IMG-LOGO

රාමගේ විෂ හීය ගැන තාපසවරිය කී අනාවැකිය

රාවණ කතා පෙළ ලාංකීය ජන සමාජයේ වෙනසක් කළ බැව් සැබෑවකි. අලූත් යමක් හිතන්නට රාවණ කතාවෙන් පාඨකයන් මෙහෙයවිණි. මීට කලකට පෙර මහා වංශයෙන් එහාට මේ රටේ අතීතයක් ගැන හිතන්නට වැඩි දෙනා අකමැති වූහ. එහෙත් එම අදහස් මේ වන විට සුණු විසුණු වී කවුරුත් ලංකා ඉතිහාසයේ රාවණ රජතුමා තෙක් ඇදී යන්නට පටන් ගෙන තිබේ. එබැවින් මේ ලිපි පෙළ ලංකා ඉතිහාසය පිළිබඳ ඓතිහාසික කාර්ය භාරයක් කරන්නකි. පුරාණ කතාවක් ඔස්සේ මෙය ලියැවුණත් රාවණ පිළිබද පුරාණය හොයන ඔබ වෙනුවෙන් ළඟදීම නව වෙනසකට අපි පා තබමු. ඒ මගින් රාවණ යුගයට සම්බන්ධ ලක්දිව නන්දෙස තැන් ඔබට හමුවනු ඇත. අද රාවණ කතා පෙළෙහි තවත් පියවරකට යමු.

 

 06_PAGE_2_Tt

 

රාවණට ඥාති වන රාක්ෂ ගෝත‍්‍රික කාන්තාවක මැණික්දෙන තපෝ වනයක තපස් රැුක්කාය. ඇය චිත‍්‍රා නම් වූවාය. විශ‍්‍රවස් මුණියේ ඥාති සොයුරු සන්තාප රකුසා චිත‍්‍රාවන්ගේ පියා විය. අනාගත වක්තෘවරියක් ලෙස චිත‍්‍රා ප‍්‍රකටව සිටියාය. එනම් අනාගතය කීමෙහි දක්ෂතාව චිත‍්‍රාවන්ට තිබිණි. එබැවින් රාවණ අධිරාජයා ඉඳහට චිත‍්‍රා හමු වී අනාගත කාලය පිළිබඳ නොයෙක් උපදෙස්, අනුශාසනා ලබාගන්නට අමතක නොකළේය.


රාවණගේ බල කේන්ද්‍රස්ථානය වූ සීගිරියේ සිට මැණික්දෙනට රාවණ රජතුමා යන්නේ අසුපිටිනි.


දවසක් එසේ යන විට චිත‍්‍රා කුමරිය අට්ටික්කා ගසක් මුල බවුන් වඩමින් උන්නාය. රාවණ රජතුමා ඇයට පලතුරු වට්ටියක් පිළිගන්වා ඈ සමඟ කතා කළේය. දීර්ඝ භාවනාවක් නිමා කර ඇය සැහැල්ලූ මනසකින් සිටීම රාවණ රජතුමාගේ සන්තෝෂයට හේතු විය.


‘‘ඔබ විවේකයෙන් නේද?’’ රාවණයෝ චිත‍්‍රාවන්ගෙන් ඇසූහ.


mirando‘‘එසේය මහ රජ’’ චිත‍්‍රාවන් පිළිතුරු දුන්නාය. මැණික්දෙන තපෝ වනය පීරා ඇසෙනුයේ සියොතුන්ගේ කිචි බීචි හඬත්, කැලේ සරන සතුන්ගේ ගෝර හඬකුත් පමණි.


මහරජ ඔබ මෙහි පැමිණියේ කිසියම්  ගැටලූවක් විසඳා ගන්නට විය හැකියි. මට නම් දැනෙන්නේ එසේය චිත‍්‍රාවන් රාවණට ඉඩ දුන්නාය.


