ගෙවී යමින් තිබෙන්නේ දේශපාලනික වශයෙන් ඉතාමත් ව්‍යාකූල කාලපරිච්ෙඡ්දයකි. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතාබහ අංක එකේ දේශපාලන මාතෘකාව බවට පත්වෙද්දී පාර්ලිමේන්තුව කඩිනමින් විසුරුවා හැර මහ මැතිවරණයකට යෑම අගමැති රනිල්ටත්, මුදල් ඇමැති රවීටත් එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනා ඉක්මනින් විවාදයට ගැනීම යන මේ කාරණා ඊට යටින් පෙළ ගැසී ඇති ආකාරයක්ද පෙනෙන්නට තිබේ. මේ කාරණාවලින් දේශපාලන පොරපිටිය ගිනියම් වෙද්දී දින සියයේ ආණ්ඩුවට ද නොදැනීම මේ වනවිට දින 150කට වැඩි කාලයක් සැපිරී තිබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ශ්වයෙන් ගෙවී ගිය දින, සති කීපය පුරාවටම අසන්නට දකින්ට ලැබුණේ ආන්දෝලනාත්මක කතාය. සිදුවීම්ය. හිටපු ජනපති මහින්ද ඉකුත් ජනාධිපතිවරණයෙන් පරාජය වූ තැන සිට පක්‍ෂයේ අභ්‍යන්තර එක්සත්කම රැුකගැනීමත්, මහින්දගේ අනාගත දේශපාලන ඉරණම විසඳීමත් ශ්‍රීලනිපය හමුවේ තිබූ ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකක් විය. මේ ප‍්‍රශ්නවලට විවිධ විසඳුම් ගතවී මාස හතරක පහක කාලය ඇතුළතදී ඉදිරිපත් වූ නමුත් පක්‍ෂය තවම ඒවායෙන් ගොඩගිය ආකාරයක් පෙනෙන්නට නැත. ශ්‍රීලනිපයේ සභාපති කෝටුව අතට ගත්තත් ජනපති මෛතී‍්‍රට පක්‍ෂයේ සියලූම දෙනා එක තැනකට ගෙන ඒමට නොහැකි වී තිබෙන බවක්ද පෙනේ. මහින්ද ය
ළි කරළියට ගෙන එන සටනට ද ඔය අල්ලපනල්ලේ ජයටම කෙරී යන අතර පන්සල් ගානේ මේ දිනවල ඇවිදින මහින්ද තමන් ඉදිරි මහා මැතිවරණයට තරග කරන බවට වන ඉඟි බිඟි තැන් කීපයකදී පළ කරන ආකාරයක් ද මාධ්‍ය ඔස්සේ අපි දුටුවෙමු.
මහින්දගේ අනාගත දේශපාලන ඉරණම විසඳීම ශ්‍රීලනිපයේ ප‍්‍රමුඛතම කාර්යය බවට පත් කිරීමට වලිකන පාර්ශ්වවල පැසසුමට ලක්වන ආකාරයේ දේශපාලන තීන්දුවක් ගැනීමට ජනපති මෛතී‍්‍ර කටයුතු කළේ ඉකුත් 16 වැනි දින පදනම් ආයතනයේදී පැවැති ශ්‍රීලනිප පාර්ලිමේන්තු, පළාත් සභා මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් මුණ ගැසුණු අවස්ථාවේදීය. මහින්ද-මෛතී‍්‍ර සමගි කර ඉදිරි මහා මැතිවරණයෙන් සන්ධානයට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගැනීම අරමුණු කර ගනිමින් එහිදී සය පුද්ගල කමිටුවක් පත්කර ගත් අතර ඊට අනුර යාපා ද, සුසිල්, ජෝන්, ඩිලාන්, ටී.බී., වෙල්ගම යන අය පත්වූහ.
