IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


විසඳුම් නැති පැලැස්තර විසඳුම්

ආර්ථිකය තවමත් නොවිසඳුනු අර්බුදයකි. විදේශ සංචිත සියයට 4.4 කින් අඩුවී ඇතැයි ඉකුත් 08 වැනිදා මහ බැංකුව නිවේදනයකින් කියා සිටියේය. ඒ අනුව මෙරට විදේශ සංචිතය ජූලි මාසයේ තිබූ ඩොලර් මිලියන 3765 සිට අගෝස්තු මාසය වනවිට ඩොලර් මිලියන 3598 ක් දක්වා අඩු වී ඇති බව ද එමගින් පෙන්වා දී තිබේ.

ඉකුත් කාලයේ වර්ධනය වූ විදේශ සංචිත මෙලෙස අඩුවීම සාකච්ඡාවට ලක්ව තිබෙන්නකි. බංකොලොත්භාවයෙන් මිදී රට සාමාන්‍ය තත්ත්වයට ගමන් කරන බව ජනාධිපතිවරයාගේ අදහසය. ඒ අනුව නැවත ණය සේවාකරණය කරන බවට ද ආණ්ඩුව පොරොන්දු වී තිබේ. බංගලාදේශයෙන් ලබාගත් ඩො.මි. 200 ක ණයෙන් වාරික දෙකක් ගෙවන බව කියන්නේ ඒ අනුවය.

රට බංකොලොත්භාවයෙන් මිදී රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි මේ අනුව කෙනකුට සිතෙන්නට පුළුවන. රටේ ආර්ථික අර්බුදය අවසන් ද නැතිනම් එය සැඟව තිබේදැයි සොයා බැලිය යුතුය. ලංකාව තිබෙන්නේ ගනිකන්දක් උඩ සොසේජ් බැඳෙන කාලෙක බව ඉකුත් දිනෙක බන්ධුල ගුණවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කිරීම එයට හේතුවය. මේ ප්‍රකාශයේ බරපතළ අරුතක් සහ ගැඹුරක් තිබේ. මෙරට ආර්ථිකයේ ගමන් මග සහ වර්තමානය සොයා බැලුව හොත් ඉතිහාසයට ගොස් ලංකාවට වුණේ කුමක්දැයි විමසිය යුතුය.

ලංකාව හිඟ දෙකක් තිබෙන රාජ්‍යයකි. එක්  පැත්තකින් අපට රුපියල් නැත. අනෙක් පැත්තෙන් ඩොලර් නැත. රුපියල් නැතිවීම යනු බරපතළ අයවැය හිඟයකට මුහුණ දෙන බවය. වෙළෙඳ ගිණුමේ හිඟයෙන් පෙන්නුම් කරන්නේ රටේ ඩොලර් නැතිකමය. ආනයන සහ අපනයන අතර විශාල පරතරයක් ඇත්තේ එහි ප්‍රතිඵලයෙනි. 2023 බලාපොරෛත්තු වන රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3456 කි. ආදායම එසේ වෙද්දී ණය සේවාකරණය ඇතුළුව කළ යුතු ගෙවීම් රුපියල් බිලියන 7879 කි. එයින් පෙන්නුම් කරන්නේ දළ වශයෙන් රුපියල් බිලියන 4979 ක් පමණ ණය ගතයුතු බවය. ලංකාව තවමත් බරපතළ අර්බුදයක සිටින බව එයින් පෙන්නුම් කරන්නකි. ආදායමට වඩා වැඩි මුදලක් ණයට ගැනීමට සිදුව තිබේ.

දේශපාලනීකව සංවේ දී කාරණයක් බැවින් මෙය ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා විසින් නිර්මාණය කරන ලද්දක් බවට චෝදනා නැගෙයි. ඒ වගේම මෙය මෙරට දිගින් දිගටම තිබු ගැටලුවක් යැයි තවත් අය තර්ක කරති. 2010දී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 446 කි. 2018 වන විට එම අගය රුපියල් බිලියන 760 කි. එකී වසර නවය තුළ දළ වශයෙන් රුපියල් බිලියන 606 ක පමණ අය වැය හිඟයක් තිබුණි.

