IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මේ වෙනකොට දෙමළ ජනතාව කිසිදු හව්හරණක් නැතිව ඉන්නවා

  3  df  

 

 

මේ දවස්වල උතුරේ දේශපාලන වාතාවරණයේදී යාපනය උණුසුම් වෙලා, ඒ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ආගමනය හින්ද. ඔවුන් දවසින් දවස උතුරේ ජනතාවට අලූත් පුවත් දෙන්න පටන් අරන්. මේ නිසා උතුරේ මුල්බැසගත්ත දෙමළ ජාතික සන්ධානයට එහා ගියපු ප‍්‍රසිද්ධියක් සහ කතාබහකට ලක්වෙන්න පටන් අරන්.

 


2009න් පසුව 2මේ පිරිස් යුද හමුදාව යටතේ වසර කිහිපයක් පුනරුත්ථාපනය වීමෙන් පසුව ගෙදර ගිය 11,000කට අධික පිරිසෙන් 200 කට අධික පිරිසක් මෙවර මහ මැතිවරණයට  සූදානම් වුණත් ටී.එන්.ඒ. නායක ආර්. සම්බන්ධන්ගෙ විරෝධයෙන් පස්සෙ මේ පිරිස 10 දෙනෙකුට අඩුවෙලා, යාපනයෙන් ස්වාධීන කණ්ඩායමකින් තරගයට පිවිසුණා.


එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ගේ කණ්ඩායමේ නායක වශයෙන් කටයුතු කරන්නේ යාපනයේ මුද්‍රණය කෙරෙන උදයන් පුවත්පතේ හිටපු කර්තෘවරයෙකු ද වන නඬේෂපිල්ලේ විද්‍යාදරන්. මේ ස්වාධීන කණ්ඩායමට මැතිවරණ තරගයට ලැබුණේ මකුළුවා ලාංඡුනය. කොටි පුල්ලි වෙනුවට ලැබුණු මකුළුවට පසුගිය දින කිහිපය තුළදී යාපනයේ දැඩි ජනප‍්‍රියත්වයක් ලැබුණේ  මේ කණ්ඩායමේ සිටින ප‍්‍රබල සාමාජිකයන් පිරිසකගෙන් සමන්විත වීම නිසාය.
ගෙවුණ සතිය තුළදී මේ මකුළුවා කණ්ඩායමේ පුවත්පත් මැවූ ප‍්‍රවෘත්තිය වුණේ කොටි සංවිධානයේ නායකයා වෙච්ච වේලූපිල්ලෙයි ප‍්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂකයාත් මේ කණ්ඩායමෙන් තරග වදනවා කියලයි. ඔහු 32 හැවිරිදි වන, නමින් ශිවානන්දන් නජීන්ද්‍රායි. මේ නිසා ගෙවණු ජීවිතයත්, වර්තමානයත්, අනාගතයත් ගැන ශිවානන්දන් නජීන්ද්‍රාගෙන් විමසුවා. එහිදී ඔහු කියා සිටියේ මෙවැන්නකි.


‘‘පළමුවෙන්ම මම කියන්න  ඕන මේ වෙනකොට මම එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු නෙමෙයි. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂක භටයෙකු ලෙසින් මම කටයුතු කළා තමයි නමුත් යුද්දෙන් පස්සෙ යුදහමුදාවේ අත්අඩංගුවට පත්ව රජයේ ආරක්ෂක අංශ හමුවේ මම පුනරුත්ථාපනයවී අධිකරණ නියෝගයකින් සාධාරණ මිනිසකු වශයෙන් සමාජගත වෙච්ච නිසා මගේ අතීතයේ යුද සමය ගැන හෝ මම ගෙවපු ජීවිකාව ගැන හෝ පැවසීම ප‍්‍රයෝජනයක් නැහැ. ඒ වගේම ඒ දේවල් පැවසීම මගේ ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙන්න පුළුවන් කියලා මම හිතනවා.

1


 ‘‘ඒ වගේම මම දැන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු නොවන නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවට ගරු කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලූ හා ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට. මේ වෙන කොට විශාල දෙමළ ජනතාවක් කිසිදු හව්හරණක් නොමැතිව ඉන්නවා. මේ අයට වගේම මමත් එක්ක පුනරුත්ථාපනය වෙච්ච විශාල පිරිසකුත් පිහිටක් නැතිව ඉන්නවා. මේ අයට හොඳ අනාගතයක් දීම තමයි මගේ එකම බලාපොරොත්තුව. 

