IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මැරිච්ච නෝනගේ අවතාරය මෝටර් රිය ඇතුළේ

25_SLTK_P4_Back  

 

මම අඳුනන අංකල් කෙනෙක් ඉන්නවා. එයාගේ නෝනා කාර් එක ඇතුළේ ඉද්දි හාර්ට් ඇටෑක් එකක් හැදිලා වැටුණා. මැරිච්ච නෝනාගේ අවතාරය දැන් කාර් එක ඇතුළේ ඉන්නවා කියාත් අංකල් නිතරම වාගේ රෑට දැක්කා කියාත් මාත් එක්ක කිව්වා.

 


මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාගේ හිතවත් වෛද්‍යවරයෙක් කියා ඇත්තේ මේ ගැන සොයා බලන ලෙස ඉල්ලීමක් ද කරමිනි.
ඒ අංකල්ට මාව හම්බවෙන්න එවන්න. මම කතා කරලා බලලා  ඕනෑ වුණොත් ගෙදරට ගිහින් සොයා බලන්නම් යැයි වෛද්‍ය ජනක ජයසූරිය මහතා හිතවත් වෛද්‍යවරයා එක්ක පවසා ඇත.


අවුරුදු 65ක පමණ වයසේ පසුවන විශ‍්‍රාමික විධායක ශ්‍රේණියේ තනතුරක් දැරූ අයෙක් වෛද්‍යවරයා සොයා මහනුවරට පැමිණියේ මධ්‍යම පළාතේ ප‍්‍රදේශයක සිටය.


මොහුගේ බිරිඳ මියගොස් ඇත්තේ මීට මාස හයකට පමණ කලක් වන අතර ඔවුන්ගේ දුවෙක් හා පුතෙක් එක්ක මේ වනවිට පදිංචිව සිටින්නේ යුරෝපීය රටකය.


මව මිය යාමෙන් පසු පියා ද එංගලන්තයේ පදිංචියට යාමට කතාකර ඇතත් ඔහු එහි යාම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ තමා අවසන් හුස්ම හෙළිය යුත්තේ ද සිරුර මිහිදන් කළ යුත්තේ ද ලංකාවේම බවත් පවසමිනි.


මගේ නෝනටයි, මටයි පාවිච්චි කරන්න පොඩි කාර් එකක් තිබ්බා. නෝනාට හොඳට ඩ‍්‍රයිවින් පුළුවන්. නෝනා තමා කාර් එකෙන් කඬේට එහෙම ගිහින් බඩු මුට්ටු එහෙම ගෙනෙන්නේ. මමත් එයත් එක්ක යන අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවලදී පවා කාර් එක ඩ‍්‍රයිවින් කරන්යන්නේ නෝනා යැයි පවසමින් විශ‍්‍රාමික නිලධාරියා වෛද්‍යවරයා සමඟ කතාබහට මුලපිරීය.


වෛද්‍යවරයා සමග තවදුරටත් තොරතුරු හෙළිකරමින් ඔහු මෙසේද පැවසීය.


ඔය සිද්ධිය වෙච්ච දවසේ හවස්වරුවේ නෝනා සුපර්මාර්කට් එකට යන්න කියා ගියා. මම එදා ගියේ නැහැ. ඒ වෙලාවේ මම උඩ තට්ටුවට වෙලා පොතක් කියවමින් හිටියේ. පොත කියවමින් හිටිය මට කම්මැලිකමක් ඇතිවුණ නිසා පහළට ආවා. මම කාර් එක ගැරේජ් එක ඇතුළේ තියනවා දැකලා පුදුම වුණා. ඒ එක්කම හිතට ලොකු බයකුත් ඇතිවුණා. මම ගිහින් බලද්දී නෝනා කාර් එක ඇතුළේ සිහිය නැතිව ඉන්නවා දැක්කා. දොර ඇරලා බැලූවා. බිරියගේ ඇඟ හොඳටම හීතලා වෙලා තිබුණා. අහල පහල අයගේ උදව් ඇතිව බිරිය රෝහලට අරගෙන ගියා වෛද්‍යවරයා කිව්වා බිරිය මිය ගිහින් කියා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවුණේ හෘදයබාදයක් නිසා ඇය මියයාමට හේතුවී ඇති බවයි.


