්වා සියලු තීරණ ගැනීම් දේශපාලන බූවල්ලන්ගේ ග්‍රහණයට හසුවීමය. මේ තත්ත්වය වෙනස් කිරීමට ඇතැම් දේශපාලන නායකයන් වරින් වර ගත් උත්සාහය සියල්ල ගඟට ඉනි කැපීමක් වී තිබේ. එසේ නොවන්න අඩුම තරමින් ත්‍රිරෝද රථ  විදුලි බලයට හැරවීම හෝ කාලයකට පෙර ඇරඹීමට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. එහෙත් අපේ රටට ඒ තරම් වාසනාවක් නැත. 

මේ රටේ දෛනික වියදමෙන් ඉහළ ප්‍රතිශතයක් වෙන්වී තිබෙන්නේ බලශක්ති පිරිවැය වෙනුවෙනි. එයින්ද ප්‍රධානම වියදම වාහන සඳහා වැයවන ඉන්ධන මත පැටවී තිබේ. ලොවේ බොහෝමයක් රටවල් කාලයකට පෙර සිටම ඒ සඳහා විකල්ප සොයා ගැනීමට විශාල මුදලක් සහ කාලයක් වැයකළ අතර අද ඔවුහු ඒවායේ ප්‍රතිඵල ඉහළ මට්ටමින් භුක්ති විඳිමින් සිටිති. 

මෝටර් රථ පමණක් නොව බස්, වෑන් සහ ලොරිද දුම්රිය ද විදුලි බලය උපයෝගී කර ගනිමින් ධාවනයට එකතු කිරීමට ඔවුහු සමත්ව සිටිති. මේ ඇතැම් රටවල් 2030 සහ 2040 වනවිට සියයට සීයයක්ම විදුලි බලයෙන් ධාවනය වන වාහන පමණක් තම ප්‍රවාහන කටයුතු වලට යොදවා ගත යුතු බවට නීති පවා කෙටුම්පත් කර තිබේ. ඉන්දියාවේ පවා සමහර ප්‍රධාන නගරවල මීළඟ දශකය තුළදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන පමණක් ඇතුළු කිරීමට අවසර ලබාදෙන මට්ටම දක්වා විදුලි වාහන නිෂ්පාදනය කිරීමට ඉලක්ක කරගෙන තිබෙන බවද ප්‍රකාශයට පත් වී තිබේ.  

මේ පසුබිම යටතේ ත්‍රිරෝද රථ 200කින් ආරම්භ වන වාහන විදුලි බලයට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගනිමින් අනාගතයේදී එය තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමට මංපෙත් විවර කර වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මේ නියමු ව්‍යාපෘතිය සඳහා සියලු වියදම් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් දරණු ලබන බව ප්‍රකාශිතය. ඔවුන්ගේ අරමුදල් සැපයීම අත්හිටවූ පමණින් මේ වැඩසටහන නතර නොකළ යුතු බවද සඳහන් කරනු කැමැත්තෙමු.

(***)



අදහස් (6)

වාහන විදුලි බලයට හැරවීම සාර්ථක කර ගනිමු

Upali Thursday, 18 May 2023 01:03 PM

කරුණාකර මේ ගැන විමසන්න දුරකථන අංක සඳහන් කරන්න...

:       0       3

Pradeep Kumara Thursday, 18 May 2023 02:23 PM

ඉතාමත් වැදගත් වැඩක්. නමුත් මීටපෙර කළයුතු දෙයක් නැද්ද? විදුලි ඒකකයක් වෙනුවෙන් පාරිභෝගිකයාට අධික මුදලක් දැරීමට සිදුවී ඇති කාලයක විදුලි වාහන සඳහා ඇති ඉල්ලුම කෙබඳු වේද? බොහෝමයක් රටවල් මේ සඳහා සූර්ය බලය යොදා ගත්තත් අපේ රටේ සූර්ය බල විදුලිය උත්පාදනය සඳහා රජයේ ඇති මැදිහත් වීම ඉතාමත් අල්පයි. පෞද්ගලික මට්ටමින් ඇතැම් අය මේ සඳහා පෙළඹී සිටියත් බොහෝ දෙනෙකුට එය කරගැනීමට නොහැකිවී තිබෙන්නේ ඒ සඳහා වන අධික පිරිවැයයි. යම්කිසි බදු සහනයක් මේ සඳහා ලබාදී හෝ සූර්යබල විදුලිය භාවිතය ඉහළ නොදමා මේ විදුලි වාහන ජනප්‍රිය කරවීම විහිළුවක් නොවේද?

:       1       9

සිල්වා Thursday, 18 May 2023 04:29 PM

වහලය මත සවි කරන ලද සෝලාර් පැනලයක් මගින් ස්වයංක්‍රීයව චාර්ජ් වෙන්න හැදුවා නම් ගොඩක් හොඳයි නේද?

:       1       6

Perera Friday, 19 May 2023 06:00 AM

විදුලි වාහන වලට අවශ්‍ය විදුලිය ඛනිජතෙල්වලින් නිපදවනවා නම් මොකක්ද ඇති ඵලේ...?

:       1       8

ranwakaFriday, 19 May 2023 11:44 AM

සෝලා සිස්ටම් එකක් දාන්න බැරිද ත්‍රිවිල් එකේ වහලෙට...?

:       0       8

Suutin matin. Friday, 19 May 2023 11:01 AM

මේක ගොඩක් වැදගත් දෙයක්... රටේ ඉදිරි අනාගතයට... රට ගොඩ එන්න නම් මේ වගේ දේවල් ඕනෑ. දේශපාලකයන් ඉල්ලා සිටින්නේ කොමිස් ගැන සිතා මේ වගේ හොඳ දේවල් කඩාකප්පල් කරන්න එපා කියලා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 301 1

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 201 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 776 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 2868 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 170 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 650 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1209 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site