එජාප මහා සම්මේලනය හා පක්‍ෂ නායකයාගේ ධුර කාලය වසර 06 කට දිගුවීම දෝෂාභියෝගය ඇතුළු කාලීන දේශපාලනය ගැන එජාප ජාතික සංවිධායක දයා ගමගේ ගේ මතවාද මෙසේ එළිදක්වමු. ප‍්‍රශ්නය:- පසුගිය එජාප මහා සම්මේලනයේදී නායකයාගේ ධුර කාලය වසර 06 ක් දක්වා දිගුවීමේ සංශෝධනය තුළ සජිත් ඔබ ඇතුළු පක්ෂයේ සෙසු නිල බල රහිත වෙනවාද? නායකයා විසින් යළිත් ඔබ ඇතුළු අදාළ සෙසු අය තනතුරුවලට පත් කළ යුතුද? පිළිතුර:- එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂයේ උත්තරීතරම තැනයි. නායකයා, නියෝජ්‍ය හා උපනායක සභාපති හා ජාතික සංවිධායක තෝරන්නේ ඒ උත්තරීතර මණ්ඩලයේ ඡන්දයෙනුයි. මහා ලේකම් හා භාණ්ඩාගාරික පත්වන්නේ පත්වූ නායකයාගේ අභිමතය තුළයි. ඉහත කී තනතුරු පහෙන් දෙකක් උපනායක හා සභාපති ඒකච්ඡන්දයෙන් පත්වුණා. ඒත් නායක නියෝජ්‍ය නායක හා ජාතික සංවිධායක ඒකන්ඡන්දයෙන් පත් කරගන්න බැරි වුණා. ඒකයි ඒ තුන වෙනුවෙන් ඡුන්දයක් තිබිලා, රනිල්, සජිත් මහත්වරු හා මම පත්වුණේ. සියලූ දෙනා එකතුවෙලා පක්ෂය දිනවීම කාගේත් වගකීම බවට පත්වෙද්දී ඇතැමුන් ගෙනා සෙනඟ සිරිකොත විනාශ කළා. ඒ විනාශකාරීන් අතර ආණ්ඩුවෙන් එවපු පිරිසකුත් හිටපු බවට සැකයක් තියෙනවා. මේ ප‍්‍රහාරය ක්‍ෂණිකව නොව සැලසුම් කරලා කරපු පහත් වැඩක්. ඉන්පසුව ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා කමිටුව පත්කරලා සිරිකොත විනාශය හා පක්ෂයේ අනාගතය වෙනුවෙන් නිර්දේශ ලබාගත්තා. එතුමා හැම පැත්තම බලලා සියලූ දෙනාගේ අදහස් අරගෙන සමබර වාර්තාවක් ඉදිරිපත් වෙලා. ප‍්‍රශ්නය:- ඒ කමිටු වාර්තාව මත පදනම්වද නායකයාගේ ධුර කාලය වසර 06 දක්වා දිගු කිරීමේ සංශෝධනය එජාප ව්‍යවස්ථාවට පසුගිය සම්මේලනයේදී ගෙනාවේ.? පිළිතුර:- ඔව්. මොකද වසරින් වසර නායකයා පත් කරන්න ගියොත් ඒ පක්ෂයට වෙන වැඩ කරන්න කාලයක් ඉතිරි වෙන්නෙ නෑ. මේ වසරේ පැරදුණු කෙනා ඊළඟ වසරේදී තනතුර දිනා ගන්න විතරක් කැපවේවි. මේ සෙල්ලම පක්ෂයේ විනාශයට මුලයි. ඒ නිසා වසර 06 ක් වැනි සාධාරණ කාලයක් නායකයාට ලබාදිය යුතු බව කෘත්‍යාධිකාරිය ඒකමතිකවයි තීන්දු කළේ. ඒ අනුවයි ගිය සම්මේලනයේදී ඒ යෝජනාව සම්මත කළේ. ඒක කළෙත් ඡන්දයෙනුයි. ඔබ ඇහුවා නායකයාට පහළින් ඇති