|
ගම්පහ අධ්‍යාපන කාර්යාලයට සම්බන්ධ නිලධාරීන් තිදෙනෙක් රජයේ වාහනයකින් මිනී මරුවකුගේ නිවෙසකට ගිය බව පසුගියදා පැවැති අත්තනගල්ල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඛණිජතෙල් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය. ඒ ගැන රහස් පොලිසියට පැමිණිලි කරන බව ද නියෝජ්‍ය ඇමැති පවසා තිබිණි. |
.jpg)
ප‍්‍රශ්නය - ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයයේ ප‍්‍රධානියෙක් මිනීමරුවෙක් හමුවෙන්න ගිය බවක් ඇමැතිතුමා සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙදී කියා තිබුණා. මොකක්ද මේ කතාව?
පිළිතුර - ඒක ගොඩක් දිග කතාවක්. අත්තනගල්ල ප‍්‍රදේශයේ පාසලක ළමයින් බිම වාඩිවෙලා අකුරු ලියන ඡායාරූපයක් පසුගියා දා පුවත්පතක ලොකුවට පළ වුණා. කලාපයේ අධ්‍යාපන බලධාරීන් හිතුවා මේක මේ මා විසින් කියලා කෙරෙව්වා කියා. මට එක්තරා නිලධාරියෙක් ඇවිත් කිව්වා ගම්පහ කලාපේ ප‍්‍රධානියෙක් මිනීමරුවකුගේ ගෙදරට ගියා කියලා. එයාලා ගියේ රාජකාරි වෙලාවේ රාජකාරි වාහනයක කියලත් මට ඔහු කිව්වා. අර පත්තරේ ඡුායාරූපය මා දැම්මුවා කියා හිතලා මට හානියක් කරන්න ඒ මිනීමරුවා ගාවට ගියා කියලා තමා මා දැනගත්තේ.
ප‍්‍රශ්නය - ඇත්තටම ඇමතිතුමාද ඒක දැම්මුවේ?
පිළිතුර - ළමයින් බිම වාඩි වෙලා අකුරු කරන පින්තූරය පත්තරේ දම්මන්න මා කිසිම සම්බන්ධයක් නෑ. මා ඒ මාධ්‍යවේදියාව අඳුරන්නෙත් නෑ. ඒක ඒ මාධ්‍යවේදියාගෙන් අසා දැනගන්න පුළුවන්.
ප‍්‍රශ්නය - මේ ගැන ඇමතිතුමා දැනගත්තම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් විමසීමක් කළේ නැද්ද?
පිළිතුර- නැහැ. මම සද්ද නැතිව හිටියා. ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මා ඒ ගැන කිව්වා. අධ්‍යාපන බලධාරිනුයි මිනීමරුවොයි අතර සම්බන්ධකම් තියන එක සුදුසු නෑ. ඒක වැරදියි. ඒ ගැන කියන්න සුදුසු තැන තමා සම්බන්ධීකරණ කමිටු රැස්වීම. මා එතැනදි සියල්ල හෙළි කළා.
ප‍්‍රශ්නය - ඔබතුමාගේ ප‍්‍රකාශයෙන් පස්සේ කලාප බලධාරීන් මොකද කළේ?
පිළිතුර - මට කලාප අධ්‍යක්ෂ කතා කළා. එතුමා කිව්වා අපි ගියේ වැඩකට ආධාර ගන්න කියලා. මම කිව්වා මිනීමරුවො එක්ක සම්බන්ධකම් තියනවානම් ඒක වැරදියි කියලා. ආධාර උපකාර ගන්න මිනීමරුවන්ගේ ගෙවල්වලට යනවාද? අනික රාජ්‍ය නිලධාරියෙක් රාජකාරි කාලයේ රජයේ වාහනවල මිනීමරුවන්ගේ ගෙවල්වලට ගිහින් සල්ලි ඉල්ලන්න හැකියාවක් තියනවද. එහෙම බෑ. රාජ්‍ය නිලධාරීන් මුදල් එකතු කරන එක හරිද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා.
ප‍්‍රශ්නය - ඇමැතිතුමා ඔය කියන මිනීමරුවා කවුද?
පිළිතුර - මිනීමරුවා කවුද කියා මා පසුව හෙළි කරනවා.
ප‍්‍රශ්නය - මේ ගැන කොහෙටවත් පැමිණිලි කළාද?
පිළිතුර - මේ ගැන මා රහස් පොලිසියට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. කලාපේ බලධාරීන්ගේ සහ මිනීමරුවාගේ ජංගම දුරකතන විස්තර වාර්තා අරගෙන බැලූවොත් ඇත්ත හෙළිවෙයි.
ප‍්‍රශ්නය - කලාප අධ්‍යාපන කාර්යාලයයේ ප‍්‍රධානීන් මොකක් හරි දේකට මුදල් එකතු කරන්න මිනීමරුවෙකුගේ ගෙදර ගියා නම් ඒක ඔබතුමාට ගැටලූවක් නෙමේ නේද?
