IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


මාලිගාවත්තට මේ කඩු ගොන්න ගෙනාවේ කවුදැයි සොයන්න

කොළඹ මාලිගාවත්තේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය පිටුපස පොදු ළිඳක දමා තිබූ කඩු 58ක් පිහි 52ක් සහ පිස්තෝලයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසිය සමත් වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේ ය.

අතීතයේ දී මේ රට හැඳින් වුණේ ධාන්‍යාගාරය ලෙසිනි. එහෙත් දැන් මේ රට හැඳින්වීමට සිදුවී තිබෙන්නේ අවි ගබඩාවක් ලෙස ය. ඉකුත් අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව රට පුරා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම්වලින් සොයා ගන්නා අවි තොග නිසා එම නම මෙරටට දැන් කදිමට ගැළපේ.

මාලිගාවත්තෙන් සොයා ගත් අවි තොගය අතර ඉටි ආවරණ ඉවත් නොකළ නවීන කඩු 46ක් පරණ කඩු 12ක් ඇතුළත් ය. නවීන කඩු චීනයෙන් ආනයනය කර ඇතැයි ආරක්‍ෂක අංශ පවසයි. එම අවිවලට අමතරව අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ සංයුක්ත තැටි 26ක් ද සොයාගත් බව අප ප්‍රවෘත්තියෙහි සඳහන් ය.

මෙම අවි ජනාකීර්ණ මාලිගාවත්තේ පොදු ළිඳක පතුලට ආවේ කෙසේ ද? අප්‍රේල් 21 වැනි දිනට පෙර ගත වූ අවුරුදු තුන හතර ඇතුළත මාලිගාවත්ත ප්‍රදේශය ද ඇතුළත්ව කොළඹ නගරයේ පාතාල කල්ලි අතර ගැටුම් ඇවිළී ගියේ ය. ඒ සෑම අවස්ථාවක දී ම පොලිස් මෙහෙයුම් දැඩි විය. මුරකාවල් යෙදිණි.

පාතාලයට අමතරව කුඩු ජාවාරමට එරෙහිව ද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක විය. ඇතැම් මෙහෙයුම් විමතිය දනවන තරමට සූක්‍ෂම විය. ඒ තර කළ ආරක්‍ෂක විධි විධාන තුළ අවි, කුඩු නොව මැස්සෙකුට හෝ පියඹා යා නොහැකි යැයි සාමාන්‍ය ජනයා සිතුවේ නම් එය විමතියට කාරණයක් නොවේ.

ප්‍රබන්ධයට වඩා සත්‍ය බලවත් බවට කියමනකි. අද යථාර්ථය බවට පත්වී තිබෙන්නේ ඒ බලවත් වූ සත්‍යය ම ය. ඒ සත්‍ය බිහිසුණු ය. ඇඟ ලොමු ඩැහැ ගන්වන සුළු ය. මායාවේ තිරයට මුවා නොවී සංහිඳියාවේ වහන්දරාවට මුවා නොවී ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු විවිධ නාම පුවරුවලට ආවරණය නොවී ඒ බලවත් සත්‍ය එයට හිමි නිසි අරුතෙන් හඳුනාගත යුතු පැය එළැඹ තිබේ.

හඬා බසින මහා ගංගාවක් බවට පත්ව මහ සයුරට එකතු වන්නේ පුංචි දිය උල්පතකින් නික්මෙන පුංචි දිය බිංදුවකි. අද කඩු කිණිසි හරහා ඇරඹෙන උමතුව හෙට යුද ටැංකි දක්වා වර්ධනය වීමේ අනතුර හඳුනා ගත යුතු ය. ගල්කටස් ගිනි අවියෙන් වැඩ ඇරඹූ එල්.ටී.ටී.ඊ. සංවිධානය අභාවයට යන විට මහා සන්නද්ධ බලයක් නිර්මාණය කර ගැනීමට සමත් විය. මරාගෙන මැරෙන මිනිස් බෝම්බ අමතර වශයෙනි. රට සියවස් ගණනාවක් ආපස්සට රැගෙන යාමට එම යුද්ධය සමත් විය. ඒ වෙනුවෙන් අපි තවමත් වන්දි ගෙවමින් සිටිමු.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගත විය යුත්තේ එහෙයිනි. දිනක් දිනක් පාසා වාර්තා වන සිදුවීම්වලින් පැහැදිළි වෙන්නේ ජාතික ආරක්‍ෂාව ඈලියාවට ගොස් තිබූ බවය. සැබැවින් ම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සෙවීමට සඟවා ඇතැයි කියන, රත්තරන් සෙවීමට තිබූ උනන්දුවවත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් තිබූ බවක් නොපෙනේ. එය එසේ වූයේ නම් මාලිගාවත්තෙන් මෙතරම් කඩු තොගයක් හසුවීමට ඉඩක් නැත. කොම්පඤ්ඤවීදියෙන් කඩු හමුවීමට හැකියාවක් නැත. මාලිගාවත්තේ ළිඳට මේ කඩු දැම්මෙ කවුදැයි දැනගැනීමට අයිතියක් තිබෙන්නා සේ ම ඒ ගැන පරික්‍ෂා කිරීමේ වගකීමක් ආරක්ෂක අංශවලට තිබේ.