2019 බලයට පත් ගෝඨාභය ආණ්ඩුව බදු කපා හැරීමෙන් රුපියල් බිලියන 600 ක් පමණ අහිමි කර ගත්තේය. ඒ බදු කපා හැරීයේ ඇයි? එය සාධාරණද? නැද්ද? යන්න වෙනම කරුණකි. මේ බදු කපා හැරීමත් සමග 2017 අයවැය හිඟය රුපියල් බිලියන 1439 ක් දක්වා ඉහළ ගියේය. එය 2020 දී රු.බි. 1667 කි. 2021 දී එම අගය රු.බී. 2050 කි. 2022 දී එම අගය රු.බි. 2333 කි. 2023 දී රු.බි. 2404 ක පමණ අයවැය හිඟයක් අපේක්ෂිතය. 2018 න් පසුව අයවැය හිඟය විශාල වශයෙන් වැඩිවී ඇති ආකාරය මෙයින් තහවුරු වන්නකි.

රටක වියදම වැඩි වුව ද ආදායම වැඩි වන්නේ අඩු වේගයකිනි. වියදම වැඩිවන පරිසරයක අප කළේ ආදායම කපා හැරීමය. ආදායම් වියදම් පරතරය වැඩි වූ විට කරන්නේ ණය ගැනීමය. ලංකාව ණය අර්බුදයක ඇති රටක් බව බොහෝ දෙනාගේ අදහසය. ප්‍රශ්න ඇත්තේ ඒ නිසා බවය. 2022 වන විට මෙරට සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 128 ක්ව තිබුණි. එම අගය 2019 පැවැතියේ සියයට 87 කය. 2021 දී එම අගය සියයට 119 කි. මෙලෙස ණය වැඩිවීම ආර්ථිකය කඩා වැටීමට හේතුව බව ඇතැම් අයගේ අදහසය. ලංකාවේ අර්බුදය ණය වැඩිවීම නොවේ. ණය කළමනාකරණයේ දුර්වලතාවයි.

ලෝකයේ ණයගත් රාජ්‍ය දෙස බලනවිට 2022 දී ජපානයේ ණය ඩොලර් බිලියන 9087කි. එහෙත් ලංකාවේ විදේශ ණය තවමත් ඩො. බිලියන 52 ක් පමණය. ඉතාලියේ ණය ඩො.බි. 2480 කි. ඇමරිකාවේ ණය ඩො.බි. 19230 කි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත්විට ජපානය සියයට 259 ක් ණයය. ඇමරිකාවේ එම ප්‍රතිශතය සියයට 107 කි. ඉතාලියේ එකී අගය සියයට 133 කි. එහෙත් ලංකාවේ ණය ප්‍රතිශතය ඇත්තේ සියයට 128 ක් වශයෙනි.

අර්බුදය තිබෙන්නේ ණයේ නොවේ. ණය සේවාකරණයේය. ජපානයේ මෙතරම් ණයක් තිබියදීත් තම සමස්ත ආදායමෙන් ණය ගෙවීමට වියදම් කරන්නේ සියයට 8.2 කි. ඇමරිකාව සිය ආදායමෙන් සියයට 15 ක්ද ඉතාලිය තම ආදායමෙන් සියයට 7.4 ක් ණය ගෙවීමට වියදම් කරයි. එහෙත් ලංකාවේ සියයට 128 ක ණය ප්‍රතිශතයක් පැවැතිය ද සේවාකරණයේ ප්‍රශ්න තිබේ. 2020 දී ණය ප්‍රතිශතය සියයට සියයක්ව තිබුණි. එම වසරේ ණය ගෙවීමට මුළු ආදායමෙන් සියයට 71.7 ක් පමණ යොදවා තිබේ. 2019 දී මෙරට සමස්ත ආදායමෙන් ණය ගෙවීමට යෙදවූයේ සියයට 47 කි. ආදායම් අඩුකර ගැනීම නිසා එම අගය 2020 වන විට සියයට 71 කට ඉහළ ගිය බව පැහැදිලිය.  