මමයි, නෝනයි හරිම ආදරෙන් හිටියේ. එදා ඉඳලම හිටියේ නෝනා මැරුණට පස්සේ ගෙදර වැඩට පිරිමි කෙනෙක් ආවා. ඔහුත් මගේ ගෙදරම පදිංචිවෙලා ඉන්නේ. ඔහු හොඳ සේවකයෙක්. මට උයලා පිහලා කන්න බොන්න දෙන්නේ පවා ඔහු බව විශ‍්‍රාමික විධායක නිලධාරියා පැවසීය.


වෛද්‍යවරයා : නෝනාගේ අවතාරය කාර් එක ඇතුළේ ඉන්නවා පෙනෙනවා කියන කතාව මොකක්ද?
විශ‍්‍රාමික විධායක නිලධාරියා : මේකයි ඩොක්ටර් කතාව, මම දවසක් ? ගෙදර නිදාගෙන ඉද්දී ගරාජ් එකේ තියන කාර් එක ස්ටාර්ට් වෙනවා වගේ ශබ්දයක් ඇහුණා. මම තනියම ගිහින් බැලූවා. ඒත් කාර් එක ස්ටාර්ට් වෙලා තිබුණේ නැහැ. කෝකටත් කියා කාර් එක ළඟටම ගිහින් විපරම් කරලා බලද්දී නෝනාගේ අවතාරය කාර් එක ඇතුළේ ඉන්නවා දැක්කා. මට ඉබේටම කෑගැසුණා. මගේ කෑගැසීම ඇසී සේවකයා දුවගෙන ආවා. මම ඔහුට මේ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ ඒ වෙලාවේ බොරුවක් කියා ෂේප් වුණා.

 


වෛද්‍යවරයා : ඊට පස්සෙත් කාර් එක ස්ටාර්ට් වෙන ශබ්දය අහුණදාට නෝනාගේ අවතාරය දැක්කාද?
විශ‍්‍රාමික විධායක නිලධාරියා : ඔව්, ඩොක්ටර් සතියකට දවස් දෙක තුනක් විතර ?ට කාර් එක ස්ටාර්ට් වෙන ශබ්දය ඇසුණා. පස්සේ පස්සේ මම බය වුණේ නැහැ. එහෙම කාර් එක ස්ටාර්ට් වෙන ශබ්දය ඇහුණට හිමිහිට කාර් එක ළඟට ගිහින් බලනවා. එතකොට නෝනාගේ අවතාරය කාර් එක ඇතුළේ ඉන්නවා දකිනවා. ටික වෙලාවකින් අවතාරය නොපෙනී යනවා.

 


වෛද්‍යවරයා : ඔබ කොහොමද නෝනාගේ අවතාරය කාර් එක ඇතුළේ ඉන්නවා දකින්නේ?
විශ‍්‍රාමික විධායක නිලධාරියා : ඩ‍්‍රයිවින් සීට් එකේ වාඩිවෙලා ඉන්නවා තමා දකින්නේ. නෝනා කාර් එක ඇතුළේ මැරිච්ච දවසේ ඇඳගෙන හිටිය ඇඳුමින් තමා එයාගේ අවතාරය මට පෙනෙන්නේ. අවතාරය වෙලා හරි පෙනෙන්නේ මගේ නෝනා කියා හිත හදාගත්තා. එතකොට මගේ හිතේ තිබුණ බය ටිකෙන් ටික පහව ගියා. අවතාරයක් වෙලාහරි නෝනා පෙනීම මට ලොකු සතුටක් වුණා.

