IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


යොයෝගි පිටියේ ලංකා සැණකෙළිය

 

 

වසන්ත කරන්නාගොඩ මහතා ජපන් ඇමැතිවරයකු සමග

 

ශ්‍රී ලංකාව යනු ලෝක සිතියමේ අබැටක් තරමේ කුඩා රටකි. එහෙත් ලොව කවර රටකට, ජාතියකට නොදෙවැනි අදීන අදම්‍ය අපරාජිත ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් අප සතුව ඇත. ජපානයේ තෝකියෝ නුවර පැවැති ”ශ්‍රී ලංකා සැණකෙළිය” ඒ අපරාජිත උරුමය කැඩපතක තබා පිළිබිඹු කළ සැණකෙළියක්ම විය.

ලෝකයේ රටවල් හැට පහක පමණ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පිහිටා තිබේ. ඒ තානාපති කාර්යාල හැට පහෙන්ම විශාලම සැණකෙළිය පැවැත්වෙන්නේ ජපානයේ බව නිර්භයව ප‍්‍රකාශ කළ හැකි යැයි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසුවේය. ඒ ජපන් සංචාරයෙන් පසුව ඒ පිළිබඳව ආගිය කතාබහක නිරතව සිටියදීය. ඒ සහතිකය ජපානයේ තෝකියෝ නුවර යොයෝගි කී‍්‍රඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සැණකෙළි දිනය සම්බන්ධයෙන් ලැබුණු අගනාම සහතිකය වේ. ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ ප‍්‍රයත්නය මල්ඵල දැරු බවට ඒ සහතිකය දෙස් දෙයි.

සැණකෙළි භූමිය පුරා ශ්‍රී ලංකා ආහාර කුටි පනහකට වැඩියෙන් තිබිණි. ඒවා ඉදිරිපිට පැය ගණනක් පෝලිම් ගැසී සිටි ජපන් ජාතිකයන් ගණන සිය ගණනකි. රස නහර පිනා යන ආහාරවල සුවඳ යෝයෝගි කී‍්‍රඩාංගණය පුරා සිසාරා යයි.

”කෑම හරිම රසයි ... මේ කෑම කන්න ලංකාවට යන්න හිතෙනවා.” මගේ මිතුරකු සමග ජපන් ජාතිකයෙක් කීවේය.

”ඇයි රසයි කියන්නේ ...? මගේ මිතුරාගෙන් ප‍්‍රශ්නයකි.

”කෑමවල රසය විනාශ නොකර ඒ රසය රැකගෙන මේ කෑම හදලා තියෙනවා.” ජපන් ජාතිකයා එසේ කී බව මගේ මිතුරා කීවේය.
ශ්‍රී ලංකාවේ ආහාර ජපන් ජාතිකයන් අතර ප‍්‍රචලිත කිරීමේ වෑයමේ නිරතව සිටින අපේ කොල්ලන්ට කෙල්ලන්ට අප සමග වචන දෙක තුනක් හෝ කතා කිරීමට ඉස්පාසුවක් නොමැති තරම්ය.
 

 
 
උදය අතුකෝරාල

”වැඩ ... වැඩ ... උදේ හතට පටන් ගත්තේ. තවම වතුර උගුරක් බීගන්න බැරි වුණා.” සාමන්ත කීවේය. ඒ වනවිට වේලාව දහවල් 12ට පමණ වී තිබිණි.

දේශීය ආහාර පානයෙන් සන්තර්පනය වන ජපන් ජාතිකයන්ට අපේ පි‍්‍රයතම පානයක් වන තැඹිලි ගෙඩියක රසය විඳීමේ අවස්ථාව ද සලසා තිබිණි.

”ලංකාව කියන්නේ මොනවගේ රටක්ද කියලා මේ ආහාරපාන වලින්ම හඳුනා ගන්න පුළුවන්. මේ අවුරුද්දේ දෙසැම්බර් වලදී මම පවුලේ අයත් සමග අනිවාර්යයෙන්ම ලංකාවට යනවා.” ජපන් ජාතික තරුණියක කීවාය. මගේ මිතුරා කී පරිදි ඇය ජපානයේ සරසවි සිසුවියකි. ඇය පැමිණ සිටියේද පවුලේ පිරිස සමගිනි.