මහින්ද-මෛතී‍්‍ර දේශපාලන හාදකම ගොඩනංවා සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් මෙවැනි කමිටුවක් පත් කර ගනු ලැබුවද දැනගන්නට ලැබෙන ආකාරයට ශ්‍රීලනිපයේම සමහර පිරිස් මේ ගැන ඉන්නේ නොසතුටෙනි. ඇරත් මහින්දට අගමැති අපේක්‍ෂකකම නොදීමේ ජනපති මෛතී‍්‍රගේ තීරණයෙහි කිසිදු වෙනසක් සිදුව නැති බවද පෙනෙන්නට තිබේ. ඒ අතර වාරයේ මහින්ද - මෛතී‍්‍ර හමුවක් ළඟදීම පැවැත්වෙන බවටත් පුවත් පළවෙමින් තිබේ. තතු දත් ආරංචි මාර්ග කියන ආකාරයට අනුව නම් මොන කමිටු දැම්මත් මොන සාකච්ඡුා පැවැත්වුවත් මේ කපේදී මහින්ද ශ්‍රීලනිප අගමැති අපේක්ෂකත්වය ලැබෙන්නේ නැත. එසේ නම් සලකා බැලිය යුත්තේ මහින්ද ඇත්තටම මීළඟ මහ ඡුන්දයේදී කුමක් කරනු ඇතැයිද කියාය.මහින්ද හිටපු ජනාධිපතිවරයෙකි. ඒ වාගේම ශ්‍රීලනිපයේ චන්ද්‍රිකා හා සම තැන් ගන්නා අනුශාසකවරයෙකි. මේ තත්ත්වය උඩ මහින්දට ශී‍්‍රලනිපය ඇතුළේ ගෞරවනීය තත්ත්වයක් තිබේ.
හිටපු ජනාධිපතිවරයකු වශයෙන් මහින්දට මේ වනවිට ආරක්‍ෂකයන්, නිල වාහන ඇතුළුව වෙනත් වරප‍්‍රසාද ද හිමි වේ. බලයෙන් පහව ගිය කිසිදු ජනාධිපතිවරයකු මීට ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කර මන්තී‍්‍රවරයකු බවට පත්වූ අවස්ථා සම්බන්ධයෙන් උදාහරණ නැති බැවින් මහින්ද මෙවර මහා ඡන්දයට තරග කර පාර්ලිමේන්තුවට ගියහොත් හිටපු ජනාධිපතිවරයකු වශයෙන් ඔහුට දැනට හිමිවන වරප‍්‍රසාද අහිමි වී මන්තී‍්‍ර වරප‍්‍රසාද පමණක් හිමිවේද කියන්න අපි නොදනිමු. එවැන්නක් සිදුවන්නේ නම් ඊට මහින්ද කැමැති වේද යන්නද ප‍්‍රශ්නයකි. අනෙක් අතට අගමැති කම තබා අගමැති අපේක්‍ෂකත්වය හෝ නොලැබෙන පාටක් පෙනෙන්නට තිබියදී ජනාධිපති තනතුර වැනි ගරු කටයුතු ධුරයක වගකීම් දරා යළිත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් කටයුතු කිරීමට මහින්ද හිත හදාගෙන ඉන්නේද යන්න ප‍්‍රශ්නයකි. රට වටා යන මහින්ද අගමැති කරවන ජනරැලිවලට නිවේදන නිකුත් කරමින් ඒවායේ හතරමායිම්වලට පැමිණ ජනතාවට ආචාර කිරීමත්, අභයාරාමය ඇතුළුව පන්සල්වලදී තමන් එළැඹෙන මහ ඡන්දයට තරග කරනු ඇති බවට ඉඟි පළකිරීමත් හරහා මහින්දගේ යළි දේශපාලන ආගමනය සිදුවනු ඇතැයි සිතිය හැකි නමුදු පෙළ ගැසෙමින් තිබෙන දේශපාලන තත්ත්වයන් අනුව එය එසේ සිදුවිය හැකි දැයි අනාවැකි පළ කිරීමට දුෂ්කරය. අනෙක් අතට තමන් පක්‍ෂය දෙකඩ නොකරන බවට මහින්ද ප‍්‍රතිඥා දී තිබෙන බැවින් වෙනම පක්‍ෂයකින් ඔහු තරග බිමට වදිනු ඇතැයි සිතිම ද අපහසුය. ඩිලාන් පෙරේරා මීට දින කීපයකට ඉහත දී කියා තිබුණේ මහින්ද අනිවාර්යෙන්ම එළැඹෙන මහා මැතිවරණයේදී ඡුන්දයට එන්නේ බුලත් කොළයෙන් බවය. නමුත් දැනගන්නට තිබෙන ආකාරයට අනුව නම් මහින්ද මේ වනවිටත් ශ්‍රීලනිපයෙන් තරග කිරීමට නාමයෝජනා පත‍්‍ර ලබාදීමක් ද සිදුකර නැත.