‘‘එසේය චිත‍්‍රාවනි, මට ඇතුළතත් කරදර සිත්තැවුල් බොහෝය. පිටත් කරදර සිත් තැවුල් බොහෝය. මේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගන්නට මට වුවමනා වී තිබේ.


රාවණ රජතුමා එසේ කියන විටම රතුවන් කෑරලෙක් අමිහිරි හඬක් නගමින් දෙදෙනා අසලින් පියාසර කළේය. මේ දසුන මහ වනයට නුපුරුදු දර්ශනයක් නොවේ. නමුත් කෑරලා එතැනින් යාම ගැන රාවණ රජුට දැඩි කෝපයක් හටගත්තේය.


‘‘මහ රජ ඔය ගිය පක්ෂියා කවුදැයි හඳුනනවාද?’’ චිත‍්‍රාවන් රාවණගෙන් විමසුවාය.


‘‘චිත‍්‍රාවනි ඒ රතු කෑරලෙක් නොවැ’’


‘‘නැත මහ රජ ඒ ගිියේ චෞදරී. ඔහු රාමගේ පිළේ ඔත්තුකරුවෙක්. ඔබතුමාගේ ගමන් පිළිබඳ තොරතුරු ගැනීමට චෞදරී ඔහුගේ ඔත්තු සපයන්නකු ලෙස පත්කර තියෙනවා’’ චිත‍්‍රාවන් කියාගෙන ගියාය.


රාවණ යුගයේ රාවණ රජතුමාටත්, රාම කුමරුටත් පක්ෂව බොහෝ ඔත්තු සපයන්නෝ සිටියහ. මේ අය මන්ත‍්‍ර ශාස්ත‍්‍ර බලයෙන් පක්ෂීන්ගේ සතුන්ගේ සාමාන්‍ය මිනිසුන්ගේ වෙස්ගෙන මොවුන් කියන කරන දෑ නිරීක්ෂණය කළහ. රාම කුමරුට චෞදරී මෙන් රාවණට මරිච් රාක්ෂයා මේ ආකාරයට සත්ව වෙස් ගෙන රාමගේ තොරතුරු සැපයූවෙකි.


රතු කෑරලා පියාසර කළා පමණි. ඌ පසු පස දැවැන්ත උකුස්සකු වේගයෙන් පියාසර කළේය. බැලූ බැල්මට රතු කෑරලාට ප‍්‍රහාරයක් එල්ල කිරීමට උකුස්සා යන හැඩකි.


රාවණ රජතුමා උකුසු වෙස් ගත් චරිතය හඳුනා ගත්තේය.


මෑණියනි, ඔබගේ ප‍්‍රකාශය නිවැරදිය. අර රතු කෑරලා පසුපස යන උකුස්සා මගේ රාජ සභාවේ චාර රාක්ෂයාය. ඔහු මට සිටින දක්ෂ චර පුරුෂයෙකිි. චාර රාක්ෂයා පුහුණුව ලබා සිටින්නේ මේඝනාද කුමරුගෙන්. ඔහු මට සිටින අතිදක්ෂ ඔත්තුකරුවාය. ඔහුට මේ ලෝකයේ පමණක් නොව අඟහරු ලෝකයේ පවා ඔත්තු කීමෙහි හැකියාව ඇත


රාවණ පැවසුවේය


රජතුමනි, ඔබ මේ ලොව දීර්ඝ කලක් ජීවත් වන්නට මහ බඹුගෙන් අවසර ගත් එකම පුරුෂයාය. ඔබට කැරළි ගසන්නට රාම කුමරු සමඟ දැවැන්ත හමුදාවක් සූදානම් වී ඇත. මහ රජ මදුරුවකු, මැස්සකු වැනි පුංචි සතකුට වුව විශාල සත්වයකු නැසීමෙහි ශක්තිය තිබෙයි. එහෙත් කවර සටනකටත් පෙර ඔබට දිගු විවේකයක් අවශ්‍යව ඇත. දැන් එයට කාලය ළංව ඇත. චිත‍්‍රාවන් පැවසුවාය.


