IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


රියැදුරු වැරැදිවලට ලකුණු දෙන්නේ මෙහෙමයි

රිය ධාවනයේදී රියැදුරන් කරන වැරදිවලට ලකුණු ලබාදී එම ලකුණු ප‍්‍රමාණය 24ක් වූ විට රියැදුරු බලපත‍්‍රය වසරකට අත්හිටුවීමේ නවතම ක‍්‍රමවේදයක් ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරනු ලැබේ. රියදුරු අභිවෘද්ධි ලකුණු ක‍්‍රමය ලෙස මෙය හඳුන්වයි.


මේ නවතම ක‍්‍රමවේදය ඔස්සේ වැරදි 22කට දඬුවම් ලබාදීමට නියමිත අතර දැනට ක‍්‍රියාත්මක වන්නේ බීමත්ව රිය පැදවීම හා මාරාන්තික රිය අනතුරු යන වැරදි දෙකට ලකුණු ලබාදීමේ ක‍්‍රමයයි.


මෙම ක‍්‍රමවේදය සැකසීමේ මූලික පරමාර්ථය වන්නේ වැරැද්දක් කළ විට දඩයක් ගෙවා ඉන් ගැලවීම ඉතා පහසුය යන ආකල්පය මත රිය ධාවනයේදී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන වැරදි කරන රියැදුරන් හැකිතාක් එම වැරදිවලින් වළක්වා රිය අනතුරුවලින් අනතුරට හා මරණයට පත්වන ජීවිත හා භෞතික සම්පත් හැකිතාක් සුරක්ෂිත කිරීමය. එක් රිය අනතුරක් යනු ජීවිත ගණනාවක සහ භෞතික සම්පත් කිහිපයක විනාශය සටහන් කරන සිදුවීමක් වීම නිසා එක් රිය අනතුරක් වළක්වාලීම තවත් ජීවිත හා සම්පත් රැසක සුරක්ෂිතතාව තහවුරු කරන්නක් වීම මීට හේතුවයි.


2011 වසරේදී පමණක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති මුළු වාහන සංඛ්‍යාව 4,479,732කි.
මෝටර් කාර් 468,168ක්, ත‍්‍රිරෝද රථ 667,969ක්, යතුරුපැදි 2,354,163ක්, බස් රථ 88,528ක්, ද්විත්ව කාර්ය වාහන. 242,746ක්, ලොරි 311,510ක්, ඉඩම් වාහන ට‍්‍රැක්ටර් 297,070ක්, ටේ‍්‍රලර් 49,578ක් මීට ඇතුළත්ය.


2011 වසරේදී මාරක රිය අනතුරු 2471ක්, බරපතළ තුවාල රිය අනතුරු 6675ක්, සුළු තුවාල රිය අනතුරු 13410ක්, අලාභ අනතුරු 18,331ක් ඇතුළුව අනතුරු 40,887ක් සිදුවී ඇති අතර එම අනතුරු හේතුවෙන් 2664ක් මියගිය බව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.


”2011 ඔක්තෝබර් 05 වැනි බදාදා අති විශේෂ ගැසට් එකක් මගින් වැරදි 22ක් සම්බන්ධ ලකුණු ලබාදීමේ ක‍්‍රියාවලියක් හඳුන්වා දුන්නා. මෙය එක්වර ක‍්‍රියාත්මක කරන්න තියෙන යටිතල පහසුකම් ප‍්‍රමාණවත්ද යන ප‍්‍රශ්නය තියෙනවා. මෙය මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා උසාවිය ඒකාබද්ධ වී සිිදුකරන ක‍්‍රියාවලියක් ලෙසයි ස්ථාපිත වෙන්නෙ. ඒ අය තමා අපට තොරතුරු ලබා දෙන්නේ. ජනවාරි 01 වැනිදා සිට මෙය ක‍්‍රියාත්මක අතර ඉදිරියේදී පොලිසිය හා උසාවිය සමග ඒකාබද්ධව මේ ක‍්‍රියාත්මක ජාලය ස්ථාපිත වෙනවා.