 


වෛද්‍යවරයා : ඇයි ඔබ මේ ගැන ගෙදර හිටිය සේවකයාට කියන්න ගියේ නැත්තේ?
විශ‍්‍රාමික විධායක නිලධාරියා : ගෙදර හොල්මන් ඉන්නවා කිව්වම ඒ මනුස්සයා බය වෙලා ගෙදරින් යයි කියා හිතුව නිසා. මම මේ ගැන ඔහුට තියා වෙන කිසිම කෙනෙකුට කියන්න ගියේ නැහැ. මෙය රහසක් වශයෙන් තබාගන්න තීරණය කළා. සේවකයාට මේ ගැන කිව්වොත් ඔහු ගෙදරින් ගිහින් හැමකෙනා එක්කම කියයි කියාත් හිතුවා. සේවකයා වයසක කෙනෙක්. ගෙදර වැඩටික කරලා පාඩුවේ ඉන්නවා.

 


වෛද්‍යවරයා : සේවකයා ඔබගේ නෝනාගේ අවතාරය කවදාවත් දැකලා නැද්ද?
විශ‍්‍රාමික විධායක නිලධාරියා : නැහැ, ඩොක්ටර් එයා නම් කිසිම දාක දැකලා නැහැ. මම එහෙම කියන්නේ හේතු ඇතුවයි. සේවකයා ?ට ගිහින් සමහර දවස්වලට ගරාජ් එක පිරිසිදු කරනවා. කාර් එක පිහදානවා. ඒකයි මම කියන්නේ සේවකයාට අවතාරය පෙනෙන්නේ නැහැ කියා. බැරි වෙලාවත් නෝනාගේ අවතාරය දැක්නා නම් බය වෙලා කෑගහනවා.

 


වෛද්‍යවරයා : නෝනා මැරණට පස්සේ ඔබ නිතර ඒ ගැන කල්පනා කළාද?
විශ‍්‍රාමික විධායක නිලධාරියා : ඔව්, ඩොක්ටර්. නෝනා නැතිවුණ දවසේ ඉඳලා මම හරිම දුකෙන් ජීවත්වෙන්නේ. මට මහ පාළුවක්, තනිකමක් දැනෙනවා. ගමනක් බිමනක්වත් යන්න හිතෙන්නේ නැහැ. ගෙදරට වෙලා ඔහේ ඉන්නයි හිතෙන්නේ.
මියගිය නෝනා කාමරයේ ඇඳේ මාත් එක්ක නිදාගෙන ඉන්නවා වාගේ මට නිතරම දැනෙනවා යැයිද ඔහු කිව්වේ වෛද්‍යවරයා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
මට මේ ගැන කා එක්ක හරි කියන්න හිතුණා. ඒ නිසා තමා මගේ ඥාතියෙක් වන දොස්තර පුතාට මේ ගැන කිව්වේ. මේ කිසිම කෙනෙක් මේ ගැන අදටත් දන්නේ නැහැ යැයිද විශ‍්‍රාමික විධායක නිලධාරියා කීය.
නෝනා මිය ගිහිින් මාස තුනක පමණ කාලයකට විතර පස්සේ ඉඳලා කාර් එක ඇතුළෙන් නෝනාගේ අවතාරය පෙනෙන්නට පටන්ගත් බවද ඔහු වෛද්‍යවරයා සමග පැවසීය.


 

sfh

 

සිය බිරියගේ හදිසි අභාවය නිසා ඔහු ඉතා වේදනාවටත් කනස්සල්ලටත් පත්ව සිටියා. දරුවන්ගෙන් ඈත් වී සිටි නමුදු මේ දෙදෙනා බොහෝ සතුටින් කාලය ගත කර තිබුණා. තම බිරිඳගේ මරණයත් සමඟම ඔහුගේ හිතට තනිකම හුදෙකලාව දැනෙන්නට පටන් ගත්තා.


මෙවැනි මානසික  මට්ටමක සිිටින විටෙක මනෝභ‍්‍රාන්තිමය අත්දැකීම් ලැබෙන්නට ඇති ඉඩකඩ ඉතා වැඩියි. තම මෝටර් රථය බිරිඳ විසින් පණ ගන්වන ලබන අයුරු ඔහුට ඇසෙන්නේත් පේන්නේත් රාත‍්‍රියට සිය බිරිඳ තමා අසළ නිදා සිටිනා බවක් හැෙඟන්නේත් මේ අනුවයි. මේ සියල්ල ඔහුගේ සිතෙහි හටගන්නා දේ මිසක් සැබැවින්ම සිදුවන දේ නොවෙයි.


