ලෙඩක් දුකක් හැදුණත්, කරදරයක් පීඩාවක් ආවත්, නින්දා අපහාසයක් සිද්ධ වුණත්, අතේ සතේ නැතුව ගියත්, ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න ආවත් හුඟක් අය කරන දෙයක් තමයි, කේන්දරය බලලා ”යන්තරයක්” දාන එක. සමහරුන්ගෙ ගෙලේ ”බෙර ගෙඩි” තරම් යන්තර ගෙලේ විතරක් නෙවෙයි, අතේ, ඉනේ, කරේ හැමතැනම. තඹ කඩදාසියක ලියලා බෙල්ලෙ එල්ලන ”යන්තරයක”ට ප‍්‍රශ්න මගහරවල, ලෙඩදුක් අවම කරල, නින්දා අපහාස මැඩලන්න තරම් පුළුවන්ද?
එහෙම වෙන්නෙ කොහොමද? යන්ත‍්‍ර දාගෙන ඉන්න අයටත්, යන්ත‍්‍ර දාපු අයටත්, යන්ත‍්‍ර දාන්න හිතා ඉන්න අයටත් දැනගන්න අපි කතා කරමු.
මාලඹේ රොබට් ගුණවර්ධන මාවත, ඬේවිඞ් පටුමගේ එම්. බණ්ඩාර මහතා අදත් ඔබ හමුවට.
සාමාන්‍ය ලෙස ජීවත්වන බොහෝදෙනෙකු ”අපල” නිසා පීඩා විඳිති. ”මට අපල” ”පුතාට ඒරාෂ්ඨක අපල” ”මහත්තයට සෙනසුරු අපල” ආදී වශයෙන් කියනු අපි ඕනෑ තරම් අසා තිබේ. අපල සඳහා බෝධිපූජා කරනු, වෙනත් පින්කම් සිද්ධ කරනු වගේම විවිධ යන්ත‍්‍ර පැළඳීම, මැණික් පැළඳීම හා ශාන්තිකර්මද සිදුකරනු ලැබේ.
යම් කෙනෙකු උපදින වේලාව අනුව කේන්දරය සකස් කරනු ලැබේ. මේ කේන්ද්‍රයට අනුව යමෙකුට ග‍්‍රහයෙකුගේ බලපෑමක් නිසා, ග‍්‍රහ කිරණක් නිසා, ග‍්‍රහයකුගේ ආකර්ශනයක් නිසා වගේම ග‍්‍රහයන්ගෙන් ඇතිවන සුබ කිරණ හෝ අසුබ කිරණ නිසා විවිධ පුද්ගලයන්ගේ ජීවිතවල යම් යම් වෙනස්කම් සිද්ධ විය හැකිය. මෙයද පුද්ගල ජීවිතයට නොපෙනෙන, අදෘෂ්‍යමාන පැතිකඩකි. මේ සඳහා පෙර කරන ලද කුසල හා අකුසල ශක්තීන්ද බලපානු ලැබේ.
සංසාරය පුරා පින් දහම් රැස් කළෙකුට එහි බලපෑම මේ ආත්ම භාවයේ ලැබිය හැකිය. ඔහුට ඒ අනුහසින් යාන වාහන, දේපල ඉඩකඩම්, නිරෝගීභාවය උසස් රැකියා, පිරිස් බලය ආදී උපභෝග පරිභෝග සම්පත්තීන් ලැබේ. තවත් කෙනෙකුට සැප සම්පත් ඇති පවුල් පරිසරයක ඉපදීමේ භාග්‍යය තිබුණත් කලක් යන විට හෙතෙම අධ්‍යාපනය කඩාකප්පල් කොටගෙන, පරම්පරාවෙන් උරුම වූ දේපල ඉඩකඩම්ද විකුණා, විවාහ ජීවිතය, පවුල් ජීවිත පවා කඩා ඉහිරුවාගෙන, රැකියා නැතිවී ”කාලකන්ණි” ස්වභාවයට පත්වන තත්ත්වයට පත්වේ. මේ ආකාරයටම උපදින විට අතිශය දුගී, අසරණ ස්වභාවයේ සිටින අය ජීවිතේ යම් කාලපරිච්ෙඡ්දයක් උදාවන විට අසාමාන්‍ය ලෙස සමාජයේ උසස්, කීර්තිධර, ධනවතුන්, උගතුන් බවට පත්වේ. ළමා කාලයේ කුසට ආහාර වේලක් නැතිව, ඉගෙන ගන්නට පොතපත නැතිව සිටි අය විවාහයෙන් පසු ඉහත දැක්වූ තත්ත්වයට පත්වේ. උසස් රැුකියාවක් ලැබී එවැනි තැනකට පත්වේ. හදිසි ධනලාභ, වස්තු ලාභ, පුද්ගල ලාභ නිසා ඉහළ තත්ත්වයට පත්වේ. මේ අයම ඇතැම් විට ජීවිතයේ අවසන් භාගය වෙන විට වැඩිහිටි නිවාසවලට වැටී, දැඩි සේ රෝගීව, කුසට අහරක් නොලැබෙන තත්ත්වයටද පත්වේ.