එච්.එස්. හරිස්චන්ද්‍ර
මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්


දැනට මාරාන්තික රිය අනතුරු හා බීමත්ව රිය පැදවීම යන වැරදි දෙකට ලකුණු ලබාදීම ක‍්‍රියාත්මක වුවත් එළඹෙන පෙබරවාරියේදී තවත් වැරදි හයක් සම්බන්ධව මේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්න අප බලාපොරොත්තු වෙනවා. මුලින් ඒ ක‍්‍රියාත්මක කරන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයට අදාළවයි. දැනට කොළඹ නගරයේ කැමරා සියයකට වැඩි ගණනක් ක‍්‍රියාත්මකයි. මේ කැමරා පද්ධතියේ රියැදුරන් කරන වැරදි සටහන් වෙනවා. මේ පද්ධතියෙන් තොරතුරු රැගෙන ඒ අනුව නිවැරැුදි සාක්ෂි මත තමා මේ ක‍්‍රියාත්මක කිරීම කරන්නේ.
ඉතාමත් ඉක්මණින් අපි එස්.එම්.එස්. පණිවිඩ මාර්ගයෙන් මෙම ලකුණු දැනගැනීමේ ක‍්‍රියාවලියත් අරඹනවා. අපි දුරකථන අංකයක් ලබාදෙනවා. ඒ අංකයට එස්.එම්.එස්. පණිවිඩයක් එවීමෙන් වැරදි කළ රියැදුරකුට තමාට හිමි ලකුණු ප‍්‍රමාණය එස්.එම්.එස්. පණිවිඩයක් මගින්ම දැනගත හැකියි. එම දුරකථන අංකය අපි ජාලය ඔස්සේ පොලිසියටත් ලබාදෙනවා. රටේම තියෙන පොලිසි සමග මෙය සම්බන්ධ කරන්න නම් කොපමණ කාලයක් යයිද කියන්න බෑ. කෙසේ වුවත් වැරදි කළ රියදුරන්ට ලකුණු සංඛ්‍යාව ලිඛිතව දැනුම්දීමත් අපි කරනවා.ලකුණු සංඛ්‍යාව 18 වූ විට තමන් අනතුරුදායක කලාපයකට පැමිණ සිටින බව අපි දැනුම් දෙනවා. අනතුරු ඇඟවීමක් කරනවා. 18 සීමාවෙන් පසු වරදක් නොකළොත් ආපස්සට ලකුණු අඩුකරන අතර ඊළඟ වසරේදී කිසිම වරදක් නොකළොත් වැරැදිවලට ලබාදුන් ලකුණු සියල්ල කපා හරිනවා.


මෙය පිටරට ක‍්‍රියාත්මක ක‍්‍රමයක්. එමෙන්ම සෑම පොලිස් ස්ථානයකටම පරිගණක යන්ත‍්‍ර ලබාදීලා අපේ මෘදුකාංගය දීලා වරදක් කළ රියදුරකුගේ රියදුරු බලපත් අංකය, හැඳුනුම්පත් අංකය අදාළ පොලිස් ස්ථානවලට ලබාදී එතැනින්ම ලකුණු දීමේ ක‍්‍රමයක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරනවා. ඒ මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් එච්.එස්. හරිස්චන්ද්‍ර මහතා කළ සඳහන් කිරීමයි.


මහා මාර්ගයකදී රිය අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්න අපොහොසත් වීම ලකුණු 6ක්


මහා මාර්ගයක අපරික්ෂාකාරීව හෝ අන්තරාදායක ලෙස හෝ අන්තරාදායක වේගයෙන් මෝටර් වාහනයක් ධාවනය කිරීම ලකුණු 8ක්


මහා මාර්ගය භාවිතා කරන වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත් ලෙස හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව මහා මාර්ගයක මෝටර් වාහනයක් ධාවනය කිරීම ලකුණු 8ක්


මහා මාර්ගයක රිය අනතුරකින් පසුව වාහනය නතර කිරීම පැහැර හැරීම සහ අදාළ තොරතුරු සැපයීම පැහැර හැරීම, ලකුණු 10ක්.
අනතුරක් පිළිබඳව වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානයට දැනුම්දීම පැහැර හැරීම ලකුණු 10ක්


මහා මාර්ගයක නියමිත වේග සීමා ඉක්මවා රිය පැදවීම, ලකුණු 6ක්


අපරික්ෂාකාරීව රිය පැදවීම සහ අනතුරු යන වරද යටතේ වූ වර්ගීකරණයේදී ලකුණු ලබාදෙන්නේ මේ අනුවය.


