IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ලොකු ලූනු ගොවියාට අස්වැසිල්ලක් ලැබෙයිද

දේශීය ලොකු ලූනු ගොවීන්ගේ අස්වැන්න මිලදී නොගන්නා ආනයනකරුවන්ට මින් ඉදිරියට බී ලූනු ආනයනය සඳහා අවසර නොදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග සහ ධීවර ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තිය දැකීමෙන් මෙරට ලොකු ලූනු ගොවියාට අස්වැසිල්ලක් ලැබුණාට සැකයක් නැත.

වෙළඳ පොළෙහි කොටස් ගණනාවකි. ගොවියා, වෙළෙන්දා හා පාරිභෝගිකයා ඉන් ප්‍රධානය. ගොවියාගේ ද ප්‍රභේද රැසකි. ඒ සාමාන්‍ය ගොවියා, මධ්‍යම පරිමාණ ගොවියා හා මහා පරිමාණ ගොවියා වශයෙනි. වෙළෙන්දාගේද ප්‍රභේද රැසකි. ඒ සාමාන්‍ය වෙළෙන්දා මධ්‍යම පරිමාණ වෙළෙන්දා හා මහා පරිමාණ වෙළෙන්දා වශයෙනි. ඇතැම්විට මහා පරිමාණ ගොවියා සමඟ හැරෙන්නවත් සාමාන්‍ය වෙළෙන්දාට නොහැකිය. ඒ මහා පරිමාණ වෙළෙන්දා මෙරට වෙළඳපොළ සමඟ පමණක් නොව ජාත්‍යන්තර වෙළෙඳ පොළ සමඟ ද ගනුදෙනු කරන්නෙකි. වෙළෙඳපොළ ආර්ථිකයෙන් වැඩි පංගුව ඔවුහු හිමිකරගෙන සිටිති. ජාවාරම්කරුවාගේ භූමිකාවට පිවිසෙන්නේ ද ඔවුන්ගෙන්ම පිරිසකි. මේ සියල්ලන් මැද අතරමැදියෝ ද සිටිති. වෙළඳ පොළ හැසිරවීමේ තීරණාත්මක බලයක් ඔවුහු අත්පත් කර ගෙන සිටිති.

වෙළඳ පොළට අදාළව තීන්දු තීරණ ගත යුත්තේ මේ සියලු සාධක නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුවය. එහිදී වැඩිම අවධානය යොමු කළ යුතු වන්නේ සාමාන්‍ය ගොවියාට හා සාමාන්‍ය වෙළෙන්දාටය. සාමාන්‍ය ගොවියාට හා සාමාන්‍ය වෙළෙන්දාට සාධාරණය ඉටුවන්නේ නම් සෙසු පාර්ශ්වවලට අසාධාරණයක් සිදුවන්නේ නැත. සාමාන්‍ය ගොවියාට හා සාමාන්‍ය වෙළෙන්දාට අසාධාරණයක් සිදුවන්නේ නම් එහිදී වැඩිම පීඩනයට ලක්වන්නේ පාරිභෝගිකයායි, නූතන ආර්ථික විද්‍යාවෙහි මූලික ස්වරූපය වන්නේ “පාරිභෝගික මූලික අලෙවිකරණය” වේ. එයින් බලාපොරොත්තු වන්නේ පාරිභෝගිකයා පිනවීම අංක එක වන බවය.

සෑම තැනකදීම පාහේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ ආර්ථිකය ද ක්‍රියාත්මක වන්නේ රුයිතෙටය. සාමාන්‍ය ගොවියා මෙන්ම සාමාන්‍ය වෙළෙන්දාද ඇතුළත් පොදු මහජනතාව පිනවීම වෙනුවට අතරමැද එක්තරා ජාවාරම්කාර පන්තියක් පිනවීම සිදුවේ. ඇමැති හැරිසන්ගේ තීන්දුව වඩාත් වැදගත්වන්නේ ඒ අර්ථයෙනි.

සෑම ක්‍ෂේත්‍රයකම මෙන්ම ආර්ථික ක්‍ෂේත්‍රයට ද ජාතික ප්‍රතිපත්තියක් නොමැති හෙයින් පෙරකී අතරමැදි ජාවාරම්කාර පන්තියේ හිතසුව පිණිස වන ක්‍රියාමාර්ග සැමදාමත් ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස ලොකු ලූනු ගොවීන් අස්වැන්න නෙළන කාලයේදීම පිටරටින් බී ලූනු ගෙන්වීමට ඉහළ ව්‍යාපාරික පන්තියට දී ඇති අවසරය දැක්විය හැකිය.

