සුනාමි රළ පහරට අසුවී දහස් ගණන් අකාලයේ ඉතා අවාසනාවන්ත ලෙස මරු තුරුළට ගොස් වසර නමයක් පිරෙන්නේ ලබන දෙසැම්බර් මස 26 වැනිදාටය.
දකුණේ පමණක් නොව උතුරේ ජනතාව ද දහස් ගණනකගේ ජීවිත සුනාමිය විසින් බිලිගෙන තිබිණි.
මුලතිව් කළල්පාඩුව ගම්මානයේ පිහිටි රාල්කුඩිකුලම් වැව් පිටියට ද මළ සිරුරු 100කට වැඩි සංඛ්‍යාවක් එදා ගසාගෙන ආවේ සුනාමි රළ පහරට අසුවීම නිසාය.
දින ගණනාවක් රාල්කුඩිකුලම් වැව පුරා විසිරී තිබුණ හඳුනා ගැනීමට පවා නොහැකිව නරක්වී තිබූ සිරුරු පසුව මිහිදන් කර ඇත.
රාල්කුඩිකුලම් වැව ඉස්මත්තේ මේ වනවිටත් නිවාස තනාගෙන පදිංචිව සිටින්නේ යුද්ධයෙන් අවතැන්ව සිටි ජනතාවය.
සුනාමියට අසුවී මියගිය අයගේ අවතාර ?ට රාල්කුඩිකුලම් වැව්පිටියේ හා ඒ අවට අදටත් සැරිසරන බවට ජනතාව අතර විශ්වාසයක් පවතින බවට අපට දැන ගැනීමට ලැබුණේ මුලතිව් ප‍්‍රදේශයට ගිය අවස්ථාවේදීය.
අවතාර සැරි සැරීමට අමතරව මියගිය අයගේ දුක් අඳෝනාද මහ රෑ ජාමයේ වැව්පිටිය දෙසින් සමහර දවස්වලට ඇසෙන බව අපට එහිදී හමුවූ පුද්ගලයන් කිහිප දෙනකුම පැවසුවේ බය බිරාන්තවය.
විජේරාණි කලල්පාඩුව ගම්මානයේ ජීවත්ව සිට දැන් මන්නාරම ප‍්‍රදේශයේ පදිංචිව සිටින්නියකි. ඇය මේ ගම්මානය අතහැරයාමට ප‍්‍රධාන හේතුව වී ඇතැයි ද කියන්නේ රෑට සැරිසරන අවතාර හා අද්භූත ශබ්ද හා දුක් අඳෝනාවලට බියවීම නිසාය.
කිසියම් අවශ්‍යතාවක් සඳහා මුලතිව් ප‍්‍රදේශයට පැමිණ සිටියදී විජේරාණි තරුණිය අපට හමුවිය.
විජේරාණි මේ අවතාර කතාව ගැන අප සමඟ තොරතුරු හෙළිකරමින් පැවසූ කතාවයි මේ.
-සුනාමිය සිදුවූ දවසේ මුහුද ගොඩ ගලලා මේ පැත්තේ හිටපු ගොඩ දෙනෙක් මියගියා. අපිත් ජීවිතේ බේරා ගත්තේ බොහොම අමාරුවෙන්. සුනාමියට මේ පැත්තේ ගෙවල් දොරවල් පවා විනාශ වුණා. සුනාමියට අසුවී මියගිය 100කට වැඩි පිරිසකගේ මළ සිරුරු එදා රාල්කුඩිකුලම් වැවේ පාවෙමින් තිබුණා. පස්සේ කාලයකදී රෑට රෑට නිතර ඔය පැත්තේ මියගිය අයගේ අවතාර සැරිසරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමේ අද්භූත හඬවල් පවා ඇහෙන්න පටන් ගත්තා. අනේ අපව බේරා ගන්න, වගේ ආඳෝනා නගන හඬවල් පවා ඇහෙන්ඩ වුණා. සුනාමියෙන් මියගිය අයගේ හඬවල් තමා ඒ ඇහෙන්නේ කියා ගමේ ගොඩක් අය කියන්ඩ පටන් ගත්තා. ඔය කියන අවතාර කිහිප දවසක් අපිත් දැක්කා. කෑගහන ශබ්ද පවා ඇහිලා තිබෙනවා.