මාර්ග රීති යන වරද යටතේ මාර්ගයේ වම් පසට හෝ ආසන්න පැත්තට ගෙන රිය පැදවීම අපොහොසත්වීමට ලකුණු 02ක්.


මාර්ගයේ ඉදිරිය පැහැදිලිව දර්ශනය කර ගැනීමෙන් තොරව වෙනත් වාහන පසුකර රිය පැදවීම ලකුණු 6ක්


වෙනත් වාහන පසුකර යනවිට ඒ වෙනත් වාහනවල දකුණු පැත්තෙන් දකුණට නැඹුරුව රිය පැදවීම පැහැර හැරීම ලකුණු 4ක්


දකුණු දෙසින් හෝ එම පැත්තට ඉහතින් පැමිණෙන වාහන සඳහා ෙඡ්දනවලදී මාර්ගයේ ඉඩ ලබා නොදීම ලකුණු 4ක්


දීර්ඝ දුරක් මහාමාර්ගයක වාහනය පිටුපසට ධාවනය කිරීම හෝ පිටුපසට ධාවනය කිරීම සඳහා සාධාරණ හේතුවක් නොමැතිව අවසර දීම ලකුණු 4ක්


තහනම්, සීමිත, අනිවාර්ය හෝ ප‍්‍රමුඛතා සංඥාවලට අනුකූලව ක‍්‍රියාකිරීම පැහැර හැරීම ලකුණු 6ක් වශයෙන් ලකුණු ලබාදෙයි.


සංඥා කිරීම යන වරද යටතේ පොලිස් නිලධරයකුගේ වාහන නිරීක්ෂකයකු විසින් දෙන ලද වාචික විධාන හෝ හස්ත සංඥාවලට අනුකූලව ක‍්‍රියා කිරීම පැහැර හැරීම ලකුණු 6ක් ලබාදෙන වරදකි.


දුෂණය යන වරද යටතේ නියමිත ප‍්‍රමිතීන්ට වැඩි විමෝචන සහිත මෝටර් රථ වාහනයක් පැදවීම ලකුණු 6ක් නියමිත ප‍්‍රමිතීින් ඉක්මවන ශබ්ද මට්ටම් සහිතව වාහනයක ශබ්ද විකාශන උපකරණ භාවිත කිරීම හෝ භාවිත කිරීමට අවසරදීම ලකුණු 6ක්.


නියමිත ප‍්‍රමිතීන් ඉක්මවා එන්ජිම සහ නළාව ශබ්දය නිකුත් කරනු ලබන වාහනයක් පාවිච්චි කිරීම ලකුණු 6ක් වශයෙන් ලකුණු ලබාදෙන අතර මාර්ගයේ හෝ මාර්ගයට යාබද යම් තැනැත්තකුට දේපළකට හෝ වාහනයකට අනතුරක් හෝ හානිය ගෙන දෙන හෝ ඇති කිරීමට ඉඩ ඇති තත්ත්වයකින් යුත් වාහනයක් පැදවීම වාහන තැනීම හා පාවිච්චිය යන වරද යටතේ ලකුණු 10ක් ලැබීමට වරදකි.
එමෙන්ම ආරක්ෂාව යන වරද යටතේ තවත් වැරදි 5කට දඬුවම් හිමි වෙන අතර 2011 ඔක්තෝබර් 05 වැනිදා අංක 1726/12 දරන ගැසට් පත‍්‍රය  ඔස්සේ ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දත හැකියි.


දැනට ලකුණු ලබාදෙන වැරදි දෙක සම්බන්ධ නීතිය ක‍්‍රියාත්මක නිසා එම වැරදි දෙක මෙම ගැසට් පත‍්‍රයට ඇතුළත් කර නැත.