වෙන මැතිවරණයකට තරග කළා කියල වරප‍්‍රසාද අහිමිවන්නේ නෑ
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා
හිටපු ජනාධිපතිවරයෙකුට විශ‍්‍රාම වැටුපක්, ආරක්‍ෂකයන්, නිල වාහන සහ ලේකම්වරයෙක් යන මේ හැම එකම ලැබෙන බව වෙනම නීතියේ සඳහන් වෙලා තියෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ දී ඒ පනත සම්මත කරගත්තා. ඒ නීතිය සම්මත කළේ ජනාධිපතිවරයාගෙ වරප‍්‍රසාද හැටියට ඒ වරප‍්‍රසාද ජනාධිපතිතුමාට සහ ඔහු
ගේ භාර්යාවට හිමිවෙනවා.
වාසස්ථානයක්, නිලවාහනයක්, ආරක්‍ෂාව හා කාර්යලයක් පවත්වාගෙන යන්න ලේකම්වරයෙක් වශයෙන් ජනාධිපතිවරයෙකුට ලැබෙන වරප‍්‍රසාද ටික ඒ පනතෙ සඳහන් වෙනවා. ඒක නීතියෙන් හිමි වෙන දෙයක්. ඒ දේවල් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ බිරිඳට තවම ලැබෙනවා. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියටත් ලැබෙනවා. ඊට අමතවරව චන්ද්‍රිකා මැතිනිය විශාල වරප‍්‍රසාද ප‍්‍රමාණයක් ලබාගත්ත වෙලාවේ අපි උසාවියෙන් තීන්දු කළා ඒක ඇමැතිවරයකුට හිමිවන වරප‍්‍රසාදවලට සීමා විය යුතුයි කියලා. එතන යම් කිසි සීමාවක් තියෙනවා. ඒ සිමාව ඇතුළෙ රටේ පළමු පුරවැසියට මේ වරප‍්‍රසාද හිමිවෙනවා. ඒ නිසා එතුමා වෙන මැතිවරණයකට තරග කළා කියලා මේ වරප‍්‍රසාද අහිමි වෙන්නෙ නෑ. පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරලා පාර්ලිමේන්තුවට පත්වුණා කියලවත් රාජ්‍යතාන්ති‍්‍රක ධුරයට පත්වුණා කියලවත් මේ වරප‍්‍රසාද අහිමි වෙන්නෙ නෑ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අපේ රට ගැන මුලින්ම හිතන්න ඕන සිංහල අපිට තියෙන්නේ ලංකාව විතරයි අපේ ජාතියට ආදරේ කරන එකම නායකයා මහින්ද ජනපතිතුමා විතරයි නව ජනපතිතුමන් අද පරණ තරහ අමතක කර රට ගැන හිතල කොහොමහරි මහින්ද මහත්තයට අවස්ථාව දෙන්න එක ඔබට ලොකු පිනක් වැරදි හැමෝම දැන් අවබෝද කරගෙන ඉන්නේ ලංකාව ලෝකේ දියුනුම රටක් කරමු (බ)
මහින්ද ජනපතිතුමනි ඔබට අගමැති අපේක්ෂකත්වය ලැබෙන්නේ නැත්නම් ඔබ තනිව එන්න සිංහල ජාතියම ඔබ සමගයි ඔබේ ජය නියතයි මේ බුදුන්ගේ දේශයයි (බ)
මට මහින්දට කියන්න තිබෙන්නේ එක දෙයකි " තණ්හාය ජායති සෝකෝ " වැඩි තණ්හාව විනාශයට මුලය , තිබෙන දේ රැකගෙන ගෙදරටවෙලා ඉන්න (නදී)
දිසාපති කවදාවත් ග්‍රාම සේවක කමක් ඉල්ලයිද ? (නදී)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් (නදී)
දැන් මහින්ද මහත්තයට තියෙන්නේ ටිකක් විවේක ගන්න (නි)
මහින්ද වටා විශාල ජනකායක් ඉන්නවා (නි)
