අනෝරා වැස්ස, මුරුගසන් වැස්ස, ධාරාණිපාත වැස්ස ගැන පුදුමයක්ද, විස්මයෙන්ද කථා කළ අප අද භීතියෙන් යුතුව අලූත් වැසි ගණනාවක් පිළිබඳ කථා කරමින් සිටින්නෙමු.

සති කිහිපයක් තිස්සේ රතු වැස්ස පිළිබඳ විවිධ ඉසව් ඔස්සේ තොරතුරු කථා කළ අපට මාළු වැස්ස සහ කහ වැස්ස ගැනද කථා කරන්නට ලැබී තිබේ.

කාර්මික තාක්‍ෂණ ආයතනය කළ පර්යේෂණවලින් පසු ප‍්‍රකාශකොට තිබුණේ රතු වැස්සේ ආසනික් හා රිදී බොහෝ තිබුණු බවකි.

ආසනික් පිළිබඳ බොහෝ පර්යේෂණ කළ විද්වතුන් පිරිසකගේ අවධානය ද මේ කෙරෙහි යොමු වූයේ මෙකී ප‍්‍රකාශ සමගය.

එම පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ඒ පිළිබඳව මෙසේ තම අත්දැකීම් ඉරිදා ලංකාදීප යට හෙළි කළේය.

අපි ආසනික් පිළිබඳ තොරතුරු සොයද්දී 2010 ඔක්තෝබරයේ නාසා ආයතනය කළ පර්යේෂණයක් ගැන තොරතුරු දුටුවා. රතු වැස්සේ ආසනික් අඩංගු බවත් ක්‍ෂුද්‍ර ජීවියකු සිටින බවත් යළි තහවුරු වීමත් සමගම අප 2010 පර්යේෂණය පිළිබඳව වූ වෙබ් අඩවිය යළි අධ්‍යයනය කළා.

එහි සඳහන් වූයේ 2010 වසරේදී ඇමෙරිකාවේ ගැඹුරු විලකින් සොයාගත් ක්‍ෂුද්‍ර ජීවියෙක් යොදා කළ පර්යේෂණයක් පිළිබඳවයි. එකී ජීවියා ප‍්‍රාථමික ක්‍ෂුද්‍ර ජීවියෙක්. (pronaryotic) මෙම ජීවියාද ඔවුන්ගේ නවතම සොයා ගැනීමක්. එම ජීවියාගේ ශරීරය තුළ ආසනික් ඇති බවත් එම ආසනික් අඩංගු සංයෝග ක්‍ෂුද්‍ර ජීවියා පිටකරන බවත් ඉන් කියැවුණා.
එකී ජීවියාගේ කි‍්‍රයාකාරීත්වය හේතුවෙන් එසේ ආසනික් අඩංගු සංයෝග පිටකරන බවයි සඳහන් වුණේ.
ඔවුන් විසින් එම ක්‍ෂුද්‍ර ජීවියාගේ ඡුායාරූපයක්ද වෙබ් අඩවියේ සඳහන් කොට තිබුණි.  ඕනෑම කෙනකුටscience.nasa.gov/science-news/scicnec-at-nasa වෙබ් අඩවියට ගිහින් මේ කථාව කියවන්න පුළුවන්.”

ජීව රසායනික අවියක් ලෙස මේ ජීවියා යොදාගත හැකි බවත් එහි සඳහන්.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පරිසරයේ විෂ සංයෝග රැගෙන ඒවා තවදුරටත් විෂ සහිත කොට මුදා හැරීමට මේ ජීවියා සතු අපූරු හැකියාවයි.

මේ වෙබ් අඩවියේ පෙන්වන ඡුායාරූපයත් වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවට වැටුණු රතු වැස්සේ සිටින බවට ප‍්‍රකාශයට පත් කළ ජීවියාත් එක හා සමානයි. ඉතින් මේ රතු වැස්සත් ජීව රසායනික අවි පර්යේෂණයක ප‍්‍රතිඵලයකැයි අප සැක නොසිතිය යුතුද?”

වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකානු හමුදාවෝද ජෛව රසායනික අවි යොදාගත්හ. ඒ අවි හේතුවෙන් පසුකාලීනව වියට්නාමයට කහ වැසි ඇතිවිය. මෙම අවස්ථා දෙකෙහිදීම ඇතිවූ කහ වැස්සේ ජල සාම්පල පරීක්‍ෂාවේදී හෙළිවී ඇත්තේ එහි ප‍්‍රධාන සංඝටකය ලෙස පවතින්නේ ආසනික් බවය.