තනතුරු දැන් නීත්‍යානුකූලද කියලත්. දැන් ඒ තනතුරුවල ඉන්න අයට අභියෝග කරලා කෘත්‍යාධිකාරියේ තුනෙන් එකක් අත්සන් කරලා යෝජනාවක් ආවොත් ඒ තනතුරට අදාළව යළිත් ඡන්ද විමසන්න වෙනවා. මොකද නායකයා හැර අන් සියලූ තනතුරුවල නිල කාලය වන්නේ වසරක් පමණයි. නායකයාට පහළ තනතුරුවල ඉන්නා අයට එරෙහි අභියෝගයක් නාවොත් නායකයා ඉන්න කෙනාම යලි ඒ තනතුරට පත්කරනවා. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී විනිවිදව පෙනෙන ක‍්‍රමයක්. අද එජාපයේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බන කියන ආණ්ඩුවේ බොහෝ පක්ෂවල මෙවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නෑ. ප‍්‍රශ්නය:- ඒත් වසර 06 කට නායකත්වයට පත්වීම ගැන එජාප මන්ත‍්‍රීවරු 09 ක් විරුද්ධ වුණා. නායකයාට පක්ෂව ඡන්ද 4900 ක් ලැබෙන විට විරුද්ධව ලැබුණේ 300 යි. එජාප සුළුතරයක් හා ඇතැම් ජනමාධ්‍ය වසර 06 කට නායකයා පත්වීම ගැන විරෝධාකල්ප දැක්වීම ගැන ඔබ මොකද කියන්නේ? පිළිතුර:- මටත් තියෙන ලොකුම ගැටලූව ඒකයි. පක්ෂයේ සුළු පිරිසක් හා ඇතැම් ජනමාධ්‍ය එජාප නායකත්වය වසරින් වසර පත් කරලා මහා විනාශයක් කරන්න. ආණ්ඩුවට ඉන් විශාල වාසි හදන්න මෙච්චර කැමැති ඇයි කියලා මට තේරෙන්නෙ නෑ. සම්මේලනයට කලින් ගුවන් විදුලි නාලිකාවකට මට යන ලෙස පක්ෂය කිව්වාම මම ගියා. විශාල කාලයක් පුරා ඔවුන් ඇහුවෙ එජාප සමුළුව නායකයාගේ කාලය දිගු කිරීම ගැනයි. මට පුදුම හිතුණා. අය වැය දෝෂාභියෝගය ජනතාවගේ අධික ජීවන බර විරැකියාව උතුරු නැගෙනහිර ජනතාව විඳින දුක ආණ්ඩුවේ හොරකම්, නාස්තිය, රටේ අධික ණය බර ආදී කිසි දෙයක් ඇහුවෙ නෑ. රටේ මෙච්චර ප‍්‍රශ්න තියෙද්දී එජාප සමුළුව ගැන විතරක් අහන එකේ තේරුම මොකක්ද කියලත් මම එයාලගෙන් ඇහුවාම උත්තරයක් දුන්නෙ නෑ. මේ රටේ ජනමාධ්‍ය ගැන අපි කනගාටු වෙනවා. පුදුම වෙනවා. ජනතාවගේ පැත්ත නෙවෙයි. ආණ්ඩුවේ පැත්තයි ඔවුන් ගන්නේ. ලැප්ටොප් එකට කාර් පර්මිට් එකට තම ජාතික වගකීම පැහැර අරින්න කාටවත් බෑ. ජනමාධ්‍ය යනු වෘත්තියක්. ඔවුන්ට ප‍්‍රසිද්ධියේ අල්ලස් දීමත් ඒවා ගැනීමත් නීති විරෝධීයි. අද ජනමාධ්‍ය බහුතරයක් ඇමැතිවරුන්ටයි ඒ පවුල්වලට තමයි අයිති. අනිත් ඒවාත් තරගෙට