මේ කඩු කුමකට ද? නොවලහා පිළිතුරු සපයා ගත යුතු ප්‍රශ්නය එයයි. මෙහිදී කළ යුතුව තිබෙන පළමු කාරණය නම් ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම ය. උගුරට හොරා බෙහෙත් ගිල දැමීමට ඇතැමෙක් උත්සාහ කරති. ප්‍රශ්න සමනොළ ගිරි හිසටත් ඉහළින් තිබුණ ද කිසිම ප්‍රශ්නයක් නැති ලෙස ඇතැමෙක් හැසිරෙති. වෙනස් මාතෘකා දමමින් ඇත්ත මාතෘකාව වසන් කිරීමට උත්සාහ කරති.

අවධාරණය කළ යුතු කාරණාවක් තිබේ. පල්ලිවල කඩු සඟවා තිබුණේ කැලෑ ශුද්ධ කිරීමට යැයි ප්‍රකාශ කළේ මෙරට මුස්ලිම් ආගමික කටයුතු භාර ඇමැතිවරයා ය. එබඳු විහිළුවලින් යථාර්ථය වසන් කිරීමට යමකු උත්සාහ කරන්නේ නම් නිසැක වශයෙන් ම එය තක්කඩි කමකි. කෙතරම් තිත්ත වුව ද බියකරු වුව ද සත්‍ය පිළිගත යුතු ය. 1971 අප්‍රේල් කැරැල්ලට දින නියම වූයේ එකල විද්‍යොදය නමින් හැඳින් වූ විශ්වවිද්‍යාලයේ සංඝාරාමයේ දීය. සංඝාරාමය යනු විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලාගේ නේවාසිකාගාරය වේ. 

71 කැරැල්ල යනු සති පිරිත් පින්කමක් නොවේ. එය කැරැල්ලකි. සන්නද්ධ බලයෙන් ආණ්ඩු පෙරැළීමට ගත් උත්සාහයකි. එබඳු උත්සාහයක් භික්ෂු නේවාසිකාගාරයක දී ගත්තේ යැයි බෞද්ධ රටේ වැසියන්ට පිළිගැනීමට තරමක අසීරුතාවක් ඇතිවන්නට ද ඇත. එහෙත් සත්‍යය එයයි.

මේ මොහොතේ පියවි ඇසට නොපෙනෙමින් සිදුවන්නේ කුමක් ද? මෙය භයානක පෙර නිමිත්තක් බව හඳුනා ගන්න මුස්ලිම් ආගමික නායකත්වයත් මුස්ලිම් දේශපාලන නායකත්වයත් නොපමාව පෙරට ආ යුතු ය. මුළුමහත් සමාජය ම ප්‍රශ්නය නිවැරදිව හඳුනා ගනිමින් කළමනා කටයුතු සඳහා කැපවිය යුතු ය.



අදහස් (10)

මාලිගාවත්තට මේ කඩු ගොන්න ගෙනාවේ කවුදැයි සොයන්න

Perakum Friday, 10 May 2019 06:17 AM

බලන්න මේ වෙනකොට විතරක් අහුවෙච්ච කඩු තොගය. තව කොච්චර අහුවෙන්න තියනවද? ඊට අමතරව පිහි...! මේවා පාවිච්චි කරන්න මිනිස්සු කී දෙනෙක් ඕනද? අපේ ජනාධිපති නම් කියන්නේ 100 ට අඩු ගණනක්ලු ත්‍රස්තයෝ ඉන්නේ. එයිනුත් වැඩි හරියක් දැන් අහුවෙලාලු. කාටද මේ කියන්නෙ..? JR කිව්වා වගේ අපේ ආරක්ෂාව අපි බලා ගමු.

