IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වනාතවිල්ලුව ගබඩාවේදී අත්අඩංගුවට ගත් දෙදෙනාට චෝදනා නැතිනිසා මුදාහැරියා

 

 

(*** මුදිතා දයානන්ද)

එළියේ ඉන්න ඕන අය හිරේ දැම්මා කියලයි මට හැමදාම චෝදනා එල්ල වුණේ. මම අද හිරේ ඉන්නෙත් එහෙම චෝදනාවකට. ඉතිහාසයේ පළමුවැනි වතාවට තමයි හිරේ ඉන්න ඕන කෙනෙක් එළියට දැම්මා කියලා චෝදනා එල්ල වුණේ. මේක අභූත චෝදනාවක්. වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවේදි අත්අඩංගුවට ගත් දෙදෙනා පසුව මුදාහැරියේ ඔවුන්ට චෝදනා නොමැති වූ නිසා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වැඩ තහනමට ලක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඊයේ (26) පැවසීය.

මම නිදහස් කළා යැයි චෝදනා කරනු ලබන දෙදෙනා පාස්කු ඉරු දින ප්‍රහාරයේදී මියගිය බව කීවත් අදටත් තමන්ගේ ගෙවල්වල ජීවත් වෙනවා. ප්‍රහාරයෙන් පසුවත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අත්සන් කළා. මට චෝදනා කළ අයට එතැනට ආවා නම් ඔවුන් බලාගන්න තිබුණා යැයිද අබේසේකර මහතා පැවසීය.
 
ඔහු මේ බව පැවසුයේ බන්ධනාගාර ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ හතළිස් දෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දෙමිනි.

එහිදී රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ අබේසේකර මහතා මෙසේ සාක්ෂි දුන්නේය.

නීතිඥ - මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීමට ඔබ සහකාර පොලිස් අධිකාරි වික්‍රමසේන මහතා යටතේ පොලිස් පරීක්ෂණ මාරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පත් කළ බව පෙර දින සාක්ෂි විභාගයේදී පැවසුවා නේද?
සාක්ෂිකරු - ඔව්. ඔවුන්ගේ සහායට නන්දලාල් ඇතුළු දෙන්නෙකුත් පසුව පත් කළා.

නීතිඥ - මේ අයට සහාය දෙන ලෙස ඔබ තාක්ෂණික ආධාර ඒකකයට දැනුම් දුන්නාද?
සාක්ෂිකරු - ඔව්. එය පිහිටා තිබෙන්නෙත් අපේ කාර්යාලය ඉදිරිපිටමයි. මම ලිඛිතවම අවස්ථා කීපයකදී ඒ ඉල්ලීම කර තිබෙනවා.

නීතිඥ - ඔබ අබුහනීෆා මොහොමඩ් මුතීෆ්ව දන්නවාද?
සාක්ෂිකරු - ඔව්. මගේ මතකයේ හැටියට ඔහු වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේදී අත්අඩංගුවට ගත් අයෙක්.

නීතීඥ - වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය ගබඩාව වැටලීමෙන් පසු සොයාගත් දේවල් ගැන ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා දැනුවත් කළාද?
සාක්ෂිකරු - ඔව්. මම දැනුවත් කළා වගේම වාර්තාවකුත් දුන්නා.

නීතිඥ - මෙම ස්ථානයෙන් සොයාගත් පුපුරන ද්‍රව්‍ය දැක්කාම ඔබට මොනවද හිතුනේ?
සාක්ෂිකරු - මේවා ත්‍රස්තවාදී කටයුත්තකට යොදාගත හැකි බව පැහැදිලිව පේනවා. ඒ අනුව ඉදිරියේදී යම් බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තිබූ බව වැටහුණා.

නීතිඥ - මේ ගැන ඔබ පොලිස්පතිතුමාට දැනුම් දුන්නාද?
සාක්ෂිකරු - ඔව්. කීප වතාවක් අපි හමුවී සාකච්ඡාත් කළා.

නීතිඥ - මාවනැල්ලේදි තස්ලිම්ට වෙඩි තැබීම ගැන ඔබ දැන සිටියාද?
සාක්ෂිකරු - ඔව්.

