IMG-LOGO

මැරුණු අක්කා නංගිගේ ශරීරයට ඇතුළු වෙලා

19_PAGE_06_RASA

 

මෙම සිද්ධිය මාගේ පියා ජීවත්ව සිටිය දී ඔහු හා සම්බන්ධ වී කළ ශාන්ති කර්මයකි. මෙහි සඳහන් නම් ගම් මනඃකල්පිත වුවද මෙය සත්‍ය වූ සිද්ධියකි.
මෙහි කථා නායිකාව නන්දා ලෙස නම් කරමි. ඇය පදිංචිව සිටියේ කොත්මලේ අරංගල ග්‍රාමයෙහිය. ඇයගේ දෙමාපියන් ගොවිතැන් කළ අතර එක් සහෝදරයෙක් හා සහෝදරියෝ තිදෙනෙකි. සහෝදරයා රජයේ උසස් රැකියාවක නියැලෙන අතර බිරිඳ නීතිඥවරියකි. ඔවුන් පදිංචි වූයේ මහනුවරයි.
නන්දාගේ වැඩිමහල් සහෝදරිය විවාහවී පදිංචි වූයේ අම්පාරේය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. වැඩිමහල් ගැහැණු දරුවාට වර්ෂ 5ක් පමණ වේ. බාල පිරිමි දරුවාට මාස 8 කි.


කමලාගේ ස්වාමි පුරුෂයා ගොවිතැන් කළ අතර කසිප්පු වාඩියක්ද ගෝලයින් සමග එක්ව පවත්වාගෙන ගියේය. එසේම ඔහු ගමේ චණ්ඩියෙකි. නමින් ඔහු සමන්තය.


අනෙක් සහෝදරියන් ද විවාහකය. නන්දා පමණක් අවිවාහකය. මෙසේ කාලය ගෙවී යන අතරතුර අම්පාර සමන්තගෙන් නන්දාගේ පවුලේ උදවියට හදිසි පණිවිඩයක් ලැබුණි. කමලා ළිඳට වැටී ජීවිතක්ෂයට පත්වූ බව එයින් කියවුණි. මෙය දැනගත් නන්දාගේ පවුලේ සියලුදෙනා ඉතාම ශෝකයට පත්වූහ. ඉන් පසු ඔවුන් සියලුදෙනා වාහනයක් රැගෙන අම්පාර බලා පිටත් වූහ. නන්දා තම සහෝදරියගේ නිසල දේහය බදා දුක තුනී වනතුරු හැඬුව ද ඉන් සැනසීමක් නොලැබුණි.


සමන්තගේ ප්‍රතිචාර ද තම පවුලේ අයවලුනට ශුභ නොවුණි. දෝශාරෝපන කිරීම හා ආරවුලටම ඔහු කථා කළේය.


එහෙත් ඒ සියලු චෝදනා වේදනා ඉවසා තම සහෝදරියගේ අවසන් කටයුතු කර නැවත යාමට පැමිණ හත් දවස තුන්මස දාන ආදී ක්‍රියා ගමෙහි පන්සලේ දී කරන ලදී.

dfh
ටික දිනක් ගතවන විට නන්දාට හිසෙහි අමාරුවක් සෑදීමට පටන් ගත් අතර දිවා කාලයෙහි හා ගොම්මන් ජාමෙහි එය වැඩි විය. ශරීරය වෙව්ලීමටත්, ආහාර අප්‍රියවීමටත් ගතට අමුතු ශීතලයක්ද හටගෙන තිබුණි. වෙනදා නිවසෙහි සියලු කටයුතු ඈ අතින් සිදුවන නමුත් නිදා ගැනීමට ද අඳුරෙහි විසීමට ද ප්‍රිය කළාය.


දිනෙන් දිනෙම ඇගේ ක්‍රියා කලාපය වෙනස් වුණි. ඇය භීතියකින් මෙන් හැසුරුනු අතර දෙඩවීමට ද පටන් ගත්තාය.


දෙමාපියන් මේ පිළිබඳව තම පුතුට දැන්වූ පසු ඔහු පැමිණ කතා කළද වැඩි කතාබහක් නොවූ ඇය තම කාමරයට ගොස් දොර වසා ගත්තාය.


