IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රජයේ ඉඩම් කොල්ලය නතර කිරීමට පියවර ගන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන ඉඩම් අක්කර 165 වහාම ආපසු වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත බාර දීමට උසාවියෙන් නියෝග කර ඇති බව පසුගිය දා ලංකාදීප ප්‍රධාන සිරස්තලයකින් හෙළි කළේය. මේ නියෝගය නිකුත් කර තිබුණේ පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා විසිනි. අදාළ ඉඩම වනාතවිල්ලු‍ව වීරක්කොඩි චෝලෙයි රක්ෂිත වනාන්තරයට අයත් බව ද ප්‍රකාශ විය.

රක්ෂිත ඉඩම් මේ ආකාරයට බලෙන් පවරාගෙන තිබූ පළමු අවස්ථාව මෙය නොවේ. එසේම එය අවසාන අවස්ථාව ද නොවන බවටත් සහතිකය. මේ රටේ රජය සතු වටිනා ඉඩම් හොර රහසේ තමන් සන්තක කර ගැනීමත් රක්ෂිත වනාන්තර ඇතුළු සෙසු වනාන්තරවල වටිනා ගස් කොළන් කපා දැමීමත් සිදුකරන්නේ බලවතුන්ගේ ආශීර්වාදය ඇතිව බව ප්‍රසිද්ධ රහසකි.

එවැනි බලවතකුම අල්ලාගත් ඉඩමක් මේ ආකාරයට හෝ ආපසු පවරා ගැනීමට අවශ්‍ය රාජකාරි කටයුතු ඉටු කිරීම සම්බන්ධයෙන් පුත්තලම අඩවි වන නිලධාරිවරයාට ද ප්‍රශංසාව හිමිවිය යුතුය. රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ මෙකී නඩුව පවරා තිබූ අතර එවැනි පනතක් තිබුණත් එහි ඇති විධිවිධාන බලවතුන්ට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන්නේ කලාතුරකින් වීම මේ සිද්ධියේ ඇති විශේෂත්වය බව ද සඳහන් කළ යුතුය.

පුත්තලම වනාතවිල්ලු‍ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් හැටේ දශකයේ දී මෙරට තෝරාගත් සමාජයේ විවිධ නිලතල හෙබවූ පුද්ගලයන් වෙත බලතල ක්‍රමයක් යටතේ ආණ්ඩුවෙන් පවරා දෙනු ලැබීය. ඉඩම් අක්කර 25 බැගින් මේ ඉඩම් බෙදාදෙනු ලැබුවේ ඒවා සංවර්ධනය කර ආදායම් උපදවා ගැනීම සඳහාය. එම ප්‍රදේශය පොල් සහ කජු වගාවට ප්‍රසිද්ධියක් ලබා තිබීම හේතුවෙන් මේ ඉඩම්වලට විශාල වටිනාකමක් තිබිණි.

එහෙත් ඉන්පසුව ඇති වූ යුදමය වාතාවරණය හමුවේ එම ඉඩම් විශාල ප්‍රමාණයක් ඒවා ලබාගත් පුද්ගලයන් විසින් අතහැර දමා තිබිණි. විවිධ ක්‍රමවලින් කූට ලේඛන සකස් කර ගනිමින් ද දේශපාලකයන් ඇතුළු බලවත් පුද්ගලයන්ගේ සහාය ලබා ගනිමින් ද මේ ඉඩම් විවිධ පුද්ගලයන් විසින් බලහත්කාරයෙන් පවරා ගැනීමට ඉඩක් සැලසුණේ එම හේතුවෙනි. ඒ හැර විවිධ බලපෑම් කරමින් රජයේ ඉඩම් බලහත්කාරයෙන් තමන්ට පවරාගෙන භුක්ති විඳීම ද සිදුවිය. අදාළ සිද්ධියට සම්බන්ධ හිටපු මන්ත්‍රීවරයා ද කර ඇත්තේ කලදුටු කල වළ ඉහ ගැනීමය.

මේ ආකාරයට රජය සතු ඉඩම් බලෙන් පවරා ගැනීම සිදුවන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් නොවන බව ද කිව යුතුය. රජරට අනුරාධපුර සහ පොළොන්නරුවේ ඉඩම් ද මේ ආකාරයටම කොල්ල කා ගන්නා අවස්ථා ගැන තොරතුරු වරින්වර වාර්තා වෙයි. එසේම දකුණේ හම්බන්තොට සහ ඌවේ මොනරාගල දිස්ත්‍රික්කවල ද මෙසේ බලහත්කාරයෙන් ඉඩම් පවරා ගැනීම් පමණක් නොව විශාල වශයෙන් කැලෑ එළිකරමින් වටිනා ගස් කොළන් බිඳ හෙළීම ද සිදු වෙයි.

මේ අපරාධය සිදුකරන බලවත් පුද්ගලයන්ට දේශපාලකයන්ගෙන් තිබෙන රැකවරණය නිසා ඒ සම්බන්ධ නීතිමය වශයෙන් මැදිහත්වීම සිදු කෙරෙන්නේ නැත. බොන්න වතුර ඉල්ලා පාරට බසින ගම්මුන්ට එරෙහිව කුළු - පොලු‍ උස්සාගෙන අකුරටම රාජකාරිය ඉටුකරන පොලීසිය ද බලවතුන්ගේ ආශීර්වාදයෙන් සිදු කෙරෙන මේ මහා වන සංහාරයට එරෙහිව එක පොල්ලක් උස්සන්නේ නැත.

රජය සතු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ කැලෑ ඉඩම් විනාශ කිරීම දේශපාලකයන්ගේ ආශීර්වාදය තිබෙන තුරු නවතින්නේ නැත. මේ මහා අපරාධයේ සැබෑ වගඋත්තරකරුවන් වන්නේ දේශපාලකයන්ම පමණි. එය එක් නඩුවක් පැවරීමෙන් විසඳිය නොහැකි බව ද සඳහන් කළ යුතුය.

(***)



අදහස් (1)

රජයේ ඉඩම් කොල්ලය නතර කිරීමට පියවර ගන්න

Nimal Saturday, 09 September 2023 06:37 AM

මේ මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ නොසණ්ඩාල වැඩවලට සීමාවක් නැහැ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 10 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 11 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 729 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site