IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


වෙලාවට උචිත ප්‍රඥාවක් පොලිසියට අවශ්‍ය ඇයි?

යුක්තියේ මෙහෙයුම නිසා රටේ අපරාධ සියයට 17කින් අඩු වී ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා නොබෝදා ප්‍රකාශ කර සිටියේය. එය රටේ පොදු මහජනයාගේ ඇඟටම දැනෙන වෙනසකි. රට ‘චිකාගෝවක්’ බවට පත්වේ යැයි බියෙන් මුසපත්ව සිටි ජනී ජනයා ඒ බියෙන් මුදවාලීමකි. ඒ වෙනුවෙන් දිවා රෑ වෙනසකින් තොරව වෙහෙසෙන පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ සියලු නිලධාරීන්ට ප්‍රමාදයකින් තොරව ප්‍රණාමය පිරිනැමිය යුතුය. ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රණාමයට ඔවුහු නිස්සෝ වෙති.

එය එසේ වුවද මෙතැන් සිට ලිවීමට සිදුවන්නේ වෙනත් කතාවකි. මාතෘකාව පොලිසියම වේ.

මහරච්චිමුල්ල, වෑත්තකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඒ. රොෂාන්ත කුමාරසිංහ ඉකුත් 18 වැනිදා රාත්‍රියේ මිය ගියේය. ඒ ලෙඩක් දුකක් වැළඳී හෝ හදිසි අනතුරකට ලක්වීමෙන් නොවේ. 42 හැවිරිදි තිදරු පියකු වන ඒ මහතා මියගියේ වෙඩි වැදීමෙනි. වෙඩිල්ල පත්තු වූයේ පාතාල කල්ලියකින් නොව නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින පොලිස් නිලධාරිවරුන් අතිනි.

රොෂාන්ත කුමාරසිංහ පාතාල කල්ලි සාමාජිකයෙක් නොවේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ද නොවේ. නගරයේ ගැවසෙන නහර කාරයෙක්ද නොවේ. එසේ නම් ඔහුට වෙඩි තිබ්බේ ඇයි?

සංක්ෂිප්ත කතාව මෙසේය.

උසස් පොලිස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සිවිල් ඇඳුමෙන් සැරසී සිටි උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු නාරම්මල ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලොරි රථයකට නවත්වන ලෙස අණකර තිබේ. ලොරි රථයේ රියැදුරු අණ නොතකා ලොරිය ධාවනය කර ඇතැයි පැවසෙන අතර යතුරු පැදියෙන් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ලොරි රථය  හඹාගොස් ලොරිය නවත්වාගෙන තිබේ. නිලධාරියා ප්‍රකාශ කර තිබුණේ ලොරි රථය නතර කරවා ගැනීමෙන් පසුව රියැදුරු බියගැන්වීමට පිස්තෝලය ගත් අවස්ථාවේ එය පත්තු වී රියැදුරු එතැනම මියගොස් ඇති බවය.

නීත්‍යනුකූල ගිනි අවි පාවිච්චි කරන අයකුට තමන්ගේ අවියේ බලය පෙන්වීමේ ​ෙදාළදුකක් මැඩගත නොහැකි පරිදි මතුවිය හැකිය. අවසාන ප්‍රතිඵලය වන්නේ අහිංසක මිනිසුන්ට මියයාමට සිදුවීමය.

දැනට වාර්තා වී ඇති පරිදි නාරම්මලදී සිදුවී තිබෙන්නේද එයමය. පොලිස් නිලධාරීන් දෙදෙනා සිවිල් ඇඳුමෙන් සැරසී සිට ඇති බව සඳහන්ය. සිවිල් ඇඳුමෙන් සැරසී වාහන සෝදිසි කිරීමේ බලයක් පොලිස් නිලධාරීට නැත. එමෙන්ම සොරුන් කුඩුකාරයන් බුරුතු පිටින් බිහි වී ඇති පසුබිමක සිවිල් ඇඳුමෙන් සැරසීගත් පුද්ගලයන් වාහන නතර කරන්නැයි කීවිට එයට අවනතව වාහන නතර කරන්නේ නම් ඔහුගේ සමාජ දැනුම බිංදුවකි.

උසස් පොලිස් නිලධාරියා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘රියැදුරු බිය ගැන්වීම සඳහා’ ගිනි අවිය ගත් අවස්ථාවේ එය පත්තු වී ඇති බවය. ගිනි අවියක් නිවැරැදිව පරිහරණය කිරීමට නොදන්නේ නම් එතැන ඇත්තේ ප්‍රශ්නයකි. එමෙන්ම ගිනි අවියක් නිවැරැදිව පරිහරණය කිරීමට නොදත් අයකුට ගිනි අවියක් නිකුත් කිරීමද බරපතළ වරදකි. ඒ වරද නිසා මිනිසකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. බිරිඳකට දයාබර සැමියකු අහිමි විය. දරුවන් තිදෙනකුට ආදරණීය පියකු අහිමි විය. මෙම අහිමි වීම් කවර වන්දියක් ගෙවා හෝ පිරිමැසිය නොහැකිය.

සිද්ධිය වූ අවස්ථාවේ එතැනට පැමිණි ප්‍රදේශවාසීන් උප පොලිස් පරීක්ෂකවරයාට හා පොලිස් කොස්තාපල්වරයාට දැඩි විරෝධය පළ කරමින් කළහකාරී ලෙස හැසිරී ඇති බවත් නාරම්මල පොලිසිය වට කරමින් ගේට්ටු කඩා බිඳ දමා දේපළවලට හානි කර ඇති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. ප්‍රදේශවාසීන්ගේ කළහකාරිත්වය අප අනුමත නොකරන අතර ජනයා ඒ තත්වයට පත්කර නොගැනීමේ වගකීම පොලිසිය සතු බවද අපි අවධාරණය කරමු.

(***)



අදහස් (2)

වෙලාවට උචිත ප්‍රඥාවක් පොලිසියට අවශ්‍ය ඇයි?

බද්රානි Monday, 22 January 2024 08:43 PM

ලංකාවේ පොලිස් නිලධාරීන් බහුතරයක් නූගත් මෝඩයින් නේද..? මම නම් කියන්නේ අඩුතරමේ උසස් පෙළ සමත් අයවත් පොලිසියට බඳවා ගත යුතුයි කියලයි... තැනට උචිත ප්‍රඥාව බොහෝමයක් පොලිස් නිලධාරීන්ට ඇත්තේම නැහැනේ... රටේ ජනතාව ආරක්ෂා කරන්න සිටින පොලිසියෙන් ජනතාවට ආරක්ෂාවෙලා ඉන්න සිදුවෙලා තියන තත්වයකුයි ලංකාවේ තියෙන්නේ...!

:       1       8

chandima Thursday, 25 January 2024 05:10 AM

එහෙම මොලයක් තිබුණා නම් පොලිසියට යයිද? අර පෙනෙන්නේ නැතිද එක්කෙනෙක් මහලේකම් වෙලත් කරන කියන දේවල්... යන්තම් දොඹතෙල් කුප්පියට පින් සිද්ද වෙන්න දිගටම අල්ලගෙන ඉන්නවා.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site