සටහන: සංජීවිකා සමරතුංග / ඡායාරූප: පුෂ්පා වීරසේකර

 



අදහස් (0)

රියැදුරු වැරැදිවලට ලකුණු දෙන්නේ මෙහෙමයි

සෑම් Thursday, 17 January 2013 11:03 PM

සුරේෂ්, අපට තියෙන්නේ බොක්කෙ වැරැද්දක්. එම නිසා හොඳ කෑම හරියන්නේ නැහැ. ජරාව තමා අපේ අයගේ බොක්කේ දිරවන්නේ. (නි)

:       0       0

සෑම් Thursday, 17 January 2013 11:09 PM

ලකුණක් ගොඩදාගන්න රාළහාමිලා, සාජොන් මහත්තයලාගෙ රේට් එක කීයද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 16 January 2013 11:24 AM

මේ වැඩේ හොදයි සමහර නීති ක්‍රියාවේ යොදවන්න පොලිසියෙ නිලධාරීන්ට ඉංජිනේරැ පාඨමාලාවක් හදාරන්න වෙනවා.. මොකද අධික ශබ්ධය මනින් වෙන්නේ කනෙන් හින්දා.. අර බීලද කියලා කට ඉඹිනවා වගේ... (නු)

:       0       0

ජයන්ත Tuesday, 08 January 2013 01:12 PM

ඉතා හොද වැඩක් (දී)

:       0       0

විජය Tuesday, 08 January 2013 01:12 PM

අලුත් වැඩක්

:       0       0

කසුන් Sunday, 13 January 2013 10:22 PM

ප්‍රයෝගික නැති කතා නොකියා ඉන්න (දී)

:       0       0

වික්‍රම Tuesday, 08 January 2013 01:12 PM

මම හිතන්නේ මේ වැඩේ සාර්ථක නැහැ ලංකාව වගේ රටකට (දී)

:       0       0

කිත්සිරි Sunday, 13 January 2013 01:57 PM

ජීවිත ගොඩක් බේරගන්න පුළුවන් (දී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 17 January 2013 11:06 AM

මේක ඇමතිවරුන්ට සහ අනෙකුත් ඉහළ නිළධාරීන්ටද වලංගු වියයුතුයි. (නි)

:       0       0

කිත්සිරි Sunday, 13 January 2013 02:01 PM

කොහොම හරි කමක් නැහැ මාර්ග නීති ටික රැකෙනවා නම් (දී)

:       0       0

චතුරංග Wednesday, 09 January 2013 08:00 PM

මේ ක්‍රමයට අනුව බලනකොට වාහනේ කොහොම ගියත් දඩකන්න වෙනවානේ.මම කාර් එක විකුණනවා. (නි)

:       0       0

සුරේෂ් Thursday, 17 January 2013 11:30 AM

සුද්දගේ කෑම අපට දිරවයිද ? (ස)

:       0       0

ශාන්ත Monday, 14 January 2013 12:20 AM

මේ නීතිය ප්‍රමාද වැඩියි දැනටමත්. හරිම හොදයි මේක හරියට ක්‍රියාත්මක කළොත් නම්. (නි)

:       0       0

සමන්ත Monday, 07 January 2013 06:58 PM

ඔය වැඩේ හරියන වැඩක් නොවෙයි (දී)

:       0       0

බන්ඩාර Wednesday, 09 January 2013 08:34 AM

මෙය ඉතා හොඳ ක්‍රමයක් (ස)

:       0       0

නිත්‍යා Tuesday, 08 January 2013 01:53 PM

දිගටම ක්‍රියාත්මක වුණොත් හොඳයි (ස)

:       0       0

එරංග Thursday, 10 January 2013 06:50 AM

හැබැයි පගාව ගන්න අය ඉන්නකල් නීතිය නම් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. (නි)

:       0       0

තාරක Friday, 11 January 2013 06:57 PM

ඔය ලකුණු ටික එක දවසෙන් කපා ගන්න පුළුවන් (දී)

:       0       0

වජිර Monday, 07 January 2013 04:05 AM

අපේ රටේ මෙම නීතිය ප්‍රමාද වෙලා හරි පටන් ගැනීම ගැන ඉතාම සතුටුයි. කොයි තරම් වැරදි විදියට වාහන පදවන රියදුරන් වගේම ඉතා විනීත රියදුරු මහත්වරුනුත් මම දැකලා තියෙනවා. යුරෝපීය රටවල කිසිම මාර්ග නීතියක් කඩන්න බැහැ. පොලිසිය ගෙදරටම එනවා.ලේසියෙන් රියදුරු බලපත් ගන්නත් බැහැ. පොඩි වරදකටත් පේල් කරනවා. ඒ නිසාම රියදුරන් ඉතාම හොදින් වාහන පදවනවා. රිය අනතුරු ඉතාමත්ම අඩුයි. තව අවුරුදු 2 ක 3 කින් හරි ලංකාවත් මේ තැනට ආවොත් කොච්චර හොදද? (නි)

