‘අභිධානප්පදීපිකාව’ අපට ඇති එකම පාලි නිඝණ්ඩුවයි. පාලි නම්වල අර්ථ පැහැදිලි කර දීම සහ පර්යාය පද නැතහොත් සමාන පද දැක්වීම එහි පරමාර්ථයයි. මේ පොත සම්පාදනය කරන ලද්දේ ක්‍රි.ව. 1157 දී පමණ ලංකාවේ රජ වුණු මහා පැරකුම්බා රජතුමා කරවූ පොළොන්නරුවේ ජේතවනාරාම මහා විහාරයේ වැඩ වාසය කළ විල්ගම්මුල පරපුරේ මොග්ගල්ලායන මහ තෙරුන්වහන්සේ විසිනි. උන්වහන්සේ මෙම කෝෂ ග්‍රන්ථයෙහි ස්ත්‍රීන් සඳහා සමාන නම් දහතුනක් දක්වති. වෙසෙස් චරිත ලක්ෂණ අනුව ස්ත්‍රීන් හැඳින්වෙන නම් නවයකි.
දැනට විද්‍යමාන ආදිම සංස්කෘත නිඝණ්ටුව අමරකෝෂයයි. එය එනමින් ප්‍රකට වූයේ අමරසිංහ නාමෝපලක්ෂිත ආචාර්යවරයා එහි කර්තෘ වූ හෙයිනි. ඔහු භාරතයේ වික්‍රමාදිත්‍ය නරනාථයන්ගේ (06 ශ.ව.) රාජ සභාවෙහි විජෘම්භමාන පණ්ඩිත රත්නයන් නව දෙනාගෙන් කෙනෙකු ලෙස අංගීකෘතය අමරකෝෂයෙහි ස්ත්‍රී පර්යාය ශබ්ද එකොළොසකි. විශේෂ ලක්ෂණයන්ගෙන් සමන්විත චරිතාංග අනුව වර්ග කොට දැක්වෙන ස්ත්‍රී නාම දහතුනකි.
අප සතු පැරැණි සිංහල නිඝණ්ඩු තුනකි. ඉන් පළමු වැන්න වන ‘පියුම් මල’ කවුරුන් විසින් කවර දා කරන ලද්දක් ද යන්න අඥාතය. එහෙත් පසළොස් වන සියවසෙහි එනම් ජයවර්ධනපුර රාජධානි සමයෙහි සෙසු නිඝණ්ඩු දෙක ප්‍රතිපාදිතය. පිළිවෙළින් ලියැවුණු ‘පුරාණ නාමාවලිය’ සහ ‘රුවන් මල’ ඒ නිඝණ්ඩුය.
‘පියුම් මල’ ගැදියෙන් කර ඇති අතර ඉතිරි දෙක පැදියෙනි. ජයවර්ධනපුර රජ පැමිණි සයවැනි පැරකුම්බා රජුගේ දුව සරණ ගෙන සිටි නන්නූරුතුනයා නම් බෑනණුවෝ පුරාණ නාමාවලි සම්පාදකයෝ වෙති. මෙහි ස්ත්‍රී නාමය උදෙසා සමාන නම් විස්සකි. විශේෂ පර්යාය පදහු දහසයකි. සවන පැරකුම්බාවෝ තම රුවන් මල මගින් ස්ත්‍රී පර්යාය ශබ්ද විසිඅටක් ගෙන හැර පාති. ඔහු විශේෂ ලක්ෂණයන්ගෙන් සමන්විත ස්ත්‍රී නාම පනස්එකක් රුවන් මලෙහි සංග්‍රහ කර ඇත. පැරකුම්බාවෙන් තම ‘රුවන් මල’ සංස්කෘත අමරකෝෂය ආදර්ශ කොට නිපදවා ඇත ද එකී අමරසිංහ ආචාර්යවරයා ද දැක ඇත්තේ විශේෂ ලක්ෂණ සම්පන්න ස්ත්‍රී නාමයන් දහතුනක් පමණි.
මේ සියලු නිඝණ්ඩුවල එන සාමාන්‍ය ස්ත්‍රී පර්යාය නාම මෙන්ම විශේෂ ස්ත්‍රී නාම ද මගේ සුහද විවරණ මිහිර පාඨකයන්ගේ ඇසට හසු කිරීමට හැකි වී නම් ඔබට ඉන් අපූර්ව තීව්‍ර රසාස්වාදයක් විඳ ගැන්මට වාසනාව ලැබෙනු නොඅනුමානය. එහෙත් එවැන්නකට මෙය නොතැනි. එය පවසනුයේ දුකෙනි. මෙහිදී මා ‘නිඝණ්ටු’ සහ ‘නිඝණ්ඩු’ යන දෙවදන්ම යොදා ඇත්තේ වැරැදීමකින් නොවේ. භාෂා භේදය අනුවය. ‘නිඝණ්ටු’ යන්න සංස්කෘත ශබ්දයයි. පාලි ශබ්දය ‘නිඝණ්ඩු’ යන්නය.
