”ඔය ගලට කකුල තියන්න එපා’’, ‘‘ගල බුරුල්වෙලා තියෙන්නේ. මෙතනින් අල්ලගන්න. එහා පැත්ත බලන්න එපා, අඩි තුන්සීයක් විතර වළක් පේනවා’’ අන්ධකාරය කපාගෙන ගුහාව පුරා දෝංකාරය දෙන්නේ මෙත්තානන්දගේ කටහඩයි. එහි දැඩි ආවේගශීලි බවක් දැනුනේ තරුණ පිරිස ගේ නොසැලකිලි බව නිසාවෙන් ගල්කිහිපයක් පහතට වැටීමෙනි. අප පොළොව මට්ටමේ සිට පහතට අවම වශයෙන් කිලෝමීටර් එකක්වත් පැමිණ ඇත. රාවණා ඇල්ලට මෑත කාලයේ ප‍්‍රසිද්ධියක් ලැබුණේ උමාඔය ව්‍යාපෘති භූමියේ දක්නට ලැබුණු අබිරහස් උමං කටක් නිසාය. අයෙක් එය රාවණා ගුහාව යයි අනුමාන කරති. තවත් අයෙක් පවසන්නේ එහි තුළ නිධන් හා දඩුමොණර යන්ත‍්‍රය ඇති බවකි. උමා ඔය යෝජනාක‍්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අතුකෝරල මහතා පවසන්නේ ව්‍යාපෘති භූමියේ එසේ උමගක් හමුවී නොමැති බවයි. කෙසේවෙතත් දැඩි ආරක්ෂාවක් යටතේ වර්තමානයේ එම ප‍්‍රදේශය ජනමාධ්‍යයට තහනම් කලාපයකි. තත්ත්වය එසේතිබියදී ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරදගොල්ල ගම්මානයේ තරුණයන් දෙදෙනකුට කැලෑබදකින් හමුවන්නේ තවත් උමං කටකි. කලාන්තරයක් මුළුල්ලේ සමාජයට වහන්වී පැවතුනු මෙම උමගය තුළ ඇතැයි කියන ජලතටාකය සොයා පසුගිය දිනක අනතුරුදායක ගමනකට අපි මුල පිරුවෙමු. අප පිරිස 25කි, ගමනේ නඬේගුරා කරදගොල්ලේ මෙත්තානන්දය. ඔහුගේ තීරණය අවසන් තීරණ වන්නේ වතාවක් දෙකක් ඔහු තනිව මෙම උමං කටට බැස තිබූ නිසාය. ප‍්‍රදේශයට මසක කාලයක් තිස්සේ ඇද හැළුනු වැස්ස තුරන්වූවා පමණි, රාවනා දිය ඇල්ලේ සිට කිලෝමීටරයක් තරම් දුරින් පිහිටි මෙම උමගය තුළට පිවිස එහි ඇතැයි සැලකෙන ජල තටාකාංගණය නැරඹීමේ කුුතුහලයක් මා තුළ පතිතවිය. එය සැබැවින්ම දැඩි අනතුරුදායක ගමනකි. එය කංසා වගා කරුවන් මුණගැසීමට ගිය ගමනටත් වඩා අනතුරුදායකය. එහෙත් මෙය රටට හෙළිකළ යුතුයි. එහි ප‍්‍රථිඵලයක් වශයෙන් මෙම වනවිට අප උමග තුළට කිලෝමීටර් එකකට අධික දුරක් පැමිණ ඇත. උමගය තුළට යාමට අවශ්‍ය ආලෝකය අප සපයා ගත්තේ බෝතල් කිහිපයකට ලාම්පුතෙල් පුරවා පොල්මුඩු ගසා සාදාගත් පන්දම් කිහිපයකිනි. ඊට අමතරව මා මිත‍්‍ර කපිල ගෙනවිත් තිබූ අධි ආලෝක විදුලි පන්දම් අපට බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. උමං කට ගල් දේබොක්කාවකින් සෑදී ඇති අතර එහි තුළට මීටර් 20ක් පමණ ගමන් කළවිට පහතට බැසියයුතු තැන් කිහිපයක් හමුවෙයි. ඇතැම් තැන් බෙහෙවින්ම අනතුරුදායකය. කඹ යොදා සීරුවෙන් කුඩා විවරයෙන් අපි පහළට බැස ගතිමු. පැය තුනකට ආසන්න ගමනකින් පසු සිය දෙනෙකුට පමණ පහසුවෙන් නැවතී සිටිය හැකි ආකාරයේ විශාල කුටියක් අපට හමුවිය. පොළොවේ සිට එහි පියස්ස මීටර් 20 ක් තරම් උසකින් යුක්තය. අප එහිතුළට වී මඳක් ගිමන් හැරියෙමු. වෙනත් උමං තුළට ගමන් කරන විට වාතාශ‍්‍රය අඩුවුවත් මෙම