ඔබ කුඩා කල ඔබේ ප‍්‍රදේශයේ දිළිඳුව සිටියවුන් සහ අද ඔවුන් ලබා ඇති දියුණුව මොහොතක් දකින්න. එසේම අතීතයේ අතිශය පොහොසතුන්වූ අය අද දිළින්ඳන් බවට පත්වී ඇති.... වෙනසක් නේද? ඒවාට විවිධ හේතුද ඇති. එහෙත් අකාලයේ, ප‍්‍රබල හේතු විරහිතව වාගේ මෙවැනි දේ සිදුවී ඇත්නම් ඒවාට පෙර සසර පුරුදු බලපාන්නට පුළුවන්කම තිබේ. යමෙක් දිළිඳුව ඉපදීමට සසර පවක් හේතුවීමේ ඉඩක් තිබුණත් වැඩිවිය ගෙවෙන විට සසරෙහි පිනක් හේතුවෙන් හෙතෙමේ හදිසි දියුණුවට පත්වීමටද ඉඩ තිබේ. අප අතර ඕනෑ තරම් එවැනි අය ජීවත්වේ.
සසර කළ පින් පවු අනුව ඒවා මේ ජීවිතයට බලපෑම් කරන ආකාරය ඔබට පැහැදිලිය. සසරෙහි කරන ලද පාපකර්ම බහුල නම් ඒවා නිසා ජීවිතයේ විවිධ වයස් සීමාවලදී බලපෑම් ඇතිවේ. ඒවා උපන් කේන්ද්‍රයට අනුව ග‍්‍රහ බලපෑම් හරහා එක දිගට ජීවිතයට කරදර එල්ලවේ. ඒ අනුව විවිධ වයස් මට්ටම්වලදී, උදා. ලෙස ළමා කාලයේදී, රැකියාවක් කරද්දී, විවාහ ජීවිතයේදී, අඹුදරුවන් සමග පවුල් ජීවිත ගත කරද්දී, වයස්ගත වීමේදී මේ ග‍්‍රහ බලපෑම් හරහා අහිතකර තත්ත්වයන් සිදුවිය හැක.
ළමා කාලයේදී දරුවන් අකීකරු වීම, ඉගෙනුමට අදක්ෂවීම, දුර්වලවීම, මතකය හීනවීම රෝගාබාධ ඇතිවීම ආදිය සිදුවිය හැකිය.
වැඩිහිටි කලෙක නම් රැකියා අහිමිවීම, ව්‍යාපාර බංකොලොත්වීම, ලෙඩවීම, නින්දා අපහාස එල්ලවීම, අභූත චෝදනා එල්ලවීම, විවාහ ජීවිතය තුළ ප‍්‍රශ්න ඇතිවීම, දරුවන් පිළිබඳ ප‍්‍රශ්න, ආදිය ඇතිවිය හැකිය.
උදා. ලෙස උපන් කේන්ද්‍රයට අනුව රවි ග‍්‍රහයා නීචවීමෙන් හෝ සතුරු වීමෙන් ජීවිතයට යම් බලපෑමක් ඇති විය හැකිය. යමෙකුගේ පාලක ග‍්‍රහයා ප‍්‍රබල නොවන විට එම පුද්ගල ජීවිතයේ ප‍්‍රභාෂ්වර භාවය දුරුවේ. නායකත්වය පිරිහී යයි. ගන්නා තීරණ දුර්වල වෙයි. සතුරුබල වැඩිවෙයි. ඉදිරියට යාමේ ප‍්‍රබලතාව අඩුවෙයි.
චන්ද්‍රයා සෞම්‍ය, කාන්තිමත් තත්ත්වයක් ඇති ග‍්‍රහයකි. නමුත් චන්ද්‍රයා නීච හෝ සතුරු වූ දිනෙක හරියට අමාවක දවසක් මෙන් ජීවිතයේ යම් කළෙක් අඳුරුවී බලපෑම් සිද්ධ විය හැක.
බුධ, ගුරු ආදී ග‍්‍රහයන් ගත්තද එසේමය. එබැවින් යම් යම් ග‍්‍රහයන් කලින් කළ කරන බලපෑම් නිසා ඒ ඒ පුද්ගලයන්ට ස්වභාවයෙන්ම කරදර, යහපත, හොඳ, නරක විවිධ කල්හි ඇති විය හැකිය.
විවාහ දෝෂ, දරු ගැබ විනාශ වීම, රැකියා අහිමිවීම, අපකීර්ති ඇතිවීම, හදිසි රෝග ඇතිවීම, විවිධ ග‍්‍රහයන්ගේ බලපෑමක්, පිහිටීමක් නිසා සිදුවිය හැකිය. හුදෙක් මේ තත්ත්වය සියයට සීයක් කේන්ද්‍රයේ ග‍්‍රහ බලපෑම් නිසා නොවන බවද සිහි තබාගත යුතුය.