මා දැක්කා සුදුපාට ඇඳගත්තු කාන්තාවක් හා පිරිමින් වැව් පිටිය පැත්තෙන් පාවෙගෙන වාගේ යනවා. ඒ අතරවාරයේ කෙඳිරිගාන ශබ්ද සහ වැළපෙන ශබ්ද පවා ඇහෙනවා. සති කිහිපයක්ම සමහර දවස්වලට මේ අවතාර මා දැක තිබෙනවා. දුක් අඳෝනා නගන ශබ්ද ඇසී තිබෙනවා. ඒ බයටම තමා පවුලේ අපි හැමෝම ගම ඇතහැරලා ගියේ” යැයි විජේරාණි පවසන්නීය.
ශිවබාලන් ඛන්නා මහතා ද පදිංචිව සිටින්නේ මේ ගම්මානයේය. මොහු මේ අවතාර කතාව ගැන අප සමඟ තොරතුරු හෙළි කරමින් මෙසේ කීය.
ඔය වැව පැත්තේ අවතාර ඉන්නවා කියා මාත් අසා තිබෙනවා. ගමේ අය අපේ කඬේට ආපු වෙලාවල්වල ඔවුන් අවතාර දැක්කා කියා තිබෙනවා. නොයෙකුත් ශබ්ද ඇසෙන බවත් ඔවුන් මා සමඟ පවසනවා. අනේ මාව බේරා ගන්න, වාගේ කියමින් කෑගහන ශබ්දත් ඇසෙන බව ඔවුන් පවසා තිබෙනවා. මානම් මේ වනතෙක් ඔය කියන අවතාර දැකලාවත්, අද්භූත ශබ්ද ඇහිලා නම් නැහැ. කොහොම වුණත් රෑට ඔය පැත්තෙ අදටත් යන්නෙ නැහැ. සුනාමිය ආපු දවසේ ගමේ හුඟ දෙනෙක් මියගියා. ඔය වැවට මළ සිරුරු 100කට වැඩි සංඛ්‍යාවක් ගසාගෙන ඇවිත් තිබුණා.
රාල්කුඩිකුලම් වැවේ වතුර මේ වනවිට සිඳීගොස් පිට්ටනියක් බවට පත්ව ඇති අතර ගම්මුන් කිහිප දෙනෙක්ම කීවේ තමන් අවතාර මේ ඉසව්වේදී රෑට දැක ඇති බවත් මිනිස්සු ගැහැනුන් කෙඳිරිගාන ශබ්ද ඇසෙන බවත්ය.
|
සුනාමියෙන් මියගිය අයගේ සිරුරු ගොඩගසා තිබූ රාල්කුඩිකුලම් වැව. |
කාන්තාවන්ගේ හා පිරිමින්ගේ අවතාර වැවේ දෙතැනක වැව ඉස්මත්තේ සැරිසරන අයුරු තමන් දුටු බව ද එම ගම්මු අප සමඟ කියා සිටියහ.
වැව ඉස්මත්තේ නිවාස තනාගෙන අලූතින් පදිංචියට පැමිණ සිටින අය පැවසුවේ තමන් ඔය කියන අවතාර දැක නොමැති බවත් අද්භූත හඬවල් මෙතෙක් ඇසී නොමැති බවත්ය.
වැව ඉස්මත්තේ පදිංචිව සිටින නිසා මුලින්ම ඔය කියන අවතාර දැකිය යුත්තේ අප බවත් ඔය කියන හඬවල් කෑගැසීම ඇසිය යුත්තේද අපට බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
පෙරියසාමි යෝගේෂ්වරම් (47) මහතාද පචිංචිව සිටින්නේ කලල්පාඩු ගම්මානයේය.
වැව ඉස්මත්තේ රාත‍්‍රි කාලයට සමහර දිනවලට සැරිසරනවා යැයි කියන අවතාර හා අද්භූත ශබ්ද ගැන යෝගේශ්වරම් දරන්නේ මෙවැනි අදහසකි.
සුනාමියට අහුවෙලා මගේ දරුවෝ තුන් දෙනාම මියගියා. මුහුද ගොඩ ගලද්දී මාවයි බිරිඳවයි දරුවෝ තුන්දෙනාවයි ගසාගෙන යන්නට පටන් ගත්තා. අපි දෙන්නා දරුවන්ව කරේ තියාගෙන පීනාගෙන යද්දී රළ පහරකට ගසාගෙන ආ ලොකු බෝට්ටුවක් ඇවිත් අපේ ඇෙඟ් වේගයෙන් හැපුණා. අපේ කරේ හිටිය දරුවෝ තුන්දෙනාම විසිවෙලා ගිහින් ඒ රළ පහරට අසුවී ගසාගෙන ගියා. දරුවෝ තුන්දෙනා මුහුදේ ගසාගෙන ගිහින් නොපෙනී ගියේ මගේ ඇස්පනා පිටයි. මේ සිද්ධිය මතක් වෙද්දී අදටත් මට ඉවසුම් නොදෙන වේදනාවක් දැනෙන්නේ.