නීතිඥ - මාරසිංහ ඇතුළු ඔබේ කණ්ඩායම ඔහුව වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය ගබඩාව සොයාගැනීමේදී යොදාගත් බව දැන සිටියාද?
සාක්ෂිකරු - මම ඒ බව දැන ගත්තේ පසුවයි.

නීතිඥ - ඔවුන් විමර්ශන ප්‍රගතිය ඔබට වාර්තා කරන්නේ නැද්ද?
සාක්ෂිකරු - වාර්තා කරනවා. එහෙත් තමන් තොරතුරුකරුවන් ලෙස භාවිත කරන අය ගැන වාර්තා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එය කළ යුත්තක් නොවෙයි.

නීතිඥ - මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ හා වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය ගබඩාව පිටුපස සහරාන් හෂීම් ඉන්න බව ඔබ දැන සිටියාද?
සාක්ෂිකරු - ඔව්. 2019 ජනවාරි 17 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරුවලින් ඒ බව අනාවරණය වුණා. ඔහු මුස්ලිම් අන්තවාදය පතුරුවා හරින්නෙකු බවද දැනගන්න ලැබුණා. ඔවුන් ඉදිරියේදී ප්‍රහාරයකට සැලසුම් කරන බවද දැනගන්න ලැබුණා.

නීතිඥ - ඉදිරියේදී කියන්නේ?
සාක්ෂිකරු - 2019 මැයි මාසයේදී ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි අපිට වාර්තා වුණේ. එහෙත් අපි අවි ගබඩාව සොයාගත් නිසා එය වැළකී ගියා.

නීතිඥ - ඔවුන් ලංකාව ලේ විලක් කරන බවට දිව්රුම් දී තිබූ බව ඔබ දැන සිටියාද?
සාක්ෂිකරු - මම එවැනි දෙයක් නම් දැන සිටියේ නැහැ. එහෙත් වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය ගබඩාව අපි සොයා නොගත්තා නම් ඒක වෙන්න තිබුණා.

නීතිඥ - එසේ දැන ගත්තේ නම් මේ අය ගැන විමර්ශන කිරීමට මීට වඩා කණ්ඩායමක් යෙදවීමට කටයුතු නොකළේ ඇයි?
සාක්ෂිකරු - ඒ වනවිට රටේ ජාතිවාදී ගැටුම් ඇති වීමේ යම් සිදුවීම් ඇතිවෙමින් තිබුණා. මේ නිසා මේ විමර්ශන එයට දායක නොවන ආකාරයට ඉතා රහසිගතව කරන්න අපිට සිදුවුණා. අපිට උපදෙස් ලැබුණෙත් ඒ ආකාරයටයි. ඒ නිසා විශාල කණ්ඩායමක් යොදවා මෙය පිටතට යාමට ඉඩ දිය නොහැකියි. ඒ නිසයි මේ කණ්ඩායම සමග දිගටම විමර්ශන සිදුකළේ.

නීතිඥ - මාරසිංහ නිලධාරියා ඇතුළු පිරිස ඔබට ප්‍රගතිය වාර්තා කළා නම් ඔබට එයින් සෑහීමකට පත්වෙන්න හැකි වුණාද?
සාක්ෂිකරු - ඔව්. මට සෑහීමකට පත්විය හැකිව තිබුණා.

නීතිඥ - එසේ නම් ඇයි ඔවුන්ට සහරාන් ඇතුළු කණ්ඩායම පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගන්න බැරි වුණේ?
සාක්ෂිකරු - අපි සාමාන්‍යයෙන් මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී භාවිත කරන්නේ ජංගම දුරකථනවලින් ලබාගන්නා සංඥා. එහෙත් මොවුන් තමන්ගේ සන්නිවේදන කටයුතු පවත්වාගෙන යනු ලැබුවේ ත්‍රිමා ඇප් එක භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සෙයි. ඒ නිසා අදාළ සමාගම්වලින් අපි ලිඛිතවම ඉල්ලීමක් කළා මොවුන්ගේ තොරතුරු ලබාදෙන්න කියලා. ඒත් ඒ සහය ලැබුණේ නැහැ.