කඬේ ගිහින් ආණ්ඩුවේ ලකුණු දාගන්න හදනවා. මේක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. සමහර ජනමාධ්‍ය එජාපය පාලනය කරන්නත් එනවා. ජනමාධ්‍ය මුලින්ම තමන්ගෙ වගකීම් මොන වාද කියලා හඳුනා ගැනීමයි වැදගත් වෙන්නේ. මේ අය වැයෙන් ජනතාවට කළ බර පැටවීම ගැනවත් අද ජනමාධ්‍ය හරිහැටි කතා නොකිරීම පුදුමයක්. ප‍්‍රශ්නය:- අය වැයෙන් ජනතාවට කළ මහා බර පැටවීම කළ විනාශය මොකක්ද. විපක්ෂය අද කතා කරන්නේ ලැම්බෝගිනි රේසිං කාර් බදු අඩු කිරීම, රාජ්‍ය සේවකයාට දිනකට රු. 25 ක් දී රාජ්‍ය නායකයා වෙනුවෙන් දිනකට රු. ලක්ෂ 200 ක් වෙන් කිරීම. පෞද්ගලික අංශය ගැන අය වැයෙන් වචනයක් කතා නොකිරීම ආදී දේවල් කිහිපයක් නේද? පිළිතුර:- යුද්ධයෙන් පසු වසර 04 කට ආසන්න වුණත් ජනතාවට සහන දෙන්න ආණ්ඩුවට බැරිවුණා. යුද්දෙ කාලෙටත් වඩා අද බඩුමිල වැඩියි. ජනතාවට අමාරුයි. මේ අය වැයෙන් ජනතාවට තවත් බර පටවලා. 2012 දී රටේ ආදායම රු. බිලියන 1568 ක් වුණා. 2013 දී ඒක රු. බිලියන 1888 ක් කරගෙන තියෙනවා. බිලි 320 ක් ආණ්ඩුවට ආදායම වැඩි කරගෙන තියෙන්නේ ජනතාව පිට බදු වැඩි කරලයි. ආණ්ඩුව බදු වලින් 25% ක ආදායමක් වැඩි කරගන්න කොට එසේ නොවන ආණ්ඩුවේ ආදායම් 16% කින් අඩුවී තියෙනවා. ජනතාවගෙන් බදු හරහා 25% ක් ආණ්ඩුව හූරාගන්නවා කියන්නේ ජනතාවගේ වියදම් 25% කින් ඉහළ යාමයි. යාන්තම් එදා වේල කන අයට දැන් පස් කන්න වෙලා තියෙන්නේ ඒකයි. මේකට ආණ්ඩුවට විසඳුමක් නෑ. ඒ නිසා 99% ක ජනතාවක් අත හැරලා 01% ක සුළුතරයක්වූ රේසිං කාර් පදින සුපිරි පන්තියට පමණක් සේවය කරන්න ආණ්ඩුව තීන්දු කර තිබෙනවා. බඩගිනි ජනතාව මේක තේරුම් ගන්න ඕනෑ. පක්ෂ 02 ට කඩලා මැරබලය දාලා පොලිසිය රාජ්‍යසේවය ජනමාධ්‍ය වගේම අධිකරණ යත් පාගාගෙන බලය රැක ගැනීම විතරයි ආණ්ඩුවේ අරමුණ වෙන්නේ. ආනන්තරිය පාප කර්මයක් තමයි සංඝභේදය. මේ ආණ්ඩුව බලය වෙනුවෙන් අද ඒක පවා කරන පහත් තැනට වැටිලා. අනික ව්‍යාපාරිකයන්ට මේ වගේ ගහන ආණ්ඩුවක් තිබිලා නෑ. මගේ සෙවණගල සීනි කම්හලත් පවර ගත්තා. ප‍්‍රශ්නය:- ඔබේ සෙවණගල ඇතුළු පෞද්ගලික සමාගම් 38 ක් ආණ්ඩුව පවරා ගැනීම තුළ ඔබේ පෞද්ගලික ප‍්‍රශ්නයක් දේශපාලනය හරහා එදිරිවාදිකම් හරහා පිරිමසා ගන්නද ඔබ මේ හදන්නේ? පිළිතුර:- මම නම් එදිරිවාදිකම් පිරිමහන්න යන්නෙ නෑ. ආණ්ඩුවට එහෙම අරමුණක් තියෙනවද දන්නෙ නෑ. එජාපයේ බලකණු වලටයි ආණ්ඩුව ගහන්නේ. රනිල් මැතිතුමාට ගහන්නේ ඒකයි. මට ගහල මගේ ආර්ථිකය වට්ටන්න හදන්නේ මමත් එජාපයට ශක්තියක් බව ඔවුන් හිතන නිසයි. 