අප දකින දේවල්Thak-26-07-2015new-4 මොළය තේරුම් ගන්නේ ඉතා සංකීර්ණ කි‍්‍රයාවලියක් තුළින්. ඔබ රෝස මලක් දෙස බැලූවා යයි සිතන්න. පළමුව රෝස මලින් එන ආලෝක සංඥා දෘෂ්ටික ස්නායු ඔස්සේ මොළයේ දෘශ්‍යයට අදාළ ප‍්‍රදේශයේ එක්තැනකට යැවෙනවා. එයින් පමණක් රෝස මල හඳුනාගන්න මොළයට බැහැ. අනතුරුව ඒ සංඥා ඊට පිටතින් පිහිටි ප‍්‍රදේශයකට යැවෙනවා. එහිදී එම සංඥා තවදුරටත් විශ්ලේෂණය කරන අතර ඊටත් පිටතින් පිහිටි ප‍්‍රදේශයකදී මේ සංඥා ඔබගේ මොළයේ පූර්ව අත්දැකීම් ගබඩා වී ඇති ප‍්‍රදේශය හා සම්බන්ධ වී ‘මේ රෝස මලක්’ යයි හඳුනා ගන්නවා. ඇසීමේ ක‍්‍රියාවලිය ද මේ හා සමානම ක‍්‍රියාවලියක් යයි කිවහැකියි.


විද්‍යාත්මක පර්යේෂණයන් හිදී මේ එක් එක් ප‍්‍රදේශ බාහිරින් උත්තේජනය කළ විට ඒ ඒ පුද්ගලයන් ලබන අත්දැකීම් වෙනස් කෙනෙකුට මියගිය බිරිය, සැමියා ආවත් යළි එනවා සේ පෙනෙන්නේත්, කෙනෙකුට අහවලායයි හඳුනාගත නොහැකි රූප පෙනෙන්නේත් මේ එක් එක් ප‍්‍රදේශයන් වෙන වෙනම රසායනිකව උත්තේජනය වන විටයි. මනෝභ‍්‍රාන්තිමය අත්දැකීම් ලැබෙන මේ ක‍්‍රමවේදයන් නොදැන සිටි අතීතයේදී බොහෝ දෙනා විශ්වාස කළේ මේ පෙනෙන්නේ සැබෑවක්මයි කියායි. එනිසා සිතෙහි ඇදෙන හෝ සිතට ඇසෙන හෝ මේ රූප ශබ්ද ආදියට බිය වීම අනවශ්‍ය දෙයක්.


සිත ව්‍යාකූලව සිටින විට මොළයේ රසායනික සංවේදකවල සිදුවන වෙනසක් නිසා  ඕනෑම නිරෝගී අයකුට වුවත් මනෝභ‍්‍රාන්තිම අත්දැකීම් ලැබෙන්නට පුළුවන්. මේ තැනැත්තාට  ද අත්වූයේ එම ඉරණමයි. ඒ පිළිබඳව මා ඔහුට කරුණු වටහා දුන්නා. කෙටි මෝහන නිද්‍රාවකට පත්කර සිය බිරිඳ යළි කිසිදා පැමිණෙන්නේ නැති බවට වූ ප‍්‍රතිඥාවක් ද ලබා දුන්නා.


අප කුඩා කල පටන් අසා ඇති නිසා මියගියවුන් අවතාර, හොල්මන්, භූතාත්ම, පේ‍්‍රතාත්ම, දේවාත්ම ආදී මනඃකල්පිත බලවේගයන් ලෙස යළි පැමිණෙනවා කියා විශ්වාස කළත් ඒවායේ කිසිදු සත්‍යතාවක් නැහැ. මියගිය අයකුට යළි කිසිදු ලෙසකින් දෘශ්‍යමාන වීමේ හැකියාවක් නැහැ. ජීවත්ව සිටින කෙනෙකුට කිසිදු බලපෑමක් කරන්නට ද මියගිය අයකුට බැහැ.

