එ ක දිගටම දේශපාලනය කිරීම වුව ද වෙහෙසකර ය. එහි නිරත වන්නෝ ද මනුෂ්‍යයෝ වෙති. මේ නිසා විටෙක වෙනසක්, විනෝදයක් ඔවුනට ද අවැසි ය. එහි වරදක් නැත. මේ වෙනසට නූතන තරුණ භාෂාවෙන් කියැවෙන්නේ ”ෆන් එකක්” ගන්නවා කියලා ය. යාපනයේ මැයි දිනයක් පැවැත්වීමට ගිය යූ.ඇන්.පී.යේ නායකයන් ද අදාළ කාර්යයට අමතරව පොඩි පහේ ”ෆන් එකක්” ගෙන තිබෙන බව පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තාවලින් පෙනේ. මේකට කියන්නේ දඹුළු ගිහින් තලගොයිත් මරාගෙන එනවා කියලා ය. මේ දිනවල දඹුල්ල ගිනිගෙන තිබෙන නිසා යාපනයේ මැයි දින සංචාරය ඒ සඳහා උපයෝගී කර ගත්තා විය හැකි ය. මැයි දිනයට පෙර ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ලබාගත් නාවික හමුදා බෝට්ටුවකින් උතුරේ තල්මසුන් නැරඹූ විපක්‍ෂනායකවරයා ඇතුළු පිරිස ඩෙල්ෆ් දුපතේ බූරුවන් දැකබලා ගැනීමට ද අමතක කළේ නැත. සමහර පරිසර සංවිධාන පවසන්නේ ඩෙල්ෆ් දුපතේ බූරුවන් වඳවී යන සත්ත්ව විශේෂයක් බවයි. ඒ අනුව වඳවී යෑමට ප‍්‍රථම බූරුවන් දැක බලා ගැනීමට විපක්ෂනායකතුමා ඇතුළු පිරිසට සිතුනාදැයි කියන්න දන්නේ නැත. සමහර අය නම් පවසන්නේ යූ.ඇන්.පි.ය යාපනයේ ටී.එන්.ඒ. සංවිධානය සමඟ ඒකාබද්ධ මැයි දිනයක් පැවැත්වීම මෝඩ වැඩක් කියලා ය. එය සිංහල බෞද්ධ ඡන්ද පදනම ගැන සලකා විය හැකි ය. මේ මොහොතේ මහ පොළොවේ දේශපාලනය දෙස බලන විට එහි යම් සත්‍යයක් තිබිය හැකි ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යුහය දෙස බලන විට අතීතයේ එය සියලූ ජන වර්ග නියෝජනය කළ ශී‍්‍ර ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස සැලකේ. සන්ධානගතවීමකින් තොරව යූ.ඇන්.පී. කාරයන් ලෙස දමිළ හා මුස්ලිම් මන්තී‍්‍රවරුන් උතුරු නැගෙනහිරින් පත් වූ එකම ජාතික දේශපාලන පක්ෂය වූයේ ද යූ.ඇන්.පි.ය බව අමතක කළයුතු නැත. කේ. ඩබ්ලිව්. දේවනායගම් 1977 කල්කුඩා ආසනය දිනා ගත්තේ යූ.ඇන්.පී. කාරයකු ලෙසිනි. නින්දවූර් ජයගත් එම්. එම්. මුස්තාපා යූ.ඇන්.පී. කාරයෙකි. මේ ආදී වශයෙන් දෙමළ හා මුස්ලිම් මන්තී‍්‍රවරු යූ.ඇන්.පී.ය නියෝජනය කරමින් ම උතුරින් හා නැගෙනහිරින් පත්වූහ. අදත් යාපනය දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ශෂිකලා මහේෂ්වරන් මන්තී‍්‍රවරිය සන්ධානගත ආනයනික මන්තී‍්‍රවරියක නොව ඇත්ත යූ.ඇන්.පී. කාරියකි. එහෙත් 2005 ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සම්ප‍්‍රාප්තියත්, යූ.ඇන්.පි.ය විටින් විට ගෙන ගිය සමහර පිළිවෙත් නිසාත් මේ ඡන්ද පදනම බිඳ වැටුණි. යූ.ඇන්.පි.යෙන් සුළු ජාතික කොටස් එක්සත් ජනතා නිදහස් සංධානයටත් දෙමළ හා මුස්ලිම් පක්ෂවලටත් එක්විය. මීට ඉහත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සිටියේ ආනයනික දෙමළ හා මුස්ලිම් මන්තී‍්‍රවරුන්ය. ඒ.එච්.