යම් පුද්ගලයෙක් රුපියල් 100 ක් උපයා ඉන් රුපියල් 71 ක් ණය ගෙවීමට යොදන්නේ නම් එම පුද්ගලයා බංකොලොත්ය. කෙසේ වුවත් 2020 මේ අර්බුදයත් සමග ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ගැනීමේ අවකාශය ඇහිරී ගියේය. මේ තත්ත්වය යටතේ ශ්‍රේණිගත කිරීම් වලින්ද ලංකාව පහතට ඇද දැමුවේය. මේ සමග ණය ගැනීමේ හැකියාව ද අහිමිවුණි. බදු කපා හැරීමෙන් රුපියල් අදායම අහිමි කරගත්තා සේම පැවැති ව්‍යුහාත්මක ගැටලු හමුවේ ජාත්‍යන්තර වෙළෙඳ පොළට යාමට නොහැකිවිය.

මේ සත්‍ය ජනතාවට වසන් කිරීමට දිගින් දිගටම ආණ්ඩුව උත්සාහ කළේය. 2019 දී ඩො.බි. 7.6 ක සංචිත තිබුණි. 2022 දෙසැම්බර් වන විට එම අගය ඩො.බි. 0.5 කට අඩු වුණි. රුපියල ශක්තිමත්ව තබා ගැනීමට ඩොලර් යෙදවීම එයට හේතුවය. මෙසේ ඩොලර් පිච්චීමේ ප්‍රතිඵලය වූයේ භාණ්ඩ ආනයනයට ඩොලර් නැති වීමය. එම අවස්ථාවේ ගත්තේ ද ප්‍රායෝගික නොවන තීන්දුය. පොහොර ආනයනය තහනම් කළේය. එයින් උද්ගත වූයේ තවත් බරපතළ ප්‍රශ්නයකි. ප්‍රශ්නයට උත්තර හැටියට ලබා දුන්නේ තවත් ප්‍රශ්න රාශියක ආරම්භයකි.

රට ආර්ථික අර්බුදයකට යන බව කතා කරන්නේ 2003 පමණ සිටය. ගෝඨාභය රාජපක්ෂ ඉහත තීරණ නොගත්තා නම් ආර්ථිකය පුපුරා යන්නේ 2030 දී පමණය. ගෝඨාභය පාලනය එම පුපුරායාම ඉක්මන් කළ බව එයින් පැහැදිලිය. අර්බුදය සම්බන්ධයෙන් 2003 පමණ සිට කරුණු පැහැදිලි කළ ද පාලකයන් එයට සමච්චල් කළා මිස එය ගණනකට ගත්තේ නැත. ජනතාවත් කළේ දාර්ශනික උත්තර සෙවීමය.

අවසානයේ පාලකයන් ගෙදර යවන තැනට අර්බුදය ගමන් කළේය. එයින් ද ආර්ථිකයට වැදුණේ පහරකි. ඒ කාලයේ සංචාරක ආදායම් අහිමිව ගියේය. ඍජු විදේශ ආයෝජන අහිමි වුණි. විදේශ ප්‍රේෂණ කඩා වැටුණි. ඩොලර් නැති පසුබිමක තව දුරටත් ඩොලර් අහිමිවීම එකී අර්බුදයේ ප්‍රතිඵලයකි. ආර්ථිකය හුස්ම ගැනීමට නොහැකි තැනට පත්වූයේ ඒ අනුවය. මෙයට පිළියම ලෙස යෝජනා වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමය. වත්මන් ජනපති පවා එදා විපක්ෂයේ සිටිමින් දැරුවේ එම මතයයි. මූල්‍ය අරමුදල මැදිහත්වීමත් සමග මූල්‍ය විනයක් ඇතිවන නිසා ආර්ථිකයේ යම් ප්‍රකෘතිමත් වීමක් පසුගිය කාලයේ දක්නට ලැබුණි. තෙල්, විදුලිය අඛණ්ඩව ඇත්තේ ඒ හේතුවෙනි.

රටේ ප්‍රශ්නය අවසන් යැයි එයින් කියැවෙන්නේ නැත. කලින් තිබූ  ප්‍රශ්න දැන් සියලු දෙනාටම අමතකය. එහෙත් ආර්ථිකවේදීන් වන අපගේ මතය වන්නේ රටේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් ලැබී නැති බවය. විසඳුම් දීමට නම් ප්‍රශ්නයේ මුල සෙවිය යුතුය. පදනම අවබෝධ කරගත යුතුය.

