IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


යුරෝපයම ශීතලෙන් ගල් කළ මහා හිම පතනය

පසුගිය දින කීපයක සිට යුරෝපයට බලපවත්වනු ලබන අයහපත් කාලගුණයත් සමගම හමායන හිම කුණාටු හේතුවෙන්, ඉතාලියේ උතුරු හා මධ්‍යම ප‍්‍රදේශවලට තදබල හානි සිදුවෙමින් පවතී. මෙම අයහපත් කාලගුණය නිසා යුරෝපය පුරා පුද්ගලයන් 360 ක් මියගොස් ඇති අතර, යුක්රේනයේ මියගියවුන්ගේ සංඛ්‍යාව 135 කි. මෙම ලිපිය ලියනු ලබන මොහොත වන විට (පෙබරවාරි මස 7 වැනිදා), පවතින දැඩි ශීතල හේතුවෙන් ඉතාලියේ මියගියවුන්ගේ සංඛ්‍යාව හතළිහයකි. මේ අතර තොස්කානා පළාතේ ලූක්කා නගරයේ ශ්‍රී ලාංකිකයකු ද, මන්තොවා ප‍්‍රදේශයේ ඉන්දීය ජාතිකයකු ද වෙති. අවසන් වරට මෙවන් දැඩි හිම පතනයක් සිදුවූයේ 1929 වසරේදී බව වාර්තා වේ. මුහුදු මට්ටමෙන් මීටර් දහසකට වැඩි උසකින් පිහිටා ඇති කුඩා නගර කීපයක්, දැඩි හිම පතනය හේතුවෙන් මංමාවත් වැසීයාම නිසා හුදකලාවී ඇත. ඉතාලි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව හා හමුදාව මෙම නගර වෙත පිවිසීම සඳහා මාංමාවත්වල හිම ඉවත් කිරීමේ යෙදී සිිටිති. මිලානෝ ප‍්‍රදේශයේ උෂ්ණත්වය අංශක ඍණ 18 ක් ලෙසද වාර්තාගත උෂ්ණත්වය පහත වැටීම ලෙස සොන්ද්‍රියෝ ප‍්‍රදේශයේ අංශක ඍණ 35 ද වාර්තා විය. දැඩි හිම පතනය හේතුවෙන් උතුරු හා මධ්‍යම ඉතාලියේ මංමාවත් අවහිර වීම නිසා ගමනාගමනය අඩපණ වී ඇත. පාසල් හා රජයේ කාර්යාලයන් ඒ ඒ ප‍්‍රදේශයේ පවතින තත්ත්වය අනුව දින කීපය බැගින් වසා දමා තිබුණි. රෝම දිස්ත‍්‍රික්කය තුළ පමණක් පවුල් 23900 කට විදුලිබල හා ජල පහසුකම් අහිමිවී ඇත. මංමාවත් හිමෙන් වැසීයාම නිසා ඇතිවන ප‍්‍රවාහන අවහිරතා හේතුවෙන්, වෙළෙඳ පොළ වෙත ප‍්‍රවාහනය කරමින් තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රමාණයෙන් 30%ක් දැනටමත් විනාශ වී ඇත. මේ අතර කිරි ලීටර් දෙලක්‍ෂයක් ද, විවිධ මස් වර්ග ටොන් දෙදහසක් ද, බිත්තර දශ ලක්‍ෂයක් ද වේ. වෙළෙඳ පොළට ප‍්‍රවාහනය කිරීම සඳහා විවිධ එළවළු වර්ග ටොන් ලක්‍ෂයක් සූදානම්ව ඇතුවද, මාර්ග අවහිරතා හේතුවෙන් එම කෘෂි භෝග විනාශ වෙමින් පවතී. හිම පතනය හේතුවෙන් ඉතාලියේ කෘෂි භෝග විනාශවීමේ පාඩුව යුරෝ මිලියන 100 ක් යයි දැනටමත් තක්සේරු කර ඇත. වෙළෙඳපොළේ එළවළු මිල මේ වන විට 10% කින් ඉහළ ගොස් ඇත. මංමාවත්වල හිම ඉවත් කළ ද, රාත‍්‍රි කාලයේදී උෂ්ණත්වය අංශක ඍන අගයක් ගන්නා බැවින් මංමාවත් අයිස් තට්ටුවකින් වැසීයාම හේතුවෙන් මාර්ග අනතුරු බහුල වී ඇත. නැගෙනහිර යුරෝපයේ යුක්රේනය, පෝලන්තය, සර්බියාව, රුමේනියාව, බල්ගේරියාව වැනි රටවල උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍන 20-40 තෙක් පහත බැස තිබේ. මේ වන විට යුරෝපා හවුලට අයත් ඉතාලිය, ප‍්‍රංශය, ජර්මනිය, ඔස්ටි‍්‍රයාව වැනි රටවල ජන ජීවිතය ද සීත දේශගුණය හා අධික හිමපතනය හේතුවෙන් අවුලෙන් අවුලට පත්වී තිබේ. රෝමයේ මිලානෝ, ලඅන්කෝනා වැනි ප‍්‍රධාන නගරයන් හි පවතින අධික හිම පතනය හේතුවෙන් දහස් ගණනකට විදුලිය, ගෑස් අහිමිවී ඇති අතර ඇතැම් මාර්ග හිමෙන් යටවීමෙන් ගමනාගමනය ඇණහිට තිබේ. රජයේ කාර්යාල හා පාසල් වසා දමා ඇත. සුන්දර වැනිසියේ මුහුදු තීරය අයිස් ගොඩක් බවට පත්වී සංචාරකයින් අතරමංව සිටී. මේ අතර ඉතාලියේ වෙසෙන සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ දෑසට කඳුළක් එක් කර මින් ලූකා නගරයේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙකු සීතලට හසුවීමෙන් මිය ගියේය. ඉන්න හිටින්න තැනක් නොමැතිව අසරණයකු ලෙස ඔහුට මිය යෑමට සිදුවූ කතා පුවත ඉතාම දුක්බරය. ඉතාලි මාධ්‍ය පවසන පරිදි වර්ණකුලසූරිය ප‍්‍රනාන්දු නමැති තිස්අට හැවිරිදි ඔහු මෙයට වසරකට ප‍්‍රථම  ඕලන්දයේ සිට තම සොහොයුරා සොයාගෙන ඉතාලියට පැමිණ ඇත. ඒ ඔහුගේ බිරිඳත් දරු දෙදෙනාත් සමගය. කාලය කෙමෙන් ගෙවී යන විට ඔහු හුදකලාව ජීවත් වී තිබේ. පසුගිය ඉරිදාවන විට ලූකා නගරයේ පැවතියේ ඍණ 5-10 ත් අතර සීත දේශගුණයකි. එවැනි සීතලකට ඔරොත්තු දෙන වාසස්ථානයක ජීවත්වීමට පින්කර නොමැති අදාළ ශ්‍රී ලාංකිකයා මියගොස් තිබුනේ අතහැර දමන ලද පාලූවට ගිය ශාලාවක් තුළය.

යටියන ක්ලැරන්ස් කොස්තා සහ චමින්ද මඩවල - (ඉතාලියේ සිට)
ලංඩනය කීව් - යුකේ‍්‍රනය මියුනිච් සත්වෝද්‍යානයේ සිටින අලියකු හිම කැට ආහාරයට ගන්නා අයුරු ලක්සම්බර්ග් බල්ගේරියාව



අදහස් (0)

යුරෝපයම ශීතලෙන් ගල් කළ මහා හිම පතනය

dalu banda Sunday, 12 February 2012 03:09 PM

අපි කොයි තරම් වාසනාවන්තද ලංකාව වගේ රටක ඉපදෙන්න? ඔය වගේ ශීත දේශගුණයක් අපේ රටේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1304 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site