යාල ජාතික වනෝද්‍යානය ශ්‍රි ලංකාවේ දෙවැනි විශාල වනෝද්‍යානයයි. සංචාරකයන් වැඩි පිරිසක් ඇදී යනුයේ ද යාලටයි. යාල අලියා,කොටියා, වලසා, පමණක් නොව උකුස්සා හා මුවා , ගෝනා , කිඹුලා වැනි සතුන් ද මෙහි වාසය කරති. අලියන් පස්සේ යන මුවන් ද පලු ගස් වල නැග සිටින දිවියන් ද මී පැණි කෑමට ගස් නගින වලසුන් ද එහිදී දැකිය හැකිය. වර්ග කිලෝමීටර 980 ක් වන භුමි භාගයක යාල පැතිරි තිබේ. මැණික් ගඟ මුහුද සොයා යන්නේ ද යාලෙනි. සිතුල්පව්ව හා මඟුල් වෙහෙර වැනි පුරාණ ශිෂ්ටාචාරයේ නටබුන් ද යාල වනයේ දි දැකිය හැකිය. මෝසම් වනාන්තර මෙන්ම මිරිදිය හා මුහුදු තෙත් බිම් එහි පිහිටියේය. ශ්‍රි ලංකාවටම ආවේණික වු කුරුල්ලන් වර්ග කිහිපයක් ද දෙසීයකට වැඩි වෙනත් කුරුලු වර්ග එහිදී දැකිය හැකියි.





































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑම ලස්සනයි. (නි)
කැමරා ශිල්පියාගේ දක්ෂතාවයට අපගේ උපහාරය!! මෙම සතුන් අවසන් වරට දකින ලක්වැසි පරම්පරාව අපි වෙන්න පුළුවන්. නවසීලන්තෙන් ඔබට ප්‍රණාමය! (නි)
හරිම ලස්සන පින්තුර පෙලක් ජිවමාන ලෙස දැක්කා වාගේයි ඔබේ ඡායාරූපකරණයට සුබ පතනවා (ම)
නියම පොටෝ ටික (නදී)
ශාන්ත රත්නායක මහතාණෙනි, ඔබගේ ඡායාරුප කරණය ඉතා අගනේය. ඔබට සුබපැතුම්.(ම)