IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


රට ගොඩගැනීමේ අගමැති වෑයමට කාගේත් සහාය ඕනෑ

රනිල් වික්‍රමසිංහ මහතා වරක් මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දීමෙන් පසුව ප්‍රකාශ කළේ තමන්ට සිදුවී ඇත්තේ කටු අත්තක මල් පුබුදන්න කියාය. ඒ අර්ථයෙන් ගත් කල මෙවර වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ගිනි කන්දක් පාමුල සිටිමින් බව කිව යුතුය. රටේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මතභේදාත්මක ඉල්ලා අස්වීමෙන් පසුව රට යම් තරමක අරාජික තත්ත්වයට පත්වීමත් අස්ථාවර දේශපාලන පසුබිමක රටට ඉදිරියට යා නොහැකි බැවින් තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වී යන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කළ අනතුරු ඇඟවීමත් හේතුවෙන් රටේ ජනතාවද මහත් අසීරුවකට මුහුණදී සිටියහ. රටේ අනාගතය පිළිබඳ ඔවුන් තුළ මහත් අවිනිශ්චිත බියක් පහළ වී තිබිණි. එය සාධාරණ බියකි.

මෙවැනි අසීරු අර්බුදකාරී වාතාවරණයක රටේ අග්‍රාමාත්‍ය ධුරයට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවට වන මතයක්ද සමාජගත වෙමින් තිබීම හේතුවෙන් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට නම් කරනු ලැබීම පුදුමයට කරුණක් නොවීය. වත්මන් පාර්ලිමේන්තුව තුළ සිටින වඩාත්ම පළපුරුදු රාජ්‍යතාන්ත්‍රික නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සහ ජාත්‍යන්තරයේ බලවත් පිරිස්වල පිළිගැනීමට ලක්වී සිටී. රනිල්ට විතරයි මේ වෙලාවේ රට ගොඩදාන්න පුළුවන් වැනි කතා බොහොමයකට තටු ලැබුණේ එම පිළිගැනීම් හේතුවෙනි. වත්මන් පාර්ලිමේන්තුව තුළ සිටින වඩාත් පළපුරුදු නායකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයක් බවද කැපී පෙනෙන තවත් සාධකයකි.

ඉතාම භාරදූර අවස්ථාවක රටේ අග්‍රාමාත්‍ය ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා අත ඇත්තේ රටේ මෙතෙක් අග්‍රාමාත්‍ය තනතුර හෙබවූ කිසිම අගමැතිවරයකුට දරන්න සිදු නොවූ බරපතළ වගකීමකි. ඒ මහතාගේ දේශපාලනය පිළිබඳ ප්‍රබල විවේචනයක් තිබෙන බොහෝ දෙනා වුවද රටේ ආර්ථිකය ගොඩ දා ගත හැකි පළපුරුදු නායකයකු වශයෙන් වික්‍රමසිංහ මහතා කෙරෙහි බලාපොරොත්තුව සහ විශ්වාසය රඳවා ඇති බවද වටින් ගොඩින් කියවෙන කතාවලින් පැහැදිලි වෙයි. ඔහු අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ 2001-2003 පාලන කාලයේදීත් 2015-2019 කාලයේදීත් රටේ ජනතාව ආර්ථික වශයෙන් කිසිදු බරපතළ ගැටලු‍වකට මුහුණ නොදීම එම බලාපොරොත්තුව සහ විශ්වාසය තවදුරටත් තීව්‍ර කර තිබෙන බවද පෙන්වා දිය යුතුය.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින එසේම සමාජ සහ ආර්ථික ගැටලු‍වලින් හෙම්බත්ව සිටින රටකට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබෙන නායකත්වයේ පැහැදිලි වෙනසක් තිබේ. ඔහු සැලකෙන්නේ නිදහස් සමාජ සහ ආර්ථික ක්‍රමයක් කෙරෙහි විශ්වාසය තබන අසල්වැසි රටවල් සමඟ මෙන්ම බටහිර සහ යුරෝපීය රටවල් සමගද සමීප මිත්‍ර සබඳතා පවත්වා ගත හැකි දූරදර්ශී නායකයකු වශයෙනි. ආර්ථික වශයෙන් ඉතිහාසයේ දරුණුම පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ ජනප්‍රිය නායකයන්ට වඩා එවැනි බුද්ධිමත් සහ තුන්කල් බලා කටයුතු කළ හැකි පලපුරුදු නායකයෙකි. රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඇති අභියෝගය තමා එවැනි නායකයකු බව රටත් ලොවත් හමුවේ පෙන්වා දීමය.

මේ කෙසේ වුවද වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරගනු ලැබුවේ රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ ගැලවීම සඳහා වන බවට චෝදනාවක්ද එල්ල වී තිබේ. එය එසේ නොවන බව තහවුරු කළ හැක්කේ වික්‍රමසිංහ මහතාට පමණක් බවද පෙන්වා දිය යුතුය.

රටේ ජනතාව මේ අවස්ථාවේ සිටින්නේ බලවත් කම්පාවකිනි. රටපුරා පෝලිම් තවදුරටත් වර්ධනය වෙමින් තිබේ. ගෑස්. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් උග්‍ර හිඟය හේතුවෙන් ජනතාව එම පෝලිම්වල සිටින්නේ මහත් කෝපයෙනි. ඉච්ඡාභංගත්වයෙන් දැවෙමිනි. කිරිපිටි, සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අහස උසට නැග තිබේ. ආදායම් මාර්ග අහිමි වීමෙන් බොහෝ දරුපවුල් කර කියා ගත හැකි දෙයක් නොමැතිව සිටිති.  තමන්ගේ ආර්ථික දර්ශනය තුළ රැඳී සිටිමින් ඒ ගැටලු‍වලට විසඳුම් සෙවීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි කාලයේදී වෙහෙසවීමට සිදුවනු ඇත. එය තනිවම හෝ කිහිප දෙනකු සමඟ පිහිටුවන කමිටුවලින් හෝ පමණක් සිදුකළ නොහැක. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිටින තමන් සමඟ වැඩකිරීමට කැමැති සියලු‍ දෙනාගේ සහාය ලබාගැනීමට නව අග්‍රාමාත්‍යවරයා සමත්විය යුතුය. අග්‍රාමාත්‍ය ධුරයේ පැවැත්ම තීරණය වනු ඇත්තේ එවැනි සාමූහික වැඩපිළිවෙළකින් රටේ ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමෙන් පමණි.

වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දීමෙන් පසුව රට පෙළන ආර්ථික ගින්න නිවීම සඳහා ලොවේ බලවත් රටවල් ගණනාවක් සමඟ සුසංධාන ගතවී වැඩපිළිවෙළක් වහාම ඇරඹීය. එම වැඩපිළිවෙළේ ප්‍රතිඵල දැකීමට මාස දෙක තුනක් ගතවනු ඇති බවටත් ඊට පසුව රටේ මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන අනාගතය සුබ අතට හැරෙනු ඇති බවටත් අග්‍රාමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ඊළඟ සති කිහිපයේදී අමාරුකම්වලට මුහුණ දීමට සිදුවුවද එකට යන ගමනකින් ආර්ථික හානියෙන් ගොඩ යා හැකි බවටත් ඒ මහතා විශ්වාසය පළකර තිබිණි. එසේ වුවහොත් එය රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමක් වනු ඇත.

 

(***)



අදහස් (3)