ඇය එසේ කීවේ රාවණ රජු අනාගතයේ සිිටින දිගු නිද්‍රාව පිළිබඳවය. එය රාමගේ විෂ හීය නිසා සිදු වූ බව පෙර ඔබට සඳහන් කර ඇත. මේ කාරණය මූලිකම රාවණගේ කන තැබුවේ චිත‍්‍රා නම් තාපසවරියයි.


එබැවින් රාම - රාවණ සටන ආරම්භයේදීම රාවණ රජතුමා තමන්ට මෙවැනි ඉරණමක් ළඟා වන බව දැන හුන්නේය. රාවණට විෂ හීය වැඳීම අහම්බකින් සිදු වුවත් එය රාවණගේ දෛවයට උරුමවූවක් විය. එම විස හීයෙන් මිදීමට රාවණට නොහැකි බව චිත‍්‍රාවන් ප‍්‍රකාශ කළාය.


රාවණට විවේක කාලය බව දැන ගන්නට තවත් ලකුණක් තිබිණි. ඒ රාවණගේ ගෙළ පැළඳි සුරයයි. එම සුරයේ තෙල් අඩු වැඩි වීම මත රජුගේ විවේක කාලය තීරණය වේ. චිත‍්‍රාවන්ගේ ඇස රාවණගේ ගෙළෙහි වූ සුරය වෙත ඇදුනාය.


එහි තියෙන තෛලය අවසානයටම අඩු වී තිබිණි.


රජතුමනි. සෑම අතින්ම පෙනෙන්නේ ඔබට විවේකය ළං වී ඇති බවකි. ඔබ වසර දහස් ගාණක විවේකයට සූදානම් වන්න. ඔබව අවදි කරවන්නට තාපසයකු වඩිනු ඇත. මේ අප හමුවන අවසන් අවස්ථාවයි.


චිත‍්‍රාවන් කඳුලින් බරව ප‍්‍රකාශ කළාය. රාවණ රජතුමා චිත‍්‍රාවන්ට සමුදී සීගිරි මාලිගාව කරා එළැඹියේය.

 

06_PAGE_2_T


එදා මේ චිත‍්‍රා තාපසවරිය අවුරුදු දහස් ගාණක් අතීතයත්, අවුරුදු දහස් ගාණක අනාගතයත් දැක තොරතුරු කිව හැකි විශිෂ්ට ඥාන ප‍්‍රගුණ කළ තැනැත්තියක් වූවාය. රාවණ යුගයේ මෙවැනි විශිෂ්ට තාපස මුණිවරු සහ  තාපස මුණිවරියන් සුවිසල් කැලෑබදව වාසය කළහ. උග‍්‍ර තපස් රකිමින් ලෝකයේ අවුරුදු දහස් ගණන් අතීතය අනාගතය දකිමින් බොහෝ කාරණා ඔවුහු ප‍්‍රකාශ කොට ඇත්තාහ.


ඒවා අපේ මුඛ පරම්පරාගතව ඇතැම් විට පැමිණේ. ජනප‍්‍රවාද ගතවත්, සමහර තැනෙක පුස්කොල පොත්වලද ලියා තිබේ.


එබැවින් අපේ රට ගැන, ලෝකය ගැන දේශිය තාපසවරුන් කී අනාවැකි අසත්‍යය යැයි දැකිය නොහැක. ඒ බොහෝ ඒවායේ සත්‍යය සැඟව තිබේ.
මහා ආධ්‍යත්මික බලයෙන් හෙබි තාපස කියමන් සොයන්නට වෙහෙසෙන විශාල පිරිසක් ජන සමාජයේ ජීවත් වේ. රාවණ යුගයේ අපූරු අනාවැකි සහ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ගොඩ ගත හොත් එය ලාංකීය ජන සමාජයෙහි තවත් විප්ලවයක් අපූරු පර්යේෂණයක් වනු ඇත.