එහෙත් ආණ්ඩුව තවදුරටත් උත්සාහ කරමින් සිටින්නේ එදිනෙදා ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමටය. මුල් කාලයේ ආර්ථිකයට වැඩි අවධානය යොමු කළ ද මේවනවිට ජන මනස වෙනස්වී ඇති නිසාදෝ ආර්ථිකයට වඩා දේශපාලනයට මුල්තැන දෙන ස්වභාවයක් පෙනේනනට තිබේ. පාර්ලිමේන්තුවේ කමිටු පත් කළද ඔවුන් හරහා නිවැරැදි පිළිතුරු ලැබේ යැයි විශ්වාස කළ නොහැක. හොරාගේ අම්මාගෙන් පේන ඇසීමෙන් ස්වාධීන මතයක් අපේක්ෂා කළ නොහැක.

මූල්‍ය අරමුදලේ මැදිහත්වීමත් සමග මෙරට අර්බුදයේ ගැඹුර දැක ගන්නට ලැබිණි. ආණ්ඩුවක් හැටියට ඇති පිළියම වන්නේ එක්කෝ ආදායම් වැඩිකර ගැනීමය. නැතිනම් වියදම් අඩුකර ගැනීමය. වියදම් අඩුකිරීමට නොහැකි නිසා තිබෙන අභියෝගය ආදායම් වැඩිකර ගැනීමය. ණය ගැනීමට නොහැකි නිසා සිදුවන්නේ බදු ආදායම් වැඩිකර ගැනීමය. මෙතැනදීත් ආණ්ඩුව  කළේ ධරණිය විසඳුමකට යාමට වඩා දැන් බදු ගෙවන අය පිට වැඩි බදු පැනවීමය.

මෙරට වැඩකරන ජනතාව ලක්ෂ 81 ක් පමණය. එහෙත් බදු ගෙවන්නේ අල්ප පිරිසකි. මෙම පිරිස මත වැඩි බදු  බරක් පැටවීම නිසා බුද්ධි ගලනයක් ගැන කතා කිරීමට සිදුව තිබේ. විරෝධතා දියත්ව තිබේ. ආණ්ඩුව කළ යුතුව තිබුණේ බදු පදනම පුළුල් කර සාධාරණ බද්දක් බදු ගෙවිය යුතු සියල්ලන්ගෙන් අයකර ගැනීමය. එහෙත් ආණ්ඩුව දැන්ද එවන් වුවමනාවක් පෙන්නුම් කරන්නේ නැත.

ආදායම් සහ ලාබය මත අයකරන බදු රටේ සමස්ත ආදායමේ ප්‍රතිශතයක් වශයෙන් ගත්විට එම අගය  චීනයේ සියයට 21කි. ඉන්දියාවේ සියයට 45 කි. සිංගප්පූරුවේ සියයට 37 කි. මැලේසියාවේ සියයට 45 කි. තායිලන්තයේ සියයට 30 කි. එහෙත් ලංකාවේ එම අගය සියයට 17 කි. ජාත්‍යන්තර වෙළෙඳාම මත අයකරන බදු තවත් අංශයකි. මෙහිදී ආණ්ඩුවක් බෙහෙවින් පරෙස්සම් විය යුතුය. ජාත්‍යන්තර වෙළෙඳාම මත චීනය අයකරන බද්ද සමස්ත ආදායමෙන් සියයට 1.8 කි. ඉන්දියාව සියයට 4.5 කි.

කොරියාව සියයට 1.3 කි. මැලේසියාව සියයට 1.4 කි. සිංගප්පූරුවේ එම අගය බිංඳුවකි. එහෙත් මෙරට එම අගය සියයට 26.3 කි. මෙරට බදු ව්‍යුහය මොනතරම් අසාර්ථක ද අවිධිමත් ද යන්න මේවායෙන් පැහැදිලිය. ලෝක බැංකු වාර්තා මේ දත්ත පෙන්නා දෙනතෙක් මෙරට වගකිව යුත්තන් මෙය දුටුවේ නැද්ද? මේ අර්බුදවලට දැන්වත් විසඳුම් සොයනවා ද? ජාත්‍යන්තර වෙළෙඳාම වර්ධනය කිරීමට ගන්නා පියවර තවම දක්නට නැත.

