IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


යුධ විරුවන්ගේ දහදි‍යෙන් තැනුණු අපූරු මංපෙතක්

හිරු ගිනියම්ය. වැගිරෙන දාහයට මද පවන තරමක සිසිලක්ය. මම කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට රාජ්‍ය ලේඛනාගාර ගොඩනැගිල්ල අසලින් නිදහස් චතුරස‍්‍රය හරහා රූපවාහිනී සංස්ථාව අසලින් බෞද්ධාලෝක මාවතට වැටෙන සොඳුරු මාවතේ පියනගමි. මගේ නෙතු මානයෙන් මෙපිට මැවෙන පරිසරය සැබැවින්ම සොඳුරුය. හාත්පස හරිත වර්ණ ගහකොළින් අලංකෘත වී ඇත. ඒ තුරු වදුලූ යටින් වැටී ඇති අලංකාර ගල් ඇතිරූ මාවත තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කරන්නට ලේ, කඳුළු, දහදිය වැගිරූ අපේම වීරෝදාර රණවිරුවන්ගේ දහදිය මහන්සියෙන් මිල කළ නොහැකි අමිල සේවයක අවසන් ප‍්‍රතිඵලය ලෙස මාස තුනක් වැනි කෙටි කලකින් මේ අපූරු මග නිමැවිණි. මහින්ද රාජපක්ෂ වත්මන් ජනපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නිලදරුවන්ගේත් කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුළු කාර්ය මඩුල්ලේ සහයෝගය ඇතිව මේ වැඩ කටයුතු දියත් විණි. මඩවගුරු, බැමි, තාප්පවලින් අපිළිවෙළ වී තිබූ ඒ කලාපය අද ඉතාමත් විධිමත්ව නෙතට සැබැවින්ම පි‍්‍රය උපදවන අයුරින් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකා විරුවන්ගේ අප‍්‍රතිහත ධෛර්ය මේ සියල්ල ක‍්‍රමවත්ව නිමවන්නට මිශ‍්‍රවිණි. නිදහස් චතුරස‍්‍ර ගොඩනැගිල්ල අවට වූ හරිත වර්ණ තණ පළසේ වාඩිවී නිදහසේ ගිමන් හරිනා දුවා දරුවන් කිහිප දෙනෙකුගෙන් යුත් දෙමාපියන් ඒ පරිසරයේ සුලභය. සාමයේ අරුණලූ වැටුණු කොළඹ නගරයේ සන්සුන් බවට මේ දසුන් කදිම නිදසුන්ය. තවත් තැනක පතපොත අතර හිඳ අධ්‍යාපන කටයුතුවල යෙදෙන දුවා දරුවන්ය. එවැනි කටයුතුවලට මෙම පරිසරය කදිම තෝතැන්නක්ය. එම මාර්ග පද්ධතිය තුළ නිම වූ පා ගමන් හා පා පැදිවල ගමන් කළ හැකි අලංකාර සිමෙන්ති ගල්වලින් නිමවූ මග ලංකාවේ ප‍්‍රථම වරට නිමවූවක්ය. කොළඹ නගර සභාවේ කොමසාරිස්වරිය, ඉංජිනේරුවන් ඇතුළු කාර්ය මඩුල්ල මේ කටයුතුවලදී පෙරමුණ ගත්තෝය. එසේම නිදහසේ ශාරීරික ව්‍යායාම්වල යෙදිය හැකි මංතීරුවක් නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයට යාබදව නිමැවුණේය. ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හර්ෂාන් සිල්වා මහතා ඇතුළු කාර්ය මඩුල්ල එහි නියමුවෝ වූහ. මේ අපූරු භූමිය සෙවණ කරන්නට ලංකාවට ආවේනික වූ කොළඹ පරිසරයේ දකින්නට දුලභ රූස්ස ලෙස වැඩෙන ශාඛ වර්ග බොහොමයකි. කළුවර, බුරුත, පලූ, වීර, කෝන්, කැටකාල, මී, කොහොඹ, මිල්ල, කළුනික, හැලඹ ආදී ශාඛ ඒ බිමට සෙවණ දෙයි. මේ භූමියේ ටොරින්ටන් සිට රූපවාහිනි සංස්ථාව දක්වා ඇතුළු මාර්ග පද්ධතිය රාති‍්‍ර 11.00 දක්වා විදුලි පහන්වලින් ඒකාලෝක වන අතර ඒ ආශි‍්‍රත ප‍්‍රධාන මාර්ගවල ආලෝකය රාති‍්‍රය පහන් වනතුරුම දැල්වේ. පොලිසිය හා ති‍්‍රවිධ හමුදා නිලදරුවෝ පැය 24 පුරාම ආරක්ෂාව වෙනුවෙන් රැකවළෙහි යෙදෙති. එසේම මේ අලංකාර භූමිය අඛණ්ඩව නඩත්තු කිරීමේ කටයුතුවලද ඔවුහු නිරත වෙති. ඔලිම්පික් ගොඩනැගිල්ල අසල වූ දර්ශනීය ජල පොකුණද ඉතාමත් සොඳුරු ලෙස අලූත්වැඩියා කර තිබේ. ඒ ප‍්‍රදේශයේ දුගඳ හමමින් තිබුණු ජල අපවහන කාණු පද්ධතියේ එන ජලය ඇළ මාර්ගවලට යොමු කෙරෙන මෙම පොකුණ නඩත්තු නොකිරීම නිසා මෙම පෙදෙසට විශාල තර්ජනයක්ව පැවතිණි. ඉදිරියේ දී මෙම භූමියේ සැරිසරණ ජනී ජනයාගේ අවශ්‍යතා වෙනුවෙන් අවන්හල්, වැසිකිළි පද්ධති, ආදියද ඉදිවීමට නියමිතය. නිදහසේ වාහන නැවැත්වීමේ පහසුකම් මෙහි තිබීම බොහෝ රියැදුරන්ට සැනසිලිදායකය. වසර 30ක් පුරා බිය, සන්ත‍්‍රාසය හා අවිනිශ්චිත බවේ අඳුරින් වෙළීගත් මේ භූමිය ඒ අඳුරින් මුදවාගත් අභීත රණවිරුවන්ගේ ධෛර්යයෙන්ම කළඑළිවීම පිළිබඳව අප ඔවුනට හදවතින්ම ණයගැති විය යුතුය.

සටහන- දුෂ්‍යන්ත කුමාර / ඡායාරූප- ඇලෙක්සැන්ඩර් බාලසූරිය
 



අදහස් (0)

යුධ විරුවන්ගේ දහදි‍යෙන් තැනුණු අපූරු මංපෙතක්

ප්‍රියන්ති Friday, 16 December 2011 12:52 PM

අපේ විරු දරුවන් අපේ රටට ආඩම්බරයක්. අනෙක් රටවලට ආදර්ශයක්. තවත් මෙවන් දේ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා

:       0       0

රුවන් Wednesday, 14 December 2011 03:25 PM

මෙම කාර්යය සදහා දහඩිය කදුළු හෙලන විරුවන්ට යෝධ බල යෝධ වීර්යය ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1287 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site