IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රිදී ජුබිලිය සමරන ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල හෙට

විසිපස් වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානෝත්සවය හෙට (15) වැනිදා බදාදා ප.ව. 2.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ලාංකික සාහිත්‍ය සම්මාන වංශකතාවේ සාහිත්‍ය සම්මාන උත්සව අතර පෙරමුණේ සිටින ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන, 2023 වසරේ සිය විසිපස් වැනි රිදී ජුබිලිය සමරයි.

1998 වසරේදී ගොඩගේ ප්‍රකාශන වෙනුවෙන් සම්මාන තිළිණ පුද දෙන සාහිත්‍ය සම්මානයක් ලෙස ඇරඹුණ ද වසර කිහිපයක් ඇවෑමෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශනයට පත්වන නවකතා, කෙටිකතා කාව්‍ය අංශයත්, ශාස්ත්‍රිය යොවුන් නවකතා පරිවර්තන, තීරු ලිපි ඈ අනෙකුත් සාහිත්‍යාංගයන්ටත් සම්මාන පිරිනැමෙන විවෘත සම්මාන උළෙලක් ලෙසින් වැඩී ආයේය.

රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා සමාන්තර ජනප්‍රසාදයකට ලක්වෙමින් වසර විසිපහක් තිස්සේ අඛණ්ඩව පවත්වා ගෙන එනු ලැබූ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, පෞද්ගලික අර්ථපතීත්වයකින් යුතුව ලාංකික පසුතලයේ දැනට සජීවව පවතින එකම සම්මාන උළෙල ද වන්නේය.

සම්මානිත කෘතිවල කර්තෘන්ට ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයට අමතරව මුල්‍ය ත්‍යාගයක් සහ සහතික පත්‍රයක් පිරිනැමෙන අතර වසරේ කැපී පෙනෙන නවක දායකත්වය වෙනුවෙන් නවකතා, කෙටිකතා, කාව්‍ය සහ යොවුන් නවකතා යන අංග යටතේ නවක දායකත්ව සම්මානයක් ද පිරිනැමෙන ලංකාවේ එකම සම්මාන උළෙල වන්නේද මේ වසරේ සිය රිදී ජුබිලිය සමරන ගොඩගේ සම්මාන උළෙලයි.

ලාංකික වාර්ගික සුභදත්වය උදෙසා අන්තර් සංස්කෘතික හුවමාරුවක ඇති දායකත්වය සලකා දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවටත්, සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවටත් පරවර්තනය කෙරෙන කෘති අගයමින් ඒ අතරින් සාර්ථක ප්‍රයත්න අගයා සම්මාන සහ මුල්‍ය ත්‍යාග පිරිනැමේ. එහිදී ගොඩනැංවෙන අන්තර් සංස්කෘතික හුවමාරුව භාෂා දෙකකින් වෙන්ව සිටිය ද ලාංකිකයන් ලෙස මේ ජනවර්ග දෙක ම එකම සමාජයීය ගැටලුවලට මුහුණ දෙන බව වටහා ගැනීමෙහි ලා ඉවහල් වෙයි.

මහා සම්මත සම්මාන නිර්වචන යාවත්කාලීන සමාජ මෙහොත සමග නොපෑහෙන බවත්, නව සාහිත්‍යාගමනවල ගැබ්ව පවතින නව නිර්මාණ ආකෘති සහ නිර්මාණ නිමිති ඇසුරේ නව සම්මාන නිර්වචන බිහි විය යුතු බවත් සහතික කෙරෙන තීන්දු තීරණ ප්‍රකාරව සිය සම්මාන නම් කිරීම මගින් ගොඩගේ සම්මාන උළෙල ඉතිහාසයට එක් වී තිබේ. ඒ ඇසුරේ නව චින්තන කලාපයක් සේම නව නිර්මාණ කෘති බිහි වීමේ පුරෝගාමී මෙහෙවර ද ඉටු කළ බව නිදහස් විචාරක මතය වී තිබේ.