නීතිඥ - මේ විමර්ශන ඉදිරියට නොගියේ කිසියම් දේශපාලන බලපෑමක් නිසාද?
සාක්ෂිකරු - නැහැ. මට නම් කිසිම දේශපාලන බලපෑමක් තිබුණේ නැහැ. එහෙත් සැකකරුවන් දෙන්නෙක් නිදහස් කළා කියලා නම් මට චෝදනා එල්ල වුණා.

නීතිඥ - ඔබ නිදහස් කළ දෙදෙනා මොහොමඩ් නවීඩ් හා මොහොමඩ් නෆ්රි යන අයද?
සාක්ෂිකරු - ඔව්. ඒ දෙන්නා තමයි.

නීතිඥ - මේ අය නිදහස් කළේ දේශපාලන බලපෑමක් නිසාද?
සාක්ෂිකරු - මට නම් එවැනි බලපෑම් ආවේ නැහැ. ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකට දවසක් ආණ්ඩුකාර අසාද් සාලි මහතාත් ඇවිත් තිබුණා. එහිදී ඔහු ඉල්ලීමක් කළා වනාතවිල්ලුවෙන් අත්අඩංගුවට ගත් දෙදෙනකු නිදහස් කරන ලෙසට. මම ඒ වෙලාවෙම කිව්වා මේ අය නිදහස් කරන්න කොහෙත්ම බැහැ කියලා.

නීතිඥ - එහෙම නම් ඔවුන්ව පසුව නිදහස් කළේ ඇයි?
සාක්ෂිකරු - විමර්ශන නිලධාරියා ලෙස මාරසිංහ ඇතුළු කණ්ඩායම දීර්ඝ වාර්තාවක් සපයා තිබුණා මොවුන්ට සහරාන්ලා සමග සම්බන්ධයක් නැති බවට. පාසල් කාලයේ සිටම වාර්තා එහි ඇතුළත් වුණා. ඒවා අධ්‍යයනය කිරීමෙන් පසු මගේ අනුමැතිය ලබාදී ඉහළ නිලධාරීන් වෙත යොමු කළා. ඉන්පසු ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපතිවරයා වෙත යොමුකර ඔහුගේ අනුමැතියට යටත්ව තමයි මොවුන් නිදහස් කළේ. ඒ කොන්දේසි කීපයකට යටත්වයි. තමන්ගේ ගම් ප්‍රදේශයෙන් පිටතට යන්න බැරි බවට, සෑම මසකම අවසන් සෙනසුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්සන් කළ යුතු බවට ආදී කොන්දේසි හතරක් එයට ඇතුළත්.

පාස්කු ඉරුදින ප්‍රහාරයේදී මියගිය බව කියන මේ දෙන්නා ප්‍රහාරයෙන් පස්සේ අප්‍රේල් 26 වැනිදාත්, ඔවුන් පැමිණ අත්සන් කර තිබුණා. මට චෝදනා කළ අයට ඒ දවස්වල මම කිව්වා මේ අය දකින්න අවශ්‍ය නම් මේ අය එන දවසට පොලිසියට ඇවිත් ගේට්ටුව අසල ඉන්න කියලා. මා දන්නා තරමින් මේ දෙන්නා තවමත් තමන්ගේ ලිපිනයන්වල ජීවත් වෙනවා.

නීතිඥ - මේ අයගේ විමර්ශන ඉක්මන් කරන්න කියලා කවුරුවත් බලපෑම් කළේ නැද්ද?
සාක්ෂිකරු - මට කවුරුවත් බලපෑම් කළෙත් නැහැ. කළත් මම ඒවාට යට වෙන්නෙත් නැහැ. මට මෙච්චර කල් චෝදනා තිබුණේ මිනිස්සු නිකම් හිරේ දැම්මා කියලා. පළමු වතාවට තමයි හිරේ ඉන්න කෙනෙක් එළියට දැම්මා කියලා චෝදනාවක් එල්ල වුණේ. මේවා අභූත චෝදනා.