බදු පනවා හෝ රුපියල් ආදායම වැඩිකරගත හැකිය. එහෙත් ඩොලර් ආදායම් එසේ වැඩි කරගත නොහැක. එහිදී විශේෂයෙන්ම අපනයන ආදායම් වැඩිකර ගත යුතුය. මූල්‍ය අරමුදලේ පුරෝකථන අනුව 2026 වනවිට අපේ අපනයන ආදායම  ඩො.බි. 16 කට වැඩි කරගත යුතුය. අද අපේ අපනයන ආදායම ඩො.බි. 12 කි. ගෙවුණු මාස දෙකේ දී අපනයන ආදායම අඩුවී තිබේ. අපනයන හිතකර පරිසරයක් හැදීම වෙනුවට බදු ගසා, පොලී නංවා අපනයන අහිතකර පරිසරයක් හැදීම එයට හේතුව විය හැකිය. ඩො.බි. 12 සිට ඩො.බි. 16 කට අපනයන ආදායම නැංවීමට ආණ්ඩුව කරන දෙයක් පෙනෙන්නට නැත. මේවා ගැන කිසිදු කථිකාවතක් නැත.

ඍජු විදේශ ආයෝජන නැංවීම යනු දේපල විකිණීම නොවේ. ඇත්තටම ආයෝජන ලංකාවට ගෙන එන්නේ කෙසේද? ආයෝජන හිතකර පරිසරයක් වෙනුවෙන් ආණ්ඩුව කරන්නේ කුමක්ද? රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම තවත් කාරණයකි. උපායමාර්ගිකව වැදගත් රාජ්‍ය ආයතන ඇත්තේ පනස් දෙකක් හෝ පනස් පහකි. ඇඩ්වොකාටා ආයතනයට අනුව මේ ආයතන 2006 සිටට 2015 දක්වා ලබා ඇති පාඩුව රු.බි. 636 කි. 2022 පළමු මාස 4 දී රු.බි. 860 ක පාඩුවක් මේ ආයතන වලින් සිදුව තිබේ.

2017 සිට 2021 දක්වා පාඩුව රු.බි. 1500 කි. මේවා සම්බන්ධව ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්ද? ඒවා ගැන කතාවක් නැත. ඛනිජ තෙල් සංස්ථාව අලාබ නොලබන තැනට පත්කර තිබේ. විදුලිබල මණ්ඩලය ද එසේය. මේවාද කළේ මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීම හා කොන්දේසි යටතේය. පිටින් ඇවිත් පෙන්වන තෙක් මේවා  නොකළේ ඇයි ?

ණය ප්‍රශස්තකරණය ගැන කතා කළද ඒවා  තවමත් ක්‍රියාත්මක කළ හැකි තැනකට පැමිණ නැත. ආණ්ඩුවේම පරස්පරතා මේවාට හරස්ව තිබේද යන සැකය මතුව තිබේ. මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය බලාපොරොත්තු වන්නේ මෙම මාසයේය. ඒ  ​ෙවනුවෙන් ලබාගත යුතු ප්‍රගතිය අතින් අප සිටින්නේ පිටුපසිනි. එනිසා තිබෙන ඇල්මැරුණු ගතිය ඉවත්කර වේගයෙන් මූල්‍ය අරමුදල සමග එකඟතාවලට යායුතුය. එසේ නොවුණහොත් දෙවැනි වාරිකය පමාවිය හැකිය. ඒ හරහා නැවත අර්බුදයකට යාමට පවා ඉඩකඩ තිබේ.

සටහන – චමින්ද මුණසිංහ

වයඹ විශ්වවිද්‍යාලයේ වාණිජ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා



අදහස් (0)

විසඳුම් නැති පැලැස්තර විසඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 305 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 652 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 985 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 642 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 505 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1910 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 855 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 214 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1263 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site