IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මහවැලි ඉඩම් රහසේ බෙදාදීම

රජයේ වටිනා ඉඩම් ඇතැම් දේශපාලකයන් විසින් තෑගි භාණ්ඩ වශයෙන් යොදාගන්නා ලද අවස්ථා මේ රටේ හිඟ නැත. එවැනි අක්‍රමිකතා නැති කරන බවට පොරොන්දු ලබා දෙමින් බලයට පැමිණෙන දේශපාලකයන්ම යළි යළිත් එම වැරැද්දම කිරීම රටේම අවාසනාවකි. අපට මේ වැරැද්ද යළි මතක් කර දීමට සිදු වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ මේ හා සම්බන්ධ ප්‍රවෘත්තියක් පාදක කරගෙනය.

මහවැලි අධිකාරිය හරහා මේ ආකාරයට රජයේ වටිනා ඉඩම් දේශපාලන හිතවතුන්ට බෙදා දෙන බව එම ප්‍රවෘත්තියේ සඳහන්ය. දේශපාලන හිතවතුන්ගේ පහනෙන්ම එළිය බැලූ මහවැලි නිලධාරීන් ද ඒ ආකාරයට ඉඩම් බෙදාගෙන ඇති බව ද හෙළි වී තිබේ.

මේ ඉඩම් මහවැලි එච්. කලාපයේ තඹුත්තේගම, නොච්චියාගම හා ගල්නෑව නගරවල පිහිටි ඒවා බව ද කියයි. නගරාසන්න වීම නිසා බැලූ බැල්මට මේ ඉඩම් ඉතා වටිනා ඒවා විය යුතු බවට සැකයක් නැත.

රහසිගතව සිදුවී ඇති මේ දූෂිත ඉඩම් ගනුදෙනුවේ දී පර්චස් 10 සිට 20 දක්වා ඉඩම් කැබලි 100 කට ආසන්න ගණනක් බෙදා දී සහ බෙදාගෙන ඇතැයි ද දැනගන්නට තිබෙන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තුවල පිරිසකටත් පොළොන්නරුවේ දේශපාලන ආධාරකරුවන් පිරිසකටත් මේ ඉඩම් ලොතරැයිය ඇදී තිබේ.

අදාළ රහසිගත දූෂිත ඉඩම් කච්චේරි පවත්වා ඇත්තේ ජනාධිපතිවරයා විසින් මහවැලි අධිකාරිය හරහා ඉඩම් බෙදාදීම ඉකුත් නොවැම්බර් 11 වැනිදා සිට තහනම් කර ඇති පසුබිමක වීම මෙහි ඇති ලොකුම ඛේදවාචකයයි. රහසින් හෝ ඉඩම් කැබැල්ලක් ලැබෙනවා නම් ජනාධිපතිවරයාගේ තහනම ගණන් ගන්නේ කුමටදැයි ඔවුන් සිතනවා විය යුතුය. එහෙත් මෙලෙස රජයේ ඉඩම් හොර පාරෙන් තමන් සන්තක කර ගැනීම විලි ලජ්ජා නැති වැඩක් බව කිව යුතුය.

රජයේ ඉඩම් නීතිවිරෝධී ජාවාරමක භාණ්ඩ වශයෙන් යොදා ගත්තේ කවුරුන්දැයි වහාම සොයා බැලීම වගකිවයුත්තන්ගේ රාජකාරියකි. එහෙත් වගකිවයුතු අය ද මේ ඉඩම් කැබලි නීතිවිරෝධී ලෙස බෙදාදීමට හවුල් වී ඇත්නම් එවැනි සොයා බැලීම් කවදාවත් සිදු නොවන බවත් නියතයකි.

මීට පෙර කාලවල දී සාමාන්‍යයෙන් සිදු වූයේ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවලට රැකියා ලබාදීමය. එහෙත් මෙහිදී සිදුවී ඇත්තේ මන්ත්‍රී ලැයිස්තුවලට අනුරාධපුර නගරාසන්න ඉඩම් ලබාදීමය. එසේ ලබා දෙන්නේ මන්ත්‍රීලාගේ අම්මාගේ අප්පාගේ බූදලයෙන් නොවන බවත් රජයට අයිති ඉඩම් බවත් ඉඩම් ලබන සහ ඉඩම් ලබාදෙන අය දැන සිටිති. තමන්ට ලැබෙන්නේ වටිනාකමින් වැඩි ඉඩම් බව ද දන්නා ඔවුන් ඒවා වෙන්කර ගැනීම සඳහා මහවැලි නිලධාරීන්ට සන්තෝසම් ලබා දීමට වුවද පැකිලෙන්නේ නැත. දැනටමත් එවැනි එක් නිලධාරියකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත් සඳහන් වෙයි. 