70-77 ආණ්ඩුව වතු ජන සතු කරලා ඵලදායිතාව ඉහළින් තිබූ වතු හොරකමින් කොමිස් ගැහිල්ලෙන් අකාර්යක්ෂම තාවෙන් විනාශ කළා. ඒ පවු ගෙව්වේ ජනතාවයි. අද ආණ්ඩුවේ ප‍්‍රධාන ආයතන ඔක්කොම විශාල අලාභ ලබනවා. විදුලිබල ඛනිජ තෙල්, ශ්‍රී ලංකන්, දුම්රිය, ලංගම ආදිය අලාභයි. කොටින්ම රාජ්‍ය සේවකයාට වසරක් පඩි ගෙවන්න යන මුදලට වඩා ශ්‍රී ලංකන් ආයතනය වසරකට පාඩු ලබනවා. ආණ්ඩුවේ වැඩ බැරි හෙංචයියො මේවට දාගන්නවා. ඔවුන්ට මේවා පාලනය කරන්න දැනුමකුත් නෑ. හොරකම් කරනවා. අකාර්යක්ෂමතාව අහසට නැගලා. මේවා පාඩු වෙනවා. ජනතාවයි ඒ බර ගෙවිය යුත්තේ. ආයතන 38 ක් පවරා ගැනීමේදී එදා ශ්‍රේෂ්ඨාධිකරණය තුළින් රටට හිතැති තීන්දුවක් ආවා නම් 17 අහෝසි කරලා 18 ගේන කොට ස්වාධීන කොමිෂන් සභා අහෝසි නොකරන්න වග බලා ගත්තා නම් අද මේ රටට මේ වගේ විනාශයක් වෙන්නෙ නෑ. රටට තිබිය යුත්තේ ආණ්ඩුව පමණක් නොව ශක්තිමත් විපක්ෂයකුත් තිබිය යුතුයි කියලා තීන්දු කරලා සල්ලි හා වරප‍්‍රසාද තනතුරු වලට පැනපු අයට රැකවරණ නොදුන්නා නම් මේ විනාසය මෙච්චර වෙන්නෙ නෑ. අද ශ්‍රේෂ්ඨාධිකරණය හා අග‍්‍රවිනිශ්චයකාරතුමිය පවා ආණ්ඩුවට ඕන විදියට පාලනය කළ හැකියි. නැත්නම් ගෙදර යන්න කියන තැනට ආණ්ඩුව ආවේ. ප‍්‍රශ්නය:- අග‍්‍රවිනිශ්චයකාරතුමිය තේරීම් කාරක සභාවෙන් පලා ගිය බව සමහරු කියන්නේ ඇයි? පිළිතුර:- අග‍්‍රවිනිශ්චයකාරතුමිය තේරීම් කාරක සභාවෙන් පලා ගියේ හෝ හැර ගියේ නෑ. ඇය විධිමත් පරීක්‍ෂණයක් සඳහා තමන්ගේ සහාය ලබා දෙමිනුයි හිටියේ. ඒත් තේරීම් කාරක සභාවේ ආණ්ඩුවේ ඇතැම් අය ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව සැබෑ අධිකරණයක තිබිය යුතු ස්වාධීනත්වය කෙලෙසමින් ඇයට පරිභව කරමින් පහත් වචනවලින් ආමන්ත‍්‍රණය කරමින් නින්දිත තත්ත්වයකට ඇද දමලා ඇයව තේරීම් කාරක සභාවෙන් එළවා දැමුවාය කියන එකයි අපේ අදහස. ඒ වගේම පිටු දහස් ගණනක ලියැවිල්ලකට පැය