එය1912 වසරේ ජුනි මස 03 වැනිදාය. තවත් ආකාරයකින් කියනවා නම් එම වසරේ පොසොන් පුර පසළොස්වක පෝ දිනයයි. දහස් සංඛ්‍යාත සැදැහැවත් බොදු බැතිමතුන් පිරිසක් සුදෝ සුදු වතින් සැරසී සුදුවන් වැලි තලයෙන් යුතු රුවන්වැලි සෑ මළුවේ බණ භාවනාදී පිංකම්හි නිරතවී සිටිති. සුදු වතින් සැරසීගත් බාලිකාවෝ පිරිසක් එම සැදැහැවතුන් වෙත පැමිණ ආධාර එකතු කරමින් සිටිති. ඒ රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහාය.
ප‍්‍රසන්න පෙනුමකින් යුතු උත්තුංග දේහධාරී වයෝවෘද්ධ සැදැහැවතෙක් කුඩා පිත්තල වංගෙඩියක් තුළ බුලත් විටක් කොටමින් සිටියේය. ආධාර එකතු කරමින් පැමිණි බාලිකාවෝ ඔහු වෙත පැමිණියහ.
”සීයා.... චෛත්‍යයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට ආධාරයක් දෙන්න.” බාලිකාවන් අතර සිටි කටකාර එකියක් කීවාය.
”සීයා?... මම කොහොමද බොලාට සීයා වෙන්නෙ?” වයෝවෘද්ධ සැදැහැවතා සිනාමුසු මුහුණින් යුතුව මෘදු ස්වරයෙන් ඇසීය. ඔහුගේ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයාගත නොහී දැරියෝ පසුබා නිහඬව බලා සිටියහ.
ඒ දරුවො ඔහේට සීයා කියල කථා කළේ වැඩි ආදරේට නේ අප්පුහාමි. සැදැහැවතා අසලින් වාඩිවී සිටි එම වියේම පසුවන අනෙක් සැදැහැවතා බාලිකාවන් වෙනුවෙන් කථා කළේය.
එහෙමද? එහෙනම් ලියාගනිල්ලා මගෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක්. සැදැහැවතා ගත් කටටම කීවෙන් බාලිකාවෝ ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසෙමින් එතැනින් නික්ම ගියහ.
ඇත්තටමද අප්පුහාමි ඔහේ ඒ දරුවන්ට ලක්‍ෂ දෙකහමාරක් ලියා ගන්න කිව්වේ? මිතුරා සැදැහැවතා අමතා ඇසීය.
අද මේ පොසොන් පුර පසළොස්වක පෝය දවසෙ අටසිල් සමාදම් වෙලා මේ උතුම් රුවන්වැලි සෑ මළුව ඉඳගෙන බොරු කියනවද මම? ඇත්තටම රාළහාමි ඔහේගෙ ඔළුවෙ අමාරුවක් තියෙනවාද? සැහැදැවතා සිනාසෙමින් තම මිතුරා ගෙන් ඇසීය.
ඒ දරුවෝ නම් ඔහේගෙ කථාව තඹේකට විශ්වාස කළේ නෑ. ඒ නිසා ඔහේ ගැන ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම දන්න මමවත් ඒ වචන විශ්වාස කළේ නෑ අප්පුහාමි. මිතුරා යළිත් කීවේය.
රුවන්වැලි සෑ මළුව ඇතුළු මුළු ප‍්‍රදේශය පුරා සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර ඔස්සේ ඒ මොහොතේ නිවේදනයක් නිකුත් විය.
තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥධාතු නිදන් කර ලංකාවාසී සැදැහැවත් ඔබ සැමට නිවන් පුර රුවන් දොර විවර කැරදීම සඳහා එදා අපේ ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු මහ රජාණන් විසින් ඉදි කරන ලද්දාවූ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ මේ වන විට තරමක් අබලන් තත්ත්වයකට පත්ව ඇති බැවින් වහා කළ යුතු ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා පුණ්‍යකාමී සැදැහැවත් ඔබ සැමගෙන් ශක්ති ප‍්‍රමාණයෙන් ආධාර අපේක්‍ෂා කෙරේ. සංසාර ගමන් මග කෙටි කැර ගෙන නිවන් දැකීමේ අරමුණ පෙරදැරි කැරගෙන මේ උතුම් පොසොන් පුර පසළොස්වක පෝදා මේ රුවන්වැලි සෑ පින්බිමේ අටසිල් සමාදම් වී සිටින සැදැහැවත් ඔබ සැම දහඩිය මහන්සියෙන් උපයාගත් මුදලින් මේ උත්තම පුණ්‍යකර්මය සඳහා තම තමන්ගේ ශක්ති ප‍්‍රමාණයෙන් දායක වන ලෙස අපි ඔබ සැමට කාරුණිකව ආයාචනා කරමු.
ශ‍්‍රද්ධා සම්පන්න ඔබේ නොමසුරු ආධාර භාර ගැනීම සඳහා මේ පුණ්‍ය භූමියේ පිහිටුවා ඇති කාර්යාලයේ නිලධාරී මහත්වරු සූදානම්ව සිටින බැවින් මේ උදාරවූ පුණ්‍ය කර්මයට දායකවී සුවදායිවූ මරණයක් කෙළවර අජරාමර නිවන් සුව ප‍්‍රාර්ථනා කැර ගන්නා ලෙස සැහැදැහැවත් ඔබ හැමට අපි ගෞරවපූර්වකව ආයාචනා කරමු. මේ එම නිවේදනයයි.
”අප්පුහාමි ඔහේට ඇහුනැයි? අපි යමුද ඔහේගෙ අර ලක්‍ෂ දෙකහමාර දෙන්න? මට නම් ලක්‍ෂ ගණන් නැති වග ඔහේ දන්නවනේ? මම බොහොම අර පිරිමැස්මෙන් ඉතිරි කර ගනිපු රුපියල් පන්සීයක් තියෙනවා. මගේ මිය පරලොව ගිය මාපියන්ට පින් සිද්ධ වෙන්න කියල මම ඒක පූජා කරනවා. මිතුරා එකී සැදැහැවතාට කීවේය.
කොටමින් සිටි බුලත් විට අතට හලා එය දත් නැති මුව තුළ රුවාගත් හෙතෙම තම කුඩා පිත්තල වංගෙඩිය ශුද්ධ පවිත‍්‍ර කැර ගමන් මල්ල තුළට දමාගෙන නැගී සිටියේය. ”යමු රාළහාමි යමු” හේ පෙරමුණ ගනිමින් මිතුරා ඇමතීය.
දෙමිතුරෝ රුවන්වැලි සෑ කාර්යාලය භූමිය වෙත පැමිණෙද්දී එහි දිගු පෝලිමකි. එහි සිටි හැමෝම රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහත් ශ‍්‍රද්ධාවෙන් භක්තියෙන් දායක වෙනු පිණිස පැමිණියෝ වූහ. ඒ දෙමිතුරෝද පෝලිමේ අගට එකතු වූහ. රුපියල් දාහට වැඩි විශේෂ ආධාර දීමට බලාපොරොත්තු වෙන පින්වතුන් පෝලිමේ සිටීනම් කරුණාකර පෝලිමෙන් ඉවත්වී කාර්යාලය තුළට පැමිණෙන්න. සංවිධායකවරු ශබ්ද විකාශන යන්ත‍්‍රය හරහා තවත් නිවේදනයක් නිකුත් කළහ.
පෝලිමේ සිටි ගරු ගාම්බීර මහේශාඛ්‍ය පෙනුමෙන් යුතු ප‍්‍රභූවරු රැුසක් පෝලිමෙන් වෙන්වී කාර්යාලය තුළට ගියහ.
”අන්න අප්පුහාමි... ඇහුණ නේද ඔහේට? ඔහේත් යන්න කාර්යාලය ඇතුළට. මිතුරා කීවේය.
අප්පුහාමි කාර්යාලය තුළට ඇතුළු විය. සල්ලිකාර ප‍්‍රභූවරුන් විස්සක් තිහක් පමණ එම කුඩා කාර්යාලය තුළ තෙරපෙති. දුප්පත් ගැමියකුගේ පෙනුම ප‍්‍රදර්ශනය කළ අප්පුහාමි ඒ හැමට විහිළුවක් උපහාසයක් වූ සෙයකි. ඔවුන් අප්පුහාමි නොරුස්නා සෙයක්ද මොනවට ප‍්‍රදර්ශනය විය. අප්පුහාමි ඔවුන් දෙපසට කරමින් ඉදිරියට ගියේය.
”ඔන්න මහත්තයා ලියාගන්න මගෙන්.....” අප්පුහාමිට සිය වාක්‍යය නිම කරන්නට ඉඩ නොදෙමින් එහි සිටි ප‍්‍රභූවරයෙක් කථා කළේය.
”ශත දහයක්” ඔහුගේ බහට එහි සිටි ප‍්‍රභූවරු සැවොම උපහාසාත්මක ස්වරයෙන් උස් හඬින් සිනාසෙන්නට වූහ.
”නෑ ශත විසි පහක්” අප්පුහාමි ඊටත් වඩා උස් හඬින් කීවෙන් ප‍්‍රභූවරු යළිත් සිනාසෙන්නට වූහ.
”ඔය මහත්තයා යන්න අර පෝලිමට. මෙතැන ලියන්නෙ රුපියල් දාහට වැඩි විශේෂ ආධාර” සංවිධායකයෙක් කීවේය.
”මහත්තයෝ ලියාගන්නකො විසි පහ ලියල දාන්න ඒකට අගට තව බිංඳු හතරක් අප්පුහාමි උස් හඬින් කියා ආඩම්බර ලීලාවෙන් වට විට බැලූවේය.
”මොනවා? ශත දෙලක්‍ෂ පනස්දාහක්? අපබ‍්‍රංශයක්නෙ?” සංවිධායකයා විමතියෙන් ඇසීය.
”පිස්සෙක්... ඔල්මාද කාරයෙක්.... අංගොඩ ඉඳලා ගෙදර යන ගමන්” ප‍්‍රභූවරු මුමුනන්නට වූහ.
”ශත දෙලක්‍ෂ පණස් දාහක් නොවෙයි. රුපියල් දෙලක්‍ෂ පනස් දායක්” අප්පුහාමි යළිත් උස් හඬින් කීවේය. නිලධාරියා අප්පුහාමි දෙස පරීක්‍ෂාවෙන් බැලීය. පාදාන්තයේ සිට කේෂාන්තය දක්වාත් කේෂාන්තයේ සිට පාදාන්තය දක්වාත් අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් බැලීය.
”නම කොහොමද උපාසක මහත්තයෝ? නිලධාරියා ඇසීය.
දොන් හෙන්ද්‍රික් සිටුගේ..... ගම අකුරැුස්ස හේනෙගම අප්පුහාමි පෙරටත් වඩා උස් හඬින් කීවේය.
නිලධාරියා එම විස්තර ලියා ගත්තේය. තම ගමන් මල්ලෙන් චෙක් පොතක් හා පෑනක් එළියට ගත් අප්පුහාමි වටපිට බැලූවේය. ”ආ..... මේ පුටුවෙ වාඩිවෙලා ලියන්න” නිලධාරියා සිය අසුනින් නැගී සිටිමින් කීවේය.
”අද අපට උච්ඡුාසයන අකැපයි නේ මහත්තයෝ. අද අපි අටසිල් සමාදම් වෙලා නොව. චැක් කඩදාසිය ලියලයි තියෙන්නෙ. අත්සන් කරන්න විතරයි ඇත්තෙ. ”කී හෙතෙම තම චෙක් පොත නිලධාරියාගේ මේසය මත තබා අදාළ චෙක් පතෙහි අත්සන් කළේය.