ඔය වැව් පිටියේ සමහර දවස්වලට අවතාර සැරිසරන බවත් මිනිස්සු ගැහැනුන්ගේ කෙඳිරි හඬ ඇසෙන කතාව මාත් අසා තිබෙනවා. සුනාමියෙන් මියගිය අයගේ සිරුරු ඔය වැවට ගසාගෙන ඇවිත් රැඳී තිබුණා. ඒක ඇත්තයි. නමුත් ඒ මියගිය අයගේ අවතාර තමා රෑට අදටත් සැරිසරන්නේ කියා සමහරුන් පවසනවා. මාත් රෑට ඔය වැව්පිටිය පැත්තට ඕනෑ තරම් ගිහින් තිබෙනවා. අනේ මම නම් ඔය කියන අවතාර හොල්මන් දැක්කේ නැහැ. කෙඳිරිගාන ශබ්දවත් ඇහිලා නැහැ. මේ කතාව බොරුවක්. සමහරු මේ අවතාර කතාව කියන්නන් වාලේ කියන දෙයක් යැයි ද යෝගේෂ්වරම් මහතා අවසාන වශයෙන් පැවසුවේ අවතාර කතාව අවඥාවෙන් බැහැර කරමිනි.
|
සුනාමියට ලක්ව දරුවන් අහිමි වූ පෙරියසාමි යෝගේෂ්වරම් |
උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් නිලධාරීන් පදිංචිව සිටින්නේද මේ වැවට ආසන්නව පිහිටි නිවසකයි.
ඔය විජයරාණි කියන තරුණිය අපිත් එක්කත් කිව්වා මේ ගෙදර පදිංචියට ආපු කාලයේම සර්ලා කොහොමද ඔයගෙදර ඉන්නේ රෑට වැවේ අවතාර තිබෙනවා කියා. කෑගහන ශබ්ද එහෙම ඇහෙනවා කියා. ඇයි සර්ලා අවතාර දැක්කේ නැත්ද කියලත් අපෙන් විජේරාණි අහලා තිබෙනවා. මේ වනතෙක් අප කිසිම කෙනෙක් ඔය අවතාර දැකලා නැහැ. ගැහැණු මිනිස්සු කෙඳිරිගාන හඬවල් ඇහිලත් නැහැ. මෙතැන අවතාර තිබෙනවා යැයි කියන කතාව බොරුවක්. එහෙම අවතාර තිබුණා නම් අපේ නිලධාරීන් කවුරු හෝ කෙනෙක් දකින්න ඕනෑ. නමුත් අපේ කිසිවෙක් දැකලා නැහැ. යැයි පැවසුවේ උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න මහතාය.
සුනාමියට අසුවුණ මිනිසුන්ගේ ගැහැනුන්ගේ හා කුඩා දරුවන්ගේ සිරුරු 100ක් පමණ වැවට ගසාගෙන පැමිණ තිබුණ නිසා ගමේ ඇතැමුන් අවතාර ඇතැයි කියා විශ්වාස කරනවා විය හැකිය.
මියගිය පසු අවතාර වී රෑට සැරිසරනවා යැයි සිතීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති මිථ්‍යා විශ්වාසයක් බව යළිත් පැවසිය යුතුව තිබේ.
