IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


විරෝධයේ නොපෙනෙන රහස

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු සමහරක් සම්බන්ධයෙන් මැදිහත්වීමට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට උසාවියෙන් අවසර ලැබී තිබේ. ඒ අනුව එම නීතිඥ සංගමය එම නඩුවල පාර්ශව කරුවෙක් වෙයි. මේ දිනවල රටපුරා ආරම්භ කර ඇති නීතිඥ  වැඩවර්ජන ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ද එම නීතිඥ  සංගමය විසිනි. එම  සංගම් ව්‍යවස්ථාව අනුව තමන්ට එම නඩුවලට මැදිහත් වීමට හැකියාව ඇති බව නීතිඥ සංගමය  ප‍්‍රකාශ කර ඇත.  ඒ අයුරින් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය එක අතකින් උසාවිය  හමුවේ නඩුවක  පාර්ශ්වකරුවකු වන අතරම අනෙක් අතින් ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් උද්ඝෝෂණය කිරිම මගින් අධිකරණයට බලපෑම් ඇති කරන ක‍්‍රියා පිළිවෙතකට නායකත්වය දෙයි. රටේ අනෙක් පළාත්වල නීතිඥ වර්ජන පැය කිහිපයකට, දිනකට හෝ දින දෙකකට සීමා වෙද්දී  යාපනය අර්ධද්වීපයේ වර්ජනය සම්පූර්ණ සතියක් තුළ ක‍්‍රියාත්මක වන බව පුවත්පත් විසින් වාර්තා කර තිබුණි. එම අර්ධද්වීපයේ පිහිටි යාපනය, පේදුරුතුඩුව, චාවකච්චේරිය, කයිට්ස් සහ මලලාකම් යන උසාවිවල නීතිඥයන් මෙසේ සතියක කාලයක් උසාවි කටයුතුවලින් වැළකී සිටිනු ඇත. රටේ අනෙකුත් ප‍්‍රදේශවලට වෙනස්වන ආකාරයේ විශේෂ සිදුවීමක් යාපනය ප‍්‍රදේශයේ ඇති වූයේ නැත. එහෙත් එම උසාවි සතියක් පුරා නඩු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත් කර තිබේ. රටපුරා පවතින තත්ත්වයට වඩා වෙනසක් යාපනයේ අර්ධද්වීපය තුළ ක‍්‍රියාත්මක වන්නේ කුමන හේතුවක් නිසාද?  විදේශ බලවේග සහ බෙදුම්වාදී බලවේග දෝෂාභියෝග විරෝධයට සහාය දක්වමින් සුපුරුදු පරිදි රට  අස්ථාවර කිරීමට උත්සාහ කරන බව රහසක් නොවේ. යාපනය අර්ධද්විපය තුළ උසාවි සතියක්  පුරා අක‍්‍රිය කිරීමට ඇතැම් පුද්ගලයන් ගෙනයන ව්‍යාපාරයෙන් එය වඩාත් පැහැදිලි වන තත්වයක් උදාවි ඇත. මෙම උද්ඝෝෂණය  මෙහෙයවන ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට  තේරී පත් වූ මන්ත‍්‍රීවරයෙකි. නායකත්වයේ කාලය වසර හයකින් දික්කළ යුතුය යන යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයේ දී ඉදිරිපත් කිරිමට තරම් ප‍්‍රබල භූමිකාවක් එම පක්ෂය තුළ ඉටුකරන එම පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයෙකි. නීතිඥ සංගමයට අද ක‍්‍රියාත්මක වීමට සිදුව ඇත්තේ එවැනි නායකත්වයක් යටතේය. නීතිඥ සංගමය අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බව කියයි. එහෙත් එහි සභාපතිට දේශපාලනයෙන් ස්වාධීනවීමට නොහැකි වී ඇත. මේ විරෝධය මේ වන විටත් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී හමාරය. එය පසුපස බෙදුම්වාදී බලවේග ශ‍්‍රී ලංකා විරෝධී බලවේග ඒකරාශී වී