සැදැහැවතා දෙස උපහාසයෙන් බැලූ, ඔහුට සිනාසුණු යම් යම් උපහාසාත්මක වදන් කියූ එහි සිටි ප‍්‍රභූවරු ඔවුනොවුන්ගේ උරහිස් වලට ඉහළින් එබෙමින් චෙක්පත දෙස බලන්නට වූහ. ඒ ඔහු සැබැවින්ම එහි සඳහන් කැර ඇත්තේ රුපියල් දෙලක්‍ෂ පනස් දහසක්දැයි සැක හැර දැන ගැනීමටය. එහි සැබැවින්ම රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් ලියා තිබිණි.
බොරු කාරයෙක්... වංචා කාරයෙක්.... කපටියෙක්.... පිස්සෙක්..... කාගෙ හරි චෙක් පොතක් අහුලලා වෙන්නැති. ප‍්‍රභූවරු ඔවුනොවුන්ගේ සවන් වලට මුහුණන්නට වූහ. සිය චෙක්පත අත්සන් කළ හෙතෙම එය පරෙස්සමෙන් පොතෙන් වෙන් කැර දෑතින්ම ගෙන නිලධාරියාට පිළිගැන්වීය.
”පින් සිද්ධ වෙච්චාවෙ උපාසක මහත්තයෝ.” නිලධාරියා අසුනින් නැගිට දෑතින්ම එය පිළිගනිමින් කීවේය.
”පින් තමයි මහත්තයෝ ඕනෑ. සල්ලි නම් කොච්චර තිබුණත් කිසි පලක් නෑ. යන කොට එක ශතයක් අරගෙන යන්න පුළුවන්ද? පින් නම් කොච්චර තිබුණත් කාරි නෑ. තියෙන තරමක් අරගෙන යන්න පුළුවනි.” සිනාසෙමින් කී හෙතෙම එළියට බැස රුවන්වැලි සෑය දෙසට හැරී දොහොත් මුදුන් තබා මහ හඬින් ”සාධු සාධු සාධු” කියා වැන්දේය. ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසුණු යම් යම් උපහාසාත්මක වදන් කියූ ප‍්‍රභූවරු නිහඬව බිම බලාගත්හ. ඔවුන් එවේලේ පරිත්‍යාග කළේ දහස දෙදහස දෙදහස් පන්සීය යනාදී වශයෙනි. එකම ප‍්‍රභූවරයෙක් පමණක් රුපියල් පන් දහසක් පරිත්‍යාග කැර තිබිණී.
අකුරැස්ස, හේනෙගම විසූ දොන් හෙන්ද්‍රික් සිටුගේ අප්පුහාමි උපාසක මහතා රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා කළ අති විශාල වූ එම පරිත්‍යාගය පිළිබඳව එම පින් බිම පුරා තැන තැන සවිකැර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර හරහා එවෙලේ පටන් පසු දින තෙක් සිය වරක් ප‍්‍රචාරය විය. එසේම පසුදින හිමිදිරියේ අටසිල් පවාරණවී සිය සුපුරුදු අත් දිග මේස් බැනියමෙන් හා කළු කබාෙයෙන් සැරසුණු ඔහුගේ සේයාරුවක් විශේෂයෙන්ම එහි ගෙන්වන ලද ඡායාරූප ශිල්පියකු ලවා ලබා ගැනීමට එහි නිලධාරීහු කටයුතු කළහ.
මෙම ලිපිය සමග පළ කැර ඇත්තේ එදා ගන්නා ලදුව අදද අටමස්ථාන කාර්යාලයේ තැන්පත් කැර ඇති එම දැවැන්ත සේයාරුවේ කුඩා පිටපතකි.
1912 වසරේදී රුපියල් ලක්‍ෂ දෙකහමාරක් යනු අද කාලයේ නම් මිලියන ගණනාවකි. මන්ද? එම වකවානුවේ කම්කරුවෙකුගේ දෛනික වැටුප වූ කලී ශත 05ක් බැවිනි.