මහින්දව හිටපු ජනපති. අලුත් ජනාධිපති ,අගමැතිමේ අය. දුප්පත් ජනතාවගේ මුදල් වලින් මුළු පරම්පරාවම සැපවින්දා. ඉදිරියටත් සැප විඳින්න ඉතුරු කරලා තියෙන්නේ.මේ වගේ කෙනෙක් නැවත පත්කරන්න අපේ රටේ මෝඩයින් අඩුයි. මොන විදියට සැප වින්ඳත් දෙවියන්ගේ දඬුවම තමයි මුළු ලංකාවේම පන්සල් වලට යන්ට සැළැස්වීම. නීතිය රජකරන රටක් නම් අද ලංකාව, මුළු පරම්පරාවම අද හිරබත් කනවා. මේවා. අහන්නත් අපි පවු කරලා තියෙනවා. පැය 24ම බණ අහන රටේ දුෂණය ,වංචාවට මුල්තැන. මේ කිසිම දෙයක් නැති රටවල නීතිය රජකරනවා (නි)
ගොඩක් ස්තුතියි ඇසළ සහෝදරයා (නි)
මහින්ද ආයෙත් රජවෙන එක කාටත් වළක්වන්න බැහැ (නි)
ඇසල, රණවිරුවාට නඩුව දැම්මේ කවුද කියලා හොයන්න.අනික උසාවියෙන් දුන් තීන්දුවකට රජයට බනින්නේ ඔයාලගේ කාලේ වගේ තීන්දු දෙන්නේ දේශපාලන බලයෙන් කියලා හිතලද?නීතිය කාටත් පොදුවිය යුතුයි.එය තමයි යහපාලනය කියන්නේ. (නි)
මහින්දලා හැමදාම සිංහල ජාතිය මාකට් කරලා තමන්ගේ බඩවඩා ගත්තු එක පමණයි කළේ. පස්සේ මුකුත් බලන්නේ නැහැ (බ)
මහින්ද ආවොත් දිනන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි (නි)
මහින්ද ආවත් නාවත් සැමදා ජනතා හදවත් තුළයි (නි)
ගුණසේකර ......කරුණාකරලා නමට අගින්අකුරක් දාගන්නවද ?.ඉතිරිය සිංහල ජාතියට බාර කරනවා...(බ)
පිවිතුරු යහපාල සහ බන්දුල ගැන දුකයි. (නදී)
මහින්ද ගේ අගේ තේරෙන්නේ දැන්, ආණ්ඩුවට මාස පහයි. රණවිරුවෝ එල්ලුම්ගස් අරිනවා. සිංහල නම තිබිල විතරක් මදි සින්හලුනේ සිංහ ලේ අගේ තිබිය යුතුයි. මහින්දගේ වගේ. (ස)
ද සිල්වා සහ ලෙස්ලි ජයවරදනේ යන අයගේ අදහස් එක සිතින් පිලිගනිමි. ඒවා මසුරන් අදහස්. හැබැයි මහත් වරුණේ හොරුන්ට කොන්දක් සහ ලැජ්ජාවක් නැත. (නදී)
අපි නම් කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ (නදී)
අපි හිතන්න ඕනේ අපේ සිංහලකම ගැන මෙතැන් ඉන්න අයගේ අදහස් ලිපියට අදාල නැහැ . අපිට මහින්ද වගේ නායකයෙක් ඕනේ. (ම)
කුමන්ත්‍රණකාරයින් දූෂිතයන්ට වඩා අන්තයි. ඔවුන් පිටට පිහියෙන් අනිනතුරු අහිංසක ජනතව දන්නෙ නැහැ. (නි)
මම නලීන් කියන එක පිළිගන්නවා (නි)
කවුරු මොනවා කිව්වත් මේ පාර මහින්ද එනවා. බොරුවට වැඩිකල් ආයුෂ නැහැ..(හේ)
මහින්ද කොටියා එදා විනාශ කළේ නැත්නම් අද රටම අඳුරේ. ඒ නිසා අපි මහින්ද රැකගනිමු. (නි)
මහින්ද වගේ කොන්ද පන ඇති නායකයෙක් ඕන. යුද්දෙදි තීරණ ගත්ත විදිය අපි දැක්කනේ. එ්ක මුළු ලෝකෙටම ආදර්ශයක. අයිඑස් ත්‍රස්තවාදියෝ කරන ම්ලේච්ච, කෘෘර මිනිස් ඝාතන ඇස් ඇති එවුන්ට නම් පෙනෙනවා. (බ)