එම්. ෆවුසි ඇමතිවරයා හැරෙන්නට මහජන ඡුන්දයෙන් පත්වී එන මුස්ලිම් මන්තී‍්‍රවරයෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නොසිටියේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ සී. කුමාර සූරියර් ශී‍්‍ර.ල.නි.ප.ය පත්කරගත් දෙමළ මන්තී‍්‍රවරයෙකි. මේ වන විට සියල්ල වෙනස් වී ඇත. 2005දී කොළඹ දෙමළ ජනයාවත් යූ.ඇන්.පි.යට ඡන්දය ප‍්‍රකාශ කළේ නැත. අනෙක් පැත්තෙන් යූ.ඇන්.පි.යේ දෙමළ හා මුස්ලිම් පදනම දියවීමට පටන්ගෙන තිබේ. ඊට අමතරව යූ.ඇන්.පි.යේ සිංහල බෞද්ධ ඡන්ද පදනම ද නායයමින් පවතී. නි. නායක සජිත් පේ‍්‍රමදාස දැඩි උත්සාහයක යෙදෙන්නේ එය රැකගැනීමට වාගේ ය. මේ නිසා යාපනයේ මැයි දිනය හා කොළඹ පේ‍්‍රමදාස සැමරුම හරහා නායකයා හා නියෝජ්‍ය නායකයා මේ ඡුන්ද පදනම් දෙකට දෙවිදියකින් ආමන්ත‍්‍රණය කළා වාගේ ය. එසේම යූ.ඇන්.පි.යේ බෙදීම පැහැදිලිවම දක්නට ලැබුණු මැයි දිනයක් සේ ද මෙවර මැයි දිනය ඉතිහාසයට එක් වේ. අනෙක් පැත්තෙන් සියලූ ජනවාර්ගික කොටස් එක මිටට ගෙන එකට තබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී ඇත. ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා යාපනයේ වෙනම මැයි දිනයක් පවත්වද්දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බැනරය යටතේ ද්‍රවිඩ සංවිධායකවරයෙක් පෙරටු කරගත් ද්‍රවිඩ කණ්ඩායමක් යාපනය දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් කොළඹ නගර සභා පිටියට පැමිණීම එම පක්ෂය ලත් ජයග‍්‍රහණයකි. විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ දෙමළ ජනතාව දිනාගැනීමට ද්‍රවිඩ සන්ධානය සමඟ ඒකාබද්ධ මැයි දිනයක් පැවැත්වීමට යාපනයට යනවිට යාපනයේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන් කොළඹට කැඳවා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමත්ව සිටී. එසේම දඹුල්ලේ සිද්ධිය මත මුස්ලිම් කොංග‍්‍රසය රජයෙන් ඉවත්වේදෝ යන සැකයක් සමහර විපක්‍ෂ කණ්ඩායම් පසුගිය දිනවල මතුකර තිබුණි. එය සිහිනයක් බව මුස්ලිම් කොංග‍්‍රස් නායකයාගේ මැයි දින කතාවෙන් පැහැදිලි විය. මුස්ලිම් කොංග‍්‍රස් නායකයා දඹුල්ලේ පල්ලිය පිළිබඳ තීරණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂට භාර කළේ ය. එතුමාගේ තීන්දුව කුමක් වුව ද භාර ගැනීමට ඔවුහු සැදී පැහැදී සිටිති. මේ නිසා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සෙවනේ මුස්ලිම් කොංග‍්‍රසයේ අනාගත දේශපාලනය තීන්දු වනු ඇත. මේ අතර යූ.ඇන්.පි.