SLMA-20.qxd
‘‘අහිංසක දෙමළ ජනතාව එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි දැඩි විශ්වාසයක් තිබ්බා. ඒ නිසයි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ශක්තිය හා පැවැත්ම වුණෙත්. නමුත් මේ වන විට එම ජනතාවගේ අධ්‍යාපන, සෞඛ්‍ය, ඉඩම්, කෘෂිකාර්මික යන ප‍්‍රශ්න ද, අනාථභාවය, වැන්දඹුකම, දේපළ අහිමිවීම හා බලාපොරොත්තු කඩවීම යන ගැටලූවලට විසඳුම් සොයන්න  ඕන. මේක තමයි අපේ දේශපාලන කණ්ඩායමේ අපේක්ෂාව. මේ ගැටලූ පිළිබඳව සොයා බැලීමට මේ වන තෙක් උතුරේ ක‍්‍රියාත්මක ප‍්‍රබල දේශපාලන පක්ෂයක් හෝ කිසිදු බලධාරියෙක් හෝ ඉදිරිපත් නොවීම මත එම ජනතාව තවත් අඳුර දෙසට ගමන් කරනවා.


‘‘අපි මුලින්ම දේශපාලනයට පිවිසෙන්න හිතුවේ දෙමළ ජාතික සන්ධානයෙන්. මොකද ඔවුන් මේ ප‍්‍රදේශවල මුල් බැසගෙන හිටියා. නමුත් දෙමළ ජාතික සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවලට එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ගේ නම් ඇතුළත්කරන ලෙස කළ ඉල්ලීම එහි නායකයන් ඉතා සැහැසි ලෙස ඉවත දැමීමේ ක‍්‍රියාව දැඩි අසාධාරණයක් කියලයි මම හිතන්නෙ. එල්.ටී.ටී.ඊ. සංවිධානය නොතිබෙන්නට දෙමළ සන්ධානයේ පිරිසට බලයට පත්වීමට නොහැකි වෙනවා. එදා ඔවුන් රැකගැනීමටත් කිසිවෙක් සිටියේ නැහැ. ඒත් ඔවුන්  මේ වනවිට සියල්ලක්ම සම්පූර්ණයෙන්ම අමතක කොට දමා ඇති බව පෙනෙන්නට තිබෙනවා. 

SLMA-20.qxd
‘‘අසරණ දෙමළ ජනතාව රවටවමින් බොරු පොරොන්දු දෙමින් ඔවුන්ගේ ඡුන්ද ලබා ගනිමින් දෙමළ ජාතික සන්ධානය සදාකල් දේශපාලන බිමේ රැඳීසිටීමට උත්සාහ කළත් අනාගතයේදී එම දෙමළ ජනතාව රැවටිය නොහැකි අන්දමට තම කණ්ඩායම ශක්තිමත් දේශපාලනයක නිරත වීමට අදිටන් කරගෙන තමයි අපි මේ ගමන ආරම්භ කරල තියෙන්නෙ. 


‘‘මේ වෙනකොට යාපනයේ ජනතාව තම කණ්ඩායම කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් විශාල සහයෝගයක් ලබාදෙනවා. ඊට අමතරව උතුරු පළාත් සභාවේ  එම්.කේ. ශිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා සහ ආනන්දි සශිදරන් මන්ත‍්‍රීවරිය කැපවීමකින් අපිට සහය ලබා දෙනවා. ඒ ගැන අපට සතුටුයි.


අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ මෙවර ස්වේච්ඡුා කණ්ඩායමක් ලෙසින් අපි මැතිවරණයට ඉදිරිපත් වුණත් ඊළඟ මැතිවරණවලදී අපේ කණ්ඩායමට තරග කිරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කාමී පක්ෂය විදිහට අලූත් පක්ෂයක් මැතිවරණයෙන් පසුව ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය කටයුතුත් මේ වෙන කොටත් අපි සූදානම් කරලා තියෙන්නේ. බලමු මේ වතාවේදී ජනතාව අපි දිහා බලන්නේ කොහොමද කියලා”


දැඩි අධිෂ්ඨානයකින් යුතුව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන මේ කණ්ඩායම මේ වෙන කොට යාපනයේ අනෙකුත් සියලූම පක්ෂවලට දැඩි අභියෝගයක්වී ඇත.


ප‍්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂකයා ගැන අලූත් පුවත් මවමින් ඉන්න අතරේ මේ කණ්ඩායම තවත් අලූතින් පුවතක් මැව්වා. ඒ ඔවුන්ගේ අනාගත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හේතුවෙන්. මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දක්වන්න පෙරාතුවම ගැටලූවක් සමගයි එළිදැක්වුණේ. ඒ ඔවුන් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීම සඳහා යොදාගෙන තිබූ ස්ථානයයි.ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීම සඳහා තෝරාගත්තේ 1987 දී ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ජනතාව ඇමතූ ස්ථානය වූ යාපනයේ සූදුමලෙයි පළාත. නමුත් පොලිසිය ඊට අවසර ලබා නොදීම නිසා ඒ අසල පිහිටි හින්දු කෝවිලක් තෝරාගෙන එහි පූජාවක් පවත්වා මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිහිකොට එම සංවිධානයේ සිට මියගිය සාමාජිකයකුගේ පියාට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මුලින්ම පිළිගන්වා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීම මත ඔවුනගේ ගමන් මග ගැන දෙවරක් සිතන්නට වෙලා.