මහවැලි අධිකාරියේ ආරංචි මාර්ගවලින් හෙළි වී ඇත්තේ මන්ත්‍රීවරුන්ගෙන් නම් ලැයිස්තු ලබාගෙන පදිංචිය සඳහා නේවාසික ඉඩම් නොමැති තැනැත්තන්ට ඒවා ලබාදීමට මෙසේ විශේෂ තේරීම් යටතේ රහසිගතව ඉඩම් කච්චේරි පැවැත්වීමේ කටයුතු සිදුවී ඇත්තේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරයකුගේ උපදෙස් මත බවය.

ජනාධිපතිවරයාගේ තහනම් නියෝගයක් උල්ලංඝනය කිරීමට තරම් බලවත් මේ අමාත්‍යවරයා කවුදැයි වහාම සොයා බැලීම අවශ්‍ය නොවන්නේ ද? මේ සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුගෙන් ලංකාදීපය කළ විමසීම්වල දී එම නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ මේ ඉඩම් බැහැර කිරීම් විනිවිදභාවයෙන් යුතුව සිදුකර ඇති බවය.

ඒ අතර මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් නවත්වා තිබීම හේතුවෙන් මේ වනවිට ඉඩම් බෙදාදීම්, බැහැර කිරීම් කිසිවක් කළ නොහැකි බවය. එසේ නම් එම නියෝගවලට පටහැනිව මේ ආකාරයට කටයුතු සිදුවන්නේ කෙසේද? 

රජයට අයත් ඉඩම් බෙදාදීම සඳහා පිළිගත් ක්‍රමවේදයක් පැවතිය යුතු බව අපි පිළිගනිමු. එහෙත් එසේ ඉඩම් ලබා දිය යුත්තේ ඉඩම් සහ වෙනත් දේපළ අයිති පුද්ගලයන්ට නොවීම ද අවශ්‍යය. අප මෙහිදී සලකා බලන්නේ මහා පරිමාණයෙන් සිදුවන ව්‍යාපාරික කටයුතු සහ විදෙස් ආයෝජන සම්බන්ධ ව්‍යාපෘති සඳහා ඉඩම් පවරා දීම සම්බන්ධයෙන් නොවේ. පොදු ජනතාවගේ අවශ්‍යතා සඳහා ලබාදෙන ඉඩම් කට්ටි සම්බන්ධයෙනි. ඒ සඳහා මේ රටේ පවතින එකම ක්‍රමවේදය බලයේ සිටින දේශපාලකයන් පසුපස යාම පමණක් බව ප්‍රකට රහසකි. 

(***)



අදහස් (4)

මහවැලි ඉඩම් රහසේ බෙදාදීම

dasun Monday, 08 May 2023 10:49 AM

මීට වසර දෙකකට පමණ පෙර මහවැලි ඉඩම් සඳහා රුපියල් 2000 බැගින් අයකර අයදුම්පත් කැඳවන ලදී. එම අයදුම් කරුවන්ගේ ලැයිස්තුවක් මහවැලි අධිකාරියේ වෙබ්සයිට් එකේ පලකරන ලද අතර ඒ අයදුම්පත් හරහා විශාල ආදායමක් ලබාගන්නා ලදී. වහාම මේ වංචාව රටට හෙළිකළ යුතුයි.

:       2       6

Kumudu Monday, 08 May 2023 11:03 AM

පොළොන්නරුවේ වැලිකන්ද, අරලගන්විල, දිඹුලාගල මහා පරිමාණයෙන් ඉඩම් මංකොල්ලයේ යනවා. සමහරක් ඇමැතිලා හා ඔවුන්ගේ හෙංචයියෝ.., එක්ක මහවැලියේ ඉන්න කපටි හොරු ටිකයි එකතු වෙලා... මේ රටේ කොන්ද පණ නැති නායකයෝ ඉන්නකන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...

:       2       3

Muthu Saturday, 13 May 2023 08:39 PM

MCC ඉඩම් කොල්ලයට පාර කපනවා.

:       0       0

Sajith Friday, 01 September 2023 01:35 PM

මනුස්සයෝ ඉඩම් අක්කර 2.1/2 විතර අල්ලගෙන යනවා... අහිංසක මිනිස්සුන්ට ඉඩම් නෑ. නොච්චියාගම මහ වෙලියට කිව්වට වැඩක් නේ... මේ වගේ ඉඩම් කඩලා තවත් මනුස්සයින්ට දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site