හමාරය. මුල් අවස්ථාවේදී එය අදෘශ්‍යමාන තත්වයක පැවතියත් දැන් එය සියලු දෙනාටම පැහැදිලිව පෙනෙන දෙයක් බවට පත්ව තිබේ, දැන් එහි වගඋත්තරකරුවන් බවට පත්ව ඇත්තේත්, විත්තිකරුවන් බවට පත්ව ඇත්තේත් යුක්තිය ඉටුකරවාගැනීම සදහා උසාවියට එන සාමාන්‍ය මහජනතාවය. වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ඔවුන්ටය. අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තූවට ඉදිරිපත් වූයේ ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 වගන්තියට අනුකූලවය. එම වගන්තියේ 3 වැනි කොටස මගින් එවැනි දෝෂාභියෝගයක් විමර්ශනය කිරිම සදහා නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්විය යුතු බව සදහන් වේ. දෝෂාභියෝග විභාග කිරීම සදහා ස්ථාවර කාරක සභාවක් පත් කිරීම සදහා අවශ්‍ය විධිවිධාන සලස්වා ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙම නියමයන්ට අනුකූලවය. එම නියෝග සම්මත කරගෙන ඇත්තේ 1984 වසරේදීය. ඉන් අවුරුදු 18 කට පසු දැන් මෙම විධිවිධාන සම්බන්ධව විවිධ මත ඉදිරිපත් කර තිබේ. ඉන් එක මතයක් වන්නේ පාර්ලිමේන්තුවට අධිකරණ බලයක් හිමි නොවන බවත් එබැවින් දෝෂාභියෝග විභාගයක් පැවැත්වීමට එයට අයිතියක් නැති බවත්ය. නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාට එරෙහි දෝෂාභියෝගය විභාග කර අවසන්වූයේ 1984 වසරේදීය. සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයාට එරෙහිව යෝජනාව ඉදිරිපත් වුයේ 2002 වසරේදීය. අවසන් යෝජනාවද ඉදිරිපත් වී දැන් වසර 10 ක් ගතවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව  පිළිබදව දිගින් දිගටම විවිධ සංවාද ඇති වී තිබේ. උදාහරණයක් ලෙස ජනාධිපති ක‍්‍රමය අහෝසිකළ යුතු ද යන්න පිළිබදව ඇතිව තිබෙන සංවාදය දැක්විය හැකිය. එසේ වුවත් මේ දක්වාම රටේ විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ සළසා ඇති විධිවිධාන පිළිබදව කිසිදු මත දැක්වීමක් ඇතිවුයේ නැත. එම ක‍්‍රියාවලිය පසුගිය කාලය තුළදී නිරුපද්‍රිතව පැවති අතර ඒ අනුව විමර්ශන කටයුතුද සිදු විය. අඩුම වශයෙන් නීතිඥ සංගමයෙන් හෝ අධිකරණ විනිසුරුවන්ගෙන් හෝ ඔවුන්ගේ සංගමයකින්වත් මත ප‍්‍රකාශ කිරීමක්වත් සිදුවූයේ නැත. විධායකයේ බලය සීමා කිරීම සදහා යයි ප‍්‍රකාශ කරමින් 17 වන සංශෝධනය ගෙන ආ අවස්ථාවේදීවත් මේ පිළිබදව වචනයක්වත් ප‍්‍රකාශ වූයේ නැත. දැන් එක් පුද්ගලයකුට විරුද්ධව දෝෂාභියෝග ක‍්‍රියාවලිය ආරම්භ කර එය පවත්වාගෙන යන අවස්ථාවක, එය අතරමගදී එහි වලංගු භාවය පිළිබදව තීරණයක් ඉල්ලා සිටින්නේ ඇයිද යන ප‍්‍රශ්නය පැන නඟී. රට මහා වියවුලක පැටලවීම සදහා රට අස්ථාවර තත්වයකට ඇද දැමීම සදහා ගෙන යන ව්‍යාපාරයක මෙය එක් පියවරක් වී තිබෙන්නේද? විධායකය සහ ව්‍යවස්ථාදායකය එක පැත්තකත් අධිකරණය තවත් පැත්තකත්  රඳවන මහා බල අරගලයක්, නොනවතින බල අරගලයක් නිර්මාණය කිරීම ස`දහා උත්සාහ කරනු ලබන්නේ මෙම ව්‍යාපාරය විසින් නොවේද? දෝෂාභියෝගය විභාග කිරීම ස`දහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විමර්ශන කටයුතු  ආරම්භ කළ අවස්ථාවේදී අගවිනිසුරුවරිය එයට සහභාගී වූවාය. ඇය විසින් චෝදනාවලට පිළිතුරු ඉදිරිපත් කළ අතර පුවත්පත්වලින් ප‍්‍රකාශයට පත් කර තිබූ ඇගේ පිළිතුරෙහි තේරීම්කාරක සභාවේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබ`දවද ප‍්‍රකාශ කර තිබුණි. එසේ පිළිතුරු ඉදිරිපත් කිරීමෙන් පසුවද ඇය එයට සහභාගිවූවාය. අධිකරණය එකිනෙකට ස්වාධීන කුලූනු තුනක් නම් එහි එක කුලූනක නායකත්වය වන ඇය විමර්ශන කටයුතු සදහා සහභාගිවූයේ ඇයි? ඇය පසුව ඉන් ඉවත් වුවාය. විමර්ශනය ව්‍යවස්ථා විරෝධී නම් ඇයට මුල් අවස්ථාවේදීම ඉන් බැහැරව සිටීමට හැකියාව තිබුණි. පසුව ඉවත්වීම සහ මුලදී ඉවත්වීම අතර වෙනසක් තිබිය නොහැකිය. එහි අදහස වන්නේ එම ක‍්‍රියාවලියේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබදව ප‍්‍රශ්න කළද එම ක‍්‍රියාවලිය ව්‍යවස්ථානුකූල යයි අගවිනිසුරුතුමිය විසින් පිළිගැනීමක් නොවන්නේද? පාර්ලිමේන්තුවට අධිකරණ බලයක් නැතැයි යන්න දෝෂාභියෝග ක‍්‍රියාවලියට එරෙහිව නැගෙන විරෝධතාවේ ප‍්‍රබල තර්කයක් වේ. තේරීම් කාරක සභාව ඉදිරියේ කිහිපවරක් පෙනී සිටීමෙන් පසු අගවිනිසුරුවරිය ඉන් ඉවත් වූවාය. මේ රටේ කිසිදු අධිකරණයක් ඉදිරියේ විත්තිකරුවකුට  එවැනි ප‍්‍රකාශයක් කර නඩු විභාගයකින් ඉවත්විය හැකිද? අධිකරණයක නොව පොලීසියකට කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන්වත් චෝදනාවකට ලක්වන පුද්ගලයකුටවත් ඒ අයුරින් ක‍්‍රියා කළ නොහැකිය. පැමිණිල්ලකට නොපැමිණෙන පුද්ගලයෙකු  උසාවිය මගින් ඒ සදහා ගෙන්වා ගැනීමට පොලීසියට හැකියාව තිබේ. උසාවියක් ඉදිරියේ එවැනි ප‍්‍රකාශයක් කළේනම් එය උසාවියට අපහාස කිරීමකි. විත්තිකරු නොපැමිණි විට වරෙන්තු නිකුත්කරනු ලැබේ. එහෙත් තේරීම්කාරක සභාවට නොපැමිණෙන  බව ප‍්‍රකාශ කළ විට එය අපක්ෂපාත නොවේයයි ප‍්‍රකාශ කළ විට තේරීම්කාරක සභාවට හෝ පාර්ලිමේන්තුවට ගතහැකි කිසිදු පියවරක් නැත. එවැනි කාරක සභාවක් අධිකරණ බලය ක‍්‍රියාත්මක කරන ආයතනයක් යයි හැඳින්විය හැකිද? අගවිනිසුරුවරිය එය වර්ජනය කිරීමට ගත් තීරණය මගින්ම ඔප්පු කර ඇත්තේ මෙය අධිකරණමය ක‍්‍රියාමාර්ගයක් නොවන්නේය යන්නයි. තම සැමියාට එරෙහිව අධිකරණය ඉදිරියේ දූෂණ චෝදනා ඉදිරිපත් වූ විට අගවිනිසුරුවරිය ඉල්ලා අස්වුයේ නැත. ඇය ඊට අදාළ අධිකරණ කටයුතුවලින් වැළකී සිටින බවක් ප‍්‍රකාශ කළේද නැත. ඇයට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් වූ ටිට ඇය ඉල්ලා අස්වූයේ නැත. එහෙත් ඇයට විරුද්ධව එක් චෝදනාවක් පදනම් වී ඇති  ගෝල්ඩන් කී සමාගම සම්බන්ධ නඩුවලින් ඇය ඉවත්වූවාය. එම චෝදනාවට නිවැරැදිකරු බව ප‍්‍රකාශ කර සිටියදීත්  ඇය ඉන් ඉවත්වීම තුළින් පැහැදිලි වුයේ එවැනි තත්ත්වයක් යටතේ එම නඩු විභාගයට සම්බන්ධ වීම සුදුසු නොවන බව ඇය විසින්ම පිළිගනු ලැබුවා නොවේද? විනිසුරු මහානාම තිලකරත්න මහතාට එරෙහිව උසාවියේ චෝදනාවක් ඉදිරිපත් වු විට එය අවසන්වනතුරු තමා අධිකරණ කටයුතුවලින් වැළකී සිටින බව ඒ මහතා ප‍්‍රකාශ කළේය. අඩුම තරමින් දෝෂාභියෝග ක‍්‍රියාවලිය අවසන් වනතුරු අධිකරණ කටයුතුවලින් ඉවත්ව සිටීමේ පිළිවෙතකට ඇය අවතීර්ණය වූයේ නම් අද පවතින තත්ත්වය බොහෝ දුරට වෙනස් වීමට ඉඩ තිබුණි. දෝෂාභියෝගය ඉදිරිපත් කරන ලද්දේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට විරුද්ධවය. එය යම් යම් කරුණු  සම්බන්ධයෙන් ඇය විසින් කටයුතු කළ ආකාරය පිළිබදව සිදුකෙරෙන විභාගයකි. කොටින්ම එය ඇය විසින් පෞද්ගලිකව මුහුණදිය යුතු ප‍්‍රශ්නයකි. රජයට විරුද්ධ ඇතැම් පිරිස්වලට රටේ ස්ථාවරභාවය බිද දැමීම සදහා මෙය අවස්ථාවක් කරගැනීමට ඉඩ දිය යුතුද? ජනතාව විසින් දැඩි ගරුත්වයකින් සලකනු ලබන අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්වීමට ඉඩදිය යුතුද? අද නීතිඥවරුන් බොහෝ දෙනෙකු මෙම ක‍්‍රියාවලට සම්බන්ධ නොවී සිටීම මගින්ද සමහර නීතිඥවරුන් මෙම විරෝධතා වලට එරෙහිව නැඟී සිටීම මගින්ද පැහැදිලි වන්නේ සමාජයේ වැඩි පිරිසක් දැඩි දුෂ්කරතා මත ගොඩනැඟී ඇති රටේ සාමය , ස්ථාවරභාවය බිද වැටීමකට ඉඩදීමට සූදානම්  නැති බවය. විරෝධතා මෙහෙයවන එක් නීතිඥ මහතකු ප‍්‍රකාශ කළේ රෙටි ජනතාවගෙන් සියයට 20 ක් වත් මේ පිළිබදව දැනුවත් වී නැති බවය. ජනතාවගෙන් අති බහුතරයක් ඒ පිළිබදව දනිති. එහෙත් විරෝධතාකරුවන්ට එකතුවීමට ඔවුන් සූදානම් නැත. එක් පුද්ගලයකු වෙනුවෙන් රට බිලිදියයුතු නැති බව ඔවුහු දනිති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා දෝෂාභියෝගය පිළිබදව ඉතා වැදගත් ප‍්‍රකාශයක්  කළේය. එම ප‍්‍රකාශයේදී එතුමා සදහන් කළේ මෙම වාර්තාව පිළිබදව ස්වාධීන කමිටුවකින්  තවදුරටත් කරුණු සොයන බවත් එය තමන්ගේ හදවතට උත්තර දියයුතු නිසා කරන්නක් බවත්ය. විවිධ අය මෙම ප‍්‍රකාශය පිළිබදව  විවිධ අර්ථකතන ලබාදී ඇත. කරූ ජයසූරිය මහතා ඒ පිළිබදව තම සතුට ප‍්‍රකාශ කර ඇත. සමහරු ප‍්‍රකාශ කරන්නේ මෙය පාර්ලිමේන්තු කමිටු වාර්තාව ස්වාධීන නොවන බව පිළිගැනීමක් ලෙසය. විපක්ෂයේ සමහර කණ්ඩායම් එය විවේචනය කරති. රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂාභියෝගය පිළිබදව අවසන් තීරණය ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් එම වාර්තාවේ නිර්දේශ සම්මත වුවිට එය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලබයි. ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ”තවදුරටත් ඒ ගැන සොයා බලන්න සූදානම් වෙනවා. එය කොහේවත් පතක පොතක ලියවිලා නැහැ. නීතියකුත් නැත. නමුත් ඒක මම සෑහීමකට පත්වීම සදහා කරනවා” යනුවෙනි. ජනාධිපති පදවිය සතු විධායක බලයේ ආධිපත්‍යය එක පෑන් පහරකින් ක‍්‍රියාත්මක කිරීමේ  හැකියාව එය දරන්නාට හිමි වේ. එහෙත් රාජ්‍ය සංයුතිය තුළ ඒ ඒ ආයතනනවලට, පුද්ගලයාට ලැබිය යුතු සාධාරණත්වය පිළිබදව යම්තම් හෝ සැකයක් ඇතිව තිබේනම් එම සැකය වුවත් පරික්ෂාවට ලක්කිරිමට ඔහු සූදානම්ය. පරිණත නායකත්වයක ලක්ෂණය එයයි. ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ගැන කථාකරද්දී සමහර අය වසර කිහිපයකට පෙර පාකිස්තානයේ අගවිනිසුරුවරයා ඉවත්කිරීමේ සිද්ධිය ඉතා රසවත් මාතෘකාවක් බවට පත්කරගෙන තිබේ ජනාධිපති පර්වේස් මුසරාෆ් විසින් එරට අගවිනිසුරු චෞද්රි මහතා ඉවත්කිරිම නිසා අධිකරණය සහ විධායකය අතර ගැටුමක් ඇතිවිය. අගවිනිසුරුට ඉන් ජය ලැබුණි. මුසරාෆ් හදිසි නීතිය පනවා නැවත ඔහු ඉවත් කළේය. ඉන්පසු පැවති මැතිවරණයෙන් බලයට පත් ජනාධිපති සර්දාරි චෞදරී නිදහස් කළ නමුත් අගවිනිසුරු තනතුරේ නැවත පිහිටුවූයේ නැත. එයට විරුද්ධව චෞද්රී සහයෝගිතා ව්‍යාපාරයක් ආරම්භ විය. මැතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු අගමැති නවාස් ශරීෆ් එයට මූලිකත්වයක් ගත්තේය. පකිස්තානය චීන පාක්ෂිකයෙකු වීම නොඉවසූ බටහිර සියලූ බලවේග එයට එකතු විය. ඔහු නැවත තනතුරේ පිහිටවනු ලැබීය. එහි වන්දිය ගෙවීමට දැන් පකිස්තාන ජනතාවටත් අධිකරණයටත් සිදුවී තිබේ. විදේශ බලවේගවලට අවශ්‍ය පරිදි අධිකරණය විසින් විධායකයට නිතර ඇඟිලි ගැසීම නිසා අද එම රට අරාජික තත්වයකට පත්ව තිබේ. ඊටත් වඩා රසවත් වන්නේ චෞද්රීගේ ක‍්‍රියාකලාපයයි. ඔහුගේ පුත් ඉප්ට්කාර් අර්සලම් තාත්තාගේ නඩුවලට බලපෑම් කිරිම සදහා එරට ව්‍යාපාරිකයකු වන මලික් රියාස්ගෙන් රුපියල් මිලියන 300 ක අල්ලසක් ගත් බව හෙළි විය. චෞද්රී තම පුතුගේ නඩුව විභාග කිරීමට තමාම උසාවියේ ඉඳගත්තේය. මහජන විරෝධතාව නිසා පසු දිනම ඔහුට එම නඩුවෙන් අස්වීමට සිදුවිය. විනිසුරුවන් දෙදෙනකුගෙන් යුත් උසාවියක්  පත් කළේය. එහිදී මුලින්ම මලික්ගෙන් පිරිනැමුණ විදේශ චාරිකා තුනෙන් දෙකක් ලබාගත් බව පුතා පිළිගත්තේ ය. එදිනම අධිකරණය එම විනිශ්චය සභාව විසුරුවා හැරියේය. ඒ අධිකරණයේ ස්වාධීනත්වය සොයන්නට ගොස් පකිස්තානයට සිදු වූ දේය. අපේ දේශපාලනඥයන්ට මෙන්ම සමහර මාධ්‍යවේදීන්ටද කලින් කලට වීරයන් නිර්මාණය කිරීමේ අපූරු හැකියාවක් ඇත. සරත් ෆොන්සේකා මහතා ඔහු එවකට දැරූ තනතුරුවලින් ඉවතට ගනිමින් පොදු අපේක්ෂක තනතුරට පත් කරමින් මහාවීර තත්වයක් ආරූඪ කරන ලද්දේ මේ අය විසිනි. මැතිවරණයෙන් පසු වීරයා බිහි කළ කණ්ඩායම දේශපාලනික වශයෙන් වීරයා මරා දැම්මේය. දැන් ෆොන්සේකා මහතා තනිවී සිටී. මාධ්‍යවේදීහු එය කාටුන්වලට නඟති. මේ උද්ඝෝෂණ දෙස බලන විට පැහැදිළිවම පෙනී යන්නේ ෆොන්සේකා මහතාගේ සැබෑ වීරත්වය විනාශ කර ඔහු දේශපාලන වීරයකු ලෙස නිර්මාණය කිරීමට උත්සාහ කළ පිරිසම දෝෂාභියෝගයද විරෝධය සදහා යොදාගැනීමට පෙළගැසී සිටින බවයි. අඩුම තරමින් අලූතෙන් එකතු වී ඇති එක මුහුණක් හෝ ඒ අතරින් සොයා ගත හැකිද?