අකුරැුස්ස, පරදුව ග‍්‍රාමයේ උපත ලද දොන් හෙන්ද්‍රික් සිටුගේ නම්වූ හෙතෙම ළමාවිය ඉක්මවීමත් සමගම එකල ”පුංචි එංගලන්තය” නමින් විරුදාවලි ලැබ තිබූ දෙනියාය තේ වතු අධිරාජ්‍යයේ පිහිටි තානායමේ සහකාර කෝකියකු ලෙසින් සේවයට බැඳුණේය.
ඉඳහිට ගමේ එන අතරතුරු වත්මන් පොලීසිය පිහිටුවා ඇති ගොඩනැගිල්ලේ එවකට විවෘතව තිබූ අකුරැස්ස තානායමටත් ගොඩවී කථා බහ කැර යාම ඔහුගේ පුරුද්දක් විය. එසේ පැමිණි වාරයකදී දැන හඳුනාගත් සුදු ජාතිකයෙක් ඔහු හා කුළුපග විය.
ඔහු සියරට බලා නික්ම යන අවසන් අවස්ථාවේදී තම බූදලය තරුණ දොන් හෙන්ද්‍රික් සිටුගේට පැවරීය. එම මුදල් වලින් තමන්ගේම ව්‍යාපාරයක් ඇරැඹීමේ අදහසින් පසුවූ ඔහුට කදිම අදහසක් පහළ විය. ඒ එම ප‍්‍රදේශයේ ගම් රැසක සිට අකුරැස්ස නගරයට පැමිණෙන සිය ගණන් වූ ජනතාව නිල්වලා ගෙඟන් එගොඩට මෙගොඩ කිරීමය. හෙතෙම ඒ සඳහා විශාල පාරුවක් තැනවීය. ඒ මගින් ඔහු එක් මගියෙක් එගොඩ හෝ මෙගොඩ හෝ කිරීමට ඔහු අය කළ මුදල ශත භාගයකි. නැතහොත් සල්ලියකි. පාරුව පැදවූ තොටියාට ඔහු එකල ගෙවූ දෛනික වැටුප ශත පහක් විය.
1887 වසරේදී රජය විසින් එම ස්ථානයේ දැවැන්ත පාළමක් ඉදි කරවීමත් සමගම ඔහුගේ පාරු සේවය නිමවිය. නමුත් ඔහු ඒ වනවිට එමගින් විශාල මුදලක් උපයා ගෙන ඉතිරි කැරගෙන තිබිණි.
සිය සුදු ජාතික මිතුරාගෙන් සොයා ගත් මුදල හා තමා උපයාගත් මුදල් යොදා හෙතෙම අකුරැස්ස, හේනෙගම, කියාඬුව යන ප‍්‍රදේශවලින් ඉඩම් අක්කර ගණනාවක් මිලයට ගත්තේය. (එකල ඉඩම් අක්කරයක මිල රුපියල් සියයක් විය.)
ඒවායේ පැඟිරි වගා කළ හේ ඒවායින් පැඟිරි තෙල් සිඳ අලෙවි කළේය. එකල පැඟිරි තෙල් බෝතලයක මිල රුපියල් තුනක් පමණ විය.
දිනෙන් දින පොහොසත්වූ මේ උත්සාහවන්ත තරුණයා පසුව හේනේගම, ගොරගොඩ යන ගම්මාන වලින් ඉඩම් අක්කර සිය ගණනක් මිලයට ගැනීමට සමත්විය. එම ඉඩම් වල තේ වගාකළ හෙගෙම තේ වත්තෙ අප්පුහාමි යන නමින් ප‍්‍රසිද්ධ විය.
අකුරැස්ස ප‍්‍රදේශයේ තේ වගා කිරීමේ ආදි කර්තෘවරයා අප ලිපියේ කථානායක දොන් හෙන්ද්‍රික් විය.