ආසනික් ජෛව රසායනික අවිවලදී බහුලව භාවිත කරන්නකි. ආසනික් වැනි මූලද්‍රව්‍ය ක‍්‍රියාකාරීත්වය උත්පේ‍්‍රරණය කිරීමට රිදී (silver) වැනි මූලද්‍රව්‍ය සමත්වෙයි. මේ නිසාම නාසා ආයතනය පර්යේෂණ සඳහා යොදාගත් ජීවියාත්, එකී ජීවියා සමග ආසනික් හා රිදී ලෝහයත් ශ්‍රී ලංකාවේ රතු වැස්සෙහි අඩංගුවීම හේතුවෙන් මේ ජීව රසායනික අවි අත්හදා බැලීමක ප‍්‍රතිඵලදැයි සැක කිරීම සාධාරණය.

මන්ද.... කේරළයේ රතු වැස්ස විශ්ලේෂණයේදී කිසිදු තැනකදී ආසනික හෝ රිදී අඩංගු යැයි හෙළිවූයේ නැත.
මේ ජීව රසායනික අවි පර්යේෂණයක ප‍්‍රතිඵල වන්නේ නම් සොයා බැලිය යුත්තේ එම අත්හදා බැලීම කළේ ඉන්දියාවේ සිටද ශ්‍රී ලංකාවේ සිටද යන්නය. රතු වැස්ස සම්බන්ධයෙන් පමණක් නොවේ තවත් අංශ ගණනාවක් ගැන සිතීමේදී ජාතික ආරක්‍ෂාව සම්බන්ධව විධිමත් ආරක්‍ෂක යාන්ත‍්‍රණයක් නැති බව පෙනී යයි.

 ඕනෑම පර්යේෂකයකුට මෙරටට පැමිණිය හැකිය. හොරෙන් හෝ ප‍්‍රසිද්ධියේ පැමිණිය හැකිය. එතැන් පටන් එකී විදේශිකයා කරන්නේ කුමක්දැයි සොයා බැලීමක් සිදුවේද? ඒ සඳහා අඩුම තරමින් බුද්ධි අංශ හෝ කි‍්‍රයාත්මක වන්නේද? ශ්‍රී ලාංකේය අනන්‍යතාව වූ ගහකොළ මල් පැළෑටි සතුන් විදේශිකයන් හරහා හොර රහසේ විදේශ ගතවීමටත් අනතුරුව එකී ශාඛ හා සතුන් මෙරටින් තුරන්වී යාමටත් හේතු සොයා බලන්නට තවත් පමා විය යුතු නැත.
ඇමෙරිකානු ගුවන් යානා කිහිපයක් අනවසරයෙන් මෙරට ගුවන් සීමාවට ඇතුල් වී සිටිනු මීට මාස කිහිපයකට පෙර පිදුරුතලාගල රේඩාර් පද්ධතියට නිරීක්‍ෂණය විය. එම ගමනේදී යම් ජෛව රසායනිකයක් ගුවනේදී මුදා හැරියේ නම් ඒවා වැඞී රතු වැස්සක් සේ පොළවට ඇද හැළෙන්නට කාලය ප‍්‍රමාණවත් නොවේද?

රතුවැස්ස ගැන මීට පෙර ඉරිදා ලංකාදීපයේ තැබූ සටහන රතු වැස්ස හා එය ඇතිවූ ප‍්‍රදේශවල පාසල් දරුවන් යම් යම් අසාත්මිකතා ලක්‍ෂණ දැක්වීම මත යම් සම්බන්ධයක් ඇතැයි පෙනී යන බවට අදහසක් සටහන් කළෙමු. මේ වනතුරුත් බලධාරීන් රතු වැස්ස වෙනමම අධ්‍යයනයක් හා පාසල් දරුවන් අසාත්මකතා දැක්වීම පිළිබඳ වෙනමම පර්යේෂණත් මිස මේ දෙකේ යම් සබඳතාවක් ඇත්ද යන්න සෙවීමට කිසිදු අධ්‍යයනයක් සිදුකර නැත.

සටහන - විනීතා එම්. ගමගේ