කිහිපයක් තුළ පිළිතුරු දෙන්නැයි බලකරමින් මේ සඳහා පදනම දැමීම මුළුමහත් රටේම අධිකරණයට අනාගතයට බලපාන නින්දිත පූර්වාදර්ශයක්. ප‍්‍රශ්නය:- ජනතාව දිනවන බවට ආණ්ඩුව කියන දිවි නැගුම පනතට කෙනහිලි කිරීම නිසා අධිකරණය හා ආණ්ඩුව අතර ගැටුම ඇරඹි බව ඔබ පිළිගන්නෙ නැද්ද? පිළිතුර:- පමාවී හෝ රටත් ජනතාවත් ගැන නිවැරදි ස්ථාවරයක ඉඳලයි එතනදි වග කිව යුතු අංශ ක‍්‍රියාත්මක වුණේ. සමෘද්ධි බැංකුවල දැන් රු. බිලියන 54, සමෘද්ධි සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල්වල බිලියන 12, ඉෆාඞ් නම් ආයතනයෙන් වසර 20 කදී ගෙවන්න ආණ්ඩුව ලබාගත් බිලියන 40 එකතු කළාම රු. බිලියන 106 ක් එනම් රු. කෝටි 10,600 ක් තරම් අති දැවැන්ත මුදලක් ඇමැතිවරයා යටතට පත් කිරීම ප‍්‍රඥාගෝචර නැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ. ප‍්‍රශ්නය:- ඒත් ඒ විශාල ජනතා මුදල පාලනය වන්නේ 11 දෙනෙකුගෙන් යුතු කමිටුවකින් නේද? පිළිතුර:- ඔව්. ඒත් ඉන් 06 ක් එනම් වැඩි පිරිස පත්කරන්නේ ඇමැති නිසා ඇමැතිට අවශ්‍ය තීන්දුයි කමිටුව ක‍්‍රියාත්මක කරන්නේ. රටේ දුප්පත්ම ජනතාවගේ මුදල් අවභාවිතය හෙවත් නුසුදුසු ලෙස පාවිච්චිවීම ගැන සැක හිතලයි ශ්‍රේෂ්ඨාධිකරණය මේකට ජනතාව වෙනුවෙන් මැදිහත් වුණේ. ආණ්ඩුව කෝප වුණේ ඒකයි. ගිය නැගෙනහිර පළාත් සභා ඡන්ද කාලේ ගංවතුර ආධාර පවුල් 52500 කට රු. 10,000 ගානේ දිවි නැගුම යටතේ ගෙවතු වගාවට වෙන් කරන බව ඇමැතිවරයා කිව්වා. මිලියන 550 ක් ඊට වෙන් කළා. ඒත් ජනතාවට ලැබුණේ බොරු බලාපොරොත්තුවක් හා ඇට පැකට් එකයි පෝර පැකට් එකයි ලෝක ආහාර සංවිධානයෙන් දීපු වියළි ආහාර මල්ලකුයි විතරයි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ පාර හරි තීන්දුව ජනතාව වෙනුවෙන් ලබාදුන්නා. ඒකයි මේ දෝෂාභියෝගයට ඇත්තම හේතුව වුණේ. දෝශාභියෝගය කතානායකට බාරදීපු පුත්තලම මන්ත‍්‍රීකෙනෙක් මේ දෝෂාභියෝගයට හේතුව ”දිවි නැගුම” බව කියලත් තිබුණා. ”දිවි නැගුම” පනත සම්මත කරගන්න කලින් පළාත් සභා වලින් අහන්න කියලත් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. පළාත් සභා විෂයන් 29 ක් ”දිවි නැගුම” හරහා මධ්‍යම රජය පවරා ගන්න හදන නිසයි ඒ තීන්දුව දුන්නේ. ඒකත් ඉතා නිවැරදි තීන්දුවක්. මේ රටේ පළාත් සභාවල ඉන්න ආණ්ඩුවේ අය නිවට ලෙස අපේ බලය ඔබතුමාල ගන්න කියලා මධ්‍යම ආණ්ඩුව පූජා කළා. ඒත් උතුරු පළාත් සභාවක් නැති සභා ආණ්ඩු කාරයාට ඒ වෙනුවෙන් අත්සන් කරන්න කිසිම අයිතියක් නෑ. ආණ්ඩුව 13 වන සංශෝධනය එනම් පළාත් සභාවල සොච්චම් බලයක් පස්ස දොරෙන් පැහැර ගෙන පළාත් සභා මරල අහෝසි කරන්නයි මේ හදන්නේ. මේ රටේ නොදියුණු ඈත ගම්මානවලට හා මේ රටේ සුළු ජාතීන්ට ඒ අනුව දෙයියන්ගෙම පිහිටයි. මට පුදුම නැගෙනහිර පළාතේ ජනතාව පළාත් සභා ඡන්දයේදී ආණ්ඩුව පරාද කරල තිබියදී මුස්ලිම් කොංග‍්‍රසය සන්ධානයට නැගෙනහිර බලය ගන්න සහාය දීමයි. අනික සුළු ජාතින්ට තම අයිතීන් හා බලය ඉල්ලද්දී මුස්ලිම් වරුන්ට එහෙම එපා යයි මුස්ලිම් කොංග‍්‍රසය දිවි නැගුම පනතට සහාය දීලා කියා තිබෙනවා. මුස්ලිම්වරු ඒ ගැනත් මුස්ලිම් කොංග‍්‍රසයෙන් ප‍්‍රශ්න කළ යුතු වෙනවා. ඒත් හකීම් මහතා පත්තරේ කියලා තිබුණෙ ”දිවි නැගුම”ට ඡන්දය දෙන්න නෙවෙයි කල් ගන්න කීවාම පක්ෂයේ අය ඡන්දය දීපු බවයි. ඒ ගැන නිදහසට කරුණු විමසනවා කියලත් ඔහු කියා තිබුණා. මුස්ලිම්වරු මේ ක‍්‍රියාවල් හා ප‍්‍රකාශ හොඳින් තේරුම් ගෙන අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යුද්දෙ කාලෙටත් වඩා අද ජනතාවට අමාරුයි
චන්දික Wednesday, 12 December 2012 07:00 PM
කතාව ඇත්ත 100% මම පිලි ගන්නවා ඒ කතාව (දී)
මුතු Monday, 10 December 2012 02:19 PM
ලංකාවේ ජනතාවට කවදාද අමාරු නොවුනේ ? (ස)
හිරාන් Wednesday, 12 December 2012 02:11 PM
අකමැත්තෙන් වුණත් ඉවසා ඉමු. (නි)
බණ්ඩාර Tuesday, 11 December 2012 01:57 PM
වරදක් අත්තෙමත් නැහැ ඒ කතාවේ (දී)
අචිනි Tuesday, 11 December 2012 02:23 PM
ඔබතුමා කෙළින් සිටී නම් රටේ ජනතාවද ඔබ සමගයි. (නි)
රාජගුරු Monday, 10 December 2012 11:49 PM
හොද වැඩක් සර්. කතාව ඇත්ත. (නි)
ලෙනින් Monday, 10 December 2012 04:15 PM
කතාව ඇත්ත (දී)
කුමාර Monday, 10 December 2012 04:51 PM
කන්න නැතුව බඩ ගින්නේ හිටියත් බෝම්බ වලින් මැරෙනවාට වඩා එක සැපයි (දී)
සුප්‍රියා Monday, 10 December 2012 07:00 PM
ඉස්සර එක බයයි. දැන් 2යි (දී)