|
මුලතිව් සංචාරයකින් පසු සටහන ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ත‍්‍රී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස් දෙක වහගෙන කන්නාඩිය ඉස්සරහට ගිහින් ඇස් ඇරලා බලන්නකෝ අෂිනි ඔයාට බය හිතෙයි දකින හොල්මනට. (ස)
අනේ ගොඩක් ස්තුතියි සමාධි කටුසු බිත්තර කට්ටට.කොහෙද කියලා තියෙන්නේ මම මාවම වර්ණනා කරගෙන කියලා? චන්දි නැන්දේ, මමත් ඔයාගේ අදහසට එකගයි. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ෆර්ඩිනෑන්ඩ්, එහෙම කියන්න එපා. දකුණේ කෙනෙකුගෙන් අහල බලන්න, හොල්මන් කියන්නේ මොනවද කියලා. හොඳට කියල දෙයි. ෂුවර් එකටම ඔයාට දවල්ට උනත් ගෙදර තනියම ඉන්න බය හිතෙයි. (ස)
පත පොතේ ඇති දේ කට පාඩම් කර, දාරණ ශක්තිය නිසාම විබාග ජයගෙන උගතුන් වූ පිරිසකට නොතේරෙන බොහෝ දේවල් අට , පහ සහ හය , හතර දන්නා පාසැල් නොගිය ගැමියන්ට තේරෙනවා. ඔවුන් විශ්වයේම දැනුම ලබාගන්නේ තමාත් තමන්ගේ අවට පරිසරයත් සුසන්ගතය තර්කනයට ලක් කිරිමෙනුයි. පරතොගොෂ දැනුමට වඩා එය බොහෝවිට ප්‍රබලයි. (නදී)
ඔය කියන හොල්මන ලස්සනද? අපේ ගෙදරින් මට හරිම වදේ බදින්න කියලා. එහෙම එකක්වත් හොයාගන්න කියලා බැලුවේ. (නි)
හරියට හරි දර්ශන.. (ස)
මම නම් බය හොල්මන් වලට නෙමෙයි. පණ පිටින් ඉන්න මිනිස්සුන්ට. (නි)
විශ්වාස කරන්න අමාරු කතාවක්. (ස)
සමාධි දුවේ .., චන්දි නැන්දනම්..ඔය අවතාර පිළිගන්නේ නැහැ..!! හ්ම් හ්ම් හ්ම් ඔයා කිව නේද ලාවට හිටිය කියලා ..? ඒ අපේ සමදරා වෙන්න ඇති මොකද එයා සුදු ඇද ගෙනලු නිතරම ඉන්නේ .., ආයෙත් දැක්කොත් පොඩ්ඩක් විපරම් කොරල බලන්න හොඳේ ...!!! (ස)
අවතාර වැඩි හරියක්ම සුදු පාට දුහුල් ඇඳුමකින් සැරසිලා ලස්සන කාන්තාවන් රාත්‍රී කාලයේ සැරිසරන ඒවා දැකල තියෙන්නේ පිරිමි අය.බය වෙලා තියෙන්නෙත් වැඩි හරියක් පිරිමි අය.මේවා පිරිමි පක්ෂයටම පෙන එක මොකද දන්නේ නැහැ.මම නම් කවදාවක් හොල්මන් දැකලත් නැහැ, බය වෙලත් නැහැ. (දී)
මම නම් කියන්නේ මේක කාගේ හරි ලොකු ප්‍රෝඩාවක්. මේ රටවල ඉන්න කාගේහරි ඉගැන්නුම් බහට කරන දෙයක්. මොකද මෙහෙ ඉන්න මිනිස්සුන්ට දැන් ඒ පැතිවලින් ඉඩකඩම් වුවමනා වෙලා තිබෙනවා. ඉතින් ඔයවගේ දෙයක් කියලා ඉන්න මිනිස්සුන්ව එළවා ගත්තහම නිකම්ම ඒ ඉඩම් ටික අල්ලාගන්න පුළුවන් (නි)
තමන්වම වර්ණනා කර ගන්න එක හරි නෑ නේද අෂිනි මං ඔයාට හැංගෙන්න කටුසු බිත්තරේක කට්ටක් එවුවා.ඒක තිබ්බේ පරිස්සමින් හැංගෙන්න හොඳේ.... (ස)
බයත් හිතෙනවා පාරේ යන්නත් රෑට (දී)
මමත් ඔය අවතාර දැකපු කෙනෙක්. ඔය වැව ලඟින් රෑට යන්න බැහැ . අවතාර නැහැ කියන අය ගිහින් බලන්න. මේක ඔයාලට හොඳ අවස්ථාවක්. (ස)