මෙය බලා සිටීම ශුභ නොවන බව දැනගත් ඔහු නන්දා හා පියා කැටුව අප හමුවීමට පැමිණියේය. මෙහිදී ඇය දිෂ්ටි කළවිට මොරදී කෑ ගැසීමට පටන් ගත්තාය. එය පාලනය කළ අප ඇයගෙන් ප්‍රශ්න ඇසීමට පටන් ගත්තේ මෙලෙසිනි.

 


● කවුද මේ ශරීරයට ඇවිත් ඉන්නේ?
කිසිදු කතාවක් නොකළ ඇය කතා කිරීමට නොහැකි බව අතින් සංඥා කරන ලදී. එවිට දෙහි හිසෙයි හා ගෙලෙහි තබා කපන ලදී. එවිට සෙම ඇදීමක් සමගම කටහඬ අවධි කිරීමට ඇයට හැකිවිය.


“අයියෝ මගේ දරුවෝ” කියමින් වැළපීමට පටන් ගත්තාය. එය සමතයකට පත් කළ අපි, ’හොඳයි දැන් කියමු බලන්ට මේ ශරීරයට ඇවිත් ඉන්නේ කවුද කියලා?’ යි විමසීමු.


“මම කමලා”


● කවුද මේ කමලා කියන්නේ?
මේ නංගිගේ අක්කා. අම්පාරට බැඳලා හිටියේ.

 


● ඇයි මේ ශරීරයට ඇතුළු වුණේ.
මාව පාවෙනවා, බෝගස්වලට, නුග ගස්වලට, පංසල්වලට, ආලෝකය තියෙන තැන්වලට. එහෙම පාවෙලා යන කොට මම මගෙ ගෙදර මතක් වුණා. එතකොට මම ඇවිල්ලා නැවතුනේ ගෙදර. නංගි තනියම කුස්සියේ කරවල බැද බැද හිටියේ. එතකොටයි නංගිගේ ශරීරයට ඇතුළු වුණේ.

 


● ඇයි මේ ශරීරයට ඇතුළු වුණේ?
මට කළ දේ මේ කවුරුත් දන්නේ නෑ. මට පලිගන්නයි ඕනෑ.

 


● කාගෙන්ද?
මගේ මිනිහාගෙන්. මිනිහා මාව මැරුවා. අයියෝ එයා මගේ බෙල්ල මිරිකුවා. තාම බෙල්ල මිරිකපු පාරට හිරවෙනවා. හුස්ම ගන්ට බෑ. කථා කරන්නටත් බැරි වුණේ ඒ හින්දා.


පිය පුතු දෙපල තුෂ්නිම්භූත වී ගිය අතර ඔවුනොවුන්ගේ මුහුණ බලා සියලු විස්තර අසන ලෙස අපට කියා සිටියේය.

 


● ඇයි බෙල්ල මිරිකුවේ?
මගේ මිනිහා දවල් බීලා ඇවිත් හිටියේ. බොම්බිලි කරවල ගෙනත් ඒක බැදලා තියන්ට කියලා ආයෙත් බොන්ට ගියා. එතකොට දුව මිදුලේ සෙල්ලම් කරමින් හිටියේ. පුතා අඬන නිසා වඩාගෙන හිටියා. බොම්බිලි බදින්ට බැරි වුණා.


මෙයා බීලා ඇවිත් බොම්බිලිත් එක්ක බත් ඉල්ලුවා. දරුවා අඬන නිසා බොම්බිලි බදින්ට බැරිවුණා, කිව්වාම මගේ බෙල්ල අල්ලාගෙන මිරිකුවා. මම කෑගැහුවා. ඒත් මගේ බෙල්ල අත්හැරියේ නෑ. මට මතක එච්චරයි. මම උඩට පාවෙලා ගියා.


එතකොට නැන්දම්මත් ආවා. දැන් කරන්ට දෙයක් නෑ කියලා දෙන්නම මාව උස්සගෙන ගිහින් ළිඳට දැම්මා. රෙදි බේසමත් ළිඳ ළඟ තියලා පොඩි පුතත් එතන තියලා දෙන්නම කෑගහන්නට පටන්ගත්තා, මම ළිඳට වැටිලා කියලා. එතකොට ගමේ මිනිස්සු එතැනට දුවගෙන ආවා. ඇවිත් ළිඳෙන් මගේ සිරුර ගොඩගත්තා.