ය නැතිවී තිබෙන සුළු ජාතික ඡන්ද පදනම හදාගැනීමට යාපනයට ගියාද විදේශ බලවේගයක් ඔවුන් එහි යැව්වාදැයි කියන්න දන්නේ නැත. ඒ දෙකම විය හැකිය. තමිල්නාඩු හිටපු මහ ඇමති මුතුවේල් කරුණානිධි තමිල්නාඩුවේ ඊළාම් සමුළුවක් කැඳවන්නේ ද මෙවන් පසුබිමක ය. එහි දී ඔහු ඉල්ලා සිටින්නේ ද්‍රවිඩ ඊළමක් සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්, ඇමරිකාවටත්, ඉන්දියාවටත් මැදිහත් වන ලෙස ය. විදේශගත දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය නිතැතින් ම ඊට ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ වන විට තමිල්නාඩුවේ අන්තවාදී දේශපාලනය හැසිරෙන්නේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාව සමඟ ය. කරුණානිධි තමිල් ඊළමක් ගැන කතාකරන විට ශී‍්‍ර ලංකාවට පැමිණි ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම ආපසු ඉන්දියාවට ගොස් පැවසුවේ ශී‍්‍ර ලංකාවේ කිසිම නායකයකු ඔවුන් සමඟ ද්‍රවිඩ ඊළමක් ගැන කතා නොකළ බවයි. මෙහිදී එම කණ්ඩායමේ සාමාජිකයකු වන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂ මන්තී‍්‍ර ටී. කේ. රනිරාජන් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සම්බන්ධයෙන් කරන ප‍්‍රකාශය වැදගත්ය. ”මම ඉපදුනේ ශී‍්‍ර ලාංකිකයෙකු වශයෙන්. මැරෙන්නෙත් ශී‍්‍ර ලාංකිකයකු වශයෙන්. මට ඊළමක් අවශ්‍ය නෑ” සම්බන්ධන් තමා සමඟ පැවසූ බව රනිගරාජන් සඳහන් කරයි. පසුගිය මැයි 1 වැනිදා විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ සමඟ අත්වැල් බැඳගනිමින් යාපනයේ මැයි දින වේදිකාවේ සිංහ කොඩිය ඉහළටම එසවූයේ මේ සම්බන්ධන් ය. එය මෙවර මැයි දින වේදිකා ගැන මධ්‍යස්ථව කල්පනා කරන කෙනෙකුට සුවිශේෂී සිදුවීමක් වනු ඇත. යාපනයේ යූ.ඇන්.පී. මැයි දිනයේ විශේෂම සිදුවීම ලෙස ද එය සඳහන් කළ හැකිය. ඒ සමඟම ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් කළ ප‍්‍රකාශය මේ රටේ දේශපාලනය කරන සියල්ලට ම වැඩදායක ය. ”අපි ඒකාබද්ධව ජීවත් විය යුතුයි. අපි අලූත් විදියට සිතා කටයුතු කළ යුතුයි. මේ මැයි දිනයේ දී සියලූම ජනතාව සහෝදරත්‍වයෙන් ජීවත් විය හැකි බව පෙන්වා දී තිබෙනවා. සමහර දේශපාලන පක්ෂ ජනතාව බෙදා වෙන්කරන මැයි දින පවත්වනවා. ඒ අය සිතනවා ජාතීන් බෙදී සිටියහොත් එ් අයගේ දේශපාලන ව්‍යාපෘති ඉදිරියට ගෙනයන්න පහසුයි කියල” ”2010 මැතිවරණයෙන් පස්සේ දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම් සම්බන්ධයෙන් ආණ්ඩුවට සහාය දෙන බව අප ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පියවර ගණනාවකුත් ඉස්සරහට තැබුවා. ඒකීය රාජ්‍යයක් තුළ දේශපාලන විසඳුමකට සහාය දෙන බව අප ආණ්ඩුවට ප‍්‍රකාශ කළා”
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රට එකට තබන මැයි මඟ
අලිබබා Friday, 04 May 2012 01:37 PM
මේ පිංතුරේ ඉන්න අර නෝනා මුහුණ වහගෙන ඉන්නේ ඇයි? දන්නැති නිසා අහන්නේ.
ප්‍රසන්න Friday, 04 May 2012 02:04 PM
එලාර හොඳයි කියලා දුටුගැමුණු රජ්ජුරුවොත් හිතුවනම් ජාතිය නැති වෙලා ගොඩක් කල් (ස)