ඇල්ගිරිය ප‍්‍රදේශයේ විසූ ප‍්‍රභූ පවුලක් වූ ජයවර්ධන පවුලේ කුල කුමරියකවූ ජයවර්ධන ලියනගේ ලැවැරස්තිනා හාමි නම් ඇය සමග විවාහ විය. එම යුවළ දුවරුන් සතර දෙනෙකු හා එක් පුතකු ලැබූහ. තමන්ට හරිහමන් අධ්‍යාපනයක් ලැබීමට නොහැකිවූ නමුදු තම දුවා දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබාදීමට ඔවුහු උත්සුක වූහ.
1915 දී ඇතිවූ සිංහල - මුස්ලිම් කෝලාහලවලදී දකුණ පුරා පෙදෙස් රැසක විසූ සල්ලිකාර තරුණයන් රැසක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. දොන් හෙන්ද්‍රික්ගේ එකම පුත‍්‍රයාද ඒ අතර විය. ඔහු නිදහස් කරවා ගැනීමට හෙතෙම නොගත් උත්සාහයක් නැත. ඔහුගේ බරට බර මුදල් වියදම් කැර ඔහු නිදහස් කැර ගැනීමට අවසන ඔහු සමත් විය.
අවාසනාවක මහත. නිදහස් කරගෙන විනාඩි 15 කට පමණ පසු ඔහු මිය ගියේය. ඔහුට මාරාන්තික විෂ සහිත එන්නතක් ලබාදී තිබූ බව කියැවිණි. එසේම ඔහුට නිර්දය ලෙස පහරදී විවිධ කුරිරු වධ බන්ධන පමුණුවා තිබුණේලූ. මේ හැම කරුණු කාරණා හේතුවෙන් ඔහු මිය ගියා විය හැක.
දොන් හෙන්ද්‍රික්ගේ මියගිය පුත‍්‍රයාට දරුවෝ තිදෙනෙක් වූහ. එනම් පුතුන් දෙදෙනකු හා එක් දුවකි. එම දුව විවාහවී සිටියේ එවකට දෙහිවල පිහිටි සුප‍්‍රකට විලියම් බිස්කට් ආයතනයේ අයිතිකරු සමගය.
අප ලිපියේ කථානායක දොන් හෙන්ද්‍රික් අප්පුහාමි යටකී 1912 වසරේදී රුවන්වැලි සෑයට රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් පරිත්‍යාග කිරීමෙන් පසුව දොන් හෙන්ද්‍රික් සිල්වා සිටුගේ නමින් ප‍්‍රසිද්ධ විය.
ඒ දැවැන්ත පරිත්‍යාගයට කෘතවේදී වෙමින් ඔහුට ශ්‍රී මහා බෝධි අංකූර දෙකක් ත්‍යාග වශයෙන් පරිත්‍යාග කැරිණි. ඔහු ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අලි ඇතුන් සහිත මහා පෙරහරකින් එම බෝධීන් වහන්සේලා අකුරැුස්සට වැඩමවාගෙන විත් අකුරැස්සේ තෙපුදෙණිය හා කියාඬුව යන ගම්මානවල තමන්ට අයත් ඉඩම් දෙකක රෝපණය කළේය. ප‍්‍රදේශවාසී බොදු බැතිමතුන්ගේ වන්දනාමානයන්ට ලක්වූ එම බෝධීන් වහන්සේලා සහිත ඉඩම් ඒවායේ පසුකාලීන අයිතිකරුවන්වූ (අකුරැස්ස සෙම්ඩොල් වත්ත හා තේ කම්හලේ අයිතිකරු) පී.එල්. බුද්ධදාස මහතා හා (වත්මන් වැලියන් නෙප්චූන් තේ කම්හලේ අයිතිකරු) පී. හේවාකුරුප්පු මහතා විසින් සසුනට පූජා කරන ලදුව අද සංවර්ධිත විහාරස්ථාන දෙකකි. එනම් තෙපුදෙනිය බෝධිරාජ විහාරය සහ කියාඬුව දස මහා බෝධි සෙනසුනයි.
