රටක ජීවත්වන ජනතාවට තම ජීවිත සම්බන්ධයෙන් උපරිම විශ්වාසය රැගෙන එන්නේ එරට සෞඛ්‍ය සේවය මගිනි. එහෙයින්ම සෞඛ්‍ය සේවය උපරිම උසස් තත්ත්වයෙන් මෙන්ම කාර්යක්‍ෂමව පවත්වාගෙන යාමට සෑම රටක්ම කටයුතු කරයි. එය එසේ වුවද අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වාර්තා වන්නේ ඉතා අනුවේදනීය එමෙන්ම ඇඟ කිළිපොළා යන තත්ත්වයකි. වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාව මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මාරාන්තික තර්ජනයක් එල්ල වී තිබේ.
අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ වයස අවුරුදු 63න් පසු විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 500කට ආසන්න පිරිසක් ඔවුන්ගේ කැමැත්ත මත කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බවය. මේ අනුව වෛද්‍යවරුන් පනහකට ආසන්න පිරිසක් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවය.
විශ්‍රාම ගිය වෛද්‍යවරුන් නැවත සේවයට බඳවා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි ද පවසා ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ මෙම ක්‍රියාමාර්ගය වෛද්‍ය හිඟයට එක් පිළියමක් පමණක් බවය. එමෙන්ම විදේශීය පුහුණුවට ගිය වෛද්‍යවරුන් 600ක් පමණ නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද පවසා තිබිණි.
රට මෙබඳු බරපතළ ආර්ථික අර්බුදයකට ගොදුරු වීමට පෙර යුගයේ පවා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන ගියේ බොහෝ අර්බුද හා දුෂ්කරතා මැදය. ජනගහණයට සාපේක්‍ෂව සිටිය යුතු වෛද්‍යවරු මෙරට නොසිටියහ. කොවිඩ් වසංගතයත් සමග එන්නත්කරණය ප්‍රමුඛ වූ අතර සියලු මුදල් ඒ සඳහා වැය කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල දැඩි හිඟයක් නිර්මාණය විය. “බෙහෙත් නැතිව අපි ඉඳලා වැඩක් නෑ” වැනි මතයකට වෛද්‍යවරුන්ගේ මානසිකත්වය හැරවිණි.
ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමග රජය එයට එක් පිළියමක් ලෙස නව බදු ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එය බොහෝ ක්ෂේත්‍ර කම්පනය කිරීමට හේතු විය. සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය ඉන් ප්‍රධාන විය. මෙම ක්ෂේත්‍ර දෙකට යම් පහසුකමක් සහිතව ජීවත් විය හැකි වුවද නව බදු ක්‍රමයත් සමග එය ද අභියෝගයට ලක් විය. වැටුපෙන් බදු කපා ගත් විට නිවාස ණය, වාහන ලීසිං ආදිය ගෙවා දැමීමෙන් පසුව දරු පවුල ආරක්‍ෂා කර ගැනීමට ප්‍රමාණවත් මුදලක් ඉතිරි නොවන බවට මෙම ක්ෂේත්‍රවලින් මැසිවිලි නැගිණි.
ඉහත තත්ත්වයට එම ක්ෂේත්‍ර දෙක නිර්දේශ කරගත් විසඳුම වූයේ උන්හිටිගමන් උන්හිටිතැන් අතහැර විදේශගත වීමය. “නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අප, ජනතාව අතිශයින්ම පීඩාකාරී උවදුරකට මුහුණ පා සිටින මොහොතක මෙසේ ඔවුන්, රට අත්හැර දමා යාම අශිෂ්ටය” වැනි සිතීමකට මෙම පරිසරය තුළ ඉඩක් නොමැති වීම ද පිළිගත හැකි කාරණාවකි.
“රෝහලේ සිටි එකම නිර්වින්දන වෛද්‍යවරයාත් නොකියාම රට ගිහින්. සැත්කම් සියල්ල නවතී” වැනි සිරස්තලවලින් අර්බුදයේ දිග පළල මනාව පැහැදිලි වේ.
වයස අවුරුදු 63න් විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගැනීම වෛද්‍ය හිඟයට එක පිළියමක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. එහෙයින් අර්බුදය තව තවත් උග්‍ර වීමට පෙර විසඳුම් සෙවීම බලධාරීන්ගේ වගකීමය. එතෙක් අපට ජනතාවට කීමට තිබෙන්නේ “ලෙඩ වෙන්න එපා, රෝහල් ලෙඩින්” යනුවෙනි.
(***)
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වෛද්‍යවරුන් රට හැරයාමේ ප්‍රශ්නයට විසඳුම් ඕනෑ
අබිලින් Saturday, 23 September 2023 12:59 PM
ආර්ථික අර්බුදයෙන් බැටකෑ රටේ පාලකයෝ අතීසාරයට අමුඩ ගහන්නා වගේ... නැත්නම් අටුව කඩා පුටුව හදන්න වගේ රටේ ජනතාව සමග අත්‍යාවශ්‍යම සේවාවල අයටත් විදෙස් රැකියා කර ඩොලර් ගේන්න කිව්වා. ඉතින් ඔක්කෝමලා පැනලා යන්න පටන්ගත්තා... කිසිම දෙයක් සැළසුමක් නැතුව උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ අදහස් නොවිමසා කරන්න ගියාම ඔහොම වෙනවා තමයි. මේවා වෙන්නේ සංගමේ සාමූහිකත්වය රැකීමට යාමෙන් කියන්න පුළුවන්... මොකද එහිදී විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්න බැරි නිසා වරදක් තිබුණත් කට වසාගෙන ඉන්නවා..