 

m



අදහස් (0)

මැරිච්ච නෝනගේ අවතාරය මෝටර් රිය ඇතුළේ

නිශාන්ත Friday, 31 July 2015 09:46 AM

එසේ නොමැති බව ස්ථිරවම කියා සිටින්නේ කෙසේද? විද්‍යාවට හමු වී ඇති දේ ඉතා අල්පය. මීට වසර 100 කට පෙර වැරදි යැයි ස්ථිරවම කී කොයිතරම් දේවල් විද්‍යාව නව සොයාගැනීම් හමුවේ පිළිගෙන ඇද්ද? මතයක් ඉදිරිපත් කළ හැකිය. නමුත් එය ස්ථිරව කීමේ අයිතියක් නොමැත. (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 10:02 AM

භෞතික මිනුම් වලට හසු නොවන සත්‍ය ඇත (ම)

:       0       0

යසිරු Saturday, 01 August 2015 01:13 AM

රසවත් කතාවක් (නි)

:       0       0

ලහිරු Tuesday, 08 September 2015 04:36 PM

බොරුවක් කියා කියන්නට නොහැක. හොල්මන් අවතාර විද්‍යාවත් අවිද්‍යාවත් අතර දෙයකි (නි)

:       0       0

ග්‍රාම්‍යා Wednesday, 05 August 2015 02:33 AM

මෙතුමාගේ ප්‍රකාශ මම නිතර බලනවා ලංකාදීපයෙන්. මෙවෙනි සිද්දි ඇතැයි කියා හෝ නැතැයි කියා හෝ ස්ථිරවම ප්‍රකාශයක් කිරීම මට අසීරුයි. (නදී)

:       0       0

සාලින්ද Sunday, 02 August 2015 09:31 AM

ඇත්තටම හොල්මන් කියා දෙයක් නොමැතිමුත් හොල්මන් කරන කට්ටියකුත් මේ ලෝකේ සිටිනවා. (නි)

:       0       0

සංජීව Wednesday, 12 August 2015 03:48 AM

මෙතුමා ප්‍රකාශ කල කරුණු පිළිබඳව සත්‍යයක් පවතී. නමුත් මෙය විද්‍යාත්මක පරීක්ෂණ මගින් සම්පුර්ණ වශයෙන් ඔප්පුකිරීමට නොහැකි බවනම් සාදාරණය. මෙතුමා පැහැදිලි කල කරුණු රූප, වේදනා, සංඥා, සංස්කාර, වින්ඥානය ගැනමය, එය අද නවීන විද්‍යාවෙන් සොයා ගැනීමට පෙර බුදුන වහන්සේ ලොවට පහදා දුන් සත්‍යයකි. අභිධර්මය හොඳින් අවබෝද කල කෙනෙකුට නම් සියලු සංස්කාර ධර්මයන් තුල පවතින සත්‍ය අසත්‍ය පිළිබඳව මනාව පැහැදිලි වනු ඇත, එහි කිසිදු සැකයක් නැත, එහෙයින් එවිට මෙවැනි දේ තුල මිනිසාට ප්‍රශ්නද නොපවතී (නදී)

:       0       0

චවීන් Thursday, 30 July 2015 12:44 PM

මේ වෛද්‍ය වරයා කියන විදිය වෙන්නත් පුළුවන්. නෙත්නම් ඇත්තටම හොල්මනක් වෙන්නත් පුළුවන්. මේ වෛද්‍ය තුමා තරයේ වෛද්‍ය මතය කියන එක වැරදීයි (නදී)

:       0       0

ආරි Monday, 03 August 2015 05:38 PM

මෙයාට හොල්මනක් හම්බ උන දවසට තේරෙයි (නදී)

:       0       0

අචිර Thursday, 30 July 2015 01:53 PM

සත්‍ය පැහැදිලි කර දුන්නට ස්තුතියි (නදී)

:       0       0

උපුල් Friday, 31 July 2015 08:27 AM

මේ වගේ කතා විශ්වාස කරන්නත් පුළුවන්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site