කම්කරුවකුගේ දෛනික වැටුප ශත 05ක් වූ 1912 වසරේදී රුවන්වැලි සෑයට රුපියල් ලක්‍ෂ දෙකහමාරක් පරිත්‍යාග කළ මෙම ශ්‍රේෂ්ඨ පුරුෂයා සතුව තිබූ අක්කර දහස් ගණන් වූ ඉඩම්වල අද දස දහස් සංඛ්‍යාත ජනතාවක් නිවෙස් තනාගෙන ජිවත් වෙති. එසේම අකුරැුස්ස රෝහල ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් පිහිටුවා ඇත්තේ එකී ඉඩම්වලය.
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග‍්‍රීසි ආචාර්ය පණ්ඩුල ලැබුනුහේවා මහතාට අපේ ගෞරවනීය ස්තුතිය
සටහන හා ඡායාරූප සැපයුම අතුරලිය කේ.ඩබ්ලිව්. ගුණවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මගේ මී මුත්තා
කියන්න වචන නෑ . විසිවන සියවසේ පහල වුණු වෙස්සන්තර රජු ඔහුය (ස)
කියන්න වචන නැහැ.. විසිවෙන සියවසේ පහළවුණු වෙස්සන්තර රජු ඔහුයි..!(නු)
ඇස් වලට කදුලු එනවා නොදැනීම මෙය කියවද්දි. මෙවන් ලිපි සමාජයට යා යුතුයි. බුදුසසුන සුරකින දෙවිවරුන් කියන්නෙ මෙවන් උතුමන්ට. පතන යම් බෝධියකින් ඔබට අජරාමර නිවන් සුව පතමි හෙළයේ නාමයෙන්. (නි)
අනේ සාදු! දැන් ඔහු උසස් දිව්‍ය ලෝකෙක දිව්‍ය සැප විදිනවා ඇති! මහා පින් කමක් කර ගත්තනේ. අටසිල් සමාදන් වෙලා කරපු පිනක් නිසා පින බොහොම ප්‍රබලයි ! දෙව් ලොවෙදීම සද්ධර්මය අවබෝධ කර නිවන් සාක්ෂාත් කරගන්න එතුමාට හැකි වෙයි. තව්තිසාවේ උපන්න නම් දුටුගැමුණු රජතුමාත් මුණගැසෙන්න ඇති. රජතුමාත් මරණින් පසු තව්තිසාවේ උපන්නනේ. ඒ වගේම විශාකාව වගේ දෙව් දුවරුත් මුණගැහෙන්න ඇති. භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා මග පල ලබපු දෙවිවරු ඇසුරු කරන කොට ඉක්මනින්ම එතුමාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙයි! මේවගේ කතා අහල අපටත් පුළුවන් ඒ පින අනුමෝදන් වෙන්න, මේක අහල ඔබේ හිතේ සතුටක් ඇති වෙලා සාදු හැගීමක් ඇති උනානම් අන්න ඔබ පින අනුමෝදන් උන අයෙක් වෙනවා, එය විපාක පිණිස සකස් වෙනවා! හැකි සෑම විටම පින් කරන්න උනන්දු වෙන්න ඕන. පින් කරන්න ක්‍රම තුනක් ඇත , දාන. ශීල , භාවනා වශයෙන් , ඉහලම පින භාවනා පිනයි, මෙත්ත භාවනාව තමයි ඉහලම පින ගෙන දෙන්නේ. මේ උත්තමය අටසිල් අරගෙන හිටි නිසා එදා දවස පුරාවට භාවනා කරන්න ඇති, අටසිල් රැක්ක, මහා දානයකුත් කළ, තුන් ආකාරයෙන්ම පින් රස උන. පුදුම වටිනා දවසක් එතුමාට!!!!!
උසස් පුද්ගලයෙක්
උසස් පොසොන් එකක් උසස් හදවත් වලට
අද මුදලින් කෝටි 5ක් විතර......