නීතිඥ - මේ අය මුදාහරිද්දි විමර්ශන අවසන් වෙලා තිබුණාද?
සාක්ෂිකරු - ඔවුන් පිළිබඳ විමර්ශන අවසන් වෙලා තිබුණා. සිදුවීම් පිළිබඳ විමර්ශන අවසන්ව තිබුණේ නැහැ.

නීතිඥ - එසේ නම් ඔවුන් නිදහස් කළේ කෙසේද?
සාක්ෂිකරු - යම් සිදුවීමකට සම්බන්ධ නැති බවට තහවුරු වුණ අයෙක් අදාළ සිදුවීමේ විමර්ශන අවසන් වනතෙක් කියලා අත්අඩංගුවේ තියාගන්න බැහැ. ඒක බරපතළ වරදක්.

නීතිඥ - මොවුන් නිදහස් කරන්න නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත්තාද?
සාක්ෂිකරු - නැහැ. සිදුවීමකට සම්බන්ධ නැති අයෙක් මුදාහරින්න එසේ අවසර ගත යුතු නැහැ. ආරක්ෂක ලේකම්වරයාව දැනුවත් කර සාකච්ඡා කර තමයි මොවුන් කොන්දේසි සහිතව මුදාහැරියේ.

නීතිඥ - මේ දෙන්නා අත්අඩංගුවට ගත්තේ වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවේ සිටියදී නේද?
සාක්ෂිකරු - ඔව්. එක් අයෙක් එහි කුකුළු කූඩුව බලාගත් අයෙක්. අනෙක් කෙනා ඒ වෙලාවේ අර පුද්ගලයාට කෑම අරන් ආපු කෙනෙක්.

නීතිඥ - මෙහිදී අත්අඩංගුවට ගත් මුතිෆ් සතුව බෝම්බයක කටු සටහනක් සොයාගත්තා නේද?
සාක්ෂිකරු - ඔව්.

නීතිඥ - ඔහු සමග මේ දෙන්නාගෙන් කෙනෙක් දුරකථන සම්බන්ධතා පවත්වා තිබෙනවා නේද?
සාක්ෂිකරු - ඔව්.

නීතිඥ - එවැනි සම්බන්ධතා පැවැත්වූ අයෙක් නිදහස් කිරීම වරදක් නෙවෙයිද?
සාක්ෂිකරු - ඔවුන් ඥාතීන්. ඥාතියෙක් අපරාධකරුවෙක් වූ පමණින් ඔහු සමග දුරකථනයෙන් සම්බන්ධතා පැවැත්වීම කෙනෙක් අත්අඩංගුවට ගැනීමට හේතුවක් කරගත්තොත් ලංකාවේ බොහෝ ප්‍රශ්න මතුවේවි.

 



අදහස් (11)

වනාතවිල්ලුව ගබඩාවේදී අත්අඩංගුවට ගත් දෙදෙනාට චෝදනා නැතිනිසා මුදාහැරියා

Hiran Wednesday, 27 January 2021 09:23 AM

මෙයා ගැන නම් කතා කරන්නවත් ආසා නැහැ. එච්චරට කුජීතයි.

:       81       306

සමන්ත Wednesday, 27 January 2021 12:33 PM

ඇයි? රාජපක්‍ෂලාට කඩේ ගියේ නැති හින්දද​? නිකම් යන්න.. මේ ලංකාවේ පිනට පහළ වූ අතිදක්‍ෂ, පිට කොන්දක් තිබුණු ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියෙක් මිසක් හොරෙක් නෙමෙයි. එතුමාට තෙරුවන් සරණ පතනවා. ආයෙත් කවදාවත් මේ වගේ රටක ඉපදෙන්න අපිවත් ආයෙත් ප්‍රාර්ථනා කරන්නේ නෑ.

:       279       60

Siri PereraWednesday, 27 January 2021 03:20 PM

ඔව් සමන්ත. අපි පවා මේ රටේ නැවත ඉපදීමට කැමති නැත.

:       193       27

RaveendraWednesday, 27 January 2021 04:09 PM

දක්ෂ, නීතිගරුක, අවංක, නිලධාරීන් කිසිදා කිසිවිට "මොන දේශපාලුවාටවත් කඩේ නොයන්නෝය". මධ්‍යස්ථව සිතීමේදී මොහු කිසිඳු දක්ෂතාවයක් නොමැති අපේ බදු මුදල්වලින් යමින් ජීවිතේ ගැටගගෙන එක එක දේශපාලුවන්ගේ රූකඩයක් ලෙස ජීවත් වූ අයෙකි.