මේවට විසඳුම් ජනතාව බලාගෙන ඉන්නවා. බොරුවෙන් ටික දෙනෙක් බොහෝ කාලයක්ද, බොහෝ දෙනෙක් ටික කාලයක්ද, රවටන්න පුළුවන්. ඒත් බොහෝ දෙනෙක් බොහෝ කාලයක් රවටන්න බැහැ. ඒක ලෝක සනාතන ධර්මයක්. (නි)
දකුණේ දුටුගැමුණුට දකුණේ ජනතාවගේ ප්‍රණාමය. රට බේරාගත් නායකයට ජනතාව හොඳට සලකනවා. රට බේරගත්ත විතරක් නෙවෙයි රට සංවර්දනය කළා. මේවා අපේ මුතුන් මිත්තෝ කියපු දේවල් නෙවෙයි, බලන්න කොළඹට වෙලා තියෙන දේ, අපේ ඇස් දෙකට පෙනෙන දේවල්, කුමාරතුංග මුනිදාස මහත්තයාගේ පුතා කියන දේවල් අහන්න. ඒ ගොල්ලෝ කවදත් රටට ජාතියට ආදරය කල, ආදරය කරන මිනිස්සු. නලින් ද සිල්වා මහත්තය, ගුණදාස අමරසේකර මහත්තය කියන, ලියන දේවල් කියවන්න, අහන්න. තිස්ස වීරසේකර මහත්තය වගේ කොන්දක් තියන මිනිස්සු ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි. මහින්දට ජයවේවා! (නදී)
අනිවර්යෙන්ම එනවා.(හේ)
මහින්දගේ හොඳ ගති තියෙනවා. පස්සේදී නරක ගති වැඩි වුනා, පාලනයෙන් තොර වුනා.. මම කියන්නේ ඔය කියන සිංහලකම පවා වැඩි වුනා.. ගොඩනැගිලි හැදිල්ල පවා වැඩි වුනා. මිනිස්සුන්ට රුස්සන්නේ නැති තැනට වැඩ සිද්ධ වුනා. ජනතාවට මේවා තේරෙනවා. (බ)
යහපාලට දැන් පල් හෑලි ලියන්න බැරුව වගේ. (නදී)
චතුරි ඔයා හරියට හරි (නදී)
කිතුල්ගොඩ ඔයා ෂී ෂෙල්ස් ගියේ කාට පින් සිදු වෙන්නද? ලංකාවෙන් ගියා නම් කට පියාගෙන ඉන්න (නදී)
කෝ මේ මහින්දගේ දරුවෝ ඒ දරුවන්ටත් උවමනා තාත්තගේ පිහිටෙන් රජ වෙලා ඉන්නද . එහෙම නැතිනම්. බිරිදට පෙන්නේ නැතිද .මේ විකාර වැඩ ඇත්තටම නාහෙට අහන්නේ නැති ඉලන්දාරි කරන දේවල් කරන්නේ ,ලැජ්ජාව කියන දේ. අමතකද . මට දුක අපේ රට මෙවැනි දෙයින් පිටරටදී අපි විහිලුවට පත් වෙනවා අනිත් රටවල නායකයින් ගේ බුද්ධිමත් කම දකින කොට ,අපිට අපේ රටේ වැදගත් කම ලෝකයට පෙන්වන්න ඉඩ දෙන්න ඔබගේ පවුලේ. අයට වටිනේ නැතිවුනාට. අපිට වටිනවා (බ)
අපේ එස්එෆ් කොල්ලන්ට වෙනදේ පේනවනේද ? රට ගෙන හිතන්න කාලය ඇවිල්ල තියෙන්නේ. පාසල් මුර කරන්න නැවතත් සුදානම් වෙන්න. රස්සාවට යනකොට චෙක් පොයින්ට් වලින් දවසට පස් හය වතාවක් බස් වලින් බහින්න සුදානම් වෙන්න. (බ)
ගණිතය දන්නා ඕනෑම පොඩි ළමයෙක් දන්නවා ලක්ෂ 63 යි ලක්ෂ 58 යි බෙදෙන විදිය. ඒකට අබියෝග කරන්න සිංහල කිසි කෙනෙකුට බැහැ. ඒක වෙනස් වෙලත් නැහැ. මහින්ද මහත්තයාගේ ගොඩ තවත් වැඩිවෙලා. යහපාලනය රටේ ආර්ථිකයට විදේශ ආයෝජන වලට සහ දියුණු වූ ලංකාවට මොනවද කරේ. (නදී)