මහාචාර්ය - සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

විරෝධයේ නොපෙනෙන රහස

සුමනා Friday, 14 December 2012 07:36 PM

අධිකරණය හොද දෙයක් කරයි (දී)

:       0       0

රසික Saturday, 15 December 2012 11:27 AM

මතකතියා ගන්න. නිතිය රැකුනොත් අපිත් රැකෙයි (දී)

:       0       0

සිසිර Friday, 14 December 2012 09:49 PM

මමයි කියලා මොනවා කියන්නද මහත්තයෝ (දී)

:       0       0

කුමාර් Saturday, 15 December 2012 12:32 PM

එක තමයි නිතිය සුරැකීමේ වැදගත්කම තේරුම් ගන්න ඕනේ කියන්නේ (දී)

:       0       0

මුතුකුඩ Saturday, 15 December 2012 10:34 PM

කාගේ ‍කාගේත් බඩට වදිනකොට තමයි ඕනෑම දෙයක් කරන්න ලෑස්තිවෙන්නේ. (නි)

:       0       0

භාරත Saturday, 15 December 2012 04:15 AM

ඇයි අනේ ඔහොම කරන්නේ? ලැජ්ජා නැද්ද? (නි)

:       0       0

සනත් Saturday, 15 December 2012 08:58 AM

අයියෝ සල්ලි

:       0       0

buddi Friday, 14 December 2012 12:47 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 111 0

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 63 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


දුයිෂෙන් අල්තීනායි අපේ කරළියට ඇවිත්
2024 මැයි මස 17 239 0

‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදව


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි
2024 මැයි මස 17 493 0

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂ


රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව
2024 මැයි මස 17 1895 5

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැද


විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම
2024 මැයි මස 17 339 2

කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්රදව්යැ ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්රී ලංකාවට අලු‍ත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 782 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2332 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1995 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site