මේ සේරම පාවෙලා මම බලාගෙන හිටියා.


මේ පිළිබඳ හාංකවිසියක් නොදැන සිටි පිය පුතු දෙපල සුසුම් හෙළීමට පටන්ගත් අතර මිනිත්තු කීපයක් නිහඬව ද ගත කළහ.

 


● හොඳයි දැන් මොනාද ඕනෑ?
මගේ දරු පැටවුන් රැකගන්ට මේ කිසි කෙනෙක් අම්පාරේ යන්නේ නෑ. එහෙත් එක්ක කිසි සම්බන්ධයක් නෑ.
අයියෝ මගේ දරුවෝ කියමින් නැවතත් ඇය වැලපුනි.

 


● හොඳයි මේ ශරීරයෙන් ඉවත්වීමට මොනවද ඕනෑ.
මට මොනවත් එපා. මට ඕනෑ දරුවෝ රැකගන්ටයි. පලිගන්ටයි. මේ කතාව කියන්නයි. මම දැන් යන්ට ඕනෑ. මම දැන් ආයෙත් පාවෙනවා කියමින් නන්දා පියවි සිහියට එලඹියාය.


අප නන්දාට ද මෙම කතාව පැවසූ පසු ඇය ද ඉකිබිඳ හැඬීමට පටන් ගත්තාය.


ඉන්පසු නන්දාගේ ශාන්ති කර්මය කිරීමට දිනයක් වෙන්කර එදින අවශ්‍ය තටු, ගොටු, පූජා ආදිය ද සකසා ඇය දිෂ්ටි කළෙමු. එහිදී පෙර සේම පර්ලය සිදුවිය.


මගේ මිනිහාගෙන් පලිගන්ට ඕනෑ. ඕකා මාව මැරුවා යැයි කීපවිටක් කියාගෙන ගියාය. මම ඕකා කීප සැරයක් අල්ලා ගත්තා. ඒත් ඕකා මට මරාගන්ට බැරිවුණා. අයියෝ අයියෝ.


කාගෙන්වත් පලි අරගෙන ජීවිත විනාශ කරලා තමන් අපා ගතවීමක් මිසක ගොඩ ඒමක් නැති බවත් අපි දෙන පිං අනුමෝදන් වෙලා මනුෂ්‍ය ආත්මයකට පැමිණෙන ලෙස ඇයට අවබෝධ කර වූවෙමු.


ඔව් මට දැන් තේරෙනවා. මට මගේ මිනිහගෙන් පලි අරගෙන වැඩක් නැති බව, දැන් ඒකට හරියට කන්ටත් නෑ. දහදුක් විඳිනවා. ඒත් අයියෝ මගේ දරු පැටව් දෙන්නා ඇය කීවාය.

m



අදහස් (0)

මැරුණු අක්කා නංගිගේ ශරීරයට ඇතුළු වෙලා

හෙට්ටිගේ Thursday, 24 March 2016 04:45 PM

විශ්වාස කරන්නත් අමාරුයි. පුදුමාකාර දේවල් තමයි (නි)

:       0       0

ආලෝක. Wednesday, 23 March 2016 05:58 AM

මෙවන් දේ බොහොමයක් මාත් අත්විදල තියෙනවා. රත්නපුර ප්‍රදේශයේ එක් තරුණයෙක් තම සහෝදරයා පිහි ඇනුමකින් මියගිය පසු අධික ලෙස බීමට ඇබ්බැහි වෙලා ජීවිතය නාස්ති කරගන්න වුනා. එයාගේ යහළුවෙක් එයාව එක්තරා කාන්තාවක් වෙත යොමු කළා. එම කාන්තාවට දැක්ක ගමන් කීවා මෙයාගේ ඇගේ ප්‍රේතයෙක් ඉන්නවා කියල. ඒ ප්‍රේතය වෙලා හිටියේ තමාගේ මියගිය සහෝදයා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 13938 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 379 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 237 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site