භාණ්ඩ හිඟවීම මිල ඉහළ යාමට හේතුවක් වන්නාසේම භාණ්ඩ සුලබවීම මිල පහත බැසීමට හේතුවකි. මෙරට ගොවියාගේ ලොකු ලූනු අස්වැන්න නෙළන සමයේදීම බී ලූනු පිටරටින් ගෙන්වීමේදී එය ලොකු ලූනු මිලට සෘජුවම බලපායි. ඒ අනුව අතරමැද ජාවාරම්කාර පන්තිය ලොකු ලූනු කිලෝවකට මිල තීරණය කරයි. කුණු කොල්ලයට වුවත් එම මිලට ලොකු ලූනු අලෙවි කිරීමට ගොවියාට සිදුවන්නේ තමන්ගේ අස්වැන්නට අත්වන ඉරණම හොඳින්ම දන්නා හෙයිනි. කුණු කොල්ලයට එසේ ලොකු ලූනු මිලදී ගත්ත ද එහි වෙළඳ පොළ මිල තීරණය කරනු ලබන්නේ අතරමැදි ජාවාරම්කාර පන්තිය විසිනි.

අතීතයේදී මඩ සෝදාගත් කල්හි ගොවියා සිහසුනට වටී යැයි කීමට වර්තමානය වනවිට මඩ සෝදාගත් කල්හි සොහොන් බිමට යාමට ගොවියාට සිදුවී තිබෙන්නේ එම පරිසරය තුළය. වෙළඳ පොළට ගිය කල්හි ගුවන්ගත වී ඇති බඩුමිල දකින පාරිභෝගිකයාට දිවංගතවීමට සිදුවන්නේ ද ඉහත පරිසරය තුළය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇත්තේ මහා පරිමාණ ජාවාරම්කාර වෙළඳ පන්තිය සතුව හෙයින් ඔවුන්ට හැමදාමත් තමන්ගේ වෙළඳ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ හැකියාවක් ලැබේ. මඩ නොගාගෙනම ඔවුන්ට සිහසුනට පත්වීමේ හැකියාව ලැබෙන්නේ එහෙයිනි. අස්වැන්න විකුණාගත නොහැකිව එන මාර්ග අවුරා විරෝධය පළ කිරීමටත් මහ මඟ දමා අස්වැන්න ගිනි තැබීමටත් ගොවියාට අත්වී ඇති ඉරණම අහම්බයක් නොවේ. වගාව සඳහා ගත් ණය ගෙවාගත නොහැකිව වස බී මිය යාමේ ගොවියාගේ ඉරණම නිස්කාරණේ නිර්මාණය වූවක් නොවේ.

ඇමැති පී. හැරිසන් ප්‍රකාශ කර තිබුණේ ලොකු ලූනු ගොවීන් සහ බී ලූනු ආනයනකරුවන් අතර ඉදිරියේදී පොදු ගිවිසුමකට එළැඹෙන බවය. ඒ අනුව එක ආනයනකරුවකු ආසන්න වශයෙන් ගොවීන් දහ දෙනකුට වැඩි පිරිසකගෙන් ලොකු ලූනු තොග මිල දී ගත යුතුය. ඇමැති හැරිසන්ගේ උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන්නේදැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු.



අදහස් (3)

ලොකු ලූනු ගොවියාට අස්වැසිල්ලක් ලැබෙයිද

de silva berlin Tuesday, 18 June 2019 10:27 AM

පක්ෂ පාට කුමක් වුනත් රට කරවන දේශපාලකයෝ හැමදාම කරන්නේ මේ ප්‍රශ්නෙට පැලැස්තර ඇලවීම්, ඒකට හේතුව දඹුල්ලේ ඉන්න ගොවින් හුරගෙන කන අතරමැදි ව්‍යාපාරිකයෝ දේශපාලකයන්ගේ ගෝලයෝ නිසා, මේකට ස්ථිරසාර විසදුම නම් මෙම කෘෂි නිෂ්පාදන කල් ගන්න පුළුවන් ගබඩා පහසුකම් සතොස හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකර, නියමිත මිලකට මේවා මිලදී ගෙන ගබඩා කර තබාගෙන ඉල්ලුමට අනුව වෙළදපලට නිකුත් කිරීම, එතකොට ස්ථාවර මිලකට මේවා පාරිභෝගිකයාට ලැබෙන අතර , මේවා ගෙන්වීමට වැය වන විදේශ විනිමය රටේ ඉතුරු වෙනවා .

:       0       21

buruwa Wednesday, 19 June 2019 10:29 PM

අපගේ ගොවින් ද මෙයට වැරදිකරුවන් වේ. ඔවුන් වගාව නිසි කලට පෙර ගලවා විකිණීමට ගෙනෙනවා. එවිට කල්තබාගත නොහැක.

:       0       0

සෙනෙවිරත්න Saturday, 22 June 2019 02:38 AM

විශාල අස්වැන්නක් එකවර දේශීය වෙළඳ පොලට පැමිණිම මෙයට හේතුවක් විය හැක. අපනයන තත්ත්වයේ ගුනාත්මක ලූනු නිශ්පාදනය විසඳුමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 411 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 351 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 275 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1342 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 67 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 653 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 550 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 146 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1165 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site