උමගය තුළ වාතාශ‍්‍රයේ වෙනසක් නොවීම විශේෂ බව කිව යුතුයි. ‘‘දැං හරි අප යං’’ මෙත්තානන්ද පවසයි. ‘‘එක එක්කෙනා එන්න’’ යයි පවසා, ගල් බිත්තියේ වූ සිදුරකින් රිංගු ඔහුගේ විධානයෙන් අපි එකිනෙකා ගමන් කළෙමු. කුහරය අඩි දෙකකි, නළයක්මෙන් පහතට විහිදී ඇත. මුලින්ම කකුල් දෙක කුහරයට ඇතුළුකොට උඩුබැලි අතට ගමන් කිරීමට සිදුවිය. එය බෙහෙවින් දුෂ්කර කටයුත්තකි. මුහුණත් ගල් රැුන්දත් අතර පරතරය අඟල් හයකි. තට්ටම් ප‍්‍රදේශය උපයෝගිකොටගෙන අඩි විසි පහක් ගමන් කිරීම ශරීරයට දැඩි වේදනාවක් ගෙන දෙන්නක් විය. එම ගමනින් පසු පහසුවෙන් සිටගෙන ගමන් කිරීමට හැකිවන පරිදි උමග නිම වී ඇති තැනින් පහතට තවත් කිලෝමීටර් කිහිපයක් අවදානම් ගමනකින් පසු එක්තරා ස්ථානයක නැවතුනු මෙත්තානන්ද ගලක් පහතට දැමීය. ගල වැටුණේ වතුර වළකට බව අපට අවබෝධ විය. එදෙසට විදුලි පන්දම් අලෝකය යොමුකළ අපට දිස්වූයේ දර්ශනීය ජල තටාකයකි. විදුලි පන්දම් ආලෝකයට එම ජලය නිල්පාටට දිස්වන්නට විය. සියලූදෙනා කළේ විල අසලට බැස අතපය සේදීමයි ජලය දැඩි සීතලය. මෙත්තානන්ද සිය කටහඬ අවදිකරයි. ‘‘අපි පුංචිකාලේ තාත්තලා සීයලා කියා තියෙනවා කැලේ ඇති උමං ගැන, ඒවාට ගලක් දැම්මම ටිකවේලාවකින් තමයි ශබ්දය එන්නේ කියලත් කියා තියෙනවා. නමුත් තියෙන තැන් කාටවත් ඔවුන් පෙන්වූයේ නෑ. නමුත් මට මේ උමගක් තුළට යන්නට සිතුණා. පසුගිය දිනක තවත් මල්ලී කෙනෙක් එක්ක මං උමග තුළට පිවිසුනා. පාර සොයාගෙන තමයි ගියේ. පැය ගණනාවක් ගමන් කිරීමෙන් පසු තමයි දැක්කේ වතුරවළක්, ළඟටම ගියාම පුදුම හිතුනා. එය ජලයෙන් පිරුණු විශාල පොකුණක්, එයට එහායින් තවත් විශාල කාමරයක් තියෙනවා. 500කට 600 කට ඉන්න පුලූවන්. මේ ආකාරයට උමග තුළට ගමන් කරන්න පුලූවන්. නොදන්න කෙනෙක් ගියොත් ආපසු එනවා බොරු, ඇතැම් වළවල්වලට ගලක් දැම්මාම විනාඩි කිහිපයකට පස්සේ තමයි ශබ්දය ඇසෙන්නේ. එතරම් ගැඹුරුයි’’ යයි මෙත්තානන්ද පවසයි. උමගය සැබවින්ම විශ්මය ජනකය. ජලතටාංකාංගණය වෙත යාමට අවම වශයෙන් කිලෝමීටර් දෙකක් කන්ද තුළට යා යුතුය. එය බෙහෙවින් අවදානම් ගමනකි. යම් හෙයකින් උමගය තුළ පාර වැරදුණොත් නැවත ආපසු සොයාගැනීම හීනයක් බදුය. නිසල දියෙන් දිය දෝතක් පානය කළ මා ප‍්‍රශ්න කන්දරාවක් මෙනෙහි කරමින් ආපසු ගමන් ඇරඹිමි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම ආන්දෝලනාත්මක උමග හමුවූයේ 1997 වර්ෂයේදීය. එය පිහිටා තිබුණේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යටින්ය. එදා ගමනේ නඬේගුරා වූයේ මා හිතවත් පාලිත ආරියවංශයන්ය. ඇල්ල යනු ඌවේ ප‍්‍රධාන විදෙස් සංචාරක කේන්ද්‍රස්ථානය වශයෙන් පිළිගනී. මෙම උමං තුළ පුරාවිද්‍යා වටිනාකමක් ඇද්දැයි සොයා බැලීම අදාළ බළධාරීන්ගේ යුතුකමකි. එය උමංකට දෙස බලා නොව එහි අභ්‍යන්තරයට ගමන් කරමින් පරීක්ෂාකර බැලීම මගින්ය. රජය සංචාරක කර්මාන්තය නගා සිටුවීමට දැඩි වෙහෙසක් දරන සමයේ මෙම උමං කිහිපය අනාගතයේ යම් දිනක විදෙස් සංචාරකයන්ට විවෘත වුවහොත් ප‍්‍රදේශයට සංචාරකයන් තව තවත් ගෙන්වා ගැනීමට එය වඩා මහෝපකාරීවනු ඇත.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රාවණා ඇල්ල අසල පොළොව යට ජල තටාකයක්