නොපෙනෙන ලෝකය පෙනෙන ඈස් දෙකෙන් බලන්න බැහැ. ඔයාට නොපෙනෙන දේ මට පේනවා. තව කෙනෙකුට පේන්නත් පුලුවන්...නොපෙනුනා කියලා ඒක නැහැ කියලා සැලකීම ඉතාමත් වැරදියි...විදුලිය බලය නොපෙනුනා කියලා අපි ඒක බැහැර කලේ නැහැනේ. අදත් අපිට ආලොකය දෙන්නෙ ඒ බලය තමා..හිතන්න ගොඩක් දෙවල් තියෙනවා. (ස)
මම නම් බය හොල්මන් වලට නෙමෙයි. පණ පිටින් ඉන්න මිනිස්සුන්ට. (නි)
ඕව නෑම කියල කියන්නත් බැහැ ලොකුවට පම්පොරිගහන වෛද්‍යවරුන් බලන්න ඕන දේවල් ගැන ළඟින් හිටී තක්ෂිලා නම් හොල්මන් දැකල ඇති. (අ)
මොකක් හරි ජාවාරමක් කරනවා ඇති නීති විරෝධී .. ඒ පැත්තට මිනිස්සු එන එක වලක්වන්න කව්රුහරි ඔය වගේ වැඩක් කරනවා ඇත්තේ මම නම් හිතන්නේ ..(දිල්)
හැමදේම විහිලුවට ගන්න අයට දවසක පෙනෙන්න ඕනෑ ඔය හොල්මන්.එදාට තේරෙයි (නි)
ඕව නෑම කියල කියන්නත් බැහැ. .(නදී)
අපේ යහළුවෙක් දවසක් කළුවරේ ගෙදර එනකොට මහසොහොන හමු වෙලා. පස්සේ දෙන්න බාර් එකට ගිහින් සූර් වෙන්න බීලා. මහසෝනා එක්ක චැට් වෙන්න ඕනනම් මාව අමතන්න. . (නදී)
චන්දී නැන්දේ අපේ සමදරා නැන්දව මං මේ ලඟදි දැක්කා බොරැල්ල කනත්ත ලඟදි, කාටවත්ම කියන්න එපා කීවා. සරත් මාමත් ළඟ හිටිය නිසා. (ස)
හොල්මන් අවතාර කියල දේවල් මිනිස්සු හිතින් මවා ගත්ත දේවල් දැන් මේක සමාජගත වෙලා තියෙන්නේ ඩොක්ටර් මේ මිනිස්සුන්ට ඇත්ත පහදලා දෙන එක නම් ලොකු දෙයක් (අ)
මම නම් කවදාවත් අවතාර විස්වාස කරන්නේ නෑ.කවද හරි මම ඇත්තටම දැක්කොත් විතරක් විස්වාස කරනවා. (ස)
කවුද එතකොට විලාප නගන්නේ? බොරු කතා. (අ)
. ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියල හිතාගෙන. (අ)
හොල්මන්, අවතාර, හදි හූනියම් විශ්වාස කරන තාක්කල් කපුවන්ටත් කට්ටඩියන්ටත් රජ මගුල්. (නි)
සමාදී මම ඇස් 2 වහගෙන කන්නාඩිය ලඟට ගිහිල්ල බැලුවා. හැබැයි දැක්ක ඇති හොල්මනක් නම් නෑ. ලස්සන ළමයෙක් නම් ඒක ඉස්සරහ හිටගෙන හිටියා. මට බය හිතුනෙත් නෑ. හැබැයි ඔයාගේ කතාවට නම් බය හිතුනා. බිත්තර කටුවක් ගෙනත් දෙනවද හැංගෙන්න.(නදී)
"වැව ඉස්මත්තේ නිවාස තනාගෙන අලූතින් පදිංචියට පැමිණ සිටින අය පැවසුවේ තමන් ඔය කියන අවතාර දැක නොමැති බවත් අද්භූත හඬවල් මෙතෙක් ඇසී නොමැති බවත්ය". මේක නම් අලුතින් පදිංචියට එන අයව නවත්තන්න කරපු තවත් එක වැඩක් වගේ. (නි)
මේ වැවේ පේන සමහර හොල්මන් මාත් දැකල තියෙනවා .සමහරු රොෂාන් වගේ ,තවත් සමහරු පහන් වගේ සරත් මාමා වගේම එක්කනෙකුත් ඉන්නවා මං රැවටුනා ඇත්තටම ඒ ඔයාලද කියලා.අපේ චන්දී නැන්දත් ලාවට වගේ ඉන්නවා දැක්කා. (ස)
මම නම් විශ්වාස කරන්නේ නෑ ,, මෙහෙම වෙනවනම් සුනාමි ඇවිත් දෙන අවුරුදු අටක් වෙනවා දෙන්ඩ අවතාරවලට පණ ඇවිත් තියෙන්නේ මොන පිස්සු කතාද කව්ද ඔය බොරු කතා විශ්වාස කරන්නේ ,,,මිනිස්සු තම අවතාර බොරුකාරයෝ ඔක්කොම ,,, (දිල්)