මෙතුමා නිවන සාක්ෂාත් කර ගන්න ඇති
මුලින්ම මේ වගේ පහන් සංවේගය දනවන ලිපියක් දුර්ලබ පින්තුර සහිතව පල කිරීම ගැන ඔබ වෙබ් අඩවියට ස්තුති වන්ත විය යුතුය.එසේම මේ පිනෙන් එතුමාට නිවන් සුව ලැබේවා. (ස)
බුදුන් දැක නිවන් ලබත්වා!!! සාදු සාදු සාදු!!! (දී)
නිහඩව ආගමට ජාතියට අනගි පරිත්‍යාගයන් කළ මෙවන් මිනිසුන් අපට අත්කර දී ඇති දායාද අපමණව ඇත. එවන් වූ එක් පරිත්‍යාගයක් පිළිබඳව අප දැනුවත් කළ ඔබට පින් සිදු වේවා.
සාදු සාදු සාදු.....
සාදු සාදු සාදු..............
සසර පුරුද්දක් නිසයි ඔහුට මේ වගේ ධනසම්පත් ලැබුනේ. අමාරුවෙන් හරි දෙන්න පුරුදුවෙමු (නි)
මතු උපදින බුදුන් දැක නිවන් දකීවා....
ඇත්තෙන්ම වටිනා පුවතක්
ඔබට මේ පිනෙන් මතු බුදුබව ලැබේවා (දී)
මේ කරපු පින ඇති නිවන් අවබෝධ කර ගන්න මෙතුමාට............(නු)
දුන්නොත් දානේ .......ලැබෙයි නිදානේ....
ඒකාලේ කම්කරුවකුගේ දෛනික වැටුප සත 5ක් නම් රු 250,000 හොයන්න දින මිලියන 5ක් වැඩ කරන්න ඕනේ. අද කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 500ක් නම් ඒකාලේ රු 250,000 වටිනාකම අද සමාන වෙන්නේ බිලියන 2.5කට.
උතුම් පිනක්....ඔබට නිවන්සුව අත් වේවා !!
ශිරන්, ඔයා කවුද? (නි)
බොහොම හොඳ ලිපියක්...
දෙවිවරයෙක්. මතු බුදුබව අත්වේවා! මෙතුමාගේ නම රුවන්වැලිසෑයේ හැමදාම දැකගැනීමට අවස්ථාව ලැබේවා! මම හුඟක් ස්තුතිවන්ත වෙනවා මේ ලිපිය පළකළාට. (නි)
අපි අතර ඉපදේවා...
නියම සිංහලයෙක්...
නමෝ බුද්ධාය !
කතාව ඇහුවම ඇස් වලට කදුලු ආවා.කොච්චර පින් කාරයෙක්ද? දැන් කාලේ සල්ලි කාරයෝ කරයිද ඔහොම වැඩ
ඔබතුමන් බුදුන් දැක නිවන් දකීවා.....
නමෝ බුද්ධාය....!
සමාජයට දිය යුතු කතාවක්.. ලොකුවට දගලන මනිසුන් අතර සැබෑම මිනිසෙක්.. මෙය ලියපු ඔබටත් පිං....
මෙවන් මිනිසුන් යලිත් අපරටට බිහි වේවා...
හිතට පහන් සංවේගයක් දැණුන ලිපියක් .ශ්‍රේෂ්ඨ මිනිසෙක්...සාදු සාදු සාදු
ඔය පින් බෙලෙන් ඔබතුමා බුදුන් දැක නිවන් දකීවා!
දකුණෙ නම රෑන්දූ තවත් එක පියෙක්.
නියම බෞද්ධයෙක්. දැන් ඉන්නේ අනිවාර්යයෙන් දිවිය ලෝකෙම තමයි,හොද දිව්‍යය රාජ උත්තමයෙක් වෙලා ඇති. ඒක ඉර,හද වගේ විශ්වාසයි. අජරාමර නිවන් සුව ලබන්න මේ පිනම ඇති. (නි)
සාදු...සාදු...සාදු....