පිළිතුර - ඇයි නැත්තේ. මා දන්නා විදියට පත්තරේට මා ඡුායාරූපයක් දැම්මුවා කියා මට විරුද්ධව ගියේ. මගේ ජීවිතේ දැන් අනාරක්ෂිතයි. මේ ගම්පහ මිනීමරුවා අවුරුදු 16 ඉඳලා මිනී මැරුවා. ඔහුට විරුද්ධව මා පොලිසියට පැමිණිලි කර තිබෙනවා මීට කලින්. ගම්පහ නාගරික මන්ත‍්‍රීවරුන්ගෙන් ඔහු ගැන අසා දැනගන්න පුළුවන්. ඔවුනුත් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මේ පිටිපස්සේ බස්නාහිර පළාතේ දේශපාලනඥයකුත් ඉන්නවා. මගේ ආරක්ෂාව ගැන ලොකු ගැටලූවක් තියෙනවා.
ප‍්‍රශ්නය - ඔබේ ආරක්ෂාව ගැන ඉහළට දැනුම් දුන්නේ නැද්ද?
පිළිතුර - මා පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඉදිරියේ දී නැවත දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. මා ජනාධිපතිතුමාට, ආරක්ෂක ලේකම්තුමාට මේ ගැන දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මට සහ මගේ පවුලේ අයට තර්ජන තිබෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන බලධාරීන් විතරක් නෙමෙයි, පොලිසියේ ඇතැම් නිලධාරීනුත් මේ මිනීමරුවා සමග සම්බන්ධකම් තියෙනවා. ඉදිරියේ දී සාක්ෂි සමග ඒ ගැන මා ඔප්පු කරන්න සූදානම්. නිලධාරීන් මෙහෙම මිනීමරුවො එක්ක සම්බන්ධකම් තියෙන එක හරිද? නිලධාරීන් මිනීමරුවන්ගෙන් යැපෙන එක හරිද?
ප‍්‍රශ්නය - අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර - මට කියන්න තියෙන්නේ නිලධාරීන් මිනීමරුවන් සමග සම්බන්ධකම් පවත්වන එක ගැන සොයා බලන්න කියලයි.
ගම්පහ අධ්‍යාපන කාලපයේ නිලධාරීන් තිදෙනකු මීනීමරුවකුගේ නිවසට ගියැයි නගා ඇති චෝදනාව සම්බන්ධයෙන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මහතාගෙන් විමසීමක් කළෙමු.
|

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමාගේ කෙරුවාව ගැන බස්නාහිර පළාතේ කව්රුත් දන්නවා, නිලදාරියොත් කලින් එයාගේ ගෝලයෝ නේ ගුරුවරයාගේ අඩිපාරේම යන්න හදනවිට ගුරුවරයාට අමාරුළු.(නදී)
මිනීමරුවා කව්ද කියල නිට්ටඹුවේ අයගෙන් අහන්නකො? හැමෝම දන්නවා. හා හා.(නදී)
කිරි දියෙහි දෙවියත්........................ අගුරු සුදු වෙන කලෙක් නම් නැත් .... කිවලු..(නදී)
ඇත්තටම නොදන්න නිසායි අහන්නේ, කාටද ඔය මීනීමරුවා කියලා කියන්නේ නිට්ටඹුවේ ඉන්න. පිටිපස්සේ ඉන්නවා කියන බස්නාහිර පළාතේ දේශපාලනඥයා කවුද කියලා දන්න කෙනෙක් හෝඩුවාවක්වත් සදහන් කරනවා නම් මට කරන ලොකුම උදවුවක්.(නදී)
ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා අඩු වැඩි වශයෙන්. ගම්පහ කවුරුත් ඒ ගැන දන්නවා.(නදී)
ඇමතිතුමාගේ කෙරුවාව මුළු රටම දන්නවනේ. දැන් අපට නිලධාරීන්ගේ කෙරුවාවත් හෙළිවෙමින් පවතිනවා.(නදී)
නිට්ටඹුවේ ඉඳලා ගම්පහට යනකන් ඕනෙම කෙනෙක් මේක කියවලා පිටිපස්ස පැත්තෙන් හිනා නොවුනොත් පුදුමයක්. (ස)
අනේ පව් මෙයා හොදටම බයවෙලා. මෙයා කඩවල් වලින් ලොරි වලින් කප්පම් ගන්න ඒවා ඇමතිලට හොදද දන්නේ නැ. ඡන්දෙ දුන්න කට්ටියට ගහන්න ඕනේ මේවට.(නදී)
ඇමති වැඩ ගැන රටම දන්නවා (නදී)
අනේ පවු අනේ! අහිංසක අසරණයා. (නි)
අපි හිතුවා මේවා මෙහෙම වෙයි කියලා (නි)