ඔවුන් දැන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නොවන්නේ නම් ඇයි කොටි නායකයා ජනතාව මුලින්ම ඇමතූ ස්ථානයක් තෝරාගත්තේ සහ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයන් පිළිගැන්වූ පාර්ශ්වයන් එසේ වුණේ.


කොහොම හරි මේ මකුළුවා ස්වාධීන පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය කණ්ඩායම් නායක නඬේෂපිල්ලේ විද්‍යාදරන් මාධ්‍ය වෙත කියා සිටියේ මේ අයුරින්.
‘‘ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලූවට විසඳුම් සෙවීමේදී ඉන්දු-ලංකා සාම ගිවිසුමේ ඇතුළත් වූ කරුණු අතර 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට තැනක් ලබාදිය හැකි බවත්, ඔස්ලෝ නුවරදී එවකට ශ‍්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ.ය අතර අත්සන් තබන ලද ගිවිසුමේ සඳහන් බලය බෙදීමේ කි‍්‍රයාවලිය මේ අවස්ථාවේදී උතුරු-නැගෙනහිර ප‍්‍රශ්නය විසඳීමට යොදාගත හැකි බව තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් රජයට යෝජනා කර තියනවා.


ඊට අමතරව තිම්පු සාකච්ඡුාවලදී සම්මත කරගන්නා ලද ගිවිසුමේ සඳහන් පරිදි මෙම ප‍්‍රශ්නය විසඳා ගැනීමට උතුරුx-නැගෙනහිර පළාත් එකට එක්කිරීම, දෙමළ ජාතියට ජාතියක් වශයෙන් පිළිගැනීමක් ලබාදීම හා ස්වයං නිර්ණ අයිතිය ලබාදීම යන කරුණු ඉටුකිරීමට ද රජයට හැකියාව ඇති බැවින් එම යෝජනාව ද තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් කළා”.


‘‘මෙම කරුණුවලින් සමන්විත නව ව්‍යුහයක් උතුරු-නැෙඟනහිර අර්බුදයට විසඳුම් සෙවීම පිණිස ඉදිරිපත් කරන මෙන් තම කණ්ඩායම රජයට බලකරනවා. ඒ වගේම රජය එසේ නොකරන්නේ නම් ඒ සඳහා අහිංසාව පෙරදැරි කරගෙන දිගින් දිගටම අරගලයක් ගෙන යනවා.


තම කණ්ඩායම වසර ගණනාවක්ම, මේ රට තුළ අවි ආයුධවලට මුල්තැන දෙමින් අරගලයක් ගෙනගියේ ද මෙම ඉල්ලීම් ලබාගැනීමට. නමුත් යළි ආයුධ සන්නද්ධ අරගලයක් වෙත යාමට කිසිදු සූදානමක් නැහැ. මේ නිසා තම කණ්ඩායම බලාපොරොත්තු වන්නේ රට තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියන්ට සම අයිතීන් යටතේ සහෝදරත්වයෙන් යුතුව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය විය යුතුයි ...” බවද විද්‍යාදරන් වැඩිදුරටත් පැවසීය.


කොහොම හරි මේ ඔවුනුත් කත්අදින්නේ බලය බෙදීමේ ක‍්‍රියාවලියකට ද, එසේත් නැතිනම් ඊළාම්වාදයකට ද යන්න දැනගන්නට ලැබෙන්නේ ඉදිරියටය. හැංගි හැංගි වෙස් බැන්දත් දැන් කොහොමත් නටන්න වෙන්නේ එළිපිට බැවිණි. ඉදිරි දිනයන්වලදී ඔවුන්ගේ කණ්ඩායමේ කවුරුන් ගැන කතා බහට ලක් වෙයිද යන්න බලා සිටිමු. දැනට මේ ස්වාධීන කණ්ඩායමේ සිටින පිරිසෙන් යන්තම් හෝ යටගියාව දන්නේ දෙදෙනකු ගැන පමණි.

m



අදහස් (0)

මේ වෙනකොට දෙමළ ජනතාව කිසිදු හව්හරණක් නැතිව ඉන්නවා

ටිකිරි Monday, 10 August 2015 12:21 PM

මේ ද්‍රවිඩ ජාතිකයින්ගෙන් පමණක් සැදුම්ලත් පක්ෂ අනාගතයේ යම් දවසක ද්‍රවිඩ ජාතිකයින් ජීවත්වෙන ප්‍රදේශ වල මහජන නියෝජිත ආයතන වලට අපේක්ෂකයින් ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site