IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වසර 36 කට පසු ලැබූ ජයග්‍රහණය

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ලෝක ශූරයින් වූ ප්‍රංශයට මෙවර අනුශූරයන් කිරීමට සමත් වූයේ ආජන්නාවය. පා පන්දු ලෝක කුසලානය නිමා වෙද්දී ආජන්ටිනා සුපිරි ක්‍රීඩක මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව නව ලෝක ශූරයින් ලෙස කිරුළ හිමිකර ගෙන තිබුණි.

බොලිවුඩ් සුරූපිනිය, දීපිකා පදුකෝන් සහ ස්පාඤ්ඤයේ හිටපු පා පන්දු තරුව ඉකේ කැසියස් අතින් පාපන්දු ලෝක කුසලානය ලෝකයට නිරාවරණය විය. එය සුවිශේෂී සිදුවීමක් වුණු අතර දීපිකා සමාජ මාධ්‍ය ඔස්සේ ලොව කාගේත් අවධානයට ලක්විය. දීපිකා පදුකෝන් මෙම අවස්ථාව හිමිකරගැනීම, බොලිවුඩයේ රන් අකුරින් ලියැවෙනු ඇති බවට බොලිවුඩ් රසිකයෝ පැවැසූහ. පාපන්දු ලෝක කුසලානයක් නිරාවරණය කළ පළමු ඉන්දියානුවා වූයේ ද දීපිකා ය.

ලොව බිලියනපතියන් අතරින් ඉහළින් පසුවන ඉලෝන් මස්ක් ද පාපන්දු පිටියට පැමිණ සිටීම සුවිශේෂී සිදුවීමක් විය. එලෝන් මස්ක් ට්විටර් මිලදී ගැනීමත් සමඟ ඔහු ගැන දැඩි කතාබහක් ලොව පුරා නිර්මාණය වුණා.

තරඟයේ පළමු අර්ධය අවසානයේ ආර්ජන්ටිනාව 2 හා ප්‍රංශය 0 ලෙස ලකුණු පැවැතිණි. ආර්ජනා ක්‍රිඩකයන් වන ඇන්ජේල් දි මරීයා සහ ලයනල් මෙසී එම ගෝල දෙක වාර්තා කර තිබුණි. ගෝල වාර්තා වූයේ 23 හා 36 මිනිත්තුවලදීය. දෙවන අර්ධය අවසානයේ, වෙනසක් කිරීමට ප්‍රංශය සමත් විය. ඒ අනුව කයිලීන් මැප්ප්, 80 සහ 81 මිනිත්තු වලදී ගෝල දෙකක් වාර්තා කර තරලය සම කළේය. මේ නිසා මිනිත්තු 90 අවසානයේ දෙපිලම සමවීම නිසා අතිරේක කාලයක් ලබා දීම සිදුවිය.

අතිරේක කාලය අවසානයේ ගෝල 3-3 ක් ලෙස ද සම වූ අතර දඩුවම් පහර මගින් තරගයේ තීරණය වෙනස්වනවිට ආජන්ටිනාව ගෝල 4-2 ක් ලෙස ප්‍රංශ කණ්ඩායම පරාජයට පත් කළේ වසර 36 කට පසු ආජන්ටිනාවට යළි පාපන්දු ලෝක කුසලනය හිමි කර දෙමිනි.

පාපන්දු ලෝක කුසලාන තරග 26කට ක්‍රීඩා කළ මෙසී වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකළ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීය. ලැබූ ජයග්‍රහණයත් සමඟ ආජන්ටිනා පිළට හිමිවුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 42 කි. දෙවැනි ස්ථානයට පත් වුණු ප්‍රංශයට හිමි මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 30 කි.

මෙසී අති දක්ෂ පාපන්දු තරුවක බව අවිවාදයෙන් පිළිගත යුතුය. තම වයස ද සැලකිල්ලට ගනිමින් තමන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම යෑමට සූදානම් බව මෙසී පවසා තිබුණේ මෙම පා පන්දු ලෝක කුසලානය අතරතුරේය. කෙසේ නමුත් ආජන්ටිනා පිළ ලැබූ ජයග්‍රහණයෙන් පසු ලයනල් මෙසී කීවේ, පා පන්දු ශූරයෙක් විදියට තමන් තව දුරටත් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවය.

ලෝක කුසලාන තරගාවලිය අවසන් වෙද්දී දක්ෂතම දැල් රකින්නා බවට පත්වූයේ ආජන්ටිනා දැල් රකින ක්‍රීඩක එමිලියානෝ මාටිනස් ය. තරගාවලියේ වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩකයාට පිරිනැමෙන ගෝල්ඩන් බූට් (රන් සපත්තුව) සම්මනය ප්‍රංශයේ කිලිවක් ම්බැපේට හිමිවිය. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් (රන් පන්දුව) සම්මනය හිමිකර ගත්තේ ආජන්ටිනා නායක ලියොනල් මෙසී ය.

පා පන්දු ලෝක කුසලානය අවසන් වෙද්දී තෙවැනි ස්ථානය හිමි කරගත්තේ ක්‍රොයේෂියාවය. ඔවුන්ට හිමි මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 27 කි.  සිවුවැනි ස්ථානයට පත් වූ මොරොක්කෝ පිළට හිමිවුණු මුදල ඇමෙරිකන් ඩොලර් 25 කි.

ලයනල් මෙසී ලොව පතල සුපිරි පා පන්දු තරුවයි. ලෝක ප්‍රකට දියේගෝ මැරඩෝනාගෙන් පසුව ආජෙන්ටිනාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයා ඔහුයි. ‘ලා පුල්ගා’ (මැක්කා) යන අන්වර්ථ නාමයකින් හඳුන්වනු ලබන ඔහු ලෝක පාපන්දු සම්මේලනයෙන් ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රිඩකයාට පිරිනැමෙන වාර්ෂික සම්මාන පිට පිට හත් වතාවක් දිනා ඇත.

ලෝක කුසලාන ජයග්‍රහණයට පෙර මෙසී, යුරෝපා පාපන්දු සංගමය හොඳම ක්‍රීඩකයාට පිරිනමන ‘රන් සපත්තුව’ හය වතාවක් දිනා සිටියේය. වෘත්තීය ක්‍රීඩකයකු වශයෙන් එක දිගට ම ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට පමණක් ක්‍රීඩා කළ මෙසී, ඔහුගේ ක්‍රීඩා සමාජය හා සිය මව්රට වූ ආජෙන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලාන අවසන් තරගයට සහභාගී වීමට පෙර ලබා සිටි ගෝල සංඛ්‍යාව 786කි. වැඩිම අන්තර් ජාතික ගෝල සංඛ්‍යාවක් (90) ලද එකම දකුණු ඇමෙරිකානු ක්‍රීඩකයා ද ඔහුය.

මෙසී මෙවර ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ දී මෙක්සිකෝ පිලට එරෙහිව වෙනුවෙන් ලබා ගත් ගෝලයෙන් ලෝක පාපන්දු කුසලාන තරඟවල දී වැඩිම ගෝල ගණනක් (8) ලබාගෙන මැරඩෝනා තබා තිබූ වාර්තාව සම කිරීමට මෙසී සමත් විය. 2022 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ දී මැක්සිකෝවට එරෙහිව ගෝලයක් ලබා ගනිමින් ලයනල් මෙසී ආජෙන්ටිනාව ජයග්‍රහණය කරා ගෙන ගියේය.

(අල් ජසීරා)



අදහස් (0)

වසර 36 කට පසු ලැබූ ජයග්‍රහණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site