:       2       698

Raveendra Friday, 10 May 2019 07:27 AM

මෙම ලිපියෙහි සඳහන් කරුණු අනුව ඇත්තටම රටේ ආරක්ෂාව බල්ලට ගොසින් ඇති බව කීමට කැමැත්තෙමු. මුස්ලිම් කටයුතු ඇමැති කි දෙයද හාස්‍යඋපදවන්නක් නොවන්නේද? (අනිත් ඇමතියෝ යයි කියන නිවටයන්ටද වගේ වගක් නැත)? අපගේ ජීවිත කාලෙටම ඇසුවාමයි.. කැලෑ සුද්ද කිරීමට කඩු භාවිතා කරන බව.... මේ භයානක විහිළු සැපයූයේ බලයේ ඉන්න තවත් තක්කඩි ඇමතියෙක් වීමත් පුදුමයකි. මේ රිලව් 225ම හිතාගෙන ඉන්නේ ඔවුන්වගේ රටේ පුරවැසියනුත් සිතනු ඇතැයි කියා නම් එය එම රිලව් 225 තමතමන්ව රවට්ටා ගැනීමකි. රටේ පූජනීය ස්ථානයකට අවිආයුධ අවශ්‍ය වන්නේ කුමක් සඳහාද යන සරල ප්‍රශ්නය පාර්ලිමේන්තුව නැමැති ගුබ්බෑයමේ ඉන්න එකඳු රිලවෙක් ප්‍රශ්නයක් හැටියට නැගුවාද? එමගින් ගම්‍ය වන්නේ මෙම කාලකන්නි 225 ටම අවශ්‍ය වන්නේ තම තමන්ගේ ආරක්ෂාව හැර රටේ ආරක්ෂාව නොවන බව නොරහසකි...

:       1       500

duFriday, 10 May 2019 12:53 PM

ඔය 225 ලැජ්ජා නහරය කපලා. රටේ ඉන්න කෝටි 2ක ජනතාවගේ ඒවා නැහැ කියලයි හිතන් ඉන්නේ...

:       0       149

PerakumFriday, 10 May 2019 01:39 PM

සුළු ජාතීන්ගේ ඡන්ද වලින් අපේ ගොඩ ලොකු වෙනවා නම් රට කාට ගියත් මොකෝ...?

:       0       187

ranjith Friday, 10 May 2019 02:19 PM

කඩු තම සන්තකේ තබා ගැනීම වරදක්.. එතකොට කව්ද ගැහැණු ආරක්ෂා කරගන්න කඩු ලඟ තබාගන්න අවසර දුන්නේ? මේ වගේ විහිලු රටට සපයන්න එපා. අපේ ගෙවල්වලත් ගැහැණු ඉන්නවා. එ්ත් අපේ ගෙවල්වල කඩු නැත. රටේ ආරක්ෂක හමුදා නිසා තමයි අපිත් ආරක්ෂා වෙලා ඉන්නේ.. ඒ නිසා ඒ අයගේ සෝදිසි මෙහෙයුම්වලට බාධාකරන්න එපා. කඩු තියාගන්න එපා..

:       0       211

Nana Saturday, 11 May 2019 02:26 PM

මේවා ගෙන අය සොයන්න කලින් මේවා කස්ටම් එක තුළින් එළියට ආවේ කොහොමද සොයන්න. මූලික ප්‍රශ්නය එයයි. වංචනික නිලධාරීන් සම්බන්ධ ඇති. අතු කඩන්න එපා මුලින් කපන්න.

:       0       0

rocky Sunday, 12 May 2019 07:21 AM

රාජ්‍ය දෙපාර්තමේන්තුවක ක්ෂේත්‍ර නිලධාරියෙකුව සිට විශ්‍රාම ගොස් සිටින මගේ වයස 79 ක්. මේ කාලය මුළුල්ලේ මා දැන සිටි කිසිම ගෙදරක ගැහැණු ආරක්ෂා කරන්න කඩු තියාගන සිටියේ නැහැ. අදත් අපි දන්නා ගෙවල්වල කාන්තාවන් ආරක්ෂා කරන්න කඩු ඕන නැහැ. අපේ ගැහැණු දන්නවා ආරක්ෂා වෙන්න.

:       0       251

Rasika Monday, 13 May 2019 06:23 AM

පූජනීය ස්ථානවල කඩු ගැන කළ ප්‍රකාශයද? පැමිණිලි කළ යුතුයි.... මේ මොන කතාද?

:       0       122

wedage Wednesday, 15 May 2019 09:22 AM

තස්ත්‍ර බලය අනුලෝමව සමානුපාතික වන්නේ මේ ලැබෙනා කඩු ප්‍රමාණයටය, මේ බෝම්බ ප්‍රහාරය ගැන කලින් දැනුවත් වී සිටි අන්තවාදීන් මෙම කඩු සුදානම් කරගෙන සිටින්නට ඇත

:       0       0

varnaulasooriya,d Wednesday, 15 May 2019 12:59 PM

කඩු නෙමෙයි ළඟදී එයි මැෂින් තුවක්කු.............. ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 450 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 365 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 282 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1382 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 69 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 663 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 562 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1171 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site