IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වැඩකරන ජනතාවගේ ජයග්‍රාහී දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. ‘සකල ලෝකවාසී කම්කරුවන් එක්වව්’ යන සටන් පාඨය යටතේ කොළඹ නගරයේත් පිට පළාත්වල ස්ථාන කිහිපයකත් මෙරට කම්කරු පක්ෂ අද දවස ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු දැකිය හැකිය. ‘‘යකඩ සපත්තු, බයිනෙත්තු ඉදිරිපිට දණ නොගාමු’’ යන සටන්කාමී කම්කරු පන්ති ඉතිහාසය සම්බන්ධ නිසි ඇගයීමක් සහිතව, මෙම සටහන තබමු.

‘සියල්ල දේශපාලනීකරණය වී ඇත’ යන්න තවදුරටත් මතවාදයක් පමණක් නොවේ. එය ඒකාන්ත සත්‍යයකි. ශ්‍රී ලංකාවේ මැයි දින පෙළපාලි හා මැයි දින රැලි දෙස බැලීමෙන් පමණක් වුවද එය වටහාගත හැකිය.

ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ‘ස්වාධීන කම්කරු පන්ති ව්‍යාපාරයක් නැත. එයට හේතුව කම්කරු පන්තිය ඒ ඒ දේශපාලන පක්ෂවල අනුසේනාංක බවට පත්ව තිබීමය. තමන් නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂයේ අරමුණුවලට අනුගතව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා මිස කම්කරු පංතියේ උන්නතිය, කම්කරුවාගේ වෘත්තීය අභිමානය ආරක්ෂා කිරීම හෝ වෘත්තීය අභිමානය දිනා ගැනීම, කම්කරුවා මුහුණ දෙන වෘත්තීය අභියෝග, ගැටලු ජය ගැනීමට සමත් ක්‍රියා මාර්ග වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියා කරන ආකාරයක් නොපෙනේ.

ඒ ඒ දේශපාලන පක්ෂවල සැරසිලි බවට පත්වීමට වෘත්තීය සමිතිවලට සිදුවීම ඛේදවාචකයකි. එමගින් තම වෘත්තීය සමිති මුදාගැනීමේ වුවමනාවක් වෘත්තීය සමිති නායකයන්ට නොවීම ඊටත් එහා ගිය ඛේදවාචකයකි. තමන්ට ලැබෙන වරදාන, වරප්‍රසාද හා අනෙකුත් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් තමන්ගේ වෘත්තීය සමිති නියෝජනය කරන සාමාජිකත්වය මෙහෙයැවීම් වර්තමාන වෘත්තීය සමිති සංස්කෘතියේ අනිවාර්ය මෙන්ම ආවේණික ලක්ෂණයක් වී තිබේ. මෙය ඛේදවාචකයක් ලෙස හැඳින්විය හැක්කේද  එහෙයිනි.

ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත්වූයේ පැය 8ක වැඩ දිනයක් ඉල්ලා ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් ඇරැඹූ අරගලය හේතුවෙනි. එම සාධාරණවූත්, යුක්තිගරුකවූත්, මානුෂිකවූත් අරගලයට පාලක පංතියේ  සුපුරුදු පිළිතුරු සැපයුම වූවේ තුවක්කු බටය තුළ වූ උණ්ඩය වේ.

පැය 8ක වැඩ දිනයක් ඉල්ලා අරගල කළ කම්කරුවන්ගේ ළය විනිවිද ගිය වෙඩි උණ්ඩ දුමාරයෙන්, හාත්පස පරිසරය වැහී ගිය අතර වෙඩි වැදුණු කම්කරුවෝ අරගල බිම කෙසෙල් කඳන් මෙන් ඇද වැටුණහ. එසේ ඇද වැටුණු කම්කරුවන්ගේ රුධිරයෙන් තෙතබරිත කමිස ඔසොවාගත් අහම්බෙන් දිවි ගලවාගත් සටන්කාමී කම්කරුවෝ පසුබැස පලායාම වෙනුවට මරණයට අභියෝග කිරීමේ මාවත තෝරාගත්හ.

කම්කරුවාගේ  පැහැය රතු වර්ණය වූයේ අහම්බයෙන් නොවේ. දිවි පිදූ කම්කරුවාගේ අරමුණ වෙඩි උණ්ඩ ඉදිරියේ පසුනොබැස සිය සටන්කාමීත්වය ඒ රක්තපුවර ජීව රුධිරය හේතුවෙන් කම්කරුවාගේ පැහැය රක්තවර්ණය විය. ඒ දිවි පිදූ කම්කරු සටන් සගයන්ගේ රුධිරයෙන් පණපෙවුණු අහම්බෙන් දිවි ගලවාගත් සටන්කාමී කම්කරු සගයන්ගේ නොපසුබස්නා උත්සාහයේ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් කම්කරුවාට පැය 8ක වැඩ දිනයක් හිමිවිය. 

අද අප රටේ තැන තැන සමරන්නේ චිකාගෝ නුවර කම්කරුවන්ගේ රුධිරයෙන් තෙතබරිතව දිනාගත් පැය 8ක වැඩ දිනයේ සටන් ක්‍රියා මාර්ගය වේ. දණින් වැටී ජීවත්වීම වෙනුවට දෙපයින් නැගී සිට මියයෑම ශ්‍රේෂ්ඨයැයි මානව වංශකතාවට නව පරිච්ඡේදයක් එක්කරනු ලැබුවේ චිකාගෝ නුවර කම්කරුවන් විසිනි.

මෙරට කම්කරු පංතිය උගත යුත්තේ ඒ ඉපැරැණි චිකාගෝ නුවර කම්කරුවාගෙනි. පෞද්ගලික ලාභය වෙනුවෙන් ආත්ම ගරුත්වය කීතු කීතු කර ඉරා දමමින් බලවතුන් හමුවේ දණින් නොවැටී තම පංති සගයන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම වෘත්තීය සමිති නායකත්වයේ ප්‍රගතිශීලී ලක්ෂණය වේ.

සියල්ල දේශපාලනීකරණය වූ සමාජයක වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, දේශපාලන කානුවට ඇදවැටීම එක් අතකින් ස්වාභාවිකය. එහෙත් ප්‍රශ්නය වන්නේ එබඳු වෘත්තීය සමිතිවලින් මෙරට කම්කරු පංතියට දිනාගත හැකි යමක් නොවීමය. වෘත්තීය සමිති නායකයා ඒ හිණිමග දිගේ ඉහළට නැග මැති ඇමැති තනතුරුවලට පත්ව  සුරසැප විඳිද්දී මෙරට කම්කරු ජනයාට සිදුව තිබෙන්නේ ‘කට ඇරගෙන’ එදෙස බලා සිටීමටය.

දේශපාලන පක්ෂවල බාහුවෙන් මිදුණු ස්වාධීන වූ කම්කරු පංති ව්‍යාපාරයක් වෙනුවෙන් මෙරට කම්කරුවාගේ ශක්තිය ඒකරාශි කර ගැනීමේ දිනයක් වෙනුවෙන් අද මැයි දිනය යොදා ගැනීමට කම්කරු පංතිය සමත් වන්නේ නම් එය මෙරට කම්කරු පංතිය අත්පත් කරගත් ඉහළම ජයග්‍රහණය වනු ඇත.



අදහස් (0)

වැඩකරන ජනතාවගේ ජයග්‍රාහී දිනය අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site