:       60       265

BamunuarachchiThursday, 28 January 2021 09:40 AM

පිනට පහළ වුණු නිසා තමයි වළං හෝදන්න ඉදිරිපත් වුනේ. කාගේ වළංද නළුවෙකුගේ වළං.... මුළු පොලිසියටම රාජ්‍ය සේවයටම ලැජ්ජා කෙරුවා. මම මෙයා නම් අල්පොන්සෝ ලවා මගේ ගෙදර වැසිකිළි හෝදගන්නවා.

:       34       286

සමන්තThursday, 28 January 2021 01:19 PM

අනිවාර්යයෙන්ම මේ බමුණුආරච්චි කියලා කියන කෙනාත් හොර වැඩක් තමයි කරන්නේ. නැත්නම් රාජපක්ෂ නඩේ පිහිටෙන් එදා වේල හම්බ කරන් කාපු කෙනෙක්... ඇත්ත ඇති සැටියෙන් පිළිගත නොහැකිව ඇඹරෙන්නේ ඒකයි. නළුවෝ නෙමේ ඒ නඩුවට පරීක්‍ෂණ කරන්න ඔහුව යොමු කලේ. නොදන්න දේවල් කථා කරන්න එපා.

:       214       11

BamunuarachchiMonday, 01 February 2021 11:58 AM

තමන්ගේම කටහඬින් කියන දේට වඩා ඇත්තක් ලෝකේ තිබෙනවද? වළං හෝදන්නම් කීවේ මගේ නොවෙයි හඬපටේ ඉන්න නළුවාගේ. මම රාජපක්ෂලාට තිබෙන්නේ මෙරට දෙමළ ත්‍රස්තවාදයෙන් බේරා දුන් ගෞරවය... අවුරුදු 25 යුද්ධය වවාගෙන කාලා.. අන්තිමට උතුර ප්‍රභාකරන්ටම අවුරුදු 10 දෙන්න පිඹුරුපත කරපු දෙශ්පාලුවන් සිටිය රටක් මේක... බමුණුආරච්චි ගුණමකුවෙක් නොවෙයි. රාජපක්ෂලා බලයට නොඑන්න සිංහලයාගේ තත්වය කුමක් විය හැකිද? එහෙනම් අද යුද්ධයක් පවතින්නේ දෙමළුන් සහ මුස්ලිම්වරුන් අතරයි. ඒ රට කොටස් දෙකකට බෙදාගැනීමේ යුද්දය...

:       0       0

Rohan Wednesday, 27 January 2021 06:56 PM

ගොබ්බ එජාපයින්ගේ වචන... රාජපක්ෂ රෙජීමය...!!!

:       32       138

Bamunuarachchi Thursday, 28 January 2021 02:29 AM

මුදා හරින්න ඕන මිනිහා සාක්කි නැහැ කියා බේරා හරිනවා. හිරේ යවන්න ඕනේ කියන මිනිහාට නැති සාක්කි හදලා හියේ යවලා මදිවට වලං ටිකත් හෝදලා දෙනවා. ලැජ්ජයි....

:       48       279

fairoos Thursday, 28 January 2021 10:35 AM

රාජපක්ෂලාට කඩේ ගියා නම් මෙයා අදටත් විරුවෙක්... අපරාදෙ දක්ෂ නිලධාරියෙක් නැතිවුණා.

:       177       63

BamunuarachchiMonday, 01 February 2021 12:03 PM

රාජපක්ෂලාට කඩේ ගිය අය අද ඇමතිකමක්වත් නැතුව ඉන්නේ... දක්ෂකම ගැන තමයි නඩුව... සිංහල කතාවක් තිබෙනවා ලෙහන්න තිබෙන මල්ල ඔබන්න ඕනේ නැහැ කියලා. තවටික දවසකින් ශානිගෙ මල්ලත් ලෙහෙනවා බලමු මොකද වෙන්නේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site