ප‍්‍රදර්ශන භූමියේ ඉඩකඩ ඇති සෑම තැනකම කළාල එළා හෝ බංකු මත වාඩිවී ආහාර ගන්නා දසුන හිමිදිරියේ සිට සන්ධ්‍යාව ගෙවී යන තුරුම නොවෙනස්ව පැවැති දසුනකි.

මේ දසුන දැකීමෙන් තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අප‍්‍රමාණ ලෙස සතුටට පත්ව සිටිනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් මට ලැබුණේ මා බලාපොරොත්තු වූ ප‍්‍රතිචාරය නොවේ.

”අපි මේකට ගොඩාක් මහන්සි වෙනවා. ශ්‍රී ලංකවා කියන්නේ සංචාරයට පමණක් නොව වාසයටද ඉතා හිතකර එමෙන්ම ස්වභාවික සම්පත්වලින් අනූන රටක් කියන පණිවිඩය අපි මේ රටේ ජනයා තුළ ඇති කරන්නයි මේ සැණකෙළිය පවත්වන්නේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන අපට ගොඩාක් උදව් කරාවි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒ අනුග‍්‍රහය අපට ලැබුණේ නෑ. සංචාරක මණ්ඩලයෙන් විතරයි අපට දිරිගන්වන සුළු අනුග‍්‍රහයක් ලැබුණේ. ඒ සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා.” අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා එසේ කීවේය. එබඳු ලතැවිල්ලක් ඔහුට උරුම කරදීම යුතු නැතැයි මම විශ්වාස කරමි.

ශ්‍රී ලංකාව යනු නරකාදියක්ව පැවති සමයක් විය. ඒ යුද සමයේදීය. තිස් වසරක් පුරා දිග්ගැස්සුණු ඒ යුද්ධයෙන් මිනී කඳු ගොඩ ගැසිනි. ලේ විල් නිර්මාණය විය. මරාගෙන මැරෙන මිනිස් බෝම්බයකින් පැති බෝම්බයකින් ජීවිතය බේරා ගැනීම ජීවිතයේ එකම ප‍්‍රාර්ථනය බවට පත්වූ ඒ සමය මෙයට සිව් වසරට පෙර අවසන් විය. ඒ වෙල්ලමුල්ලිවයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දර වගුරු බිමක තිබී ප‍්‍රභාකරන්ගේ වෙඩි වැදුණු මළ සිරුර සොයා ගැනීමත් සමගය. ඒ මහා සංග‍්‍රාමයේදී නාවික සෙබළ සේනාවන්ට අණ දුන් ප‍්‍රතාපවත් රණවිරුවා අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. මාතෘ භූමිය ඒ සැහැසි යුද ග‍්‍රහණයෙන් මුදා ගැනීමට අණ දුන් රණවිරුවා අද ඒ මවුරටෙන් මිදී ඉතා අවිවේකී ජීවිතයකට උරුමකම් කියයි. ඒ සම්බන්ධයෙන් ප‍්‍රමාණය ඉක්මවා ගිය ප‍්‍රසාදයක් ජපානයේ වෙසෙන ශ‍්‍රී ලංකිකයන් තුළ මෙන්ම මෙවර ශ්‍රී ලංකා දිනය සැමරුම් උළෙලට සහභාගිවීමට ශ්‍රී ලංකාවේ සිට පැමිණි ආයෝජකයන් තුළද වේ. සෑම ප‍්‍රදර්ශන කුටියකදීම වසන්ත කරන්නාගොඩ මහතාට ශ්‍රී ලාංකිකයන්ගේ ප‍්‍රණාමය නොඅඩුව හිමි විය.

බුද්ධික සිරන්ත මෙවර ජපානයට පැමිණ සිටියේ ශ්‍රී ලංකාවේ කලාත්මක නිර්මාණ ජපානයට හඳුන්වා දීමටය. එහිදී ඔහු ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට තිළිණයක් පිරිනමමින් මෙසේ කීවේය.

සර්ලා කරපු කැපකිරීම් හින්දා අද අපි නිදහසේ ජීවත් වෙනවා. මුළු රටම සර්ලට ණය ගැතියි. අපි පුංචි තිළිණයක් ගෙනාවා. ඒක සර් බාර ගන්නම  ඕනෑ. බුද්ධික සිරන්ත කීවේය.