රට ගොඩගැනීමේ අගමැති වෑයමට කාගේත් සහාය ඕනෑ

AB Thursday, 19 May 2022 07:12 AM

රට ගොඩගැනීමේ අගමැති වෑයමට කාගේත් සහාය ඕනෑ නමුත් පාර්ලිමේන්තුවේ සිටින්නාවූ පක්ෂ විපක්ෂ කණඩායම් මගින් එම සහය බලාපොරොත්තු විය නොහැක. මේවනවිට ඔවුන්ගේ ( මන්ට්‍රිවරුන් 225දෙනාගේ ) අරගලය වී තිබෙනුයේ ඉදිරි මැතිවරණයේදී යලිත් පාර්ලිමේන්තු පැමිණෙනුයේ කෙසේද කියා මිස රටේ ජනතවගේ දැවෙන ප්‍රශ්න නොවේ. එමනිසා මේ අවස්ථවේදී ජාත්‍යන්තරයෙන් මානුෂිය මැදිහත්වීමක් ඉල්ලා සිටීම / සහය ඉල්ලා සිටීමක් මිස පර්ලිමෙන්තුවේ 225 දෙනාගෙන් සහාය ලැබුනත් ඔවුනට කළහැකි දෙයක් නොමැත. ලංකාව UN සාමාජිකත්වය දරන්නාවූ රටක් නිසා UNDP හෝ වෙනත් ගෝලීය ආයතන හෝ රටවල් ඉදිරිපත්ව UN මැදිහත්ව රට තුල පවතිනාවූ අර්බුදය සමනය කිරීම පිණිස යම් මානුෂිය සහයෝගයක් ඉල්ලා සිටීම කල හැකිවේ. එසේ නොවුන හොත් සිදුවනුයේ ඍජු ජාත්‍යන්තර මැදිහත්වීමක් කරා රට විවුර්ත වීමකි. මේ අවස්ථවේ ලංකාවේ පවතින අර්බුදය සහ පරිසරය නිර්මාණය වෙමින් පවතිනුයේ ජාත්‍යන්තර මානුෂිය අයිතීන් වෙනුවෙන් ඕනෑම රටක අර්බුදයකට මැදිහත් වීමට UNO වලට හැකියාවක් පවතී. පාර්ලිමේන්තු සිටිනාවූ ඇති බහුතරයක් මේ පිලිබදව්ව අවබෝදයක් නොමැත.

:       2       2

AB Saturday, 21 May 2022 10:35 AM

පවතින ඉන්ධන හිඟය නිසා පෝලිම් තුළ සිටින ත්‍රි රෝද සඳහා ඉදිරියේදී විසඳුමක් ලබාදිය යුතුව තිබේ. පළමුව කොළඹ නගරය සීමාව තුළ ගමන් කරනන්නා වූ වාහන සඳහා බැටරියෙන් ක්‍රියාකරන ත්‍රි රෝද රථ හඳුන්වා දීම හෝ පවතින ත්‍රි රෝද රථ බැටරියෙන් ක්‍රියාකරවීමට පරිවර්තනය කිරීමට හැකියාව සොයාබැලිය යුතුවේ. පළමුව මෙය ව්‍යාපෘතියක් වශයෙන්, අත්හදා බැලීමක් වශයෙන් කර සාර්ථක වූ පසු දිවයින පුරා සියලු ත්‍රි රෝද රථ විදුලියෙන් ක්‍රියාකරන තත්වයට පත්කළ යුතුවේ. එලෙස පත්කරන්නා වූ සියලු ඩීසල්, පෙට්‍රල් ත්‍රි රෝද රථ ලියාපදිංචි කිරීමේදී සහනයක් ලබාදීමට කටයුතු කළයුතුවේ. ඉන්දියාව සහ ලෝකයේ වෙනත් රටවල මේ වනවිට විශාල වශයෙන් විද්‍යුත් වාහන හඳුන්වමින් තිබේ. එම හඳුන්වාදීම ඉන්ධන පමණක් නොව පරිසරයද ආරක්ෂා කරගැනීම වෙනුවෙනි...

:       1       1

ab Saturday, 21 May 2022 03:15 PM

මේ වනවිට පැවැත්වෙන ජී 7 (කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇ.එ.ජනපදය) සමුළුවේදී ලංකාවට ආධාර ලබාදීම පිළිබඳව සහ ලංකාවට ලබාදී තිබෙන්නා වූ ණය 1/2ක් හෝ අඩුම වශයෙන් ගෙවීමට තිබෙන්නා වූ පොලිය කපාහැර හෝ ඉවත්කර ගැනීමට තිබෙන්නා වූ හැකියාව (රටේ පවතින ආර්ථික අර්බුදය නිසා) පිළිබඳව High commissioner සහ තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටීමක් කළහොත් රටේ පවතින වාතාවරණය මත සහනයක් ලැබීමට හැකියාව පවතියි. ඒ සඳහා එම ජී7 ජාතීන්ගේ සමුළුව විසින් ඉදිරියේදී මෙවැනි ආර්ථික අර්බුද කළමනාකරණය පිළිබඳව වගවීමක් ලංකාවෙන් ඉල්ලා සිටීමට හැකියාවක් තිබේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site