පියුමාල් Wednesday, 12 December 2012 01:02 PM
අපේ රටේ මිනිස්සු රටේ දේවල් දැන් දැන් ගණන් ගන්නේ නැහැ. පිටරට දේවල් අගය කර කර ඉන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. (නි)
මනෝරාජ් Sunday, 23 December 2012 01:25 PM
අපේ උරුමය අපි රැකගනිමු මෙවන් දේ සොයාගිය ඔබ සැමට අපගේ ප්‍රණාමය! (ස)
සංජිව Wednesday, 12 December 2012 07:03 AM
අදහා ගන්න පුලුවන්ද මේවා (දී)
පූවා Monday, 10 December 2012 09:57 PM
බඩ ගෝස්තරේ රැක ගත්තා නම් ඇති, මේවා රකින්න වුවමනාවක් නැහැ අපේ අයට. (නි)
ජැක් Wednesday, 12 December 2012 09:22 PM
හැබැයි මේකෙත් දේවතා එළි වගයක් තියෙනවා. (නි)
අනුරාධ Monday, 17 December 2012 06:10 PM
මෙවන් දේ සොයාගිය ඔබ සැමට අපගේ ප්‍රණාමය! (නි)
චින්තක Sunday, 09 December 2012 03:56 PM
මේ අපේ උරුමයයි මෙය රුකගැනීම අපේ යුතුකමයි (ස)
කෝකිල Tuesday, 11 December 2012 01:34 AM
නියම තැනක්. අපිත් යනවා. මෙන්න යනවා නම් විනෝද චාරිකා... (නි)
මංජුල Monday, 10 December 2012 04:39 PM
අපේ උරුමය අපි රැකගනිමු. (නි)
ජයන්ත Wednesday, 12 December 2012 10:33 AM
ඉදිරියටම යන්න. ඔබට සුභ පැතුම්! (නි)
අචිනි Monday, 10 December 2012 05:27 PM
තව මොනවා ඇද්ද (දී)
සෑම් Wednesday, 12 December 2012 11:37 AM
රටට ආදරයක් ඇති නිලධාරී මහත්ම මහත්මීන්ගේ අවධානය පිණිසයි. මාස දෙකකින් විතර අපට ඔතන බෝතල් කටු, ගිනිමැළ සලකුණු, පිච්චුණු ගල්, හිස් සිගරට් පෙට්ටි, සිගරට් ෆිල්ටර්, ෂොපින් බෑග්, පත්තර කොළ, මළපහ..... දැකගන්න පුළුවන්. කරුණාකර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු අමාත්‍යශය මැදිහත්වෙලා ඔතන රක්ෂිත කලාපයක් කරන්න පොලීසියේද සහය ඇතුව. (නි)
ප්‍රසන්න Wednesday, 12 December 2012 11:47 AM
අපේ අයට ඕක බලන්න යන්න අවසර දුන්නොත් හිස් අරක්කු බෝතල් සහ පොලිතින් එකතු කරන්න වෙනමම හමුදාවක් හදන්න වෙනවා. (නි)
පාලිත Sunday, 09 December 2012 06:21 PM
මෙන්න විශ්මිත වැඩ (දී)
සමන් Saturday, 15 December 2012 04:21 PM
රාවනා ගේ පිදීම නැවතත් (දී)
සුප්‍රියා Monday, 10 December 2012 06:58 PM
රවන පුවත් කියවන්න. පුදුම හිතෙයි (දී)
ලක්ෂ්මන් Tuesday, 11 December 2012 06:09 PM
අපේ රාවනා රජු තමයි ලෝකෙම පාලනය කලේ (දී)
ඉරාන් Monday, 10 December 2012 01:10 PM
ෂා මරු පොට් එක! (ස)