තිළිණයට වඩා මිනිසුන්ගේ මේ කෘතවේදීත්වය මට වටිනවා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා කීවේය.

ජපානයේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝද විවිධාකාර හපන්නු වෙති. උදය අතුකෝරල ඉන් එක් අයෙකි. ඔහු අපූරු නිර්මාණයක් කර තිබේ. ඒ, තැඹිලි වතුර බෝතල් කිරීමය. ”ඇරැයුම” තේමාව යටතේ පිහිටුවා ඇති වුට්විල් ටේ‍්‍රඩින් සමාගමේ සභාපතිවරයා වන උදය අතුකෝරාල, මොරටුව වේල්ස් කුමාර විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

ජපානයට ආපු දවසේ ඉඳලම මම හිතුවේ අලූත් දෙයක් කරන්න  ඕනෑ කියලයි. මම දැන් ජපානයට ඇවිත් අවුරුදු හතක් අටක් වෙනවා. හැබැයි ඒ අලූත් දේ කිරීමේ වාතාවරණය හැදුනේ අපේ වසන්ත කරන්නාගොඩ තානාපතිතුමා ආවට පස්සෙයි. එතුමා ශ්‍රී ලාංකිකයන් සියලූ දෙනා එකමුතු කළා. රට ගැන හිතලා වැඩ කරන්න  ඕනෑ කියන අදහස අපේ ඔළුවට දැම්මා. ඒ අනුව මම හිතුවා ලංකාවේ සම්පත්වලින් අපි ප‍්‍රයෝජන ගන්න  ඕනෑ කියලා. ඒ අනුව තැඹිලි ගෙඩියේ වතුර මම බෝතල් කළා. මේ අලූත් නිෂ්පාදනය ”ජපානයේ ශ්‍රී ලංකා දිනය” උත්සවය වෙනුවෙන්මයි කළේ. ලංකාවේ  ඕනෑතරම් තැඹිලි තියෙනවා. මේක හොඳ ව්‍යාපාරයක්. අපේ රටට විදේශ විනිමය ලබන්න හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. මේ තැඹිලි බෝතලය බොහෝම විද්‍යානුකූලවයි නිෂ්පාදනය කළේ. මිලත් අඩුයි. අවුරුද්දක් කල් තියාගන්නත් පුළුවන්. උදය අතුකෝරල කීවේය.


ජපන් සංචාරයේ තවත් කතා ලබන සතියට...

 

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරූ  සාගර ලක්මාල් ද මැල්

 

 

බුද්ධික හිරන්තගෙන් තිළිණයක්...

 



අදහස් (0)

යොයෝගි පිටියේ ලංකා සැණකෙළිය

දර්ශන් Sunday, 13 October 2013 07:33 PM

ඔබ සියලු දෙනා ලක්මවට ආඩම්බරයකි. තානාපතිතුමාට විශේෂ ස්තුතිය ඔබ වැනි තානාපතිවරු අනිත් රටවල තානපති කාර්යාලවලට ලැබේවා.(නදී)

:       0       0

සෑම් Sunday, 13 October 2013 10:56 PM

කරන්නාගොඩ විරුවාණනි ඔබ ජාතියට ලද වීරයෙකි. මව් බිම බේරාගැනීමේ සටනේ ඔබද පතාක යෝධයෙකි . ඔබට ජාතියේ ප්‍රණාමය .චිරන්ජයතු විරුවාණනි .(නදී)

:       0       0

කල්හාන් Tuesday, 15 October 2013 09:49 PM

ඔබතුමා තානාපති වගකීමද නිවැරදිව කිරීම පිළිබඳව අපට පුදුමයක් නැත.වෙහෙස නොබලා වෙහෙස වන ඔබතුමාට අපේ ප්‍රණාමය...!!!! (නි)

:       0       0

චතුරිකා Monday, 14 October 2013 08:23 PM

ඔබ ජාතියේ පිනට පහළ වූ හෙළ විරුවෙකි (නදී)......

:       0       0

රාජකරුණා Monday, 14 October 2013 01:18 AM

ඔබතුමා රටට කළ සේවය අතිමහත්ය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 139 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 335 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 855 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 552 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 436 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1767 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 723 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site