කලාව යුගකාරක වෙනසේ ප්‍රතිඵලයක් ලෙස වැඩෙන බවත්, ඊට සාපේක්ෂව වෙනස්වන සමාජ, ආර්ථික සහ දේශපාලනමය වෙනස කලාවේ සංවේදී මර්මස්ථාන ස්පර්ශ කරන හෙයින් අනිවාර්ය වෙනස් වීමක් හෝ මහා පිපිරීමක් හෝ කලාව තුළින් අපේක්ෂා කරන බවත් පිළිගත් විශ්ව තත්ත්වයකි. ඊට අනුරූපව වෙනස් වීමේ ශක්තිය පෙන්නුම් කරන සාහිත්‍ය නිර්මාණ නිරන්තරයෙන් ගොඩගේ සම්මානයෙන් පිදුම් ලැබීම හෝ සම්මාන නිර්දේශ ඇගයීම් ලැබීම සාහිත්‍යයේ වෙනසක් අපේක්ෂිත ආධුනික ලේඛකයන් දිරිගැන්වීමක් සේ ගැනේ. එම විශ්වාසය ප්‍රකාරව විශේෂයෙන් ම කාව්‍ය සාහිත්‍යයේ සහ කෙටිකතා ශානරයේ කැපී පෙනෙන නිර්මාණාත්මක නව ප්‍රවේශ බිහි කිරීමෙහි ලා උපස්ථම්භක වු බව කිව මනාය. පසුගිය වසර විසිපහේ දී එවැනි ඇගයීම් ලද කලාකරුවන් අද ලාංකික සාහිත්‍ය මොහොතේ කැපී පෙනෙන වගකීමක් දැරීම ඊට කදිම සාක්කියකි.

ගොඩගේ සම්මාන උළෙල අන් සාහිත්‍ය සම්මාන උළෙලවලින් වෙනස් වන තවත් ප්‍රබල නිමිත්තක් වන්නේ තමන් විසින් වසරේ විශිෂ්ට කෘති ලෙස තෝරා සම්මානයට බඳුන් කෙරෙන කෘති සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන සමීක්ෂණ සටහන් හේතුවෙනි. ‘සම්මාන සමාප්ති සටහන’ නමින් මුද්‍රිත පොතක් ලෙස සම්මාන උත්සව අවස්ථාවේදී නොමිලේ පාඨකයන් අතට පත් කරන මේ කෘතියේ, තමන්ගේ තෝරාගැනීම පිළිබඳ ඒ ඒ සාහිත්‍ය ප්‍රවර්ග යටතේ ඉදිරිපත් කෙරෙන විචාර සටහන් පෙළ වසරේ ප්‍රශස්ත කෘති සම්බන්ධයෙන් නිකුත් වන එකම හා වැදගත්ම විචාර සටහනක් ලෙසින් ද සැලකේ.

වසර විසිපහක් පුරා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලේඛනයේ නිරත වන ලාංකික නිර්මාණවේදීන් රාජ්‍ය සම්මානය හා සම සම්මාන මට්ටමෙහි ලා සලකමින් සිය කෘතියේ නාමය ඉදිරියෙන් ගොඩගේ ජාතික සම්මානය යන අකුරු සටහන ප්‍රතිමුද්‍රණය කිරීමේ කැමැත්තකින් සිටි බව නොරහසකි. 

 

(අනුරසිරි හෙට්ටිගේ)



අදහස් (1)

රිදී ජුබිලිය සමරන ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල හෙට

ගොඩගේ පාඨක සමාජ සාමාජික Tuesday, 14 November 2023 08:18 PM

රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා සමාන්තර ජනප්‍රසාදයකට ලක්වෙමින් වසර විසිපහක් තිස්සේ අඛණ්ඩව පවත්වා ගෙන එනු ලැබූ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, පෞද්ගලික අර්ථපතීත්වයකින් යුතුව ලාංකික පසුතලයේ දැනට සජීවීව පවතින එකම සම්මාන උළෙල සහ ලාංකික සාහිත්‍ය සම්මාන වංශ කතාවේ සාහිත්‍ය සම්මාන උත්සව අතර පෙරමුණේ සිටින ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන, 2023 වසරේ සිය 25 වැනි රිදී ජුබිලිය සමරන මේ වාසනාවන්ත හෝරාවේ ගොඩගේ මැතිතුමාට ආයු, වර්ණ, සැප, බල සහ ප්‍රඥාව වඩා වැඩි දියුණු වේවා!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 691 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17841 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site