කෙසේ වෙතත් ග‍්‍රහයන්ගේ දෝෂයක් නිසා කරදරවලට මුහුණදෙන අය, දියුණුව, වාසනාව බලාපොරොත්තු වන අය යන්ත‍්‍ර පැළඳීම, වර්ණවත් මැණික් සහිත මුදු මාල පැළඳීම, බෝධිපූජා සිදුකිරීම, දෙවියන්ට බාරහාර වීම, විවිධ ශාන්තිකර්ම සිදුකිරීම ආදිය දැකිය හැකිය.
කෙනෙකුට යන්ත‍්‍රයක් පැළඳවීමේ අවශ්‍යතාවය ඇත්නම් ඒ ඒ අයගේ කේන්ද්‍රයට අනුව ග‍්‍රහ බලපෑම්වලට අනුව පැළඳිය යුතු විවිධ යන්ත‍්‍ර තිබේ. ඒවා අදාල ජ්‍යොතිෂඥයා විසින් ලබාදෙනු ඇත. ග‍්‍රහ අපල සඳහා ශිව සිලම්බරී මුර්තුංජය, ශනි මුර්තුංජය, නීල මණ්ඩලය, නාගර්ජුන, නවනාථ, අභිසම්භිදානය, ආදී යන්ත‍්‍ර උදා. කීපයකි. එසේම වාසනාව, සෞභාග්‍යය, ජන වශිය, සර්ව ජන වශිය, ආරක්ෂාව, ආදිය සඳහා කන්ද කුමාර කදිරමාලා, කන්ද කුමාර සරවන භව, බුවනාධිපති, රාජතරයානී, මහාමාතාංගේෂ්වරී ආදී යන්ත‍්‍ර පැළඳිය හැකි සාමාන්‍යයෙන් යන්ත‍්‍රයක් සටහන් කරන්නේ තඹ තහඩුවකය. මේ තඹ තහඩුවකට යම් ග‍්‍රහයකුට බලපෑමක් කිරීමේ ශක්තිය ඇත්ද? නැත්නම් රැකියා ප‍්‍රශ්නයක්, නින්දා අපහාසයක්, විවාහ දෝෂයන්, අධ්‍යාපනයේ ගැටලූවක්, රෝගාබාධයක්, අසමගිකමක් මැඩ පැවැත්විය හැකිද? පුද්ගල ජීවිතයක් මේ තඹ තහඩුවක් වෙනස් කරන්නේ කෙසේද? මේ කාරණාව අප විසින් ගැඹුරින් අධ්‍යයනය කළයුතු දෙයකි.
මතුසම්බන්ධයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතරම මොකක් හරි මිත්‍යාවක් වපුරන්න තමයි බලන්නේ. (අ)
අප්පුහාමි, එහෙනම් ඉතින් කේන්දරෙත් බොරු වෙන්න එපායැ. (නි)
මේ යන්ත්‍ර මන්ත්‍ර වැඩ අමුලික බොරු කියලයි මම නම් හිතන්නේ (නි)
රමසි ගේ කතාව නම් ඇත්ත (නදී)
මම බෞද්ධයෙක් හැටියට පිළිගන්නේ කෙනෙකු සසරේදී කරන ලද කර්මයන්ට අනුව දැන් ඉපදී සිටින භවයේදී විපාක දෙන බව පමණයි. ඒවා වෙනස් කල හැක්කේ වැඩි වැඩියෙන් කුසල් කිරීමෙන් පමණයි. කිසිම ග්‍රහයෙකුට මේ විශ්වයේ සිටින වෙනත් ජීවියෙකුට ඔය කියන ආකාරයේ අපල උපද්‍රව ඇති කරන්න බැහැ. එහෙම දේවල් මේ විශ්වය තුල තියෙනවා නම් බුදුන්වහන්සේ ඒ බව දේශනා නොකර ඉන්නෙත් නැහැ. මා දන්නා තරමින් කිසිම බුද්ධ දේශනාවක ග්‍රහ අපල ගැන සඳහන් වෙන්නේ නැහැ. මේවා මෝඩ මිනිසුන් මුලා කොට හම්බ කරගැනීමට සහ සමාජය වෙත නොයෙක් බලපෑම් ඇතිකිරීමට තක්කඩියන් විසින් නිර්මාණය කොට පවත්වාගෙන යන මිත්‍යා සංකල්ප පමණයි.(නදී)
රැවුල් වවාගෙන, ඇට මාල ඔතාගෙන, මුදු දමාගෙන, කවුරු රවට්ටන්නද මේ? (අ)
යන්ත්ර දෙකක්ම අතේ තිබුණ අයටත් වැඩ වැරදුණේ (දිල්)
යන්ත්ර මන්ත්‍ර වේද හරියටම හරි.එත් අද වෙලා තියෙන්නේ හරියට ඒවා කරන්න දන්නා ය නැති එකයි. එක නිසා හොරු බොරු වේද කරනවා. එතකොට මිනිසුන්ගේ විස්වාසය නැති වෙනවා. අනික සිංහලය ගුරු මුෂ්ටිය තියාගෙන මෙයාලා ගිහින්, ඊළඟ පරම්පරාවට දුන්නේ නැහැ(දිල්)