අපගේ පැරැණි නිඝණ්ඩු සාහිත්‍යයෙහි හමුවන ස්ත්‍රී පර්යාය ශබ්ද නිමිති කොට ඔබ සමඟ මෙසේ පිළිසඳරක යෙදෙන්නට මෙවන් සිතක් හදිසියේ මතුළ උපන්නේ, මේ දිනවල දුරකතන සංවාදයක යෙදෙන හැම වාරයක් ගානේම ඇසෙන කන් අඩි දෙදරවන ඝෝර මාර නිවේදනයක් නිසාය. එය මෙසේය.
“මෙම නව කෝවිඩ් වයිරසය පෙර නොවූ ලෙස කඩිනමින් අවදානම්ව පැතිර යනු ලබයි. එබැවින් ඔබ මේ ගෙවමින් සිටින්නේ කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වැඩිම අවදානම සහිත කාල පරිච්ඡේදයකයි. මේ තත්ත්වය දැඩිව අවධානයට ගෙන සංචරණය හැකිතාක් සීමා කර නිවසේම රැඳී සිටින්න. නිරෝධායන රීති සහ සෞඛ්‍ය රීති දැඩිව පිළිපදින්න. මෙම උවදුරින් ඔබත් ඔබගේ පවුලේ අයවලුනුත් රටත් ආරක්ෂා වනු ඇත.”
මෙම නිවේදන පාඨය වනාහි මිශ්‍ර සිංහලයෙන් ගැට ගසන ලද මොට්ට දුෂ්ට කෂ්ට පාඨයකි. එකම හෙළ බස් වෙසරද මම්ම වෙම් යැයි දැපෙන පිපෙන කිසියම් සරසවි මහැදුරෙකුගේ උපදෙසින් ගෙතුණක්දැයි නොදනිමි. කෙසේ වුව ද සිංහල ලේඛනයෙහිදී අප අක්ෂර වින්‍යාසය වෙසෙසින් සැලකිය යුත්තේ අපගේ වත්මන් බසෙහි පවත්නා මේ මිශ්‍ර වාංමාලාව නිසාය. මිශ්‍ර වාංමාලාව යනු ‘තත්සම’ හෙවත් ‘තසම’ වදන් වැලයි. ‘තත්සම’ යන්නෙහි අරුත ‘ඊට සමාන’ යනුයි.
කවරකට සමාන ද? එනම් මුල් බසට සමාන වීමයි. ‘අධම’ යනු සංස්කෘත වදනකි. එහි අරුත ‘පහත්’ යන්නයි. මුසු හෙළයෙහි යෙදෙන විට ඊට අයත් අක්ෂර වින්‍යාසය (අකුරු පිළිවෙළ) වෙනස් කිරීමට අපට අයිතියක් නැත. වැරැදි අරුතක් පළ විය හැකි හෙයිනි. එය ‘අදම’ යනුවෙන් අකුරු පිළිවෙළ වෙනස් කොට යෙදූ කල සිදුවන දේ බලත්වා.
මේ අනුව ඉහත දැක්වුණු මිශ්‍ර සිංහල පාඨය වනාහි අක්ෂර වින්‍යාසය දෝෂයෙන් ප්‍රදුෂ්ට ව්‍යාකරණ දෝෂයෙන් ක්ලිෂ්ට බෙරවා මාප්පරාණ ගහණ මලකඩ වාක්‍ය කණ්ඩයකි.
කන් අඩි දෙදරවන නිවේදිකාව ඒ මලකඩ වාක්‍ය කණ්ඩය වඩාත් ගොරහැඩි කරයි.
මේ ලිපියේ පූර්විකාව වශයෙන් පාලි, සංස්කෘත හා සිංහල නිඝණ්ඩු ගැන විවරණයක් මගේ සුහද පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමට පෙලැඹී ගියේ එක්තරා වෙසෙස් ස්ත්‍රී නාමයක් සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ත්‍රෛභාෂා නිඝණ්ඩු පීරමින් ඒවායෙහි එන විශේෂ ස්ත්‍රී පර්යාය නාම මාලා අලළමින් එක්තරා ස්ත්‍රී නාමයක් සෙවුවෙමි.
කවරක් ද ඒ? එනම්, බෙරවා මාප්පරාණ ගහන මලකඩ වාක්‍ය කණ්ඩයක් විකාර උච්චාරණයක් කියවීමට සමත් ස්ත්‍රිය හඳුන්වන නාමයයි. එවැන්නන් පෙර නොවූ බව පැරැණි නිඝණ්ඩුවල එන ස්ත්‍රී පර්යාය නාමාවලියෙන් සනාථ වෙයි. ඊට නමක් ඉන් හමු නොවුණු හෙයිනි. එහෙත් එවැන්නක් ලෝකෙන් උතුම් රට වන සිරි ලංකාවේ අද සුලබ බව මලකඩ කොවිඩ් නිවේදනයෙන් පමණක් නොව ඇතැම් විට ඊට ද ආදර්ශ වූවා විය හැකි සියයට අනූනවයක් ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවලින් ද ඉඳුරා සනාථ වෙයි.
(***)
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මලකඩ කොවිඩ් අඬවැඩියාව
Ranji Wednesday, 11 August 2021 06:02 PM
මොකක්ද මේ කියන්නේ..?