:       0       0

දම්මි Sunday, 13 January 2013 04:54 AM

ඔක්කොම ලකුණු ටික ඉවර උනොත් (දී)

:       0       0

ප්‍රනාන්දු Sunday, 13 January 2013 05:08 AM

අනේ මන්දා (දී)

:       0       0

කුමාර් Thursday, 17 January 2013 12:56 PM

නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ‍අගෙයි. (නි)

:       0       0

රිශාන් Tuesday, 15 January 2013 12:33 PM

කොහොම හරි රියදුරන් අතින් වෙන වැරදි නවත්තගන්න ඕනේ. (දී)

:       0       0

ජනක Tuesday, 15 January 2013 09:38 PM

ඉතාම හොඳයි. ඒත් මේ නීතිය හැමෝටම පොදු විය යුතුයි (ස)

:       0       0

විජිත Wednesday, 16 January 2013 06:45 PM

හොද වැඩක්. බලමු ක්‍රියාත්මක වේවිද කියලා. (නි)

:       0       0

දිසානායක Wednesday, 16 January 2013 01:48 PM

ප්‍රායෝගිකද (දී)

:       0       0

බන්දුල Wednesday, 16 January 2013 01:52 PM

මේකේ වාසියත් පොලීසියටමයි (ස)

:       0       0

උපුල් Saturday, 12 January 2013 01:19 AM

එක මාසයක් කරයි (දී)

:       0       0

සේකර Monday, 07 January 2013 09:15 PM

ජයවේවා

:       0       0

ශාන් Wednesday, 16 January 2013 02:22 PM

මේවා අපේ රටට හරියයිද ? (ස)

:       0       0

ගාල්ලගේ Saturday, 12 January 2013 02:03 PM

මම නිකන් අහන්නේ මේ ක්‍රමය ප්‍රායෝගිකද (දී)

:       0       0

වෙනූ Friday, 18 January 2013 11:00 AM

රට පුරාම බේකරි කෑම විකුණනවා ත්‍රී රෝද රථ මගින් ඒවායේ නලා ශබ්දය වැඩිය මීටර 400 විතර දුරට ඇහෙන ශබ්දයක් ඒ වගේම ඒ ත්‍රී රෝද රථ හදාගෙන තියෙන්නෙත් මෝටර රථ වාහන අණ පනත් උල්ලංඝණය කරල ඒ ගැනත් යමක් කරන්න (ස)

:       0       0

චමින්ද Saturday, 12 January 2013 05:08 AM

මේ නීතිය නිසා අපි කාටවත් පාරේ වාහනයක් ගෙනියන්න බැරිවෙනවා. (නි)

:       0       0

හේරත් Monday, 07 January 2013 10:26 AM

හැබැයි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීනුත් යම් තරමකින් හෝ මෙම නීති මාලාව අනුගමනය කරනවා නම් හොදයි. (නි)

:       0       0

සැලී Friday, 11 January 2013 11:34 AM

මේක තවම ශ්‍රී ලංකාවට උචිත ක්‍රමයක් නොවේ (නි)

:       0       0

වසන්ත Tuesday, 08 January 2013 12:44 PM

ඒකත් කරලා බලමුකෝ (දී)

:       0       0

දිනේෂ් Friday, 11 January 2013 04:30 PM

කාටත් මේ නීතිය එක වගේ වෙන්න ඕනේ (දී)

:       0       0

ලංකා Wednesday, 16 January 2013 03:53 PM

හැමෝටම මේ නීතිය පොදුද ?????? (ස)

:       0       0

ලක්මාල් Wednesday, 16 January 2013 09:21 PM

හොද වැඩක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 683 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 460 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 352 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1591 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 100 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 714 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 660 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1201 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site