වෙස්වළා ගැනීම, අතුරුදහන් වීම, විවිධ දේ මැවීම, ග‍්‍රහ ලෝකවලට පවා ගොස් තොරතුරු සොයා පැමිණීම රාවණ යුගයේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රවලට සුළු දෙයකි. මෙවැනි දේ සෙවීමට උත්සාහ කළොත් ඒවා යම් ලෙසකට ඉස්මතු කළ හැකිය. එබැවින් අපි ළඟදීම මේ සාහිත්‍ය කතාවෙන් ඔබ්බට යමු...... රාවණ රජුට නෑකමැති තැන්..... සූදානමින්....

 

 

asanka-atigala



අදහස් (0)

රාමගේ විෂ හීය ගැන තාපසවරිය කී අනාවැකිය

ශ්‍යාම් Tuesday, 09 December 2014 10:08 AM

කතාව නම් ලස්සනයි. නමුත් ඇත්තටම මේ දේවල් සිදු උනාද.? (ර)

:       0       0

සුගත් Thursday, 11 December 2014 01:17 PM

රාවණා රජ ගැන පොතක් ලියන්න පුළුවන් නම් වටිනවා (නි)

:       0       0

ලංකා Friday, 12 December 2014 02:56 PM

සුපුන් ඔයා දෙරණ ටී.වී එකේ විකාශනය කල හෙලවංශය බලන්න ,රාවණ රජතුමා ගැන ගොඩක් කරුණු දැනගන්න පුළුවන්. (නදී)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 12 December 2014 12:41 AM

සාහිත්‍ය රසයෙන් පබැඳුනු මෙම ලිපිය කියවීමේදී ආචාර්ය මිරැන්ඩෝ මැතිතුමා විසින් මෙයට පෙර රාවනා නිරිඳුන් සම්බන්ධයෙන් සාධක සහිතව ඉදිරිපත් කළ කරුණුත් සමඟ ගැළපෙන බව පෙනුනා (නි)

:       0       0

සුපුන් Wednesday, 10 December 2014 08:27 AM

මේ ලිපියේ අනිත් කොටස් බලන්නේ කොහොමද ? මම මේ වගේ කතා කියවන්න කැමතියි .(හේ)

:       0       1

සදුනි Tuesday, 09 December 2014 11:45 AM

ඉතිහාසයේ යම්කිසි දෙයක් ඔප්පුකර පෙන්වන්නට ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධක තිබිය යුතුයි. මෙම තොරතුරු අඩංගු පොත් හෝ සාධක ඇද්ද? (නි)

:       0       0

කසුන් ධර්මවංශ Tuesday, 09 December 2014 03:39 PM

තියෙනවා සඳුනි....ඉන්දියන් ජටිකයක් සතුව තිබෙන රාමායනය කතාව කියවන්න.. ඒ කතාවට ගැලපෙන සාධක ගොඩක් ප්‍රදේශ වලින් හොයාගන්න පුළුවන්...මාතලේ යාපනය වැනි ප්‍රදේශ වල පොඩ්ඩක් සංචාරය කරන්න..රාමායනයේ කියවෙන සේතු බන්ධනය නම් හනුම විසින් තනු පාලම ලෙස සලකන්න පුළුවන් වැලි පරයක් යාපනය කොටුව අසල තියෙනවා... හග්ගල ප්‍රදේශයේත් සාධක තිබෙන බව අස තියෙනවා.. තනිව ගවේෂණයක් කරන්න ඔයාට ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. (හේ)

:       0       0

ආරියරත්න Thursday, 11 December 2014 04:48 AM

මරුණ අතීතයට පණ දෙන්න මාත් අාසයි කොහොමද එකතු වෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 9775 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 263 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 195 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site